• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

සික් ගහලා FIT වුණු සුපිරි තරු

June 20, 2020
in Heart
Reading Time: 1 min read
A A
සික් ගහලා FIT වුණු සුපිරි තරු
Share on WhatsAppShare on Facebook

ප්‍රවීණ උතුරු ඉන්දීය චිත්‍රපට නළුවකු වන ‘සුෂාන්ත් සිං රාජ්ටුට්’ සමඟ ඔහුගේ කළමනාකාරිනිය වූ චිෂා සලීයන් සති එකහමාරක් අතරතුර දින දෙකකදී සියදිවි නසාගැනීමකට ලක්වූයේ ප්‍රේක්ෂකයන් මවිතයට පත්කරවමිනි.
දිවි නසාගැනීමට මුල්වූ හේතුව ලෙස අනුමාන වූයේ ඔවුන් ඩිප්‍රෙෂන් තත්ත්වයකට බඳුන්ව සිටීමය. සුපිරි ජීවිත ගෙවන මිනිසුන් ආතතියෙන් පෙළෙන්නේ ඇයි?
සමාජ ජාලා වෙබ් අඩවියක එවැනි සිරස්තලයක් පළවූයේ ඊට ආසන්න දිනකය.
නැවතිල්ලේ සිතා බලන විට ඒ කාරණයෙහි ඇත්තක් නැත්තේම නැත. බොහෝ විට ආතතිය ඇති වන්නේ නැති බැරි හෝ යමක් කරකියා ගන්නට බැරි අසරණ මිනිසුන්ට යන හැඟීමක් සමාජය තුළ පැලපදියම්ව ඇත. ඇතැම් විට එය බොරුවක්ද නොවේය.
එහෙත්, සුපිරි මිනිසුන්ද ආතතියට මැදිවන හේතු තිබෙන බවත්, සුපිරි ජීවිත මත දවස ගෙවීම ආතතිය පිටුදැකීමට හේතුවක් නොවන බවත් යම් පිරිසක් විසින් පසුගිය සතියක එළිදරව් කොට තිබිණි. ඒ එළිදරව්වට හවුල්ව සිටියේ ඉන්දියානු සුපිරි තරු කාණ්ඩයකි.
කිං ඛාන් ලෙස කිරුළ දරා සිටින ෂාරුක් ඛාන්ද ඒ අතර ප්‍රමුඛයෙකි.
ෂාරුක් පවසා තිබුණේ 2010 අවුරුද්දෙ උරහිසෙහි ඇතිවූ තද ආබාධයක් සහ එයට කළ සැත්කමක් නිසා තමා ඉතා දරුණු මානසික පීඩනයකට බඳුන්ව සිටි බවය. ආතතියට තරාතිරම් හෝ උස් පහත් බේද නැති බව කවුරුත් සිතට ගතයුතුය. යනුවෙන් ඔහු සිය කෙටි පණිවුඩය අවසන් කොට තිබිණි.
ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ කරන් ජොහාර් කියා සිටියේ තමා ආතතිය සමඟ යම් කාල වකවානුවක හොඳින් මිතුරුව සිටි බවකි.
දැඩි තනිකමකින් පීඩා විඳිමින් සිටින අවදියක මම සාංකාවකට මැදිවූයේ නොදැනුවත්වමයි. දුරකතන ඇමැතුමකට පවා මම පිළිතුරු දුන්නේ නැහැ. ‘කොෆි විත් කරන්’ වැඩසටහන පවා මා වෙතින් මඟහැරුණා. දැඩි ආතතියක සිටීමට එයින් ගොඩ ආවේද මගේම උත්සාහයෙන් එම උත්සාහය ඇතිවුණේ ‘කොෆි විත් කරන්’ වැඩසටහනට අසාධාරණයක් කරන එක හොඳ මදි නිසයි.
කිසිවකු කියන්නා සේම ආතතියට සමාජ මට්ටමක් නැහැ.
දීපිකා පදුකෝන් තමා ආතතියෙන් පෙළුණු ඉතා දුක්ඛිත සමයක් ගැන කතා කළේ පද්මාවතී චිත්‍රපටය මුල්කොට ගෙනය. පද්මාවතීට ගල් මුගුරු එල්ල වන විට මම දැඩි වේදනාව සහ මානසිකව අවපීඩනය මත ‘ආතතියට’ ගොදුරු වුණා.
නිතර සුහදව අන්‍යයන් සමඟ හැසිරෙන මුඛරි මම ගොළුවකු සේ කාමරයක තනිවී අඳුර සමඟ කාලය ගෙව්වා ඇත්තටම මට හිතුණා.
‘ආතතිය මේ තරමට මිනිස් සිත් අසරණ කරන්නේ ඇයිදැයි’ කියලා.
හැබැයි මම මගේ මානසිකත්වය සමඟ සටන් කොට මා වෙනුවෙන්ම පෙනී සිට ආතතියට හොඳ අලුත් පහරක් දුන්නා.
විරාත් කෝලිගේ දඟකාර පෙම්වතිය ලෙස සිටි අවදියේ අනුෂාකා ෂර්මාද ආතතියට මැදිව සිටියාය. අනුෂාකා කීයේ විරාත් සහ තමා අතර ඇතිවූ යම් මතබේදයක් හේතුකොටගෙන තමා එයට මුහුණදුන් බවයි.
