• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

නයනතාරාව අඬවපු සප්‍රයිස් එක…

May 9, 2021
in Heart
Reading Time: 5 mins read
A A
නයනතාරාව අඬවපු සප්‍රයිස් එක…
Share on WhatsAppShare on Facebook

මට හිතාගන්න බැරිවුණා…
කාමරේට ගිහින් හොඳටම ඇඬුවා…
කෝල් කළාමත් පස්සෙ ගන්නම් බිසී කිවුවා…

‘තෝඩු’ ටෙලි නාට්‍යයෙන් ජනාදරයට පත්වුණු දඟකාර ‘ඔසන ඔදන’ කෙල්ල නයන තාරාගේ 29වැනි උපන්දිනය වෙනුවෙන් ඇගේ ආදරණීය සැමියා චතුරංග දුන්න සර්ප්‍රයිස් පාටි එකේ ලස්සන වීඩියෝව පසුගිය දවස්වල ‘යූ-ටියුබ්’ එක පුරා දහස් ගණනක් රසික රසිකාවියන් නරඹා තිබුණා. අසීමිත අහඹුවක සතුට දැනෙන ආකාරයට ‘නයන තාරා’ වෙනුවෙන් චතුරංග කළ මේ පියකරු ‘සර්ප්‍රයිස්’ පාටි එක ඇගේ වචනවලින් අසා දැනගත් ඉමිහිරි ඕපාදූප අහුරකට ‘හාට්’ විශේෂාංගයේ ඉඩක් වෙන් වුණේ මේ ආකාරයටයි.

🔴 ඉතින් ඉතින් නයන තාරා කොහොමද මැරේජ් ලයිෆ් එකේ තොරතුරු?
සුන්දරයි. සාමකාමියි. මම හරිම සතුටින් දවස ගෙවනව කිව්වොත් ඒක තමයි දෙන්න පුළුවන් කෙටිම උත්තරය ඔබේ ප්‍රශ්නයට.

🔴 ටෙලිනාට්‍ය පිටපත් භාරගන්න එපා කියලා චතුරංග කියන්නේ, ඒ සුන්දරත්වයට හානිවෙයි කියලද?
අයියෝ එහෙම එකක් නැහැ. හොඳ නිර්මාණ භාරගැනීමේ නිදහස චතුරංග මට දීලයි තියෙන්නේ. මම තමයි අලුත් ටෙලි නාට්‍යයක් භාරනොගත්තෙ තවම.

🔴 රංගනයෙන් ඈත්වෙලා ඉන්නද කල්පනාව?
එහෙමම නැහැ. හැබැයි දුරබැහැර යන ඒවා භාරගන්නේ නැහැ. උදේ ගිහින් හවස ගෙදර එන්න පුළුවන් වැඩි වෙහෙසක් දරන්න ඕනෑ නැති ඒවා භාරගන්නවා කියලා හිතට නීතියක් දාගෙන තියෙන්නෙ.

🔴 රංගනයට එහෙම නීති දාන එක හරිද? චතුරංගව ඔයාට මුණගැහුණෙත් රංගනය නිසා නේද?
කවුද ඒ කතාව කිව්වේ. ඒක වැරැදි නිවුස් එකක්. චතුරංගව මට මුණගැහෙන කොට මම රංගනයට ඇවිදින් නැහැ.

🔴 ‘තෝඩු’ රඟපාන කාලේ නෙවෙයිද චතුරංග ඔබව හොයාගෙන ආවේ?
අයියෝ… මෙයාලා හදන ගොසිප් නම් මාරයි. චතුරංගයි මමයි යාළුවෙලා දැනට අවුරුදු පහක් වෙන්න එනවා. එතකොට මට අවුරුදු 21යි. එයාලගේ අම්මා තමයි මංගල යෝජනාව අරගෙන ආවේ.

🔴 ? කතාව තියෙන්නෙ නම් ‘තෝඩු කෙල්ලට’ වශීවෙලා ඔහු ඇයව හොයං ආව කියල?
කමක් නැහැ ඉතින්. ඒකත් අපූරු කතාවක්නේ. මටත් ඒක ආරංචි වුණා. අපි දෙන්නා ඒ ගොසිප් කියවලා හිනාවෙනවා ඉතින්.

🔴 29 වැනි උපන්දිනේට චතුරංග ඔයාට අමතක නොවන සර්ප්‍රයිස් එකක් දුන්නලු?
ඔව්. ඒක නම් කවදාවත් අමතක නොවෙන සර්ප්‍රයිස් එකක්. චතුරංගයි, මගේ චූටි නෑනයි තමා ඒක හරිම උපායශීලීව සැලසුම් කරලා තිබුණේ.

