• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මම නිළියක් වුණේ අම්මා එපා කියද්දි

August 9, 2020
in Heart
Reading Time: 2 mins read
A A
මම නිළියක් වුණේ අම්මා එපා කියද්දි
Share on WhatsAppShare on Facebook

ඉන්දියාවේ ජනප්‍රිය රංගන ශිල්පිනියන් බොහොමයක්ම ඒ තැනට ඇවිත් තියෙන්නේ ලෝක රූ රැජින තරගය ජයගෙන. ලෝක රූ රැජින තරගය නැතත් ඉන්දියාවේ රංගන ශිල්පීන් බොහොමයක් අඩුම තරමේ දේශීය රූ රැජින තරගයක් හරි ජය අරගෙන තියෙනවා. බොලිවුඞ් සිනමාවේ විතරක් නෙවෙයි ඉන්දියාවේ ටෙලි නාට්‍ය නිළියන් පවා අතිශයින් රූමත් වෙලා තියෙන්නේ ඒ හින්දයි. ඒත් අපේ රටේ කතාව ඊට ටිකක් වෙනස්. ලෝක රූ රැජින කොහොම වුණත් දේශීය රූ රැජිනියන් අපේ රටෙන් හොයා ගන්න හරිම අමාරුයි. රූ රැජිනියක් නිළියක් වුණු අවස්ථා ඊටත් වඩා විරලයි. මේ වෙද්දී ලංකාවේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වෙන විනූ උදානි සිරිවර්ධන සුවිශේෂී චරිතයක් වෙන්නේ ඉහත කාරණය හින්දයි. ඇය කලාවට යොමු වෙන්නේ ශ්‍රී ලාංකීය රූ රැජින විදියට වීම තමයි ඒ විශේෂත්වය. රංගන ශිල්පිනියක් වෙන්න ලස්සන ඕනෑම නැහැ. හැබැයි ලස්සන නැතිව රූප රාජිනියක් වෙන්න බැහැ. රූප රාජිනියක් වෙලා රංගන ශිල්පිනියක් බවට පත් වුණු විනූ එක්ක අපේ කතාබහ දිගහැරුණේ මෙන්න මෙහමයි.
මේ දවස්වල මොකද කරන්නේ?
මම රඟපෑව එක ටෙලි නාට්‍යයක් මේ දවස්වල රූපවාහිනියේ විකාශනය වෙනවා. තවත් ටෙලි නාට්‍යයක වැඩ කටයුතු අගෝස්තු මාසයේදී ආරම්භ වෙන්න නියමිත වෙලා තියෙනවා.
ඒ කියන්නේ මේ දවස්වල විනූ වැඩිය පේන්න නැහැ කියන එකද? ඇයි මේ කාලේ වැඩ අඩු වෙලාද?
නැහැ. මම කොහොමත් කරන්න බැරි තරම් වැඩ බදා ගන්න කෙනෙක් නෙවෙයි. කොහොමත් එක පාරට නිර්මාණ දෙකක් විතරයි මම බාර ගන්නේ. එතැනින් එකක් ඉවර වුණාට පස්සේ තමයි තව එකක් බාර ගන්නේ. මේ දවස්වලත් ඒ විදියම තමයි.
විනූ උදානි සිරිවර්ධන කියන්නේ නිළියක්ද, නිවේදිකාවක්ද, නිරූපණ ශිල්පිනියක්ද? ඔබ කැමැති ඔබව කොයි විදියට හඳුන්වන එකටද?
මෙහෙමයි. නිළියක්, නිවේදිකාවක් යන දෙවිදියටම මාව හඳුන්වන එකට මම කැමැතියි. ඒ වගේම රූප රාජිනියක් විදියට හැඳින්වුවත් ඒකටත් මම කැමැතියි.
එතකොට දැන් නිරූපණය පැත්ත අමතක කරලාද?
