• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

සිනමාවේ වියපත් පෙම්වතා වෙන්න තවමත් මට පුළුවන්

July 25, 2020
in Heart
Reading Time: 2 mins read
A A
සිනමාවේ වියපත් පෙම්වතා වෙන්න තවමත් මට පුළුවන්
Share on WhatsAppShare on Facebook

රවීන්ද්‍ර රන්දෙණිය නම් වූ ප්‍රතිභාපූර්ණ සිනමාවේදියා ගැන අලුත් හැඳින්වීමක් කරන්නට වචන නාස්ති කිරීමට අවැසි නැත. එලෙසම.., රවීන්ද්‍ර රන්දෙණියගේ ප්‍රවීණත්වය ගැන සක්සුදක් සේ පැහැදිලි කිරීමට වදන් ගොනු කිරීමද ලෙහෙසි පහසු නැත. මන්දයත්.., මේ සොඳුරුතම රංගවේදියා ඒ තරමටම අද්විතීයය, අසාමාන්‍යයය. වයස යනු ඉලක්කමක් පමණකැයි යන වටිනා කියමනට හරි අපූරු නිදසුනක් දෙමින් රවීන්ද්‍ර රන්දෙණිය පසුගිය දිනෙක සිය 75 වැනි උපන් දිනය සැමරුවේය. ප්‍රේක්‍ෂක සිත්සතන් අමන්දානන්දයට පත්කරවමින් මෙතෙක් ඔහු පැමිණි මග ගැන රසමුසු කතා අසන්නට ඔහු හා මොහොතකට දොඩමලු වන්නට අප සෙවූ හෝරාවක අලංකාර නිමේෂයයි මේ පෙළගැ-සෙන්නේ.
ඉතින් ආයුබෝවන් ඔබට, කොහොමද සුවදුක්?
මම ඉතාම සතුටින් දවස ගෙවනවා. ගෙවී යන අද ගැන දුකක් හෝ උදාවන හෙට දවස ගැන ලොකු බලාපෙරොත්තු බොහෝ විට මා තුළ නැති නිසා බොහෝ දේ මා අත්විඳින්නේ ඉතාම සරලවයි.
වයස ගැන කතා කරන්න කැමැතිද?
ඇයි අකැමැති වෙන්නේ, වයසට යෑම කාටත් පොදු දෙයක්. දැන් මේ මොහොතේ මෙම කතාබහ තුළ පවා සිදුවන්නේ තත්පරයෙන් තත්පරය ඔබත් මමත් වයසට යෑමයි.
නළු නිළියන් බොහෝ විට වයස ගැන කතා කරන්නට අකැමැතියි?
මම රවීන්ද්‍ර රන්දෙණිය. වයසට යෑම මට සාමාන්‍ය දෙයක්. ඒ ගැන ඔබ අහන ඕනෑම ප්‍රශ්නයකට මම උත්තර දෙනවා.
පහුගිය ජුනි 15 වැනි දින ඔබ 75 වැනි විය සැමරුවා?
ඔව්… පිරුණ 75ක්, වයසට යෑම ගැන පවා මම සිතන්නේ ඉතාම ධනාත්මකවයි. සරලව කියනව නම් වියපත් පෙම්වතකුගේ චරිතය හොඳ අපූරුවට රඟපාන්නට මට තවමත් පුළුවන්.
රංගවේදියකු ලෙස ඔබ ඔබ ගැන ඉතාම තෘප්තිමත් බවයි පෙනෙන්නේ?
සත්තකින්. රවීන්ද්‍ර රන්දෙණිය යන රංගවේදියා ගැන මම ඉතාම තෘප්තිමත්. එම තෘප්තිමත් බව තුළ තිබෙන්නේ අසීමිත ආස්වාදයක් මිස ආඩම්බරයක් හෝ උද්ධච්චකමක් නෙවෙයි.
