• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

සම්භාව්‍ය ලේබලය ගහගන්න මට ඕනේකමක් නැහැ! මම වෙනස් දේ සොයාගෙන යන්න ටිකක් කැමැතියි!

May 12, 2022
in Heart
Reading Time: 7 mins read
A A
සම්භාව්‍ය ලේබලය ගහගන්න මට ඕනේකමක් නැහැ! මම වෙනස් දේ සොයාගෙන යන්න ටිකක් කැමැතියි!
Share on WhatsAppShare on Facebook

රීමේක් කියන්නෙත් වෙනස්ම කලාවක්…
ඉස්සර තිබ්බෙ කොපි දැන් තියෙන්නේ රීමේක්…
ප්‍රේක්‍ෂකයන් ඉන්නෙ චිත්‍රපටයක වෙනස හොයන හෝ එය රසවිඳින වටපිටාවක නෙවෙයි…

හැමදාම වාගේ ‘තරු’ ගැන තොරතුරු කතාබහ කරන්නට වෙන්වන ‘හාට්’ එකේ මැද පිටුව… ඔන්න මෙදා සැරේ වෙන්වෙන්නේ ‘අපූරු නිර්මාණකරුවකු’ වෙනුවෙනුයි. ‘අපූරු’ කියන වචනය මෙතැනදී දුන්නේ, ඔහු ටිකක් වෙනස් තාලෙට හිතන වෙනස් තාලේ නිර්මාණ ගැන වෙහෙසෙන ඔහුටම ආවේණික වූ ගමනක නිරතව සිටින සිත්කලු නිර්මාණකරුවකු නිසයි. නමින් ඔහු ‘අරුණ ජයවර්ධන…’ නිර්මාණ කිහිපයක් ඔස්සේ අරුණ ජයවර්ධනව හඳුන්වනවා නම්.., ‘නිකිණි වැස්ස’ සිනමාපටය තුළින් සම්භාව්‍ය චිත්‍රපට කලාව නියෝජනය කොට ජාත්‍යන්තර කීර්තියට පත් වුණේ ඔහුයි.., හැබැයි එහෙමය කියලා සම්භාව්‍ය ලේබලය ගසා නොගත් ඔහු කොලිවුඩ් සිනමාපට කලාව සංකල්ප කොට ගනිමින් ‘රැල්ල වෙරළට ආදරෙයි’ ටෙලිනාට්‍යයට පාට පාට සරුවත් රසැති තිර පිටපතක්ද නිර්මාණය කළේය. තවත් එකිනෙකට වෙනස් රස ප්‍රේක්‍ෂකයන් සමග සරල හා සංකීර්ණ තාලෙට බෙදා ගත හැකි සිනමා පට කිහිපයක් අතැතිව සිටින අරුණ, ‘හැපි බර්ත්ඩේ’ චිත්‍රපටය තුළින්ද කදිම තිර පිටපතකට අවැසි කතා පුවතක් ආකර්ෂණීය ලෙස අකුරු කළේය.., කොහොමත් ‘අරුණ ජයවර්ධන’ අමුතුපහේ නිර්මාණකරුවෙකි.., ප්‍රබුද්ධය කියාගන්නා ප්‍රේක්‍ෂකයනට ‘නිකිණි වැස්ස’ නිර්මාණය කොට පාට පාට හීන දකින්න ප්‍රිය ප්‍රේක්‍ෂකයනට ‘රැල්ල වෙරළට ආදරෙයි’ ටෙලිය ලියාදුන්නේ ඒ නිසාය.., අසන්නට බොහෝ දේ සේම විමසා බලන්නට අවැසි තොරතුරුද මේ සිත්කලු නිර්මාණකරුවා අබියසදී හදවත තුළ ගොනුව තිබිණි. පියවරින් පියවර මේ අකුරු වන්නේ ඒ තොරතුරු ගොනුවෙහි රසමුසු තැන්ය.

ආයුබෝවන් කියා ඔබව පිළිගන්නව අරුණ… මොනවද මේ දවස්වල විශේෂ තොරතුරු..?
මේ දවස්වල මගේ අලුත්ම චිත්‍රපටයේ වැඩ එක්ක තමයි දවස ගෙවෙන්නේ. ටිකක් විතර කාර්යබහුලය කිව්වොත් හරි.

