• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

හිත් හොරාගත් හැඩකාරී අපර්ණා

June 14, 2020
in Heart
Reading Time: 2 mins read
A A
හිත් හොරාගත් හැඩකාරී අපර්ණා
Share on WhatsAppShare on Facebook

දවසින් දවස කලාවට අලුත් තරු බිහිවන කාලවකවානුවක කලා ක්‍ෂේත්‍රයේ විවිධ නිර්මාණ හරහා චරිත මවමින් ජනාදරයට පත් අපර්ණා ඔබට මතක ඇති. අපර්ණා නමින් ජනප්‍රිය වුණු ඇය සංදීපා සෙව්මිණි. කලාවෙන් සමුගෙන වසර ගණනාවක් වුණත් ඇය අප කාටත් අමතක කළ නොහැකිය. ඒ තරමට ඔබ අප අපර්ණාට ආදරය කළ නිසා. ඉතින් ඒ සියලු කරුණු කාරණා සමඟ ඇය ගැන සොයා බලන්න අපි හිතුවා. ඇය මාධ්‍යයට පවා කතා කිරීමට අකමැති වුණු කාලවකවානුවක අපගේ ඉල්ලීම සලකා බලා ඉතා සුහදව ඇයගේ මතකය නැවත අවදි කළේ මේ විදියටයි.
පුංචි තිරයේ, රිදී තිරයේ ඔබ නැතුවම බැරි හැඩකාරියක් වුණා ඔබට මතක ඇති. ඒත් ඒ හැඩකාරි කෝ දැන්?
ටෙලිනාට්‍ය, චිත්‍රපට සෑහෙන ප්‍රමාණයකින් මට ආරාධනා කළා. ඒත් මම ඒ කිසිම නිර්මාණයකට සම්බන්ධ වුණේ නැහැ. කලාවෙන් සමුගෙන අවුරුදු පහළොවක් විතර වෙනවා දැනට. මම කලාවෙන් ඉවත් වුණේ නැවැත සම්බන්ධ වෙන්න නොවේ.
ඉණිමඟ මුදුනට නැඟලා පයින් ගහන එක හරි නැහැ නේද?
මම දායක වුණු හැම නිර්මාණයටම මට කළ හැකි උපරිම සාධාරණයක් වගේ ඉෂ්ට කළා. ඒ හැම සාධාරණයකටම ඇගැයීමට ලක්වුණා. අදටත් ඔයාලා වුණත් මම ගැන හොයා බලන්නේ මම මේ ක්‍ෂේත්‍රයට කළ වටිනාකම නිසා. එය ගැන මම හදවතින්ම සතුටු වෙනවා.
ඔබේ කලා ජීවිතයේ පටන්ගැන්ම ගැන කතා කළොත්?
98 වර්ෂයේ කොළොම්තොට ‘බක්මහ උළෙලේ’ අවුරුදු කුමරිය වුණේ මම. ඉතින් ඒ ජයග්‍රහණයත් එක්ක රූපවාහිනී වෙළෙඳ දැන්වීම් සහ පුවත්පත් මුල් කවරයට පෙනී සිටියා. ඉන්පසුව තමයි නිර්මාණවලින් ආරාධනා ගලාගෙන ආවේ.
ඔබ මුලින්ම සිනමා නිළියක් වුණු හැටි මතකද?
මොකද නැත්තේ. රෝයි ද සිල්වා අධ්‍යක්‍ෂණය කළ ‘රෑ දනියෙල් දවල් මිගෙල්’ චිත්‍රපටයට තමයි මුලින්ම සම්බන්ධ වුණේ. ඉන්පසු නෝනාවරුණි මහත්වරුණි, වරිච්චි බිත්ති, සසර සඳ ටෙලිනාට්‍යයේ රංගනය වෙනුවෙන් 2004 සුමති සම්මාන උළෙලේ කුසලතා සම්මානයද හිමි වුණා. ඒ විතරක් නෙවේ ‘සුදු කළුවර’ චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් සරසවි සම්මාන උළෙලේ කුසලතා සම්මාන ලැබුණා.
