• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මම සැලුණේ නැහැ – වැටුණෙත් නැහැ; තවත් ඉදිරියට යනවා

March 28, 2021
in Heart
Reading Time: 2 mins read
A A
මම සැලුණේ නැහැ – වැටුණෙත් නැහැ; තවත් ඉදිරියට යනවා
Share on WhatsAppShare on Facebook

⬤ තුන්වැනි පාරටත් ජාතික සම්මානය මට ලැබුණා…

⬤ ඉංග්‍රීසි දන්නෙ නෑ කියලා මාව සමච්චල් කළා…

උතුරු ඉන්දියානු තරු අතර සුවිශේෂී පුවත් මවන්නිය, ‘කන්ගනා රනවුත්’ය.
මෙතෙක් කන්ගනා විසින් මැවූ බොහෝමයක් පුවත් අතර වූයේ කලබැගෑනි සහ කන්දොස්කිරියාවන්ය. එලෙසම ඒ අතර වූ අනෙකුත් පුවත් අතළොස්සෙහි තිබුණේ ඇගේ රංගන ප්‍රතිභාවන්ය. පසුගිය දිනෙකද කන්ගනා රනාවුත් ඉන්දීය මෙන්ම අන්තර්ජාලය පුරා මැවූ අලුත්ම පුවතෙහිද වූයේ ඇගේ අභිමානවත් රංගන ප්‍රතිභාව ගැන පාරට්ටු කතාය.
මොකක්ද ඒ ආරංචිය, ජයලලිතා චරිතයට ඈ ආරූඪ වූ තලායිව් ප්‍රදර්ශනයට සූදානම්ද..?
කොරෝනා උවදුර මත ‘තලායිවි ප්‍රදර්ශනය’ කල් දැමුණේය. අලුත්ම පුවත වන්නේ කන්ගනා රනවුත් නැවැතත් ඉන්දියානු ජාතික සම්මානය දෝත දැරීමය.
පසුගිය සමයක කන්ගනා ‘පැෂන්’ චිත්‍රපටයට ලබාගත් ජාතික සම්මානය ඉන්දියානු සුපිරි තාරකාවන්ගේ මත්ද්‍රව්‍ය චෝදනාව වෙනුවෙන් උගසට තැබුවා නේද?
ඒ කතා මෙතැනට අදාළ නැත.., මෙතැනදී කළයුතු වන්නේ කන්ගනා රනවුත් වෙනුවෙන් මල්මිටක් තිළිණ දීමය.
සැකෙවින් කියනවා නම්.., බාල්දි පෙරලුවද නොහොබිනා කතා වපුරන කටක් තිබුණද.., කන්ගනා අති දකක්‍ෂ නිළියකි. මෙවර කන්ගනා තුන්වැනි වරටත් ජාතික සම්මානයට පාත්‍ර වූයේ ‘මණිකර්ණිකා’ චිත්‍රපටය වෙනුවෙන්ය.
රට, ජාතිය වෙනුවෙන් ජීවිතය දන්දුන් රානි ලක්ෂ්මී බායි හෙවත් ජාන්සි රැජනගේ චරිතය ගැන අමරණීය සිදුවීම් පෙළක එකතුවක් වූ ‘මණිකර්ණිකා’ සත්‍ය කතා පුවතකි. කන්ගනා ජාන්සි රැජන ලෙස කළ රංගනය ගැන කතා කරන්නට වචන නැත. ඉන්දීය සිනමා විචාරකයන් ‘මණිකර්ණිකා’ චිත්‍රපටය ගැන විචාර ලියන විට විසි තිස්වතාවක් පමණ කල්පනාවට බර වී සිටියේ එහි අඩුපාඩුවක් සොයා ගන්නට නොහැකි තැනය.
‘කන්ගනා… ජාන්සි රැජන හෙවත් රානි ලක්‍ෂ්මී බායි’ නම් වීරවරියට ඔබ දුන් නම්බුව ගැන කියන්නට වචන සොයා ගතයුතුයැයි…’
යනුවෙන් එක් වතාවක් ඉන්දීය ජාතික පුවත්පතක සිනමා පිටුවෙහි සඳහන්ව තිබිණ.
‘ජාන්සි රැජන’ වෙනුවෙන් ඔබ කළ හරඹය ගැන මොනවා හෝ කියන්න..,’
‘මණිකර්ණිකා’ චිත්‍රපටයෙහි පළමු දර්ශනය සුවිශේෂී ආරාධිතයනට පෙන්වා අවසාන වූ මොහොතේ කන්ගනාගෙන් පුවත්පත් වාර්තාකරුවකු එලෙස ඇසුවේය.
‘රාණි ලක්‍ෂ්මී බායි නෝනට දිය යුතු උපරිම නම්බුව මම දුන්නා…’ අබමල් රේණුවකවත් නිග්‍රහයක් මම ඇයට කළේ නැති බව හොඳටම විශ්වාසයි..,
කන්ගනා කීයේ හරිම ආඩම්බරයෙනි.
එය ඇත්තක් යැයි කිව නොහැකි වන ලෙස සත්තකින්ම ජාන්සි රැජනගේ චරිතය කන්ගනා හරි අපූරුවට රඟදැක්වූවාය. ‘මණිකර්ණිකා’ චිත්‍රපටයේ කටවුට්වල කන්ගනා වෙතින් පිළිබිඹු වන අහංකාර අභිමානයට පිරිමින් වශීකෘතව සිටියහ. මඟතොට යන එන ඉන්දියානු ගැහැනුන් කුඩා දරුවකු ඇකයෙහි තබාගෙන සිටින ජාන්සි රැජනගේ ප්‍රභාවත් පෙනුමට ආලය කළහ. සටන්කාමී ලෙස කන්ගනා එහි අවි අමෝරාගෙන කරන බිහිසුණු රංගන විලාශය දුටු ඇතැම් ඉන්දීය කාන්තාවෝ සිනමා ශාලාව තුළදී අසුනින් නැඟිට අත්පොළොසන් දී තිබිණ.
‘පුළුවන් නම් නුඹත් ඒ දහිරිය, අභිමානය සිතට ගනින්..,’
යැයි කියා සමහර ඉන්දියානු අම්මාවරු තම තරුණ දියණිවරුනට පැවැසූ බව පුවත්පත්වල පලවී තිබිණ.
අන්තර්ජාලය පුරා කන්ගනා ගැන මිහිරිමය වදන් සහ විවිධ කතාබහ වරින්වර පලවිය. ඇගේ ඉන්ස්ටග්‍රෑම් අනුගාමිකයන් දේශපාලනයට යොමු වන ලෙස ඇගෙන් ඉල්ලා තිබිණ. එම ඉල්ලීමට අනුගාමීව ලක්‍ෂ සංඛ්‍යාත කාන්තාවන් තම ඡන්දය ඇයට දෙන බව සපතකොට ඉතාම සංවේදී කමෙන්ටු පලකර තිබිණ.
ඒ සියල්ල සිදුවූයේ ‘මණිකර්ණිකා’ තිරගත වූ 2019 වසරේදීය. 2021 වසරේ කන්ගනා ඒ අපූර්වතම චරිත නිරූපනය සඳහා ජාතික සම්මානයට පාත්‍ර වූවාය.
ඉන්දියානු සිනමාව තුළ මා තරම් මානසික හිංසනයට ලක්වූ නිළියක් තවත් නැති තරමයි.., ඒ තරමට සුපිරි ඉන්දීය තරු කන්ගනා රනවුත්ව උපහාසයට ලක්කළා. ඉංග්‍රීසි දැනුම නැතැයි මාව සමච්චලයට පත්කළා. සිනමාවට පැමිණි මුල් යුගයේම උසස් ගණයේ චරිත ලැබීමට පින ලැබූ මට බොහෝ දෙනා ඊර්ෂ්‍යයා කළා.
රියැලිටි ෂෝවලට මට ආරාධනා කරලා ඉංග්‍රීසි බස නොදන්නා බව දැන දැනම මාව අපහසුතාවයට පත්කළා. ඔවුනටයි මම මේ කියන්නේ, කන්ගනා රනවුත් සැලුණේ නැහැ… වැටුණෙ නැහැ… තව ඉදිරියටත් ඒක එහෙමමයි. මට සහාය දැක්වූ හැම දෙනාටමත්, විශේෂයෙන් ඉන්දියාවේ පීඩාවට පත් කාන්තාවන්ටත් මේ මොහොතේ මම ස්තුති කරනවා…’
67 වන ඉන්දියානු ජාතික සම්මානය අතැතිව ඡායාරුපයකට පෙනී සිටීමට පළමුව කන්ගනා පුවත්පත් වාර්තාකරුවන් හමුවේ පවසා සිටියේ එවැනි උණුසුම් කතාවකි.
ඇත්තටම කන්ගනාට ඒ විදියට කුඩම්මා සැලකිලි ලැබුණද?
ඔව්… ‘කොෆි විත් කරන්’ වැඩසටහනේදී කරන් ජොහාර් සුපිරි නළු නිළි දෙපලක් හමුවේ, එවකට ඉංග්‍රීසි බස හසුරුවන්නට දැනුවත් නැති කන්ගනාට කිහිප වතාවක්ම සමච්චල් කළ බවට තොරතුරු අනාවරණය වී තිබිණ. ඒ වාගේම කරන් ජොහාර ඇයට කිහිපවිටක්ම ‘කොෆී විත් කරන්’ වැඩසටහනට ආරාධනා කරන්නට පෙළඹී ඇත්තේද ඇයව හිතාමතාම උපහාසයට පත්කරන්නට යැයි කියන මතයක්ද ඒ තොරතුරුවල තිබිණ.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