අලුත් චිත්‍රපටය ගැන තොරතුරු ටිකක් කතා කරමුද..?
ඔව්… අපි කතාකරමු, චිත්‍රපටය ‘මොණර කිරිල්ලි’ කතා තේමාව ගැන කියනව නම්.., එය වියපත් ආදරයක් ගැන කියැවෙන සංවේදී කතා පුවතක්… සරලව විස්තර කරනවා නම්, සමහර දෙනෙකුට ඔවුන් හොයන ආදරය, ප්‍රේමය ලැබෙන්නේ වයස අවුරුදු 48ක් විතර පහුවුණාට පස්සෙයි. ඒ වාගේ අවස්ථාවලදී ඒ ඒ අය ආදරය කියන හැඟීම මොන වාගේද කියන එක අඳුනගන්නේ තමාට අහම්බෙන් වාගේ මුණගැහෙන පිරිමියෙක් හෝ ගැහැනියෙක් මූලික කරගෙනයි.., අන්න එහෙම කතාවක් තමයි ‘මොණර කිරිල්ලි’ට පසුබිම් වෙන්නෙ. ‘මොණර කිරිල්ලි’ චිත්‍රපටයේ හේමාල් රණසිංහ වියපත් පෙම්වතා ලෙස සුවිශේෂී වෙනස්ම රංගනයක යෙදෙනවා. ඔහුගේ පෙම්වතිය ලෙස ‘ආශාවරී’ චිත්‍රපටයේ රඟන ජානවී රංගනයෙන් එක්වෙනවා. ඊට අමතරව අශාන් ඩයස්, මහේන්ද්‍ර පෙරේරා, ශ්‍රියාණි අමරසේන සමග දසුන් පතිරණද ‘මොණර කිරිල්ලි’ට එකතුව සිටිනවා.

කතාව වෙනස්.., වෙනත් අය යොවුන් ප්‍රේමය ගැන කතා කරනකොට ඔබ වියපත් පෙමක් ගැන කියනවා..?
ඔව්… ඒ වෙනසට මම හරිම ප්‍රියයි… කොහොමත් මම වෙනස් දේ සොයාගෙන යන්න ටිකක් කැමැතියි.

‘හැපි බර්ත්ඩේ’ චිත්‍රපටයෙනුත් ඔබ ප්‍රේක්‍ෂකයාට දුන්නෙ සිත් අලවන වෙනසක්..?
‘හැපි බර්ත්ඩේ’ ප්ලොට් එක මට දුන්නේ ‘සිරස ටීවී’ ආයතනය විසිනුයි. ඔවුන් දුන් ඒ කතා වස්තුව ඔස්සේ මම ‘හැපි බර්ත්ඩේ’ නිර්මාණය කළා.

ඔබ කළ වෙනසට ප්‍රේක්‍ෂකයා ප්‍රතිචාර දක්වනවද..?
මෙහෙමයි.., මේ දවස්වල නම් ප්‍රේක්‍ෂකයන් කියන පිරිස ඉන්නෙ චිත්‍රපටයක වෙනස හොයන හෝ එය රසවිඳින වටපිටාවක නෙවෙයි මං හිතන්නෙ.

එහෙම වටපිටාවක ‘හැපි බර්ත්ඩේ’ තිරගත කළේ ඇයි කියලා ඇහුවොත්..?
උත්තරය ගන්න ඕනෑ ‘සිරස’ ආයතනය තුළිනුයි. චිත්‍රපටය අයිති ඔවුනට… එහි තීරණ ගතයුත්තේද ඔවුන් විසින් මිසක මා විසින් නෙවෙයි.

