• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

සිනමා මාෆියාවෙන් යට යන ‘රංකොල්ලා’

July 4, 2020
in Heart
Reading Time: 1 min read
A A
සිනමා මාෆියාවෙන් යට යන ‘රංකොල්ලා’
Share on WhatsAppShare on Facebook

දරුවෙක් මෙලොවට බිහිකර ඒ දරුවා උස් – මහත් වන අයුරු දැක මවුපියන් මොන තරම් සතුටු කඳුළු වගුරනවාද. මා මේ කියන්නට යන්නේ එවන් දරුවෙක් වැනි සුමිත් රත්නායකගේ කුලුඳුල් සිනමා නිර්මාණයක් වන ‘රං කොල්ලා’ ගැන.
තවමත් මේ ‘රං කොල්ලා’ චිත්‍රපටය ප්‍රමාද වීමට හේතුව ගැන
අප ඔහුගෙන්
අහන්න හිතුවා.
ඔබේ කුලුඳුල් සිනමා නිර්මාණය ‘රං කොල්ලා’ ගැන කතා කළොත්?
ප්‍රවීණ ලේඛිකා ශාන්ති දිසානායකගේ ‘රං කොල්ලා’ යොවුන් නවකතාව ඇසුරෙන් තමයි ‘රං කොල්ලා’ චිත්‍රපට නිර්මාණය වෙන්නේ. අපේ ග්‍රාමීය පරිසරයේ සුන්දරත්වය හා ළමා අවධියේ රසවත් බවත්, අවුරුදු පහක පුංචි දරුවකු වටා ගෙතී තිබෙන අපූරු කතාවක් තමයි මම සිනමා නිර්මාණයක් ලෙසට ‘රං කොල්ලා’ චිත්‍රපටය නිර්මාණය කළේ.
‘රං කොල්ලා’ චිත්‍රපටයේ ප්‍රවීණ රංග ශිල්පීන් රැසක් රංගනයෙන් දායක වෙනවා. එය ගැන කතා කළොත්?
‘රං කොල්ලා’ චිත්‍රපටයට පරම්පරා කිහිපයක රංගන ශිල්පීන්, ශිල්පිනියන් සම්බන්ධ කරගත්තා. හැබැයි ඒ හැම පරම්පරාවකම ප්‍රවීණත්වයට පත් දක්‍ෂ පිරිසක් තමයි සම්බන්ධ කරගත්තේ. ඔවුන්ව අධ්‍යක්‍ෂණය කිරීම සුන්දර සහ රසවත් අත්දැකීමක්.
සියලුමදෙනා විශාල කැපකිරීමක් හා ආදරයකින්, ගෞරවයකින් ‘රං කොල්ලා’ චිත්‍රපටයට සම්බන්ධ වුණා. රංගන ශිල්පීන් මෙන්ම නිර්මාණයට දායක වූ සියලුම අංශවල ශිල්පීන් ඉතා හොඳ දායකත්වයක් ලබා දුන්නා ‘රං කොල්ලා’ චිත්‍රපටයට. ඒ හැමදෙනාම බොහෝම ආදරයෙන් මේ අවස්ථාවේ මතක් කරනවා.
‘රං කොල්ලා’ සිනමා නිර්මාණයේ ප්‍රධාන භූමිකාවක් ආචාර්ය ජයලත් මනෝරත්නයන් නිරූපනය කරනවා. අද වන විට එතුමා ජීවතුන් අතර නැහැ. එතුමා චිත්‍රපටයට සම්බන්ධ කරගැනීම සම්බන්ධව ඔබේ අදහස?
ඔහු නැති අඩුව වචනවලින් විස්තර කරන්න බැහැ. එතුමා පිළිබඳව තිබුණු ආදරය, ගෞරවය නිසා ‘රං කොල්ලා’ චිත්‍රපටයට සම්බන්ධ කරගත්තාට පස්සේ එය තව තවත් වැඩි වුණා. ‘රං කොල්ලා’ චිත්‍රපටය සම්බන්ධයෙන් එතුමාට විශාල බලාපොරොත්තුවක් තිබුණා. එතුමා පළමුව අසනීප වෙලා සුව වුණාට පස්සේ ‘රං කොල්ලා’ චිත්‍රපටය හැමෝම එක්ක නරඹන්න ඕනෑ කිව්වා. ඒ නිසාම අපි එතුමාගේ ඉල්ලීමට ‘රං කොල්ලා’ චිත්‍රපටය විශේෂ දර්ශනයක් පැවැත්වුවා. එතුමා ‘රං කොල්ලා’ චිත්‍රපටය නරඹා අප්‍රමාණ සතුටට පත්වුණා. ජයලත් මනෝරත්නයන් ජීවතුන් අතර සිටින කාලයේ චිත්‍රපටය තිරගත කරගැනීමට බැරිවීම සම්බන්ධව විශාල කනගාටුවක් තිබෙනවා.
රං කොල්ලා චිත්‍රපටය තිරගත වන කාලවකවානුව ගැන කතා කළොත්?
අපි සූදානම් වෙලා ඉන්නේ ඉතා ඉක්මනින් චිත්‍රපටය තිරගත කිරීමට. ඒ වගේම සිනමා ප්‍රේක්‍ෂකයා හොඳ නිර්මාණයක් නැරැඹීමට හැම විටම සූදානමින් ඉන්නේ. අපිත් සූදානම්. ප්‍රේක්‍ෂකයාත් සූදානම්. අප දෙගොල්ල අතර මැද තිබෙන යාන්ත්‍රණයේ ඇති අකාර්යක්‍ෂමතාවයයි, සිනමා මාෆියාවයි විශාල ප්‍රශ්නයක් වී තිබෙනවා. අධ්‍යක්‍ෂවරයකුගේ පළමු චිත්‍රපටයට ඉඩ දීමටවත් සදාචාර සම්පන්න විය යුතුයි. ඇත්තටම ශ්‍රී ලාංකීය සිනමා කර්මාන්තයේ තිබෙන ගැටලුව සම්බන්ධව ජනාධිපතිතුමාගේ අවධානය යොමු විය යුතුයි.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

කාල්ටන් නිවසේ අමා දම් සිසිල ගලයි (PHOTOS)

Next Post

බයිලාවලින් වැඩ පෙන්නපු බයිලා චැම්පියන්

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.