ඒ තෘප්තිමත් බව සඳහා පැමිණි ගමනෙහි හැරවුම් ලක්‍ෂ්‍යය වූයේ ‘දුහුළු මලක්’ද?
නැහැ. මගේ හැරවුම් ලක්‍ෂ්‍යය වූයේ සිනමාව නෙවෙයි. වේදිකාවයි. ‘දුහුළු මලක්’ හී හිතුවක්කාර පෙම්වතාව අමතක කිරීම අසාධාරණයි. මොකද එය අසම්මත ප්‍රේමයකට මැදිවන තරුණයකුගේ චරිතයක් වුණත් ඒ වටා හොඳ ප්‍රේක්‍ෂක සංඛ්‍යාවක් එක්රොක් වුණා. හැබැයි, මා තුළ දක්‍ෂ රංගවේදියකු සිටිනවාය කියන ඉඟිය මට ලැබුණේ ‘ධම්ම ජාගොඩගේ ‘වෙස් මුහුණු’ නම් වේදිකා නාට්‍යය හරහායි. ධම්ම ජාගොඩ කියන්නේ සියලු රස හඳුනන දක්‍ෂ නිර්මාණකරුවෙක්. වෙස් මුහුණුහී මට ලැබුණු ‘ආවේගශීලී මිනිසාගේ චරිතය එක්දහස් නවසිය හැටගණන්වල කළේ ධම්ම ජාගොඩමයි. ‘වෙස්මුහුණු’ නාට්‍යයේ අයිතිය වගේම අධ්‍යක්‍ෂණයද ඔහුගේමයි. ඒ වෙනුවෙන් ධම්ම හොඳම නළුවාට හිමි සම්මානයද ගත්තා. ඔන්න ඉතින් හිටිගමන් ධම්ම ජාගොඩ එම චරිතය මට බාර දෙනවා. ඇත්තෙන්ම එය හරිම අභාව්‍ය සිදුවීමක්. තමා ආදරය කළ තමා ගොඩනැඟූ තමා හොඳම නළුවාට හිමි සම්මානය ගත් ප්‍රධාන චරිතය ඔහු මට බාර දෙනවා.
ඔබ යම් මවිතයකට පත්වුණාද එතැනදී?
නැතුව, එම චරිතය මම එදා බාරදෙන කොට මම වයස විසි ගණනක ගැටවර තරුණයෙක්.
හැබැයි ඔබ සාර්ථකව ඊට අවතිර්ණ වුණා?
ඔව්, දවසක්දා එක් සවස් යාමයක වෙස් මුහුණ නාට්‍යයේ දර්ශන වාරයක් අවසානයේදී ධම්ම ජාගොඩ මා ළඟට ඇවිදින් ඉතාම හිතෛෂී ආකාරයට මට කිවුවා. ‘මටවත් ගන්න බැරි වුණු සීන් එකකට ඔයා ඒ චරිතය කළා රවී… මට හරි සතුටුයි. කියලා ඇත්තෙන්ම ධම්ම වෙතින් මා ළද ඒ අනගි ප්‍රශංසාව ලබන තැනට ඔබව ඔසවා තැබුවේද ඔහුමයි. ඔහු මාව මෙහෙයවපු ආකාරය හරි තියුණුයි. ඒ තියුණු බව හරහා මා ලද පන්නරය තමයි උසස් ගණයේ සිනමා නිර්මාණයක් සඳහා මට අවැසි පසුබිම සකසා දුන්නෙ. අන්න ඒ නිසයි වේදිකාව මත ඉදිවූ ‘වෙස්මුහුණු’ නාට්‍යය මගේ ‘හැරවුම් ලක්‍ෂ්‍යය’ බව මා කීවේ.
සිනමාවට අවතීර්ණ වීමත් සමඟම ඔබ වේදිකාව අමතක කළා නේද?
සත්තකින්ම ඔව්. කියන්නට කනගාටුයි. මට වේදිකාව අමතකව ගියා. හරියටම කියනවා නම් මම වේදිකාව අමතක කළා නෙවෙයි. සිනමාව විසින් මාව මටත් නොදැනෙන්න වේදිකාව තුළින් ඩැහැගත්ත එකයි එතැන සිදුවුණේ.