ඔබ නිර්මාණශීලී නිර්මාණකරුවකු වූයේ ‘සිරස’ ආයතනය හරහාද..?
ඒක ටිකක් විතර විස්තරාත්මක උත්තරයක් දිය යුතු ප්‍රශ්නයක්. මම හැකි පමණ කෙටියෙන් එය කියන්නම්, කැලණිය කැම්පස් එකේ බී.ඒ. ඩිග්රිය ගන්න දවස්වල තමයි මම මුලින්ම කලා කටයුතුවලට සම්බන්ධ වෙන්න ගත්තේ. එතැන දී සහාය අධ්‍යක්‍ෂණය, කෙටි නාට්‍ය නිර්මාණය සහ රංගනය වාගේ දේ තුළ නිරත වුණා. ඉන් පස්සේ මගේ මිත්‍රයකු හරහා තරුණ සේවා සභාවට සම්බන්ධ වෙලා ‘නිස්කෝ වීඩියෝ’ පාඨමාලාව හැදෑරුවා.

එතැනින් පසු තමයි සිරසට සම්බන්ධ වුණේ. ඒ සිරස ආරම්භ වූ යුගය. එක්දහස් නවසිය අනූහයේ නිමල් ලක්‍ෂපතිආරච්චි, සුසාර දිනාල් යන පිරිස සමග ‘මුල් සිරසේ, කෙනෙකු විදියට ‘සිරස’ට එන්නට භාග්‍ය ලැබුණා. එහිදී සහාය නිෂ්පාදක, නිෂ්පාදක සහ විධායක නිෂ්පාදක ලෙස අවුරුදු 14ක් වැඩ කළා. සිය ගණනක් වූ වැඩසටහන් සහිත නිෂ්පාදන මෙහෙවර හරහා ඒකාංගික ටෙලි පිටපත් නිර්මාණය සහ අධ්‍යක්‍ෂණයට යොමුවුණා.

‘රජ කඩුව’ ප්‍රසාංගික ටෙලි නිර්මාණය කළේ ඔබ..?
ඔව්… එය හුඟක් ජනප්‍රිය වුණා… ප්‍රේක්‍ෂකයා අතරට හිතපු නැති විදියට ගියා.

ඉන්පස්සේයි ‘ඩාන්සින් ස්ටාර්’ කළේ..?
‘ඩාන්සින් ස්ටාර්’ චිත්‍රපටය මගේ තනි නිර්මාණයක් නෙවෙයි. එය මම සුසාර දිනාල් සමග එක්ව කළ සම අධ්‍යක්‍ෂණයක්. එයද ජනප්‍රිය චිත්‍රපටයක් ලෙස ප්‍රේක්‍ෂකයා අතරට ගියා.

සම්භාව්‍ය ලේබලය සමග ‘නිකිණි වැස්ස’ට යොමුවුණේ ඒ අතරයි ඔබ..?
නිකිණි වැස්ස හැදුවේ සම්භාව්‍ය ලේබලය ගහගන්න නෙවෙයි. ඒක අහම්බයක් වැනි සිදුවීමක් හරහා පැමිණි නිර්මාණයක්.

විසිකරන්න හදපු පත්තර කෑල්ල ගැනයි ඔය කියන්න හදන්නේ..?
අන්න හරි… ‘නිකිණි වැස්ස’ තිරපිටපත හිතට ආවේ පත්තර කෑල්ලක තිබුණු ආටිකල් එකක් දැකලයි. එහි තිබුණේ මිනිපෙට්ටි සාප්පුවක් කරලා ජීවත් වෙන ගමක වෙසෙන කාන්තාවක ගැන කතාවක්. කතාව කියවන කොටම මගේ හිතට දැනුණා මෙහි ගතයුතු යමක් තියෙනවා කියලා. එහෙම හිතලා මම පත්තර කෑල්ල පරෙස්සමට අරන් තිබ්බා.
කාලයක් ගියාට පස්සේ නවතම නිර්මාණයක් සඳහා වන වස්තු බීජයක් මනසෙහි මැවෙද්දී ඒ කතා පුවත තේමා කරගෙන ‘නිකිණි වැස්ස’ තිරපිටපත ලිවුවා. එයට පසු ඒ සඳහා අවැසි නිෂ්පාදකවරයකු සොයමින් කල්මරන විට ‘නිකිණි වැස්ස’ වැනි ගුණාත්මක තිරපිටපතකට කැමැති අයකු මට මුණගැහුණා. ඉතාම කැමැත්තෙන් ඔහු ඒ සඳහා සිය දායකත්වය දුන්නා. ඔහු නමින් වෛi කුසුම්සිරි ද සිල්වා.

