• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

70 දශකය HIT කළ අග්‍රා

February 1, 2020
in Heart
Reading Time: 2 mins read
A A
70 දශකය HIT කළ අග්‍රා
Share on WhatsAppShare on Facebook

70 දශකය කියන්නේ, ‘සූරයා’ යන නම ශ්‍රී ලාංකේය සිනමාව තුළ කදිම ‘්‍යසඑ’ එකක් ඇති කළ යුගයකි.
‘හතර දෙනාම සූරයෝ’ චිත්‍රපටයත් සමඟ එම උන්මාදය වඩාත් තීව්‍ර විය.
සුන්දර නිළි තාරකාවන් කිහිප දෙනකුටම වසන්තයේ දොර විවර කර දීමට තරම්ම, එකී උන්මාදය ප්‍රේක්‍ෂක සිත් තුළ සොඳුරු පීඩනයක් ඇතිකර තිබිණි.
මාලිනි ෆොන්සේකා, ශ්‍රියානි අමරසේන, සෝනියා දිසානායක යනුවෙන් නම් ලද ඒ තරු පිරිස අතර අග්‍රා සජීවනී ද සමසමව අසුන්ගෙන සිටියාය.
උසට සරිලන හැඩකාර සිරුරකින්ද, සොඳුරු මුහුණකින්ද සිනමාව සැරැසූ අග්‍රා සජීවනීට තරුණයෝ එකල උමතුව සිටියහ.
වත්මන් පරපුරට ආගන්තුක වුවද හැත්තෑව දශකයේ තරුණ පරපුරක්ව සිටි රසිකයනට තවමත් අමතක නැති ‘අග්‍රා සජීවනී’ සොයා ‘හදවත’ නතර වූ සොඳුරු කතාබහක තොරතුරුයි මේ ඔබ හමුවේ පෙළ ගැසෙන්නේ.
තරුවක් ලෙස 70 දශකය ලස්සන කළ ඔබ අද බොහෝ නිහඬයි නේද?
නිහඬයි කියන්නටම බැහැ. ජීවිතයේ සැඳෑ සමයට පිවිසෙමින් මම එහි නිදහස් සුවය අත්විඳිනවා කියන එක තමයි ඔබේ ප්‍රශ්නයට දියයුතු හොඳම පිළිතුර වන්නේ.
ඒ කියන්නෙ රඟපාන්නට දැන් ඔබට වයස වැඩියි කියලද හිතන්නෙ?
මම හිතන්නෙ එහෙමයි, මොකද? මට දැන් වයස අවුරුදු හැත්තෑවක් වෙනවා. තරුණ කාලේ රඟපෑවා වාගේ, මල් ගස් වටේ නැටුවා වාගේ දැන් නටන්න, රඟපාන්න බැහැ.
ඒ නිසා තැන්පත් විදියට ජීවිතය දිහා බලන එක තමයි කරන්නට ඕනෑ.
වයසට සරිලන චරිතයක් රඟපෑමේ කැමැත්තක්වත් ඔබ තුළ නැතිද?
රඟපෑම කියන්නේ සරල දෙයක් නොවෙයි. බොහෝම වගකීමෙන් යුතුව දිවා – රෑ නොබලා කැපවීමෙන් ඉටු කළ යුතු කාර්යයක් ඒක.
අලුත් පරම්පරාව ඒ දිහා කොහොම බලනවද කියන්නට දන්නෙ නැහැ. අපි නම් එදා රංගනය සඳහා කැපවූයේ බොහොම වෙහෙස මහන්සි වෙලයි… අන්න ඒ කැපවීම එදා තරුණ වයසෙදි කළා වාගේ මේ වැඩිහිටි වයසෙදි කරන්න අමාරුයි. ඒ හින්දා කොයි මට්ටමේ හෝ චරිතයක් වෙනුවෙන් නිදහස, විවේකය අහිමිකර ගන්න එක මට ටිකක් අපහසුයි.
හැබැයි එදා වාගේම අදත් මම සිනමාවට ආදරය කරනව. රඟපෑම කියන වෘත්තියට ගරු කරනවා.
හොඳයි අපි අතීතයට යමු. ඔබ සිනමාවට ආවේ හුඟාක් තරුණ වයසෙදි?
ඔව්. ‘හතර දෙනාම සූරයෝ’ චිත්‍රපටයෙන් තමයි මම හා හාපුරා කියල රංගනයට පය තැබුවේ. එතකොට මට වයස අවුරුදු 20ක්, 21ක් වාගේ ඇති. මුඩුක්කුවක ජීවත් වන, කටකාර කෙල්ලක ලෙස තමයි මම එහි රඟපෑවේ.
ඒ කාලේ ගාමිණී – මාලිනී සුසංයෝගය හරිම ජනප්‍රියයි. මගේ පළමු රංගනයේදී ඔවුන් සමඟ සමසමව කටයුතු කරන්නට ලැබීම ගැන මම ගොඩාක් සතුටු වුණා.
