• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

හෙළ සිනමාවේ සටන් සගයා

November 2, 2019
in Heart
Reading Time: 1 min read
A A
හෙළ සිනමාවේ සටන් සගයා
Share on WhatsAppShare on Facebook

පෙම් කතාවක සුන්දරත්වයත්, රසයත් දැනෙන්නේ ඒ අතර ගැටුමක් තිබුණොත් තමයි. නැතිනම් කවුරුත් කියන්නේ ඒ කතාව වැඩක් නැහැ බෝරින් කියලා. ඉතින් එහෙම ආදර කතා ගණනාවකට වීරයො බහිකරපු සුවිශේෂී වීරයෙක් අපට හමුවුණා. ඔහු වසන්ත කුමාරවිල.
සිනමාවේ දක්‍ෂ සටන්කරුවෙක් වූ ඔබට ගේමක් දෙන්නේ කවුද?
සුරංග ද අල්විස්ගේ නවතම චිත්‍රපටය තමයි “ද ගේම්.” එහි සටන් අධ්‍යක්‍ෂණය වගේම රංගනයෙනුත් දායක වෙනවා. ඒ වගේම ජීවන් කුමාරතුංග අධ්‍යක්‍ෂණය කරන ‘ජීවා’ චිත්‍රපටයෙත් වැඩකටයුතු කරනවා. ගේමක් නැතුව හැමදේම හොඳින් කරගෙන යනවා.
ඔබ ලොකු නැඹුරුවක් දක්වන්නේ සිනමාව පැත්තෙන් ඉදිරියට යන්න නේද? එයට හේතුව කුමක්ද?
මගේ ලොකුම ආශාව සිනමාව පැත්තෙන් යන්න. එයට අමතරව හොඳ ටෙලිනාට්‍ය කිහිපයකම වැඩ කළා. ළඟදි මතික පෙරේරා අධ්‍යක්‍ෂණය කළ ටෙලිනාට්‍යයකට සම්බන්ධ වෙන්න ආරාධනාවක් ලැබුණා. අවුරුදු 16දී තමයි හේමසිරි සෙල්ලප්පෙරුම අධ්‍යක්‍ෂණය කළ “කියල වැඩක් නැහැ” චිත්‍රපටයේ සනත් ගුණතිලක එක්ක රඟපෑවේ.
නව පරපුරේ සටන් නළුවෝ අතර සාම්ප්‍රදායික සටන් කලාවක් හෝ රංගනයක් අපි දකින්නේ නැහැ?
විවිධ සටන් කලාවන් තියෙනවා. හැබැයි එහෙමයි කියලා අපි හැමෝටම සටන් නළුවො වෙන්න බැහැ. මම සිනමාවට සම්බන්ධ වුණෙත් සටන් නළුවෙක් විදයට. සටන කියන්නේ ප්‍රබල රංග කලාවක්. ඒ සටන තුළ අපි රඟපාන්නේ කොහොමද කියලා තේරුම් ගන්න ඕන. ඉන්පසු සාර්ථක රංගනයකට ප්‍රවිෂ්ට වුණොත් තමයි සාර්ථක සටන් ශිල්පියෙක් වෙන්නේ කියලා මම හිතනවා.
අද නිර්මාණවල සටන් කරන්නේ සටන් අධ්‍යක්‍ෂවරුන් කිව්වොත් හරිද?
ටෙලි නාට්‍ය හෝ චිත්‍රපටවල සටන් නිර්මාණ කළ යුත්තේ සටන් අධ්‍යක්‍ෂවරුන්. මොකද ඒ ශිල්ප කලාව දන්නේ ඔවුන් පමණයි. 70 දශකයේ නිර්මාණවල සටන් කලාවේ දක්‍ෂ ශිල්පීන් කළේ ඇත්තටම සටන් කරපු එක. ඒත් දැන් තිබෙන තාක්‍ෂණයත් එක්ක සටන් කලාවත් වෙනස් වෙලා. ඉතින් මට චිත්‍රපට 67ක විතර සටන් අධ්‍යක්‍ෂවරයකු ලෙස කටයුතු කරන්න ලැබීමත් සතුටක්.
නව තාක්‍ෂණයේ දියුණුවත් සමඟ ඔබ නිර්මාණය කළ ඩබ්ලිව්. කේ. කේබල් යුනිට් කලාව ගැන අදහසක් පැවසුවොත්?
ඩබ්ලිව්.කේ. කියන නමින් තමයි කේබල් සටන් කලාව ආරම්භ කිරීමට කටයුතු කළේ. මේක අලුත් සටන් කලාවක්. එහිදී කේබල් තාක්‍ෂණය උපයෝගී කරගෙන තමයි සටන් කරන්නේ. පසුගිය දවස්වල රියැලිටි වැඩසටහන්වලටත් මම ඒ කේබල් ක්‍රමය ලබා දුන්නා.
නව පරපුරේ දක්‍ෂ පිරිසක් මේ ක්‍ෂේත්‍රයට යොමුවෙලා ඉන්නවා. හැබැයි ඔවුන් වෙනුවෙන් රජයේ කිසිම මැදිහත් වීමක් නැහැ නේද?
ඔබ පැවසූ දේ හරි. දක්‍ෂ ශිල්පීන් ඉන්නවා. ඔවුන් දක්‍ෂ නිර්මාණ බිහිකරනවා. එය ඉදිරියට ගෙනියන්න ඔවුන්ගේ වටිනාකම රජයට දැනෙන්නේ නැහැ. මෙය සුන්දර විෂයක්. කලාත්මක විදියට නිර්මාණයක් කරලා ජනගත කරන්න ගියාම තමයි ප්‍රදර්ශනයේදී ප්‍රශ්න මතුවෙන්නේ. චිත්‍රපට සංස්ථාව වුණත් තියෙන්නම් වාලේ තිබිලා වැඩක් නැහැනේ. අලුත් ක්‍රමවේදයක් සකසා නිර්මාණකරුවන්, නිෂ්පාදකවරු රැකගත යුතුයි.

වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

සජිත්ගේ ප්‍රතිපත්තියට උතුරම සතුටින්

Next Post

පත්තිනි මෑණියන් ඔබේ නිවෙසට වඩින දවස

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.