‘නිකිණි වැස්ස’ ඔබ හිතුවාට වඩා ඉහළ ප්‍රතිචාරයකට බඳුන් වුණා..?
සත්තකින්ම එය ජාත්‍යන්තර වශයෙන් වාගෙම දේශීය වශයෙන්ද සම්මානයට පාත්‍ර වුණා. ප්‍රවීණ සිනමා නිළි චාන්දනී සෙනෙවිරත්නට හොඳම නිළි සම්මානයද හිමිවුණා.

ඔබ සම්භාව්‍ය යැයි යන ලේබලය යටතේ පමණක් නිර්මාණ කළේ නැහැ..?
ඔව්… එහෙම ලේබලයක් මට ඕනෑ වුණේ නැහැ. සම්භාව්‍ය යන ලේබලය යටතේ පමණක් තිරපිටපත් හෝ අධ්‍යක්‍ෂණය කළේ නැහැ. ඇයි නිර්මාණකරුවන් එහෙම කොටුවන්නේ. සම්භාව්‍ය චිත්‍රපට හදන අය සම්භාව්‍ය චිත්‍රපට විතරක්ම හදන්න ඕනෑය කියලවත්… විනෝදකාමී සරල චිත්‍රපට හෝ ටෙලිනාට්‍ය හදන අය එයම කළ යුතුය කියන නියමයක් කොතැනකවත් නැහැ.
නිර්මාණකරුවා කියන්නේ, නිදහසේ හිතන්න කැමැති කෙනෙක්. ඇයට හෝ ඔහුට ඕනෑම මට්ටමේ විවිධ රසැති නිර්මාණ කිරීමේ අයිතියක් තියෙනවා. ඒ අයිතිය මටත් තියෙනවා. මම කැමැතියි ඒ නිදහස් අයිතිය තුළ විවිධ තේමාවන් ඔස්සේ සංකීර්ණ සහ සරල කතා වස්තු නිර්මාණය කරන්න.

‘හිරු’ වෙනුවෙන් ‘රැල්ල වෙරළට ආදරෙයි’ වැනි සාරවත් දමිළ ටෙලි පිටපතක් ලිව්වෙ ඒ නිසාද..?
ඔව්… මම එය කළා. කවුරුත් මගෙන් අහනවා වෙන්න පුළුවන් ඒක දමිළ චිත්‍රපට කොපියක් කියලා. මීට දශක ගණනකට පළමු ගාමිණී ෆොන්සේකා, මාලිනී ෆොන්සේකා වැනි ප්‍රවීණයන් වෙනුවෙන්ද කොපි හැදුණා. ඒවා ප්‍රේක්‍ෂකයා ඉතාම සතුටින් වැලඳගත්තා. සාර්ථකත්වය තුළ ඉහළ ආදායම් ලැබුවා. තවමත් ඒ කලාවට අනුව සම්භාව්‍ය වාගෙම සරල නිර්මාණද බිහිවෙනවා. වෙනසකට තියෙන්නේ ඒ දවස්වල ‘කොපි’ කියන නම දැන් ‘රීමේක්’ නමින් අලුත් වීම විතරයි.

රීමේක් කලාවෙහි ධනාත්මක පැත්ත ගැන අපට කතා කරන්න පුළුවන්. හොඳම උදාහරණය ‘ධර්ම යුද්ධය’ සිනමාපටයයි. ටිකක් හිතලා බලන්න ‘කොපි කරන එක’ සදාචාරාත්මක නැහැ කියලා එය අතහැර දැමුවා නම් ඒක ඇත්තටම අපරාධේ. ඒ මොකද, ‘ධර්ම යුද්ධය’ කියන්නේ වැහීගෙන යන චිත්‍රපට හෝල්වලට සෙනඟ පෝලිං ගණන් අද්දපු බොක්ස් ඔෆීස් වාර්තා තියපු චිත්‍රපටයක්. රීමේක් කියන්නෙත් වෙනස්ම කලාවක්. ඒ කලාව ඔස්සේ යම් නිර්මාණයක් හානි නොවන ආකාරයට කලාත්මකව හදන්න පුළුවන් නම් එහි වරදක් නැහැ. ‘රැල්ල වෙරළට ආදරෙයි’ වුණත් එහෙමයි. ඒක මම රීමේක් කළා. දමිළ සංකල්පයකට අනුව එය නිර්මාණය කෙරුවා. ප්‍රේක්‍ෂකයා හොඳ ප්‍රතිචාරයක් දුන්නා. එච්චරයි.