🔴 දවසේ කාටත් හොරා ඉකිගගහා ඇඬුවේ ඒ උපායශීලී බව ඔයාට නොදැනුණු නිසාද?
අඬන්නේ නැතුව කොහොමද? හරියටම කියනව නම් ඇඬුවා නෙවෙයි මට ඇඬුණා. උපන්දිනේ වෙනුවෙන් රෑ දොළහට මාව ඇහැරවලා කේක් එක කපලා චතුරංග වෙනදා වාගේ බිස්නස් වැඩවලට ගියා. එයාලගේ ගෙදර අයත් ඔහේ පාඩුවේ තමන්ගේ වැඩ එක්ක. බඳින්න කලින් උදේ ඉඳලම කෝල්ස් කීයක් නම් දෙනවද? කොහේ හරි යන්න ප්ලෑන් කරන්නෙත් එයාමයි. මම එදා කෝල් එකක් දුන්නමත් මම බිසී පස්සෙ ගන්නම් කිව්වා.

🔴 ඔයාට ඇඬුණේ එතැනදීද?
ඇඬුණේ නම් එයිට කලින්. අර විදියට කියද්දි නම් මට හරියට තරහා ගියා. කාමරේට ගිහින් ආයෙම ඇඬුවා.

🔴 දැනුණේ නැද්ද ඔයාට හොරෙන් මොනව හරි සිද්ධවෙනවා කියලා?
ඩිනර් එකකට අයියා ඔයාව ඇස් බැඳලා එක්ක එන්න කිව්වාය කියලා මගේ චූටි නෑනා කියනකල් මට යමක් දැනුණේ නැහැ.

🔴 ලස්සන බංගලාවක් ඉස්සරහදී ඇස් බැන්දුම ගැලවුණා?
ඔව් නේ… හිතාගන්න බැරි වුණා මට. මගේ කොළඹ යාළුවෝ, මගේ අම්මයි, තාත්තයි, මල්ලිලායි, අපේ නෑයොයි හැමෝම මං වෙනුවෙන් කහවත්තට ඇවිදින් තිබුණා. මං ආසම රෝස පාට බැලුම් ගොඩාක් එක්ක ලස්සනම කේක් එකකුත් චතුරංග ඕඩර් කරලා තිබුණා.

🔴 ඇයි ඔයාගේ ලැබ්බ්‍රෙඩෝ බලු සුරතලා ටෙඩී, එයාටත් පාටියට ආරාධනා ලැබිලා තිබුණා?
ඒක තමයි සර්ප්‍රයිස් එකේ හොඳම කොටස. මාව දැක්කම එයාටත් එයාව දැක්කම මටත් දැනුණු සතුට මට කියාගන්නත් බැහැ. උදේ දුකට උනපු කඳුළු ඒ වෙලාවේ සතුටට ගැලුවා ඇත්තටම.

🔴 ‘දවස් ගානකට චතුරංග එක්ක කතාවත් කරන්නේ නැහැ’ කියලා හිතපු නපුරු හැඟීම දියවෙලා ගියා?
මොනවට කියනවද? එයා මං ගැන, මගේ සතුට ගැන කොයි තරම් හිතනවද කියන හැඟීම මගේ හිතට දැනුණාම තමයි මගේ ඇස්වලට සතුටු කඳුළු ආවේ.

🔴 ඔයා හරි වාසනාවන්ත බිරියක්?
ඔව්, මට එහෙම හිතෙනවා. අපි දෙන්නව දෛවය මුණගස්සවපු එකත් මට හිතෙන විදියට හරිම සොඳුරු ‘සර්ප්‍රයිස්’ එකක්.

🔴 ඒ ලස්සන අහඹුව තුළ ඔබේ ජීවිතයට වාසනාව හැමදාම උදාවේවා කියලා ප්‍රාර්ථනා කරනවා….
බොහොම ස්තුතියි ඔයාලා හැමෝටම.
– දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ෆයිසර් ගේන්න ගිවිසුම් ගහයි

Next Post

පළමු වරට රෝගීන් 2500 පනී!

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
රටේ ආර්ථිකය මහා භයානක අඩියක! උත්තර හොයන්න විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් තිබ්බ සාකච්ඡාවට දකුණේ විතරක් නෙමෙයි උතුරු නැගෙනහිර සියලුම පක්ෂ නායකයොත් එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඔක්කොම බලන් ඉන්නේ අද හවස 4.30ට නොම්මර 30 විපක්ෂනායක කාර්යාලයේ මොකද වෙන්නේ කියලා! හැමෝටම අද විපක්ෂනායක සජිත් කියන්නේ කව්ද කියලා බලාගන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News

අද සවස 4.30ට විපක්ෂනායක කාර්යාලයේ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ රැස්වීම සම්බන්ධයෙන් මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි...

Read more
ගෝඨාගෝගමට පහර දීම! දේශබන්ධුට සිතාසි!

දේශබන්දුට එරෙහි එක නඩුවක තීන්දුවක් එයි! අරගලයේදී දේශබන්දු මානව හිමිකම් උල්ලංඝනය කරලා! ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

අන්න බෙලිඅත්තේ පොලිස් නිලධාරියකුගේ ගෙදරට වෙඩි තියලා! කෝ මේ බංකු බංකු.. නියෝජ්‍ය ආරක්ෂක ඇමැතිතුමා..! I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

වියළුවේ ඒකාබද්ධ ගොවි සංවිධානයේ නිලවරණය සජබය තනි අතින් දිනයි! ඒකාබද්ධ විපක්ෂයට 24යි! මාලිමාවට 7යි! 17 දෙනෙක්ම සජබයෙන්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.