• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

බොරු කයිවාරු නෑ වැඩ විතරයි…

November 21, 2020
in Heart
Reading Time: 4 mins read
A A
බොරු කයිවාරු නෑ වැඩ විතරයි…
Share on WhatsAppShare on Facebook

අද තියෙන්නේ නිර්මාණ මංකොල්ලයක් සහ බංකොලොත්කමක්…

රඟපෑමේ වරම හිමිවුණු කළු කොල්ලා…

මතක් කරකර රස විඳින්නට හැකි යමක්, ප්‍රේක්‍ෂකයන් වෙත තිළිණ කළ තරුවක් පමණක්ම නොවූ නළුවන් අතර පාලිත සිල්වාද එක් අයෙකි. ‘සුසීමා’හි රංග ලෙසත්, ‘දිය සුළියෙහි’ පරාක්‍රම ලෙසත් රංගනයෙහි යෙදුණු පාලිතට එකල යෞවනියන් පෙම් කළ වග අතිශයෝක්තියක් නොවීය. රංගවේදියකු ලෙස පුළුල් පරාසයක් තුළ සියුම් සක්මනක යෙදුණු මේ අපූරු කලාකරුවා ඉතිහාසගත නිර්මාණයක් සඳහා පිඹුරුපත් සකසන වග අපට ආරංචි විය. ඒ ගැන හරි තොරතුරක් දැනගන්නට වගේම, නිතර මාධ්‍ය හමුවට නොඑන ඔහු ගැන සවිස්තරාත්මක කතාබහක නියැළෙන්නට ‘මව්රට – හාට්’ විශේෂාංගයට දැනුණු චමත්කාර ජනක කැමැත්ත අලංකාරව පෙළගැසුණේ මෙලෙසිනි.
කොහොමද ඔබේ වගතුග කියලා අපි පළමුව අහනවා?
උත්තරය සරලයි. මම හොඳින් කාලය ගෙවනවා. මේ දවස්වල ‘මහවිරු පණ්ඩු’ රූගත කිරීම නිසා මඳක් කාර්යබහුලව සිටිනවා.
මාධ්‍ය සමඟ ඔබ එතරම් සුහද නැත්තේ ඇයි කියා ඇහුවොත්?
සම්පූර්ණ වැරැදි අදහසක්… මාධ්‍යය සමඟ මගේ නොහොඳක් නැහැ. මම කා සමඟත් සුහදයි. ඒ වගේම මම වැඩිපුර වැඩ කරන, අඩුවෙන් කතා කරන කෙනෙක්. මාධ්‍ය පසුපස ගොස් බොරු කයිවාරු කියනවාට වැඩිය ප්‍රේක්‍ෂකයනට මතක හිටින යමක් කිරීම තුළ කලාකරුවකුට සදා නොමැකෙන ප්‍රතිරූපයක් ගොඩනඟන්නට පුළුවන්.
ඓතිහාසික නිර්මාණයක් කෙරෙහි යොමු වූයේ එවැනි චේතනාවකින්ද?
සමහර විට ඔබේ ඒ ප්‍රශ්නයට ‘ඔව්’ කිව්වොත් වැරැදි නැහැ මං හිතන්නේ.
ඒ ඓතිහාසික නිර්මාණය ගැන ටිකක් කතා කරනවා නම්?
අවුරුද්දක හමාරක සිට සාකච්ඡා මට්ටමේ තිබුණු වැඩක්. 2020 දෙසැම්බර් මාසයේ වැඩ ආරම්භ කිරීමට නියමිතව තිබුණත් ‘කොවිඞ්-19’ උවදුර නිසා සියල්ල අවුල් වුණා. හැමදෙයක්ම සමථයකට පත්වනතුරු දැන් ඉතින් බලා සිටීමට සිදුවෙනවා.
කතා තේමාව සහ එහි රඟන රංගවේදීන් ගැන යමක් කියන්න කැමැතිද පාලිත..?
ඓතිහාසික කතාවක් ගැන කියැවෙන දැවැන්ත චිත්‍රපටයක්. චරිත විශාල ප්‍රමාණයක් කතා පුවතට සම්බන්ධයි. නමුත් තවම කිසිදුම රංගවේදියකු තෝරාගෙන නැහැ. තිර පිටපත නම් මා අතින් ලියැවී අවසන්.