ඇත්තටම දැන් අඩුවෙන්ම යොමු වෙන්නේ නිරූපණය පැත්තට තමයි. මොකද නිරූපණයට යොමු වෙන්න දැන් වෙලාව හරිම අඩුයි. ඒත් නිවේදිකාවක් විදියට කටයුතු කරන එක නම් නැවත ආරම්භ කළා. නිවේදිකාවක් සහ රංගන ශිල්පිනියක් කියන දෙඅංශයෙන් තමයි දැන් කලාව එක්ක වැඩිපුර සම්බන්ධ වෙලා ඉන්නේ.
විනූ කලාවට සම්බන්ධ වෙන්නේ මිස් ශ්‍රී ලංකා ජයග්‍රහණයෙන් පස්සේ කියන එක හැමෝම දන්න කාරණාවක්. ඇත්තටම ඊට කලින් රංගන ශිල්පිනියක් වීමේ අදහසක් ඔබට තිබුණද?
ඇත්තටම නැහැ. අඩුම තරමේ රූප රාජිනියක වීමේ අදහසක්වත් මට තිබුණේ නැහැ. මගේ තාත්තා තමයි ඒ සඳහා අයදුම්පත පවා යොමු කළේ. නමුත් මිස් ශ්‍රී ලංකා ජයග්‍රහණයෙන් පස්සේ මගේ ගමන වෙනස් වුණා. ඒක මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය බවට පත් වුණා. ඊට පස්සේ කලාවට සම්බන්ධ ලැබුණු ආරාධනා එක්ක මම රංගනය පැත්තට යොමු වුණා.
නමුත් අපි දන්න විදියට ඔබට ඒ සඳහා බාධාවකුත් තිබුණා?
ඇත්තටම ඔව්. මිස් ශ්‍රී ලංකා තරගයේ ජයග්‍රහණය ලැබෙන්නත් කලින්, ඒ තරගයට සම්බන්ධ වෙලා ඉන්න අතරෙදි තමයි මට කලාවට සම්බන්ධ වෙන්න ආරාධනා ලැබුණේ. නමුත් මම නිළියක් වෙන එකට අපේ අම්මා පොඞ්ඩක්වත් කැමැති වුණේ නැහැ. ගෙදර අනෙක් අයගෙන් විරුද්ධත්වයක් නැති වුණත් පෙර පාසල් ගුරුවරියක් විදියට අම්මා ඒකට දැඩි විරෝධයක් දැක්වූවා.
ලංකාවේ රංගන ශිල්පිනියන් සම්බන්ධයෙන් ජනතාව තුළ තියෙන ප්‍රතිරූපයද ඒකට හේතු වුණේ?
ඒක තමයි හේතුව. ගොඩක් වෙලාවට නිළියෝ කියලා අපේ මිනිස්සු අමුතු ප්‍රතිරූපයක් මවා ගෙන ඉන්නවා. නමුත් කලාවට ආවට පස්සේ මට ඒකෙන් මිදෙන්න හැකියාව ලැබුණා. ඇත්තටම මගේ පළමු නිර්මාණය දැක්කට පස්සේ අම්මගේ තිබුණු විරෝධයත් නැති වුණා කිව්වොත් හරි. මොකද තමන්ගේ ආත්මගරුත්වය රැකගෙන වැඩ කරනවා නම් ඕනෑම ක්ෂේත්‍රයක හොඳට ඉන්න පුළුවන්. කලාවට විතරක් නෙවෙයි හැම ක්ෂේත්‍රයකටම ඒක අදාළයි. ඇත්තටම අද රංගන ක්ෂේත්‍රය ගැන පිටින් ඉඳන් බලන අය තමයි ගොඩක් විවේචන කරන්නේ. නමුත් ඒක ඇතුළට ගිහින් කටයුතු කරන අය ඇත්ත මොකක්ද කියලා දන්නවා.
කලාවට යොමු වීම අහම්බයක් කියලා ඔබ කිව්වා. කලාවට සම්බන්ධ නොවුණා නම් මේ වෙද්දී මොන ක්ෂේත්‍රයකට යොමු වෙලා තියේවි කියලද ඔබට හිතෙන්නේ?
මට හිතෙන්නේ එහෙම වුණා නම් මම බැංකු ක්ෂේත්‍රය සම්බන්ධ රැකියාවකට යොමු වේවි. මොකද මම වාණිජ අංශයෙන් තමයි උසස් පෙළ හැදෑරුවේ. ඒ කාලේ එහෙම බලාපොරොත්තුවක් තමයි තිබුණේ.