සැබැවින්ම ආතතිය කියන්නේ ඉතාම කුරිරු වද බන්ධනයකට මැදිව අප්‍රසන්න සිර ගෙදරක ගෙවන දවස් කිහිපයක අවාසනාවන්ත අත්දැකීමක් වැනි හැඟීමක්. වනේ වන හතුරෙකුටවත් ආතතිය ඇති නොවේවා යන්න මම ප්‍රාර්ථනා කරනවා.
කඩවසම් කොලු ගැටයකු ලෙස උතුරු ඉන්දියානු සිනමාව කලඹාලූ වරුන් ඩාවන්ද ආතතියට මැදිව සිටි අයකු බව ඔබ විශ්වාස කරන්නේ නැතිව ඇති.
නමුත් කෙළිදෙලෙන් ජීවිතය ගෙවන වරුන්ද ආතතියෙන් දැඩිව පීඩා විඳි තරුණයෙකි. හේතුවක් නොපැවසුවද වරුන් කීයේ ආතතිය බුර බුරා නඟින ගින්නක් තරමට මිනිසුන් දවා අළු කරන බවයි. ආතතියට මැදිව මම ලෝකයා හමුවේ එය නොපෙන්වා සිටීමට දැඩි වෙහෙසක් ගත්තා. මට ඕනෑ වූයේ ආතතිය මරාදමා මා තුළම නැඟී සිටින්නටයි.
සත්තකින් එය හරිම අසරණ බිඳවැටීමක්. නමුත් මා ජයගත්තා. ආතතියෙන් ගොඩ ඒමට කවුරු අපට අත හිත දුන්නත් අප තුළම එම ගැම්ම ඇති නොවේ නම් අප පරාද වෙනවා. ඒ ගැම්ම තුළ මා සිටියා. මම ආතතිය ජයගත්තා. වරුන් සිය සුපුරුදු සිරියාව මුහුණ පුරා පතුරවමින් කීවේ හදවතින්මය.
බොලිවුඞ් නිළි ආලියා භාට්ගේ සොහොයුරිය වූයේ ෂනීන් භාට් තමා මැදිව සිටි මානසික අවපීඩනය ගැන මෙවැනි සටහනක් සිය ඉන්ටග්‍රෑම් ගිණුමෙහි සඳහන් කළාය.
ආතතියට කිසිවිටෙක ළං නොවන්න. එය ඕනෑම සුන්දර පුද්ගලයකුගේ ජීවිත රටාව අපායකට ඇදදමන්නේය. තත්පරයෙන් තත්පරයට අපව අපේම සමීපතමයන්ගෙන් ඈත් කරලීමට දැඩිව වෙර දරයි.
ආතතිය පලා දමා ලොව හමුවේ සාමාන්‍ය අයකු ලෙස පෙර සිටීමට මට සහාය වූයේ මගේම පවුලේ ආදරණීයන්ය. ආතතිය නිසා නව යොවුන් වියේ මා ලද කම්පනයත්, මා නිසා මගේම පවුලෙ අය ලද කම්පනයත් සුළුපටු නොවේය. ඉන් ජය ගැනීමට මා තුළද යම් නැඟී සිටීමක් ඇති විය. නිවසේ මා වටා සිටි අය පොහොර දැමුවේ ඒ ගැම්මටය.
රවීනා තන්ඩන් සමාන රූ සපුවකින් හෙබි බොලිවුඞ් සහ කොලිවුඞ් නිළි තාරකාවියක වූ ඉලේනා ඩී කෲස්ද ආතතිය මුල්කර ගෙන නිර්මාණය වූ සුපිරි තරු කතාබහට එක්විය. ආතතියට කිසිදුම අනුකම්පාවක් නැහැ. එනිසයි ආතතිය විසින් අපට බිත්තර කටුවක් වැනි තැනක සිරකොට තබන්නේ.
බිත්තර කටුව තුළ දෑත වකුටු කොට ගුළිව සිටීම ලෝකයාගෙන් සැඟව සිටීම හරිම සුවදායක යැයි ආතතිය යන සිරගතවීමේදී ඕනෑම අයකුට දැනෙනවා.
මටද එය දැනුණා. මමත් කළුවරට වී ඔහේ පාඩුවේ හිටියා. මෙයින් නැඟිට ආලෝකය වෙත දිවයෑමේ ආශාව ඇති වුවද ඇතැම් විට ආතතිය නම් රකුසා එය වළකාලනවා. සැබැවින්ම එය හරි දුක හිතෙන අරගලයක්.
ඒ අරගලය ජය ගැනීමට අප වටපිටාවේ සිටන කවුරුන් හෝ උත්සාහ දරන්නේද අපද ඒ සහායට උදව් කළ යුතුයි. නැතිනම් ආතතිය සිය ජයග්‍රහණය තහවුරු කර ගන්නවා. එහි අවසානය දිවිනසා ගැනීමයි.
ආතතියට වැරෙන් පා පහරක් එල්ල කරන්න. නැවත ඔබ වෙත පියමැන ඒමට එයට සහාය නොදෙන්න. ආතතිය ජයගත් කෙල්ලක් ලෙස මම ඔබට කියනවා ආතතිය කෙදිනක හෝ ඔබේ දොරටද තට්ටු කරාවි. හඳුනාගත්තොත් ඒ අමිහිරි රකුසාව දොරෙහි අගුල් කිසි විටෙක ලිහිල් නොකරන්න.
ඉලේනා ඩී කෲස් අවසානයෙහි එලෙස කීවාය.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

