• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මගේ පෙම්වතා රන්ජන්

April 3, 2021
in Heart
Reading Time: 2 mins read
A A
මගේ පෙම්වතා රන්ජන්
Share on WhatsAppShare on Facebook

⬤ මම පැටලුණේ මාර කේස් එකක…

⬤ වැඩිහිටියන්ට පමණයි ලේබල්වල නිරුවතින් රඟපෑවේ නැහැ…

කලා ක්‍ෂේත්‍රයටම පායපු දේවතාවියක් ලෙසට ඇයව හඳුන්වන්නට පුළුවන්. ශාන්තිගේ කලා ගමන පටන්ගන්නේ ඇයට වයස අවුරුද්දක් පිරෙද්දි. ඒ හෙළ සිනමා නිළි රැජන මාලනි ෆොන්සේකා සමඟ. ඇයව ගොඩදෙනෙක් දැනහඳුනගත්තේ ‘විශ්ව ගමන’ ටෙලිනාට්‍යයේ ‘ඉෂ්වරි’ ලෙසටයි. පසුකාලීනව ජනප්‍රියතම ටෙලිනාට්‍ය රැසක ඇය රඟපෑවා. ඒ විතරක් නෙවේ බොලිවුඩ් නිර්මාණ රැසකටද ඇයගේ රංගන හැකියාව ලබා දුන්නා. පසුගිය දවසක ඇයව එක්තරා විදිහේ ‘Case’ එකකට පැටලුණා. මේ ‘Case’ මොකද්ද කියල දැනගන්න ශාන්ති එක්ක කතා කළා.

