කලා ලොවේ දිදුළන තාරකාවක් සමග කෙටි පිළිසඳරක යෙදෙන්න අපටි පසුගියදා පුළුවන් වුණා. පුංචි තිරයේත්, සිනමාවේත් විවිධ දස්කම් පාමින් ජනප්‍රියත්වය එක සේ රැකගෙන සිටින ඔහු ජනප්‍රිය රංගන ශිල්පී අකිල ධනුද්දර.Sri Lanka Latest News
අකිල කොහොමද ඉතින්?
හොඳයි සුපුරුදු විදියට කලා කටයුතු කරගෙන යනවා.
ඉතින් කියමුකො බලන්න ‘ජහුටා’ සමග ගෙවන කාලය කොහොමද?
හරිම සුන්දරයි. වෙනස්ම වැඩක් තමයි ජහුටා කියන්නේ.
‘විශ්ව’ අපි හිතුවට වඩා වෙනස් චරිතයක්. ඔබට විශ්ව දැනුණේ කොහොමද?
විශ්වට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ‘ජහුටා’ ටෙලිනාට්‍යය වෙනස්ම මාතෘකාවක් නිසා මම ඒ චරිතයට ගොඩක් කැමැති වුණා. නපුරු ආදරයක්. ආදරය කරන කෙනකුට වෛර කරනවා. මම අවුරුදු 13කට පස්සේ තමයි මේ වගේ වෙනස්ම චරිතයක් රඟපාන්නේ. ‘දස්කොන්’ ටෙලිනාට්‍යයේ නරේන්ද්‍රට වඩා විශ්ව හාත්පසින්ම වෙනස්. විශ්වගේ හැම නපුරුකමකටම දුෂේනි දෙන සහාය ඇයගේ ඒ බැල්ම, ආදරය මගේ චරිතයට ආලෝකයක් වුණා. ඒ විතරක් නෙවෙයි, ‘ජහුටා’ ටෙලිනාට්‍ය කණ්ඩායමෙන්ම ලොකු සපෝර්ට් එකක් ලැබුණා.
‘විශ්ව’ කියන චරිතය තුළ ප්‍රේක්ෂකයන් ඔබේ වෙනසක් දකිනවා නේද?
ගොඩක් ප්‍රේක්ෂකයන්ට මාව හුරු කොණ්ඩේ වවාගෙන රඟපාන විදියටයි. මම කොණ්ඩේ කපලා රඟපාන නිසා මගේ ලොකු වෙනසක් ඔවුන්ට මේ තුළ දැනෙනවා ඇති.
අකිල පසුගිය කාලසීමාවේ කාර්යබහුලව වැඩ කිහිපයක නිරත වුණු බව ආරංචියි?
ඔව්. මේ අවුරුද්දේ චිත්‍රපට හතරක වැඩ කරන්න මට ආරාධනා ලැබුණා. චිත්‍රපට තුනක විතර වැඩ ඉවර කළා. තව එක චිත්‍රපටයක් කරන්න තියෙනවා. ඒ වැඩකටයුතුත් සමග ‘ජහුටා’, ‘වීදුරු තිර’ ටෙලිනාට්‍යවලටත් සම්බන්ධ වුණු නිසා ගොඩක් කාර්යබහුල වෙලා ඉන්නේ.
ඒ වගේම ඔබ ‘සරා සුසුම්’ චිත්‍රපටයේත් සුවිශේෂ රංගනයක නිරත වෙනවා නේද?
‘සරා සුසුම්’ චිත්‍රපටයේ මම චරිත තුනක් රඟපානවා. ඒ චරිත තුනටම හඬවල් තුනක්. වෙනස් විදියට රඟපානවා දකින්න කැමැති ප්‍රේක්ෂකයන්ට ඒ තුළ ලොකු වෙනසක් දැනේවි.
වසන්ත විතාරණගේ