දැන් නම් ‘රැල්ල වෙරළට ආදරෙයි’ දිව්වා ඇතිය කියලා හිතෙන්නෙ නැද්ද..?
යම් චැනලයක් හරහා නිර්මාණයක් කරන විට එහි අයිතිය ඔවුන් සතුයි. ආරම්භය වගේම අවසානය තීරණය කරන්නේ ඒ අය විසින්මයි. ඔබ කිව්වා වාගෙම මේ දවස්වල එය අවසානය කරා ගෙන යා යුතුය කියන, කතාබහ තුළ තමයි රූගත කිරීම් සිදුවන්නේ. නුදුරු දිනකදී එය සිදුවේවි. කොහොමත්, මා සතුව ඇත්තේ, ‘රැල්ල වෙරළට ආදරෙයි’ ටෙලි කතන්දරය ‘රහ’ කරලීමේ නිර්මාණකාර්යය පමණයි.

‘සිරස’ ආයතනය හරහා නිර්මාණකරණයෙහි නියැළෙන විට ඔවුන්ගේ යම් බලපෑම්වලට ඔබ හසු වූ අවස්ථා තියෙනවද..?
‘සිරස’ ආයතනය කියන්නේ මගේ මහගෙදර… මගේ කලා ජීවිතයේ සහ නිර්මාණකරණයෙහි උපත හරියටම බිහිවුණේ එතැනදී තමයි. අදටත් මම ‘සිරසට’ ගරු කරනවා නිර්මාණකරණය වෙත මා යොමුකරවීම ගැන. කවදත් අලුත් නිර්මාණයකරුවනට කලින් කල ඔවුන් දෙන අතහිත අගය කළ යුතුයි.

මගේ ප්‍රශ්නයට හරියටම හරි යන උත්තරය නෙවෙයි ඔබ ඒ දුන්නෙ අරුණ..?
නැහැ… ‘සිරස’ ආයතනය කිසිවිටෙක මට නිර්මාණයක් බාර දීමෙන් පසුව එයට අනිසි ලෙස බලපෑම් කරන්නේ නැහැ. හැබැයි… යම් වෙනස් කිරීම් කරන්නට අවැසි වූ විට අප සුහද කතාබහ තුළ යම් නිර්මාණවල මුල, මැද, අග වෙනස්කම්වලට බඳුන් කළ අවස්ථා තියෙනවා. ‘සිරස’ ආයතනය කියන්නේ කලඑළි බහින්නට කැමැති නිර්මාණකරුවනට හොඳ තෝතැන්නක් බව මම නැවැත නැවැතත් කියනවා. ඒ වාගෙම ‘හැපි බර්ත්ඩේ’ චිත්‍රපටය සමග තව නවතම තේමා රැගත් චිත්‍රපට පහකට යන්නට ‘සිරස’ ආයතනය සැලැසුම්කර තිබුණා. නමුත් ‘කොවිඩ්’ සමග කලින් කලට රට අරබයා පැමිණි අයහපත් කාල සීමාවන් නිසා ඒ සියල්ල තාවකාලිකව නතර වුණා.

වෙනසක ඉසව් හොයන තව තව නිර්මාණ සඳහා වස්තුබීජ ඔබ සතුව ඇති බව නිසැකයි..?
අනිවාර්යයෙන්ම සැකනැති ඔබේ ඒ නිසැක බව නිවැරැදි… එලෙසම ‘නිකිණි වැස්ස’ වාගෙම මා කළ ‘මාරියා’ චිත්‍රපටය සමග තව චිත්‍රපට නිර්මාණ දෙකක් තිරගතවීමට නියමිතයි.
වෙනස්ම තාලයේ කතා තේමාවක් රැගත් ‘මාරියෝ’ චිත්‍රපටයෙහි රූගත කිරීම් සියල්ල සිදුවූයේ මුහුද මැද තියෙන ධීවර බෝට්ටුවක් තුළයි. ‘මාරියා’ ප්‍රේක්‍ෂකයනට වෙනස්ම අත්දැකීමක් වේවි.

