මවුපියන්ගේ ආශීර්වාදය ලැබුණොත් ජීවිතයේ හැම බාධකයක්ම ජයගන්න පුළුවන්. ඉතින් එහෙම අම්මාගේ සිහිනය සැබෑ කරන්න ආපු කොලු ගැටයෙක් අද ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයට නැතුවම බැරි තරුවක් බවට පත්වෙලා. ඔහු සංගීත් ප්‍රභූ. ඉතින් සංගීත්ගේ සිහිනය මල්පල ගැන්වුණු හැටි ඔහු අපට පැවැසුවේ මේ විදියට.
සංගීත් ඇත්තටම මේ තරම් ජනප්‍රිය වුණේ කොහොමද?
ඒක නම් මටත් හීනයක්. හැබැයි මම මේ ගමන ආවේ ගොඩක් දුක් විඳලා. අධිෂ්ඨානය, කැපවීමත් එක්ක මම හැමදාම සිහින මැව්වා මගේ අම්මාගේ සිහිනය සැබෑ කරන්න. එහෙම හිතලා තමයි මම දුරුතු රංග පාසලට ආවේ නළුවෙක් වෙන්න හිතාගෙන. ඒ ලබපු අත්දැකීම් එක්ක මම පළමුවෙන්ම රඟපෑවේ ‘කුටු කුටු මාමා’ ටෙලිනාට්‍යයේ විදුගේ චරිතය.
සංගීත් හිතුවද එදා රජරට පුරවරයෙන් සමුගනිද්දී මේ තරම් දුර ගමනක් එන්න ලැබෙයි කියලා?
කවදාවත් නැහැ. හැබැයි මගේ අම්මාගේ ආශීර්වාදය ආභරණයක් වුණා. මම හිතුව මේ ගමන මට යන්න පුළුවන් කියලා. මට කොළඹ කවුරුත් හිටියෙ නැහැ මේ ගමන ආරම්භයේදී. හැබැයි දැන් මට බොහෝ පිරිසක් ඉන්නවා. මම ඒ ගැන සතුටුයි.
ජනප්‍රිය නළුවන් අතර ඉන්න සංගීත්ටත් දැන් ආදර ඇරයුම් නම් අඩුවක් නැතිව ඇති?
ආදරය කියන දේට මමත් ආදරය කරනවා. මම පාසල් කාලෙත් ආදරය කළා. මෑත කාලයක් වෙනකනුත් ආදරය කළා. ජීවත් වීමට ආදරය අවශ්‍යයි. ඒ ආදරය වැඩි නිසා තමයි මට ප්‍රේක්ෂක පිරිස වුණත් ආදරය කරන්නේ. ජීවිතයට මිනිසුන් එනවා යනවා. එය වෙනස් කරන්න බැහැ. තාම නම් මම තනිකඩ කොල්ලෙක්.
මම හිතන්නේ පෙම්වතාගෙ චරිතය රඟපාන්න සංගීත්ගේ උස ගොඩක් බලපාන්න ඇති?
මම උස නැති එක තමයි ප්‍රශ්නය. මම පෙම්වතාගේ චරිතයක රඟපෑවා ‘සල් සපුනා’ ටෙලිනාට්‍යයේ. හැබැයි දැන් ක්ෂේත්‍රයට එන රංගන ශිල්පිනියන් උස නැහැ. ඉතින් මට පෙම්වතාගෙ චරිතය රඟපාන්න බාධාවක් නැහැ. තිරයෙන් මගේ උස පෙනුණාට මම කොටයි. ඉතින් මොනව කරන්නද? මම මේ ලබා උපන් හැටි.
ජනප්‍රිය කිරුළ ගන්න මේ දවස්වල සංගීත් බරටම වැඩ වගේ?
අනේ එහෙම සම්මානයක් ගන්න මම වැඩ කරන්නේ නැහැ. මම සතුටු වෙනවා මේ කෙටි කාලයට විවිධ චරිත රඟපෑමට ලැබීම ගැන. මගේ දක්ෂතාව අනුව යම් වටිනාකමක් තිබුණොත් එය මට ලැබෙයි. මම එය සතුටින් භාරගන්නවා.
සංගීත් වෘත්තීය රංගන ශිල්පියෙක් විදියට වැඩකරන ඔබ හෙට දවස ගැන හිතන්නේ මොන විදියටද?
මෙහෙමයි, මේ ක්ෂේත්‍රයෙන් මට හෙට යන්න වෙන්න වෙයිද දන්නෙ නෑ. මම සතුටින් හැම දේටම මුහුණ දෙනවා. මම මේ ක්ෂේත්‍රයට ආදරය කරනවා. මම මේ ක්ෂේත්‍රයෙන් හම්බ කළා. මගේ වාහනය පවා මම ගත්තේ මම රඟපාපු සල්ලි ඉතිරි කරලා. දැනට පොඩි ව්‍යාපාරයක් කරගෙන යනවා. ඉතින් මගේ එකම සතුට එන හැම දේටම සතුටින් මුහුණ දෙන එක.