තිර පිටපත ලියන විටවත් අහවල් රංගවේදියා මේ චරිතයට ගතයුතුය කියන හැඟීම තිබුණේ නැද්ද?
තිර පිටපතක් ලියන විට යම් රංගවේදියකු මනසෙහි ඉදිවීම මම නම් දකින්නේ අවදානමක් ලෙසයි. අනෙක යම් කතාපුවතක පිටපත නිර්මාණය කරන විට එම නිර්මාණකරු නිදහසේ එය අකුරු කළ යුතුයි. අහවලා මේ සඳහා සුදුසුය යන බැරියරය ඒ නිදහසට බාධාවක්.
තිර පිටපතට තේමාව වූ ඓතිහාසික කතාව කුමක්ද?
කතා තේමාව රහසක් ලෙස තබා ගැනීමට මම කැමැතියි. එය හෙළි කිරීමෙන් යම් අවැඩක් සිදුවිය හැකියි.
‘අවැඩක්’ යැයි ඔබ අදහස් කළ කාරණය කුමක්ද පාලිත?
මම මෙහෙම කියන්නම්. ‘නිර්මාණ මංකොල්ලය සහ බංකොලොත් බව’ අද සිනමාව වාගේම ටෙලි කලාව තුළද තියෙනවා. කවුරුන් හෝ ප්‍රවීණ කෙනකු කිසියම් නිර්මාණයක් කලාත්මක ලෙස එළිදැක්වීමට අවශ්‍ය පසුබිම ඉතා හෙමින් හෙමින් සකසමින් සිටිනවාය කියා අපි සිතමු. ඔන්න ඉතින් ඒ අතර ක්‍ෂණික ක්‍රමයට නිර්මාණ කරන වෙනත් කෙනෙක් එම තේමාවම සොරාගෙන දවසෙන් දෙකෙන් චිත්‍රපටයක් හෝ ටෙලියක් කරනවා. කරලා නිකං ඉන්නෙත් නැහැ. අහවල් ප්‍රවීණයට වඩා ඉක්මනින් මම මේ වැඬේ කළාය කියා කයිවාරුත් කියනවා. නිකන් හිතලා බලන්න ඔබ, ඉතාම අලංකාරව ආධ්‍යාත්මිකව අර ඉහත කී අය කරන්නට බලා සිටි නිර්මාණයට සිදුවූ අසාධාරණය කෙතරම්ද? ඇත්තෙන්ම එය ශෝකාන්තයක්. ඒ ශෝකාන්තයට මුහුණ දීමට මම කැමැති නැහැ.
හොඳයි.., ශෝකාන්තයක් නොවන සතුටුදායක ඉසව්වකට අපි ඔබව රැගෙන යන්නම්.., කතා කරමු ‘සුසීමා’ හී ‘රංග’ ගැන?
ඇත්තෙන්ම ‘සුසීමා’ කියන්නේ මගේ රංගන ජීවිතයේ ඉතාම අලංකාර ඉසව්වක්. ඒකාංගික ටෙලිනාට්‍යවල විතරක් රඟපෑ මට කතා මාලාවක් ලෙස රඟපෑමට ලැබුණු පළමු ටෙලිනාට්‍ය වුණේ ‘සුසීමා.’ සත්තකින්ම හරිම ආශ්වාදජනක නිර්මාණයකට.
‘මැණික් කුරුකුලසූරියගේ රූමත් පෙනුමට ඔබේ පෙනුම කළු වැඩියි කියලා කැපිල්ලක් ආවය කියන කතාව ඇත්තද?
සම්පූර්ණයෙන්ම ඇත්ත. ‘සුසීමා’ අධ්‍යක්‍ෂ රොහාන්ට කිහිපදෙනෙක්ම ‘කනු කුනු’ ගෑවාලු, මැණික් කොයිතරම් පෙනුමයිද ඇයි මේ කළු කොල්ලෙක්ට ‘සුසීමා’ එකට තෝරාගත්තෙ කියලා.
හිතපු නැති විදියට ‘කළු කොල්ලා’ දැකුම්කලු විදියට ‘හිට්’ වුණා?
ආඩම්බරෙන් කියනවා මම, දශක කිහිපයක් පුරාම ටෙලිනාට්‍ය තුන්සිය ගණනක පමණ ප්‍රධානම චරිත රඟපෑමේ වරම ඒ කළු කොල්ලට හම්බවුණා.
‘දිය සුළිය’ හරහා ඔබට විශාල ප්‍රතිචාරයක් ලැබුණා?