චිත්‍රපට හෝල් වැසී යන අවදානමක ඔබ වැනි නිර්මාණකරුවන් නොසැලී ඉන්නවා..?
විය යුත්තේ එයයි. චිත්‍රපට කලාව ඇදවැටුණා කියලා හෝල් වැහුණාය කියලා නිර්මාණකරුවන් අත්බැඳගෙන බලා ඉන්නේ නැහැ. ඔවුන් සිය නිර්මාණකරණය අත්හැර දමන්නේ නැහැ. ඔවුන් ඒ වෙනුවෙන් මොනවා හරි යමක් කරනවා. ප්‍රවීණයන් පවා මෙහිදී තම නිර්මාණ කෙසේ හෝ ලෝකයා හමුවට ගෙන යා යුතුයැයි කියන සුබවාදී හැඟීම තුළ ඉන්නවා. මමත් තව තව අලුත් නිර්මාන එළිදක්වන්නට පුළුවන් බීජ හොයමින් ඒ අතර ඉන්නවා. පැහැදිලිව කියනවා නම් ‘සයිකොලොජිකල්’ නිර්මාණයක් කරන ආශාවක් හිතේ මතුව තියෙනවා. ඒ වෙනුවෙන් අලුත් තේමාවක් හොයමින් කල්ගෙවනවා.

ඔබ විවාහය සඳහා තෝරාගත්තේ කලාකාමී පරම්පරාවේ දියණියක්..?
ඇය එකොළාස්වැනි බුදවත්ත මහතාගේ අයියගේ දෝණි අංජලී බුදවත්ත, ‘සිරස’ ආයතනය තුළ වසර 10ක සේවයෙහි නියුතුව සිටින ඇය නැටුම් ශිල්පිනියක්. අංජලී බුදවත්තව මට මුණගැහුණේද ‘සිරස’ ආයතනය විසින් කළ චිත්‍රපටයක නිර්මාණ කටයුතු අතරදීම තමයි.

රස හවුලක සුන්දර එකතුවක්… එහෙම නේද අරුණ..?
ඔව්… මමත් එහෙම හිතනවා ඉතින්…

වෙනස් තාලේ ආකර්ෂණීය නිර්මාණ කරන්නට අවැසි හොඳ ‘බීජ’ ඔබට ලැබේවා කියලා පතනවා අරුණ..?
‘මව්රට වෙනුවෙන් ඔබටත් ස්තුති කරනවා. ඔබ කීවා වගේම මම බොහෝ විට සිටින්නේ හොඳ බීජ සොයන විමසිල්ලකයි. ඒ විමසිල්ල තුළ තියෙන්නේ කලා රසැති ඉවක් මිස එය සම්භාව්‍යයද, සරලද යන අරගලය නම් නෙවෙයි. හිතට එන නිර්මාණශීලී හැඟීම කුමක්ද එය වෙනස් තාලේ නව දැක්මක් ලෙස මම ලෝකය හමුවට ගෙන එනවා.

-දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

රනිල්ට අගමැතිකම දීලා රට විනාශ කරන්න එපා! සල්ලිවලට මන්ත්‍රීවරු ගන්න හදන්න එපා! මහානායකහිමිවරුන්ට පිටුපාන්න එපා! එහෙම වුණොත් අරගලය දරුණු වේවි! මහාසංඝරත්නයෙන් සහ කාදිනල් හිමියන් ආණ්ඩුවට අවසන් ‌නිවේදනය දෙයි! (VIDEO)

Next Post

රනිල් අද රාජපක්ෂවරුන්ගේ ගැලවුම්කාරයා වෙලා! මේවා මාළිගා කුමන්ත්‍රණ! වහා පරාජය කළ යුතුයි! (VIDEO)