මියන්මාර තත්ත්වය දරුණු වෙයි: ඊයේ විතරක් 114ක් මරුට

Next Post

ප්‍රභාකරන්ටත් ගහලා පොලිසියේ කොන්ද කෙළින් කළ ASP එරික් කව්ද? පොලිසියේ කොන්ද කඩා එරික් මාරු කළ ඇමැති කව්ද?

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

තමන් අත්අඩංගුවට ගැනීම සහ රඳවා ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ...

Read more
ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

රටේ ආර්ථිකය මහා භයානක අඩියක! උත්තර හොයන්න විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් තිබ්බ සාකච්ඡාවට දකුණේ විතරක් නෙමෙයි උතුරු නැගෙනහිර සියලුම පක්ෂ නායකයොත් එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News

ඔක්කොම බලන් ඉන්නේ අද හවස 4.30ට නොම්මර 30 විපක්ෂනායක කාර්යාලයේ මොකද වෙන්නේ කියලා! හැමෝටම අද විපක්ෂනායක සජිත් කියන්නේ කව්ද කියලා බලාගන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News

ගෝඨාගෝගමට පහර දීම! දේශබන්ධුට සිතාසි!

දේශබන්දුට එරෙහි එක නඩුවක තීන්දුවක් එයි! අරගලයේදී දේශබන්දු මානව හිමිකම් උල්ලංඝනය කරලා! ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.