ඒ කාලේ ටෙලි කතා අද වාගේ දිගට ඇදුණේ නැහැ. වැඩිම වුණොත් කොටස් තිහයි. එහෙම නැත්නම් පනහයි. ‘දිය සුළිය’ විකාශනය වූයේ කොටස් විස්සයි හෝ විසිපහයි පමණයි. ඒ වාගෙම සතියට එක දවසයි. එය ප්‍රේක්‍ෂකයන්ගේ සිත් තුළට ඉතාම තදින් කාවැදුණා. ඒ හැඟීම කොතෙක්දැයි කියනවා නම්, ‘දිය සුළිය’ අවසාන කොටස විකාශනය වන දවසේ ලංකාවේ බොහෝ ප්‍රදේශ ගණනාවකට තද අකුණු සහිත වැස්සක් ආවා. ඒ අතර විදුලියද විසන්ධි වුණා. වැඩි හරියක් දෙනකුට එය නැරැඹීමේ අවස්ථාව අහිමි වුණා. එයට පසුව දවස් දෙකයි ගෙවී ගියේ. රූපවාහිනී සේවා ආයතනයට ලියුම් දහස් ගණනක් ආවා. එහි තිබුණේ ‘දිය සුළිය’ අවසාන කොටස නැවැත විකාශනය කරන්න කියලයි. රූපවාහිනියට බැරි වුණා ඒ ඉල්ලීමට කන්නොදී ඉන්න. මඳකට හිතන්න, ‘දිය සුළිය’ වෙත ප්‍රේක්‍ෂකයන් කොයිතරම් නම් ඇබ්බැහිව සිටින්නට ඇත්දැයි තීරණය කරන්න ඒ සිදුවීම මදිද? ඉතින්… එලෙසම එහි ප්‍රධානම චරිතය රඟපෑ පරාක්‍රමට ඔවුන් කෙතරම් ආදරයද කරන්නට ඇතිද..?‘නිදිකුම්බා මල්’ ටෙලිනාට්‍යයද එවැනිම ආකර්ෂණයක් තිබුණු කතා මාලාවක්. මෑතදි එය නැවැත විකාශනය වූ මොහොතේ නැවැතත් මා ලද ප්‍රතිචාර අලුත් වුණා.
කොහොමත් ඔබ හරි ලකී පාලිත, ඒ නිසා වෙන්නට ඇති ප්‍රවීණ නිර්මාණකරුවන් ඔබ සොයා පැමිණියේ?
ඇත්තෙන්ම එය බොහොමයක් කලාකරුවනට නොලැබෙන වාසනාවක් තමයි. ලෙස්ටර් ජේම්ස් පීරිස්, වසන්ත ඔබේසේකර, තිස්ස අබේසේකර, ධර්මසේන පතිරාජ වැනි විශිෂ්ට ගණයේ සිනමා කරුවන් මා සොයා පැමිණියේ මම ඉතා තරුණ අවදියේදීමයි. පමණක් වෙලාවට මට හිතාගන්නට බැරි වුණා, මම ඒ තරමටම දක්‍ෂදැයි කියලා. මෙය කයිවාරුවක් ලෙස ගන්නට එපා. එම සිතුවිල්ල තුළ ඇත්තේ අමන්දානන්දයකට සමාන ගෞරවනීය හැඟීමක්.
තිරපිටපත වෙනස් කරන්නැයි ඇතැම් නිර්මාණකරුවන් හමුවේ ඔබ බලපෑම් කළ අවස්ථා තිබුණාද?
බලපෑම් කළේ නැහැ. මා වෙත යම් තිර පිටපතක් ලැබුණු විට මම ඔවුන් වෙත යම් ආකාරයක ඉල්ලීමක් කරනවා මට හිමි චරිතය ගැන. එහි අහවල් වෙනස සිදුවුණා නම් හොඳයි නේදැයි මම ඔවුනට මගේ අදහස කියා සිටිනවා පමණයි. ඇතැම් අය ඉතා සුහදව එය අනුමත කරනවා. කිසිවකු එය අනුමත නොකරන්නේ නම් මම එම තිරපිටපත ප්‍රතික්‍ෂේප කරනවා. ඉතාම සුහද ආකාරයටයි එයද සිදුවන්නේ.
එය ඔබ සතු ‘උද්ධච්ච’ කමකැයි යනුවෙන් ඔවුන් චෝදනා කළ අවස්ථා තිබුණාද?