MORE NEWS

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News
Heart

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News
Heart

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News
Heart

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News
Heart

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News
Heart

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News
Heart

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

Load More
බස්නායක නිළමේ කිව්වේ ලියාපදිංචි කණ්ඩායම් 25ට විතරක් නටන්න අවසර දෙනවා කියලා! අද මහජන ආරක්ෂක ඇමැති-ආරක්ෂක ලේකම්-පොලිස්පති තිබ්බ සාකච්ඡාවේදී ගිය පාර නටපු කාවඩි කණ්ඩායම් 45ටම නටන්න අවසර දීලා! I Sri Lanka Latest News
Exclusive

බස්නායක නිළමේ කිව්වේ ලියාපදිංචි කණ්ඩායම් 25ට විතරක් නටන්න අවසර දෙනවා කියලා! අද මහජන ආරක්ෂක ඇමැති-ආරක්ෂක ලේකම්-පොලිස්පති තිබ්බ සාකච්ඡාවේදී ගිය පාර නටපු කාවඩි කණ්ඩායම් 45ටම නටන්න අවසර දීලා! I Sri Lanka Latest News

දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ පසුගිය වසරේ නර්තනයේ යෙදුණු කාවඩි නර්තන කණ්ඩායම් 45 සඳහා මෙවර...

Read more
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

අනුර ඇතුළු කැබිනට් මණ්ඩලයම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන කැබිනට් පත්‍රිකාවට අනුමැතිය දෙයි! VIDEO I Sri Lanka Latest News

සාමකාමී විරෝධතා දක්වන්න ජනතාවට පුළුවන්! පොලිසියට අධික බලය යෙදවීම හෝ බැට්න් ප්‍රහාර එල්ල කරන්න බෑ! අරගලයට පොලිසිය එල්ල කළ ප්‍රහාරයන්ට එරෙහිව පවරපු නඩුව විභාගයට ගනිද්දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි! I Sri Lanka Latest News

සාමකාමී විරෝධතා දක්වන්න ජනතාවට පුළුවන්! පොලිසියට අධික බලය යෙදවීම හෝ බැට්න් ප්‍රහාර එල්ල කරන්න බෑ! අරගලයට පොලිසිය එල්ල කළ ප්‍රහාරයන්ට එරෙහිව පවරපු නඩුව විභාගයට ගනිද්දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි! I Sri Lanka Latest News

කිව්වෙ නම් ගරාවැටිච්ච රජයේ බංගලා සුද්ද කරලා හෝටල් කරලා සල්ලි උල්පත් කරනවා කියලා! දැනු අවුරුදු 2ක්! මරදන්කඩවල රජයේ තානායමේ තාම ලගින්නේ හරක්-රිලවු-වවුලන්! VIDEO I Sri Lanka Latest News

කිව්වෙ නම් ගරාවැටිච්ච රජයේ බංගලා සුද්ද කරලා හෝටල් කරලා සල්ලි උල්පත් කරනවා කියලා! දැනු අවුරුදු 2ක්! මරදන්කඩවල රජයේ තානායමේ තාම ලගින්නේ හරක්-රිලවු-වවුලන්! VIDEO I Sri Lanka Latest News

මුන්දලමේ බස් චණ්ඩි ටිකක් ත්‍රීවීල් එකක ඇවිත් බස් එකක් හරස් කොට රියැදුරෙකුටයි කොන්දොස්තරටයි දරුණු විදිහට ගහලා! පැමිණිලි කළත් පොලිසිය තවම කවුරුවත් අත්අඩංගුවට අරන් නෑ! මීට කලිනුත් මේ බස් චණ්ඩි මේ විදිහටම මිනිස්සුන්ට ගහලාලු! I Sri Lanka Latest News

මුන්දලමේ බස් චණ්ඩි ටිකක් ත්‍රීවීල් එකක ඇවිත් බස් එකක් හරස් කොට රියැදුරෙකුටයි කොන්දොස්තරටයි දරුණු විදිහට ගහලා! පැමිණිලි කළත් පොලිසිය තවම කවුරුවත් අත්අඩංගුවට අරන් නෑ! මීට කලිනුත් මේ බස් චණ්ඩි මේ විදිහටම මිනිස්සුන්ට ගහලාලු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.