චීනයේ වූහාන් නුවර රැදී සිටි ශ්‍රී ලාංකික සිසුන් රැගෙන ඒම සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (31) දින සවස කටුනායක ගුවන් තොටුපළෙන් චීනයේ වූහාන් බලා පිටත්ව ගියේය.
මේ සදහා ශ්‍රී ලංකා රජය අවසර ඉල්ලා සතියක් ඉක්ම ගොස් තිබුණද ඊයේ වනතුරුම ඊට චීන බලධාරීන්ගෙන් අවසර ලැබී තිබුණේ නැත.
අද (31) දින පස්වරු 3.45 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1422 දරණ විශේෂ ගුවන් යානය වූහාන් බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගිය අතර මෙම ගුවන් යානය අද (31) දින රාත්‍රී 11.23 ට චීනයේ වූහාන් ගුවන් තොටුපළ වෙත ගොඩබැස්සවීමට නියමිතය .










