කිසියම් පිරිසක් විසින් පානදුර සහ කෙරවලපිටිය ප්‍රදේශවල මාර්ග නාමපුවරුවල දමිළ භාෂාවෙන් කර තිබූ හැදින්වීම ඉවත් කිරීමට පියවර ගෙන ඇත.
මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වීමත් සමග මැදිහත් වී ඇති අගමැති මහින්ද රාජපක්ෂ මහතා වහාම එම නාමපුවරු යළි සකස් කරන ලෙස දැනුම් දී තිබේ.
එමෙන්ම මෙම ක්‍රියාව සිදුකළ පුද්ගලයන් වහාම නීතිය හමුවට පමුණුවන ලෙසද අගමැතිවරයා පොලිසියට උපදෙස් දී ඇත. (ජායාරූපය උපුටා ගත්තකි)