ඒ කටකාර මුඩුක්කු කෙල්ලට හොඳ ප්‍රතිචාරයක් ලැබුණාලු නේද?
සත්තකින් ඔව්. ‘සූරයෝ’ චිත්‍රපට පෙළ ඒ දවස්වල රසිකයන් හරිම ආදරයෙන් වැලැඳගත්තා. ඒ නිසා ‘සූරයෝ’ කියන හැම චිත්‍රපටයක් වාගෙම ‘හතරදෙනාම සූරයෝ’ත් අතිශයින්ම ජනප්‍රිය වුණා. දින සිය ගණන් නොකඩවා ප්‍රදර්ශනය වූ නිසා කටකාර මුඩුක්කු කෙල්ලටත් රසිකයෝ ප්‍රිය කළා.
පුදුම විදියට ඔවුන් එම චරිත නිරූපණය ආදරයෙන් වැලැඳගත්තා. මඟතොටේ යන්න බැරි තරමට ප්‍රේක්‍ෂක ප්‍රතිචාර ලැබුණා. දැන් කාලේ වාගේ නෙවෙයි. ඒ දවස්වල නළු නිළියන්ට රසිකයන් හරි තදින් ඇලුම් කළා. නළුවෙක්, නිළියෙක් එන්නෙ කොතැනටද? එතැනට මහා ජන ගංගාවක් ඇදී ආවා. අපව දකින්න, සෙනඟ අතරින් ඇවිදගෙන යන කොට අපේ ඇඟිලි කොනක් හරි ස්පර්ශ කරන්න රසිකයෝ පොර කෑවා.
එච්චර සුන්දරත්වයක් ඒ කාලේ සිංහල සිනමාව තුළ තිබුණා. මමත් එහි පංගුකාරියක්ය කියන අහිංසක ආඩම්බරය මගේ හිතේ තියෙනවා.
ජීවන ගංගා චිත්‍රපටය ගැනද මෙතැනදී කතා කළ යුතුයි. එහි රඟපෑවේ මමයි, සේනාධීර රූපසිංහයි. සෝනියා දිසයි. මම දරු පවුලක් කඩා ඉහිරවන අනියම් පෙම්වතියකගේ චරිතයකට තමයි එහිදී මැදි වුණේ. එය ඉතාම ජනප්‍රිය වුණා. විශාල ප්‍රේක්‍ෂක ප්‍රතිචාරයක් ලැබුණා. හුඟක් විට විචාරයට කතාබහට ලක්වුණු චිත්‍රපටයක් ලෙස ‘ජීවන ගංගා’ මාධ්‍යවල පවා ප්‍රසිද්ධියට පත්වුණා.
නපුරු කළු චරිතයක් කළාය කියන හැඟීම වෙනුවට ප්‍රේක්‍ෂකයන් තුළ මතු වුණේ මා එය සාර්ථකව කළාය යන හැඟීමයි.
සුගන්ධි චිත්‍රපටයේ ඔබ රඟපෑවෙත් නපුරු සරාගී චරිතයක් නේද?
එහි මම ද්විත්ව චරිත නිරූපණයක නියැළුණා. මම දැඩි සේ ප්‍රිය කළ ජනක රත්නායකගේ ‘කබලෙන් ළිපට’ චිත්‍ර කතාව අනුවයි එය නිර්මාණය වූයේ. එහිදී මම නිෂ්පාදනයට පවා අත ගැසුවේ ඒ කතා තේමාවට මම කැමැති නිසාමයි.
‘නයෝමි’ ලෙස කුඩම්මාටත්, දියණිය ලෙස ශෝභාටත් මම එහි කළ රංගනය ගැනද මට හොඳ විචාර පැසසුම් ලැබුණා. එය සාර්ථක චිත්‍රපටයක්. ප්‍රේක්‍ෂකයන් මෙන්ම විචාරකයන්ද පිළිගැනීම මට ලොකු සතුටක් වුණා.
සිරුර නිරාවරණය වන අන්දමේ විලාසිතා අනුගමනය කළ නයෝමිගේ චරිතයට චෝදනා එල්ල වුණේ නැද්ද?
අයියෝ නැහැ. චිත්‍රපටය වැඩි පුර ජනප්‍රිය වීමට නම් මම හිතන්නෙ එය හේතුවක් වුණා. සමහර පිරිමි ළමයි කොලුකමට එය හත් අට වතාවක් බලලා තිබුණා. මඟතොටේදී හමුවූ විට පවා ඔවුන් එය මා හා පැවසුවා. ඇත්තෙන්ම නයෝමිගේ සරාගී චරිතය හුඟක් ජනප්‍රිය වුණා. එහි මගේ රඟපෑම නපුරු අවිනීත කුඩම්මෙක් ලෙස විහිද ගියත් ප්‍රේක්‍ෂකයන් වැඩිපුර කතා කළේ එහි සාර්ථකත්වය ගැනයි.
නුවර ඉඳලා එන කෝච්චියෙන් මල්පොකුරු එවන්න පවා රසිකයො උනන්දු වුණේ ඒ නිසාද?
මල් පොකුරු විතරක් නෙවෙයි, රසිකයෝ නුවර කෝච්චිය හරහා මට පලතුරු කූඩ හිටන් එව්වා. සමහර දවසට මල් පොකුරු මිටි ගණන් තිබුණා.