විවිධ වූ නිරූපණයන් අතර කතා කරන්නට වඩා කැමැති භූමිකාව කුමක්දැයි ඇසුවහොත් ඔබ නම් කරන්නේ ‘දඩයම’ චිත්‍රපටයද?
තව බොහෝ චරිතයන් නම් කළ හැකියි. නමුත් දඩයම ඒ අතර සුවිශේෂීයි. ඒ සඳහා කළ කැපකිරීම් වාගේම එයින් මා සතු සිනමා ජීවිතය ලද ප්‍රතිලාභ අපමණයි. ඒ වගේම ‘දඩයම’ ගැන කතා කිරීම එක් ප්‍රශ්නයක් සඳහා දෙන පිළිතුරකින් පමණක් නිමා කිරීම අපහසුයි. ‘සිරි මැඳුර’ ගැනද මෙතැනදී සිහිකළ යුතුමයි. එක් වචනයක් හෝ කතා නොකර රඟපාමින් එහි සාර්ථකත්වය සඳහා මානසිකව මා දැක්වූ වැය සහ වෙහෙස මහන්සිය ගැන අදටත් සතුටින් මතක් කරන්නට පුළුවන්.
වැඩිහරියක් චිත්‍රපටවල ඔබේ සහාය නිළිය සඳහා මාලිනී ෆොන්සේකාව තෝරා ගැනීමේ විශේෂත්වය කුමක්ද?
එය කිසිවිටෙක මා විසින් කළ තේරීමක් නෙවෙයි. අධ්‍යක්‍ෂවරුන් තමයි මා වෙනුවෙන් නිතරම වාගේ මාලිනීව තෝරා එතැනට දැමුවේ. ඒ කාලෙත් බොහෝ දෙනකු තුළ ඔය ප්‍රශ්නය තිබුණා. සමහර හිතවතුන් මගේ මූණට පවා ඇහුවා. කොහොමද ඒ තරම් අපූරුවට මාලිනී එක්ක පෙම් චරිත රඟපාන්නේ කියලා. ඔවුන්ගේ ඇස්වල සහ සිත්වල වූයේ ඕපාදූපයක රස සෙවීමේ වුවමනාවයි. නමුත් මම සහ මාලනී අතර තිබුණේ දැඩි සහෝදර බැම්මක්. එය ආරම්භ වූයේ මාලිනී, විජයගේ දයාබර පෙම්වතියව සිටි සමයේ ඉඳලමයි. අදටත් ඒ බැඳීම එහෙමමයි. අනෙක මාලිනී සමඟ රඟපෑම හරිම පහසුයි. තම නිළි වෘත්තිය තුළ ඉතාම සාර්ථකව ඈ ගොඩනඟා ගන්නා ප්‍රතිරූපය හමුවේ මටද මගේ චරිතයන් හරි කදිමට ගොඩනඟා ගත්තා. ඒ වාගේමයි, විටින් විට විවිධ නිරූපණයන් සඳහා මට සහාය දුන් නිළියන් අතර, ස්වර්ණා මල්ලවආරච්චි, අනෝජා, ගීතා, නීටා සහ වසන්ති චතුරානි ගැනද සිහි නොකළහොත් එය විශාල අඩුපාඩුවක්.
‘දෑසට කඳුළු උනන අවස්ථා’ නිරූපණය කිරීමේදී වෙනත් රංගවේදීන්ට මෙන් ඔබට ‘ග්ලිසරින්’ ඕන වුණේ නැතිය කියන්නෙ ඇත්තද?
ඔව්, ග්ලිසරින් භාවිතය සඳහා මම හුරුවූ අවස්ථා ඉතා අවමයි. බොහෝ තැන්වල මගේ දෑස තෙත් වූයේ මාද නොදැනුවත්වූ නිරායාසයන් තුළයි.
නිළියන් සමඟ මල්ගස් වටේ දුවන චරිත තුළද ඔබ ඒ කාලේ ජීවත් වුණා?