මහබැංකු හොරු ගැන රවී හෙළිකරයි (VIDEO)

Next Post

අයියලා මල්ලිලා පවුල‌ෙ අය එක්ක ගෝඨා උපන්දිනය සැමරූ හැටි (PHOTOS)

MORE NEWS

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News
Heart

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News
Heart

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News
Heart

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News
Heart

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News
Heart

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News
Heart

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

Load More
රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News
Exclusive

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුව හිතනවා නම් ගොවියාගේ ප්‍රශ්නයට වඩා, ධීවරයාගේ ප්‍රශ්නයට වඩා, උපාධිධාරියාගේ ප්‍රශ්නයට වඩා, පාසල් ශිෂ්‍යයාගේ ප්‍රශ්නයට වඩා, රැකියා විරහිත තරුණයාගේ ප්‍රශ්නයට...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

බයික් එක පාර අයිනෙ නතර කරපු කොල්ලට නිකරුණේ සද්දෙ දාපු වතුපිටිවල SI මතකද? කොල්ලත් අතෑරියේ නෑ! වීඩියෝ එක එළියට දැම්මට පස්සේ අන්න වැඩ තහනම් වෙලා! චෝදනාව රාජකාරියට නුසුදුසු වන ආකාරයට හැසිරෙමින් මහජනතාවට තර්ජනාත්මක ප්‍රකාශ සිදුකිරීම! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.