මාලිමා ආණ්ඩුවේ පළමු කැබිනට් මණ්ඩල සංශෝධනය සිදුකිරීමෙන් අනතුරුව අමාත්‍ය බිමල් රත්නායක මහතා හදිසියේම විදෙස්ගත වී ඇත.Sri Lanka Latest News
අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී බිමල් රත්නායක මහතා සතුව පැවැති වරාය අමාත්‍ය ධුරය ඉවත් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කටයුතු කොට තිබිණි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විපක්ෂය පෙන්වා දී තිබුණේ බිමල් රත්නායක මහතාට අයත්ව තිබූ වරාය විෂය පථය ඉවත් කිරීම හරහා ආණ්ඩුව ඇතුළේ අර්බුදයක් ඇති බව පැහැදිලිව දැකගන්නට ලැබුණු බවත්, බිමල් රත්නායක මහතාට ආණ්ඩුව ඇතුළෙන් දේශපාලන කැපිල්ලක් පැමිණ ඇති බවත්ය.
කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් බිමල් රත්නායක මහතා ප්‍රකාශ කර තිබුණේ එය ආණ්ඩුව ඇතුළේ සිදුවූ සාකච්ඡාවකින් පසු ගත් තීරණයක් බවත්, තමන්ට අලුතින් එක් කළ නාගරික සංවර්ධන අධිකාරිය හරහා විශාල වැඩ කොටසක් සිදුකිරීමට ඇති බවත්ය.
නමුත් නාගරික සංවර්ධන අධිකාරියේ වැඩ භාරගත්තද බිමල් රත්නාක මහතා එම අමාත්‍යාංශයට ගොස් තිබුණේ නැත.
එමෙන්ම බිමල් රත්නායක මහතාගේ ෆේස්බුක් පිටුවේද දින කිහිපයක් තිස්සේ කිසිදු යාවත්කාලීන වීමක් සිදුකොට නැත.
ඒ අනුව, කැබිනට් මණ්ඩල සංශෝධනයත් සමග බිමල් රත්නායක මහතාට සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳ කිසිවකුටත් සොයාගැනීමට නොහැකි වී ඇත