🔴 ශාන්ති පැත්තකට වෙලා හිටිය ඔබට පැටලුණු ‘Case’ එක මොකක්ද මේ?
මමත් පැටලුණා තමයි එක්තරා විදිහේ ‘Case’ එකකට. හැබැයි එය වෙනස්ම විදිහේ සිනමා නිර්මාණයක්. එය ‘Case-447’ ලෙසට තමයි හඳුන්වන්නේ. මම ඒ චිත්‍රපටයේ දර්ශන් ධර්මරාජ්ගේ බිරිය විදියට තමයි රඟපාන්නේ. නැතුව වෙන මොනවත් ප්‍රශ්නයකට මට මුහුණපෑමට සිදුවෙලා නැහැ.
🔴 ඔබව ගොඩදෙනෙක් දැනහඳුන ගත්තේ ඔබ 90 දශකයේ. ඒ මතකය අවදි කළොත්?
ඇත්තටම ඒ අතීතය හරිම සුන්දර කාලයක්. මම හිතන්නේ අදටත් මම ඒ නිරූපණය කළ ‘විශ්ව ගමන’ ටෙලිනාට්‍යයේ ‘ඉෂ්වරි’ චරිතය අදටත් මගේ ආදරණීය ප්‍රේක්‍ෂකයන්ට මතකයි. අදටත් ඒ ටෙලිනාට්‍ය නරඹපු ගොඩදෙනෙක් මාව හඳුන්වන්නේ ‘ඉෂ්වරි’ අක්කේ කියලා තමයි. 90 දශකයේ ලංකාවෙත් ත්‍රස්තවාදී ක්‍රියා බහුලවම සිදුවන කාලවකවානුවක්. මම ත්‍රස්තවාදී චරිතයක් තමයි නිරූපණය කළේ. මගේ පෙම්වතා ලෙසට රඟපෑවේ රංජන් රාමනායක තමයි.
🔴 ඔය කාලවකවානුවේ ඔබ ජනප්‍රිය රංගන ශිල්පිනියක් ලෙසට පත්වී සිටිය කාලයක් නේද?
ඔව්… ඔය කාලයේ මම ජනතාවගේ ආදරය හිත දිනාගත්ත කාලයක් තමයි. මොකද ඒ කාල
වකවානුවේ මම රඟපාපු ටෙලිනාට්‍ය කිහිපයක් ජනතාව වැලඳගෙන හිටියේ. නේත්‍රාංජලී, දාමිණි ටෙලිනාට්‍ය ඒ අතර හඳුන්වන්නට පුළුවන්.
🔴 ඔබේ අත ළඟට ආපු සම්මානයත් ගිලිහී ගියා නේද?
ඒ දවස හරිම දුක්බරයි. මොකද ඒ කාලවකවානුවේ මට තිබුණු ප්‍රතිචාරත් එක්ක ගොඩදෙනෙක් මට කිව්වේ සහාය නිළිය සම්මානය මට තමයි ලැබෙන්නේ කියලා. ඒ මම නිරූපණය කළ ‘ඉෂ්වරි’ චරිතය වෙනුවෙන්. එදා සම්මාන රාත්‍රියේ මගේ නම පවසන කොට මම හිටිය අසුනෙන් නැඟිට්ටා දෙනෝදාහක අත්පොළොසන් මැද. ඒත් ටික වෙලාවකට පසු නිවේදක පැවැසුවා වැරැදීමකින් කියලා වෙන රංගන ශිල්පිනියකගේ නම පැවැසුවේ. එදා දැනුණු වේදනාව කවදාවත් අමතක වෙන්නේ නැහැ. මට අවසානයේ ඒ මොහොතේ ඉතිරි වුණේ දුක විතරයි.
🔴 ‘වැඩිහිටියන්ට පමණයි’ චිත්‍රපට සඳහා ඔබේ යම් දායකත්වයක් අපි දැක්කා..?
වැඩිහිටියන්ට පමණයි චිත්‍රපට සඳහා මම සම්බන්ධ වුණේ ඒ චිත්‍රපට කතාවේ හොඳ චරිතයකට විතරයි. නැතුව අඩ නිරුවත් චරිත සඳහා මම පෙනී සිටියේ නැහැ. වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි කියන චිත්‍රපට රැසකින් මට ආරාධනා ආවා. නමුත් මම ඒ සියල්ලම ප්‍රතික්‍ෂේප කළේ මගේ ප්‍රතිරූපයට හානි කරගන්න කැමැති නැති නිසා. ධර්මසේන පතිරාජගේ ‘මතුයම් දවස’ චිත්‍රපටයේ මම ප්‍රධාන චරිතය රඟපෑවා. කිණිහිරියා මල්, උණුසුම් රාත්‍රිය චිත්‍රපටවල මම රඟපෑවේ මගේ ප්‍රතිරූපයට හානියක් නොවන චරිත.
🔴 වර්තමානයේ නම් අපි දකිනවා නවක ශිල්පීන් එවැනි නිර්මාණවලට කිසි බයක් නැතුව ඉදිරිපත් වන බව?
එය ඉතින් ඔවුන්ගේ කැමැත්ත. සමහරු සල්ලිත් එපා කියලා ජනප්‍රිය වීමට එවැනි චරිත නිරූපණය කරනවා. හැබැයි ඉතින් එහෙම ආපු කිසිම කෙනෙක්ට දීර්ඝකාලීන පැවැත්මක් නැහැ. පත්තුවුණා වගේම සුළු මොහොතකින් නිවිලා යනවා. එහෙම යන්න මට අවශ්‍ය නැහැ. එවැනි කාල වකවානුවක තමයි මම නිහඬ වෙලා හිටියේ හොඳ නිර්මා ණයකින් මට ආරාධනාවක් ලැබෙනකම්.
🔴 ‘ගිනිස්’ වාර්තා පොතට එකතු වුණු මනෝ රම්මා ජනප්‍රිය රංගන ශිල්පිනිය සමඟ ඔබට රඟපෑමටද අවස්ථාව උදාවුණා?
මම හිතන්නේ අපේ ක්‍ෂේත්‍රයේ කිසිම කෙනකුට නොලැබුණු අවස්ථාවක් මට හිමිවුණා. මනෝ රම්මා ලෝක වාර්තාවක් තියපු සුවිශේෂී රංගන ශිල්පිනියක්. ඇය ගීනස් වාර්තා පොතේ අස්සන් කරපු සුවිශේෂී රංගන ශිල්පිනියක්. ඇයගේ දුව ලෙසට තමයි මම ‘වාවා තියාරේවා’ බොලිවුඩ් නිර්මාණයක ඇය සමඟ රඟපෑවේ.
🔴 එවැනි සුවිශේෂී දක්‍ෂතා ලෝකයටම පෙන්වපු ඔබට සිනමාවෙන් ලැබුණේ කුඩම්මාගේ සැලකිල්ල නේද?
එය ගැන මටත් දුකයි. මට භාෂාවන් කිහිපයක්ම කතාබහ කරන්න පුළුවන්. මට නර්තනය පැත්තෙන් ඕනෑම නර්තනයක් කරන්න පුළුවන්. ටෙලිනාට්‍යවලින් මම යමක් කළත්, මගේ දක්‍ෂතාවය හරිවිදියට පාවිච්චි කරගත්තේ නැහැ. සිනමාවෙන් අධ්‍යක්‍ෂවරුන් සෑහීමකට පත්වෙන්න පුළුවන් චරිතයක් මම තවම චිත්‍රපට පැත්තෙන් කරලා නැහැ.
🔴 අපට ආරංචි විදියට ඔබ දේශපාලන වැඩකටයුතු නිසයි නිර්මාණවලින් දුරස්වී සිටින්නේ?
එයත් එක් හේතුවක් තමයි. නමුත් මගේ ප්‍රතිරූපයට හානිවන විදියට. කාන්තාවට නිසි ගරුත්වයක්, රැකවරණයක්, ආරක්‍ෂාවක් නැති අය සමඟ මම වැඩ කරන්න කැමැති නැහැ. මම කලාවට හදවතින් ආදරය කරනවා. කලාවට දේවත්වයෙන් ගරු සැලකිලි දක්වන අය සමඟ තමයි මම වැඩ කරන්නේ.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

බිරිය මරා සැමියාත් දිවි හානි කරගනී

Next Post

මැජෙස්ටික් සිටි සංකීර්ණයට ෆයිබර් තාක්ෂණ සේවා සැපයීමට SLT-MOBITEL සූදානම්

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මඟින් සිදුකරනු ලබන විමර්ශනවලට අදාළව සැකකරුවකු ලෙස අත්අඩංගුවට ගෙන රැඳවුම්...

Read more
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.