• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

රිලැක්ස් එකටත් එක්ක පොඩි වෙනසක් කළා! එකම ඉරියව්වෙන් හිටිය එක මට අභියෝගයක් වුණා!

April 6, 2022
in Heart
Reading Time: 4 mins read
A A
රිලැක්ස් එකටත් එක්ක පොඩි වෙනසක් කළා! එකම ඉරියව්වෙන් හිටිය එක මට අභියෝගයක් වුණා!
Share on WhatsAppShare on Facebook

මම දිග, පළල හොයන්න යන්නේ නැහැ…
පොඩි පොඩි දිනුම් ඇදිලා තියෙනවා…

‘දිනෙක ජය නියතයි’ ඒ හඬ ඔබට හැමදාමත් හුරු හඬක්. සෑම දිනෙකම වාසනාව අරගෙන ඔබේ ආලින්දයට එන අරුණි මෙන්ඩිස් දැන් වෙනස් වෙලා. මේ වෙනස ගැනත් ඇගේ අලුත් රංගනය ගැනත් දැනගැන්න අපි අරුණිට කතා කළා.

අරුණි හිටිගමන් වෙනස් වුණේ ඇයි..?
පහුගිය කාලේ මම ‘මාණික්කාවත’ ටෙලිනාට්‍යයේ රූගත කිරීම් එක්ක ගොඩාක් කාර්යබහුලවෙලා හිටියේ. ඒ වගේම ඒ අතර නිවේදන කටයුතුත් කරගෙන ගියා. ඔය අතර මටද ‘කොවිඩ්’ රෝගය වැලඳිලා මාස තුනක් විතර මම ගෙදරටවෙලා හිටියේ. ඉතින් රිලැක්ස් එකටත් එක්ක වෙනසක් කරන්න ඕනෑ කියලා මම හිතුවා. ඒ නිසාම මගේ තිබුණු කොණ්ඩය කොටටම කපලා දැම්මා. ඒක තමයි ඉතින් මගේ වෙනස.

කොණ්ඩය කැපීමත් සමග භාරගත්තු නිර්මාණවලටත් බලපෑමක් සිදුවෙන්නට ඇති නේද..?
මම කවදාවත් මම කරන චරිතයකට අසාධාරණයක් කරන කෙනෙක් නෙවේ. සියලුම වැඩකටයුතු අවසන් කරලා තමයි මම මේ තීරණය ගත්තේ.

ඔබ ඒ ගත්තු තීරණයෙන් වාසියක් වුණාද, එහෙමත් නැත්නම් අවාසියක් වුණාද..?
ගත්තු තීරණයෙන් සැහැල්ලුවක් දැනුණා. ඒ එක්කම මට සුනිල් කොස්තා අධ්‍යක්‍ෂණය කරන ‘පනම් බඳින ගස්’ ටෙලිනාට්‍යයට ආරාධනාවක් ලැබුණා. මම ගොඩාක් ආසාවෙන් හිටියේ සුනිල් අයියගේ නිර්මාණයකට සම්බන්ධ වෙන්න. ඉතින් මම සුනිල් අයියට කිව්වා අයියේ මම කොණ්ඩය කොටටම කැපුවා කියලා. සුනිල් අයියා මට කිවුවා මගේ පින්තූරයක් එවන්න කියලා. ඒක බලලා සුනිල් අයියා කිවුවා චරිතයට හොඳටම ගැළපෙනවා ඒ නිසා කොණ්ඩය වෙනස් කරන්න එපා කියලා. ඉතින් ළඟදීම මගේ වෙනස්ම ඡායාරූපයකින් ‘පනම් බඳින ගස්’ ටෙලිනාට්‍යයෙන් මගේ වෙනස්ම රඟපෑමක් දැකබලා ගන්නට පුළුවන්.

ඔබ නිරූපණය කරන ‘දෙවනි ඉනිම’ ටෙලිනාට්‍යයේ ‘නිලු’ චරිතයෙන් ඉවත් වුණාද..?
ඔය ප්‍රශ්නය මගෙන් ගොඩදෙනෙක් අහනවා. මම ‘දෙවනි ඉනිමෙන්’ ඉවත් වුණාද කියලා. ‘දෙවනි ඉනිම’ ටෙලිනාට්‍ය මෙගා ටෙලිනාට්‍යයක් නිසා මේ දවස්වල ඒ ටෙලිනාට්‍ය වෙනස්ම පැත්තකට තමයි කතාව ගලාගෙන යන්නේ. ඉතින් ඒ කතාව පැත්තට ‘නිලු’ චරිතය ගලාගෙන යන්නැති නිසා මාව මේ දවස්වල දකින්නට නැහැ. නැතුව මම කතාවෙන් ඉවත් වෙලා නෙවෙයි.

‘මාණික්කාවත’ ටෙලිනාට්‍යයේ ඔබේ රඟපෑම වෙනස්ම පැත්තකට යොමුවෙලා..?
ඇත්තටම ඔව්… අවුරුදු හැත්තෑපහක් දක්වා දිව යන චරිතයක් තමයි මම නිරූපණය කරන්නේ. මම වයස චරිත රඟපාලා තිබුණත් මේ තරම් වයස්ගත චරිතයක් කරලා නැහැ. මේ චරිතය මට හැම පැත්තකින්ම අභියෝගයක් වුණා. මොකද 1800 ගණන්වල ජීවත් වුණු වයසක කාන්තාවකගේ චරිතයක් මොන විදියට හැසුරුණාද කියන්න දකින්නට නැහැ. වර්තමානය සහ අතීතයයි අතර ඒ චරිතය තුළ ලොකු වෙනස්කම් දකින්නට තියෙනවා. ඉතින් මම ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂ සුදත් රෝහණ තිරපිටපත් රචක මහින්ද ප්‍රසාද් මස්ඉඹුල සමග කතාබහ කරලා ඒ චරිතයට උපදෙස් ලබාගත්තා.