කවුද නැහැ කිවුවේ. මම මල් ගස් වටේ දිවුවා තමයි. හැබැයි එය කෙටිකාලීනයි. එයට හේතු වුණේ කෙල්ලගේ අතින් අල්ලගෙන ගිහින් රවුමක් කැරැකිලා ආයේම හැරිලා ඇවිදින් ඈ අතට මලක් දීලා මුහුණ සිපගන්නා දර්ශන තුළ මම එතරම් සාර්ථක වුණේ නැහැ.
නමුත් ඔබ ‘ආරාධනා’ සහ ‘දුහුළු මලක්’ තුළ කදිම පෙම්වතෙක් වුණා?
මේ මොනවා කියනවද? අදටත් කී දෙනෙක් නම් ඒ සොඳුරු රංගනයන් සිහිකරනවද. ‘සීත අරණේ’ සහ ‘බොඳ මීදුම්’ ගීත පවා තවම කොයිතරම් නම් ජනප්‍රියද? මම, නීටා සහ මාලිනී සමඟ ඒ රංගනයන් කළේ ‘විජය ධර්ම ශ්‍රී’ මහත්තයා ‘මෙහෙම කරන්න,’ කියන අණ කළ නිසා නෙවෙයි. ඒ ගීත දෙකෙහිම රංගනයන් සිදුවූයේ ඉතාම සුන්දර නිරායාසයක් තුළයි.
ජනප්‍රිය නළු සම්මානයට ඔබේ නම නිර්දේශ වූ අවස්ථා ඉතාම අවමයි?
අවමය කියන වචනයවත් එතැනට සුදුසු නැහැ. මොකද මම කවදාවකවත් පත්තර මිටි ගණන් ගෙනැවිත් කණ්ඩායමක් හදලා මගේම නමට කූපන් ලිව්වේ නැහැ. ඉතින් කොහො-මෙයි, ජනප්‍රිය නළු සම්මානයට නිර්දේශ වනනේ. ඔබේ වෙලාවෙන් මට වැඩිපුර විනාඩි ගණනක් ඉල්ලනවා. මේ කතාව කියන්න. එය රසවත් සිදුවීමක්. කූපන් ක්‍රමය යම් උණක් ආකාරයට ප්‍රසිද්ධව තිබූ සමයෙහි අපේ ශිල්පිනියක් තමාගේම කණ්ඩායමක් සමඟ පත්තර පන්දාහකට විතර කූපන් ලියන මොහොතක මමද එතැනට ගියා. ගියා කියන්නේ මම ඇයට මුණගැහෙන්නට ගිය අවස්ථාවක තමයි වැඬේ මාට්ටු වුණේ. යජරාමෙට කට්ටිය ඇගේ නමට කූපන් ලියනවා. නිළි කූපනය එක්ක නළු කූපනයකුත් ඒ පත්තරේ තියෙනවනේ. අනේ ඉතින් අර කී නිළිය මට කිවුවා, ‘රවී නළු කූපන් පන්දාහ කපලා ඔයාගේ නමින් ලියමු’ යැයි කියලා. සත්තකින්ම ඉතාම මිත්‍රශීලී බවකින් ඈ එය කිවුවත්, එකහෙළාම මම ඊට විරුද්ධ වුණා. එහෙව් සම්මානයක් මට මොකටද? අනෙක මම ආවේ චරිතාංග නළුවකු වීමට මිස ජනප්‍රිය තරුවක් වීමට නොවෙයි. දක්‍ෂතාවය අගය කරන, හොඳම නළු සම්මානය සඳහා මගේ නම නිර්දේශ වීම සහ යම් අවස්ථාවල එය ලැබීම පමණක් මට සෑහෙනවා.
යම් තනතුරු කෙරෙහිද ඔබ දැක්වූ කැමැත්ත අල්පයි?
අනිවාර්යයෙන්ම, තනතුරු සහ දරන්න බැරි තාන්න මාන්න මට මහ බරක්.
මෑතකදී ජනාධිපතිතුමා දුන් ආණ්ඩුකාර පදවිය ප්‍රතික්‍ෂේප කළේ ඒ නිසාද?