ඔබ එය නිහතමානීව පිළිගත්තද?
නැතුව… ප්‍රේක්‍ෂකයන් අපට දැක්වූ ළෙන්ගතුකම අප හොඳ හිතින් භාරගත යුතුයි. රංගවේදිනියකව තරුවක් කරන්නේ ඔවුන් තමයි. ඔවුන්ට අප කෘතගුණ සැලකිය යුතුයි.
මංගල යෝජනා සමඟ පැමිණි මිටි ගණන් ලියුම්වලට මොකද වුණේ?
ඒවාට ඉතාම උපේක්‍ෂාවෙන් සහ උපායශීලීව පිළිතුරු ලිව්වා.
ඒ වගේම මාව සජීවීව දකින්න ගේ ඉස්සරහ රැකගෙන හිටපු අයටත් මම ඉතා සුහදව ප්‍රතිචාර දැක්වූවා. කොහොමත් මම කවදත් හිටියේ ‘ප්‍රේක්‍ෂකයන්ට කෙයාර් කරන්න ඕනෑ නේද’ කියන තැනයි. ජනප්‍රියත්වය හමුවේ හිස උදුම්මා ගැනීමේ වුවමනාවක් කවදාවත් ‘අග්‍රා සජීවනී’ට තිබුණේ නැහැ.
අදටත් ඔබට මඟතොටේදී ප්‍රතිචාර ලැබෙන්නේ ඒ නිසා වෙන්න ඇති?
බොහෝ විට එහෙම වෙන්න ඇති. උපන් දිනය දවසට තවමත් මට සුබපැතුම් ගලාගෙන එනවා. මඟතොටේදී හමුවුණාම මම රඟපෑ චරිත ගැන කතා කරනවා. ‘හතර දෙනාම සූරයෝ’ චිත්‍රපටයේ කටකාර මුඩුක්කු කෙල්ලගේ දෙබස් සමහර අයට අදටත් කටපාඩම්.
නයෝමි ගැන ජීවන ගංගා ගැන ඔවුන් කතා කරන්නේ හරිම උද්දාමයෙන්. කොච්චර ලස්සනද ඒ කාලේ. චිත්‍රපට හෝල්වල මිනිස්සු පොදිකනවා. ඒ අපූරු යුගය ආයේ කවදා එයිද මිස්’ කියලා ඔවුන් මගෙන් අහනකොට අද සිංහල සිනමාව ගැන දුකක් වාගෙම එදා අප දායකත්වය දුන් සිංහල සිනමාවේ වසන්තය ගැන මහා සතුටකුත් දැනෙනවා.
චිත්‍රපට බලන්න හෝල්වලට යන අවස්ථා තිබෙනවද?
අනේ නැහැ, හුඟාක් විට බලන්නේ රූපවාහිනියේ විකාශනය වන චිත්‍රපට තමයි.
ඔබ රඟපෑ ඒ කාලේ චිත්‍රපට දිහා බලනකොට මොනවද හිතෙන්නේ?
සමහර සීන් දකින කොට, අනේ මීට වඩා හොඳට මට මේක කරන්න තිබුණා නේද? කියලා හිතෙනවා. නපුරු චරිත දකින විට අම්මෝ.., මම ඒ තරම් දුෂ්ට වුණේ කොහොමද? කියලත් හිතෙනවා.
ඒ වාගේම මේ රඟපාන්නේ අග්‍රා සජීවනී කියන තරුණ නිළිය නේද කියලා මහා ආත්මික සතුටක් දැනෙන අවස්ථාවන්ද ඒ අතර ඕනෑ තරම් තියෙනවා.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

කොරෝනා නුවර මැදට ශ්‍රී ලන්කන් බය නැතිව බහින්න යයි

Next Post

අලි කොටි මැද වස්ගමුවේ රැයක්

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News
Heart

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News
Heart

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News
Heart

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

බලය ලැබුණේ පැලවත්තට බවත් පැලවත්තෙන් ආණ්ඩුව ගෙන යාමේ සැලසුම් සකස් කරන බවත් සභානායක බිමල් රත්නායක මහතා පැවසීය. Sri Lanka Latest...

Read more

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

අද පාන්දරම ගන්දර වෙඩි පත්තු වෙයි! බංකු.. බංකු..! දිව්‍යලෝකෙන් ආපු එකක්ද? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.