එය කොහොමද උද්ධච්චකමක් වෙන්නේ. එය රංගවේදියකුගේ අයිතිය සහ මනාපයයි. අනෙක ප්‍රේක්‍ෂකයන් හමුවේ යම් චරිත නිරූපණයන්ට වගකිව යුත්තේ එය රඟපාන නළුවා මිස අධ්‍යක්‍ෂවරයා නෙවෙයි. පෞද්ගලිකවම මා වටා සිටින ප්‍රේක්‍ෂකයන් ගණන අප්‍රමාණයි. එතැන විවිධ තරාතිරම්වල අය සිටිනවා. ඔවුන් මා සමඟ රඟපෑ චරිතයන් ගැන ගුණදොස් කියනවා. කමකට නැති චරිතයක් රඟපා ඔවුන් අතර විහිළුකාරයකු වන්නට මම කැමැති නැහැ. මොකද රසිකයන් යනු වටිනා පිරිසක්. රසික පිරිසක් ගොඩනඟා ගැනීම තුළද වන්නේ ඒ ඒ කලාකරුවන් සතු ප්‍රතිරූපයෙහි අනන්‍යතාවයයි.
‘කස්පා’ ගැන කතා නොකිරීම ඔබ තුළ සිටින වේදිකා නළුවාට කරන අසාධාරණයක් විය හැකියි?
සත්තකින්ම එය එහෙමයි. පාලිත සිල්වා මතුව පැමිණියේ වේදිකාව හරහායි. ඒ වගේම ‘කස්පා’ කියන්නේ එම වේදිකාව තුළ වූ අමරණීය සිදුවීමක්. ‘කස්පා’ වේදිකා නාට්‍යයේ නිර්මාණකරු වූයේ ජර්මන් ජාතික එමාවෝ නම් අධ්‍යක්‍ෂවරයායි. එහි ප්‍රධාන චරිතය මට ලැබීම ලොකු ගෞරවයක් ලෙසයි මම සලකන්නේ. එමාවෝ කස්පා හී මා කළ මෙහෙවර පිළිබඳව දැඩි තෘප්තියට පත්ව සිටියා. එම නිර්මාණය තුළ ඔහු මගේ ගුරුවරයාද වූවා. එමාවෝ අද ජීවතුන් අතර නැහැ. හැබැයි ‘කස්පා’ තවමත් සජීවීව සිය මෙහෙවර ඉටුකරනවා. ‘කස්පා’ වේදිකා නාට්‍යය අද ‘යූ-ටියුබ්’ සහ සංරක්‍ෂණය හරහා විදේශීය නාට්‍ය වැඩමුළුවලදී ආධුනිකයන්ව පුහුණු කරවන සුවිශේෂී අංගයක් ලෙස යොදා ගැනෙනවා. ඒ වගේම ලාංකේය වේදිකා නාට්‍යයක් ජර්මනිය ඇතුළු විදේශ රටවල් කිහිපයක සංරක්‍ෂණය වූ පළමු අවස්ථාව මෙයයි. ‘කස්පා’ එලෙස ගෞරවනීය වීම ගැන එයට දායක වූ ප්‍රධාන නළුවා වශයෙන් මම උද්දාමයට පත්වෙනවා.
කලාකරුවකු ලෙස ඔබ බලාපොරොත්තු වන තව යම් දෙයක් තියෙනවද?
දැනට මා තුළ තිබෙන එක් බලාපොරොත්තුවක් ගැන කියන්නම්. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමා මට යෝජනාවක් කළා ‘නෙලුම් පොකුණ’ රඟහලෙහි ‘ප්‍රාසාංගික කලාව පිළිබඳව සම්බන්ධීකරණ කාර්යභාරය’ බාර ගන්නය කියා. එම ගෞරවනීය තනතුර තුළ හෙට දවසට වැදගත් විය හැකි ‘නවක කලාකරුවන් පිරිසක්’ බිහිකිරීමේ මෙහෙවර දියත් කිරීමට මම වැඩකටයුතු සැලැසුම් කරමින් සිටිනවා.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

නාමල්ගේ විනාඩි 27ක අයවැය කතාවේදී සජිත්ට දිගට හරහට ප්‍රහාර (VIDEO)

Next Post

ඔක්කොම පරදා සජිත් පාර්ලිමේන්තුවේ අංක එකට එයි

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News
Heart

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News
Heart

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News
Heart

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.