• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

සහේලි ගැන එමාෂා හිතන විදිහ

November 25, 2019
in Heart
Reading Time: 1 min read
A A
සහේලි ගැන එමාෂා හිතන විදිහ
Share on WhatsAppShare on Facebook

ජනප්‍රියත්වය හැමදාම රඳවා තියාගන්න අපහසු දෙයක්. එහෙත් කිසිම අඩුවක් නැතිව අදටත් එකම චරිතයකින් ජනප්‍රියත්වය රැකගෙන සිටින දෙවැනි ඉනිමේ සහේලිට ඔබ තවමත් ආදරය කරන නිසාවෙන් අපි ඒ හුරුබුහුටි සිත් ගත් සොඳුරු හිතැත්තිය සමඟ කතාබහට එකතු වුණා.
සහේලි චරිතය හරහා ජනප්‍රිය වුණ එමාෂාගේ ජීවිතයේ සැඟවුණ ආදර කතාවකුත් ඇති නේද?
මගේ ජීවිතයේ එහෙම සැඟවුණ ආදර කතා නැහැ. මම මගේ අම්මාව ආශ්‍රය කරන්නේ මගේ හොඳ මිතුරියක් විදියට වෙලාවකට. මගේ අම්මාට මම නොකියන දෙයක් නැහැ. අනික මම ආශ්‍රය කරන හැමෝටම මගේ ජීවිතයට ළංවෙන්න බැහැ. දුර ප්‍රමාණයක් තියාගෙන තමයි මම ආශ්‍රය කරන්නේ.
ජනප්‍රියම ටෙලිනාට්‍යයක චරිත මවන ඔබට තවත් ටෙලි නාට්‍යවලට වෙන් කිරීමට කාලයක් නැතුව ඇති?
ටෙලිනාට්‍ය, චිත්‍රපටවලින් මට ආරාධනා එනවා. නමුත් සහේලි චරිතයට හානියක් නොවන විදියට තමයි මම චරිත භාරගන්නේ. මගේ පළමු නිර්මාණයට මම මුලින්ම මුල්තැන දිය යුතුයි. නිර්මාණයට හානියක් නොවන විදියට ඉදිරියේදී චරිත තෝරාගැනීමේදී විශේෂත්වයක් දක්වන්න සිදුවෙනවා.
මේ දවස්වල එමාෂා වැඩ ගොඩකට හිරවෙලා කියලා ආරංචියි?
ඇත්තටම ඔව්. මගේ අධ්‍යාපන කටයුතු නිසා මම එක පැත්තකින් හිරවෙලා. තවත් පැත්තකින් මම ආයතන තුනක රැකියාවක් කරනවා සන්නාම තානාපතිවරියක් විදියට. එයට අමතරව ‘දෙවෙනි ඉනිම’ ටෙලි නාට්‍යයේ රූපගත කිරීම්වලට සම්බන්ධ වෙලා කටයුතු කරනවා. වැඩ කරන්න අපහසු වුණත් මම මේ වැඩ ටික ගොඩාක් ආශාවෙන් කරන්නේ. පවුලේ අයගෙනුත් ලොකු සහායක් මට ලැබෙනවා. සැලැසුම්සහගතව ක්‍රමානුකූලව කළාම කිසි ප්‍රශ්නයක් නැතුව වැඩ කරගෙන යන්න පුළුවන්.
සහේලි චරිතය හා සමානද එමාෂාගේ චරිතයත්. ඔබට මේ චරිත දෙක ගැන යම් පැහැදීමක් කළ හැකිද?
සහේලි කියන්නේ ඈත පිටිසර ගමක හැදී වැඩුණු චරිතයක්. සහේලි උසස් අධ්‍යාපනයට තමයි නාගරික පරිසරයකට පිවිසෙන්නේ. හැබැයි එමාෂා එයට වඩා හාත්පසින්ම වෙනස්. මගේ ගම් පළාත බදුල්ල. නමුත් මම ඉන්නේ කොළඹ. මට සහේලි කරපු දේවල් කරන්න බැරිවුණා. මම ගේ ඇතුළේ මව්පියන්ගේ ආදරයත් එක්ක හැදී වැඩුණු කෙනෙක්. මට සමාජය එක්කවත් ගැටෙන්න කාලයක් නැතිවුණා. මම සහේලිගේ ජීවන රටාවට පෞද්ගලිකවම බෙහෙවින් ආදරය කරනවා.
කොහොමද ඔබ රංගනයට ආවේ?
ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයට පිවිසීමට කිසිම ආශාවක්, බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. එහෙත් නොහිතපු වෙලාවක නොහිතපු අවස්ථාවක මටත් සහේලි චරිතය හරහා නිළි වරම් ලැබුණා. ප්‍රභාත් චතුරංග අයියා තමයි මගේ පින්තූර ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ සාරංග මෙන්ඩිස්ට පෙන්වලා තිබුණේ. ඒ හරහා තමයි මම දෙවැනි ඉනිමට සම්බන්ධ වුණේ. එදා මගේ පින්තූර චතුරංග අයියා නොපෙන්නුවා නම් අද මම දෙවැනි ඉනිමේ නැති වෙන්න පුළුවන්.
මේ ක්ෂේත්‍රයට පිවිසිලා ඉන්න ගොඩදෙනෙක් ගැන අසන්න ලැබෙන්නේ විවිධ කටකතා. මෙවැනි කටකතාවලට ඔබටත් මුහුණපාන්න සිදුවී තිබෙනවද?
එහෙම ප්‍රශ්නයකට නම් මට මුහුණපාන්න සිදුවෙලා නැහැ. හැබැයි කවුරු මොනවා කිව්වත් අපට ඒ කටවල් වහන්න බැහැ. එහෙම කටකතා හදන කෙනාගේ බුද්ධි මට්ටම කොයි වගේද කියලා අපිට ඒ කාල වකවානුව තුළ හිතාගන්න පුළුවන්. ලංකාවේ මේ ක්ෂේත්‍රය ලස්සන විදියකට දකිනකොට තවත් පිරිසක් වෙන කෝණයකින් බලනවා. ඒ හැම දේම තේරුම්ගෙන ක්ෂේත්‍රයේ ඉදිරියට යෑම තමා වැදගත්.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

දෙමළ නාමපුවරු කඩයි: අගමැති වහා මැදිහත් ‌වෙයි

Next Post

එක බිරියයි පිරිමි ගොඩයි

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

බලය ලැබුණේ පැලවත්තට බවත් පැලවත්තෙන් ආණ්ඩුව ගෙන යාමේ සැලසුම් සකස් කරන බවත් සභානායක බිමල් රත්නායක මහතා පැවසීය. Sri Lanka Latest...

Read more

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

අද පාන්දරම ගන්දර වෙඩි පත්තු වෙයි! බංකු.. බංකු..! දිව්‍යලෝකෙන් ආපු එකක්ද? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.