හැබැයි ගොඩ දෙනෙක් ඔබව දැන හඳුන ගත්තේ අපර්ණ විදිහට?
මගේ රංගන ජීවිතයේ හැරවුම් ලක්‍ෂ්‍යයක් කිව්වොත් හරි. අපර්ණා මගේ ජීවිතයට වාසනාව ගෙනාවා. දෙස්-විදෙස් ප්‍රේක්‍ෂක ආදරය නිරන්තරයෙන් ලැබුණා. අදටත් මාව දැන හඳුනන්නේ අපර්ණා විදියට තමයි. අපර්ණා කියලා අදටත් කතා කරන පිරිසක් ඉන්නවා.
ඔබේ සමකාලීන මිතුරු මිතුරියන් මොනවගේ ප්‍රතිචාරයක්ද දක්වන්නේ?
කලා ක්‍ෂේත්‍රයේ මගේ හිතවතුන් මගතොට හමුවන මගේ ආදරණීය ප්‍රේක්‍ෂකයන් මට නිතර දෙවෙලේ කියන්නේ නැවැත රඟපාන්න කියලයි. ඒත් මගේ කිසිම කැමැත්තක් නැහැ නැවැත රඟපාන්න.
මේ තරම් මේ ක්‍ෂේත්‍රය එපා වීමට විශේෂ හේතුවක් බලපාන්න ඇති?
එහෙම විශේෂ හේතුවක් නැහැ. මම හැමෝම සමඟ සුහදව ඉතා සතුටින් වැඩකටයුතු කළා. කිසිම කෙනෙක් සමඟ ප්‍රශ්නයක් නැහැ. හැමෝම ආදරෙයි මට. නමුත් මගේ විවාහයෙන් පස්සේ මම හිතුවා කලාවෙන් ඉවත් වුණා නම් හොඳයි කියලා. ඒ තීරණය මත තමයි මම කටයුතු කළේ.
අද කලාව දකින තැන ගැන මොකද හිතෙන්නේ?
එහෙම නිර්මාණ ගැන අදහස් දක්වන්න මම විචාරකයෙක් නෙවේ. නමුත් දැන් දකින සමහර නිර්මාණවල දෙබස්, රංගන දකිද්දී හිනා යනවා. හොඳ දක්‍ෂ රංගන ශිල්පීන් පවා බාල බොළඳ නිර්මාණවලට හසුවෙලා. එය කනගාටුදායක අවස්ථාවක් විදියටයි මට හිතෙන්නේ.
පසුගිය කාලේ අපර්ණා නමින් රූපලාවණ්‍ය ඔබේම කියලා ව්‍යාපාරයක් ආරම්භ කළා. කොහොමද එහි වැඩකටයුතු?
අපර්ණා මගේ ජීවිතයට වාසනාව ගෙනපු නිසා මම ඒ නමින් මගේ ව්‍යාපාරයක් ආරම්භ කළා. ඒත් මේ දවස්වල එහි වැඩකටයුතු අතරමග නතර වෙලා තියෙන්නේ. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නිසා එය වෙනුවෙන් මගේ උපරිම කාලය යොදවනවා.
ඔබේ පෞද්ගලික විස්තර ගැන කතා කළොත්?
මගේ ගම්පළාත කොටිකාවත්තේ. මට දුවෙකුයි, පුතෙකුයි ඉන්නවා. මගේ සැමියා නියෝජ්‍ය පොලිස් ස්ථානාධිපතිවරයකු ලෙසට දැනට කටයුතු කරනවා. ඉතින් සියලුම දෙනාට උදවුවෙමින් වැඩකටයුතු කරගෙන ගෙදරට වෙලා ඉන්නවා.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

කොරෝනා ඉවර නෑ: චීනයේ බීජිං නුවර පැත්තක් යළි වහයි

Next Post

සිරිසේනට පාඩමක් උගන්වන්න ආණ්ඩුව සූදානම් වෙයි: ගෙවල් 3 ගැනත් හොයයි

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.