විනූ කලාවට සම්බන්ධ වුණේ ටෙලි නාට්‍ය හරහා නමුත් මේ වෙද්දි ඔබ ජනප්‍රිය සිනමා නිළියක් බවටත් පත් වෙලා තියෙනවා. ඔබේ සිනමා ගමන ගැන කතා කළොත්?
ටෙලි නාට්‍ය හරහා කලාවට පිවිසුණත් ඔය දෙකම බොහොම සමබරව කර ගෙන යන්න මට මුල ඉඳන්ම අවස්ථාව ලැබුණා. හැම අවුරුද්දකම මට ටෙලි නිර්මාණවලට වගේම සිනමා නිර්මාණ සඳහාත් සම්බන්ධ වෙන්න පුළුවන් වුණා. මේ වෙද්දී මම රඟපෑව චිත්‍රපට පහක් විතර තිරගත වෙලා තියෙනවා. තවත් හතරක් ඉදිරියේදී තිරගත වීමට නියමිතයි.
විනූ නිතරම ෆේස්බුක් ලයිව් එනවා කියලා ඔබේ රසිකයෝ කතා වෙනවා. ජනප්‍රියත්වය වැඩි කර ගන්නද එහෙම කරන්නේ?
අනේ නැහැ. මම හරිම අඩුවෙන් තමයි ෆේස් බුක් ලයිව් එන්නේ. අලුත් නිර්මාණයක වැඩකටයුතු පටන් ගනිද්දී ඒ අයගේ ඉල්ලීමට ලයිව් ආවොත් මිසක් මම ලයිව් එන්නේ හරිම අඩුවෙන්.
විනූගේ ඉදිරි කලා කටයුතු ගැන කතා කළොත්?
එහෙම ලොකු සැලසුමක් නැහැ. නමුත් ඉදිරියේදී සිනමාව පැත්තට ටිකක් වැඩිපුර යොමු වීමේ බලාපොරොත්තුවක් තියෙනවා.
ඒ කියන්නේ ඔබ කලාත්මක සිනමාව පැත්තට යොමු වෙනවා කියන එකද?
කොහොමත් මම නිර්මාණ තෝරා බේරා ගෙන තමයි රඟපාන්නේ. මට ලැබෙන චරිතයට මට සාධාරණයක් කරන්න පුළුවන්ද කියන එක තමයි මම එතැනදි බලන්නේ. මට සාධාරණය කරන්න බැහැ ඒක මහ අපහසුයි කියලා හිතෙනවා නම් ඒ වගේ චරිත මම බාරගන්නේ නැහැ. චරිතය බාර ගත්තට පස්සේ අධ්‍යක්ෂවරයා හා කණ්ඩායම එක්ක එකතු වෙලා තමයි එතැනින් එහාට චරිතය නිර්මාණය කර ගන්නේ. ඒ හින්දා සිනමාව පැත්තට වැඩිපුර යොමු වුණත් ඉදිරියේදී නිර්මාණ තෝරා ගැනීම සිද්ධ වෙන්නේ ඒ විදියටම තමයි.
චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

සෙව්වන්දි පෙරළපු අලුත් පිටුව

Next Post

මෙන්න තවත් ප්‍රතිපලයක්: ගිය මාස 5ට රුපියල් බිලියන 450ක සල්ලි අච්චු ගහලා

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News
Heart

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News
Heart

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News
Heart

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතාට චෝදනා කරමින් මාලිමා මන්ත්‍රී අසිත නිරෝෂණ පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය නීතීඥ සංගමයේ හිටපු සභාපති සාලිය...

Read more
හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනුම්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.