එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශයට උතුරේ සියලුම දේශපාලන පක්ෂවල ප්‍රසාදය හිමිව ඇති බව වාර්තා වේ.
ඒ අනුව ඉදිරි දින කිහිපය ඇතුළත උතුරේ දමිල පක්ෂ ප්‍රේමදාස මහතාට සහාය පළ කර ඒකාබද්ධ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතය.
උතුරේ පක්ෂ මීට පෙර ප්‍රකාශ කර තිබුණේද ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාගේ ප්‍රතිපත්ති දෙස බලා තම සහාය ලබා දෙන අපේක්ෂකයා තීරණය කරනවා යැයි කියාය.