වෙස්ගැන්වීම තුළින් ඔබ දකින කොට මොකද හිතුණේ..?
‘මාණික්කාවත’ ටෙලිනාට්‍යයේ වේශ නිරූපණය කළේ නාරද ධනංජය තොටගමුව. ඔහු 100%ක්ම මගේ ස්වරූපය චරිතයට ගැළපෙන විදියට ලස්සනට වෙනස් කළා. ඔහුත් ඇතුළු ‘මාණික්කාවත’ සියලුම ශිල්පීන් අතර පුදුමාකාර සහෝදර බැඳීමක් තිබුණේ. ඒ සියලුමදෙනාට මම ස්තුතිය පුදකරනවා. මගේ වේශ නිරූපණය වෙනුවෙන් පැය හතරකට වඩා කාලයක් ගතවුණා. ඉතින් හිතන්නකෝ එකම ඉරියව්වෙන් මම ඒ වගේ කාලයක් හිටිය එකම මට අභියෝගයක් වුණා.

ඉදිරියේදී අරුණි ‘මහලු’ චරිත සඳහා කොටුවෙයිද..?
එය මට ගැටලුවක් නැහැ. මම චරිතයේ දිග, පළල හොයන කෙනෙක් නෙවේ. මම බලන්නේ මට ලැබෙන චරිතය තුළින් මට ඉගෙන ගැනීමට දෙයක් තියෙනවාද කියලා තමයි. ආරාධනාවක් ලැබුණොත් අනිවාර්යයෙන් මම සම්බන්ධ වෙනවා.

වසර දොළහක හමුවීම කොහොමද..?
මගේ තාත්තාගේ හිතවතකුගේ මිතුරෙක් තමයි සුදත් රෝහණ මහතා. ගාමිණී මාමා කියනවා සුදත් රෝහණ අයියට මටත් රඟපාන්න අවස්ථාවක් දෙන්න කියලා. ඉතින් ඔය විදියට තිර පරීක්‍ෂණයකට සම්බන්ධ වෙලා තමයි මට සුදත් රෝහණ අධ්‍යක්‍ෂණය කරපු ‘ස්වයංජාත’ ටෙලිනාට්‍යයට මුලින්ම සම්බන්ධ වීමට අවස්ථාව ලැබුණේ. ඉතින් ඔහු සමග මට නැවැත වැඩ කිරීමට ලැබුණේ අවුරුදු දොළහකට විතර පස්සෙ ‘මාණික්කාවත’ ටෙලිනාට්‍ය හරහා. සතුටක් තමයි දැනෙන්නේ.

ලොතරැයි සමග රඟපෑම් කටයුතු කිරීමට පහසුද..?
2009 වර්ෂයේ ඉඳලා අද දක්වා මම ජාතික ලොතරැයි මණ්ඩලයේ නිවේදිකාවක් ලෙසට කටයුතු කරනවා. ජාතික ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්‍ෂ මණ්ඩලය ඇතුළු සියලුම දෙනාගෙන් ලැබෙන ඒ නිදහස මට මෙහෙමයි කියලා කියන්න බැහැ. ඒ සියලුම දෙනාටම මම මේ දෙන සහායට මගේ ගෞරවය පුදකරනවා.

අරුණිත් නිතරම ලොතරැයි ගන්නවද..?
අලෙවි නියෝජිතයන් අපිව දැනහඳුනනවා. ඉතින් ඔවුන් අපි ළඟට එනවා. ඒ වෙලාවට මමත් ලොතරැයියක් ගන්නවා. මේ වසර ගණනාවට මට ඒ ආයතනයෙන් ලැබුණු ගොඩාක් දේවල් මගේ ජීවිතයට ආලෝකයක් වුණා.

ඔබටත් දිනුම් ඇදිලා තියෙනවද..?
මම ගෙදර ගිය ගමන් අම්මාට දෙනවා බලන්න කියලා. අම්මා තමයි බලන්නේ. පොඩි පොඩි දිනුම් ඇදිලා තියෙනවා. මම ඉතින් ඒ වෙලාවට අම්මට කියන්නෙත් ‘දිනෙක ජය නියතයි’ කියලා තමයි.

-වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

‘ගෝඨා-මහින්ද ගෝ හෝම්’! රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති ජන අරගලයට එකතු වෙන්න තීන්දු කරයි!

Next Post

උද්ඝෝෂණය මැද්දේ අනුරගේ වාහනයට රිංගපු හෙල්මට්කාරයා කව්ද? ‌ජොනීගේ ප්‍රශ්න කිරීමෙන් පාර්ලිමේන්තුව රත් වෙයි! (VIDEO)

MORE NEWS

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News
Heart

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News
Heart

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News
Heart

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News
Heart

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News
Heart

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News
Heart

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

Load More
ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.