ඇත්තෙන්ම ඔව්. එය මට වඩා වෙනත් සුදුස්සෙකුට දෙන්නැයි මම එතුමාට ඉතා කාරුණිකව කියා සිටියා.
විශ්වවිiාල සනාතන සභාව විසින් පිරිනැමූ ආචාර්ය උපාධියද ඔබ ප්‍රතික්‍ෂේප කරන්නට තැනුවලු?
ඒ හැම මොහොතකම මට හිතුණේ, මට වඩා සුදුස්සෙකුට එය හිමිවිය යුතු බවයි. නමුත් එතැනදී විශ්වවිiාල උපකුලපතිතුමා මාව වරදවා වටහා ගත්තා. ඔහු මා හමුවේ කියා සිටියා, මේ ආචාර්ය උපාධිය පිරිනමන්නේ ඔබ සිනමාවට කළ සේවය උදෙසායි. එයට ඔබ සුදුසුයි. නමුත් එය පිළිගැනීම මදිකමක් කියා ඔබට සිතෙන්නේ නම් එය සඳහා අප වෙනත් කලාකරුවකු නම් කරන්නම් කියලා. ඒ කියමන මට කනට ගැහුවා වගේ වුණා. ඉතින් ඔවුනට අගෞරව කිරීම ආචාරශීලී නොවන නිසා එම ආචාර්ය උපාධිය මම සතුටින් බාර ගත්තා.
කලාකරුවකු ලෙස මතු බලාපොරොත්තු සහ ඉලක්ක තවමත් ඔබ තුළ තිබෙනවද?
කලාකරුවකු ලෙස මේ දිගු ගමන පැමිණියේ ඉලක්ක සහ බලාපොරොත්තු මැද නෙවෙයි. නමුත් මට ලැබුණු මෙහෙවර තුළ හැකි උපරිමය කරනවාය කියන ‘අරමුණ’ හැම මොහොතකම මා අතර නැඟී සිටියා. ‘රවීන්ද්‍ර රන්දෙණිය’ කියන රංගනවේදියා’ සාර්ථක යැයි කවුරු හරි සිතනවා නම් ඒ සාර්ථකත්වයේ පසුබිම එයයි. එලෙස ලංකාවේ කලාකරුවකුට ලබන්නට හැකි සියලුම සම්මානයන්ගෙන් මම පිදුම් ලබා තිබෙනවා. චිත්‍රපට සඳහා පරාක්‍රම නිරිඇල්ල වැනි ප්‍රවීණයන්ගෙන් මට තවමත් ආරාධනා ලැබෙනවා. තිරගත වීමට නියමිත මා රඟපෑ ‘ගාඩි’ වැනි උසස් නිර්මාණයන් දොරට වඩින තුරු මම බලා සිටිනවා. ඉතින් තවත් මොන ඉලක්කද මට. නොලැබුණු කිසිවක් ඇතැයි පැහැදිලි නිනව්වක් නැති තරමට මම කලාකරුවකු ලෙස අර ඉහතක කිව්වා වාගේම ඉතාම තෘප්තිමත්.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

සිරුරේ රෝමකූප කියන රහස් කතා

Next Post

ලංකාව ඉල්ලූ සහනය ඉන්දියාවෙන් දෙයි: ඩොලර් මිලියන 400කට ගිවිසුම් අස්සන් කරයි

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News
Heart

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News
Heart

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News
Heart

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.