• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

තුමිඳුගේ අලුත් රහස

March 8, 2020
in Heart
Reading Time: 2 mins read
A A
තුමිඳුගේ අලුත් රහස
Share on WhatsAppShare on Facebook

මීට කෙටි කලකට ඉහතදී ස්වාධීන රූපවාහිනී සේවය ඔස්සේ විකාශය වූ ‘කූඹියෝ’ ටෙලිනාට්‍ය පිළිබඳ මතකය තවමත් ප්‍රේක්‍ෂක සිත්සතන් තුළ නිදන්ගතව ඇතැයි කිව්වොත් එය බොරුවක් නොවේය. වෙනස්ම ආකාරයේ ටෙලි කතාවක් ලෙසින් බොළඳ හරසුන් ටෙලිවලට මරු පහරක් එල්ල කළ ‘කූඹියෝ’ ආලින්දයේ සිනමාවට නව අර්ථ කථනයක්ද තිළිණ කර දුන්නේය.
මොහොතින් මොහොතට කුතුහලය වපුරවාලූ මේ පෙරළිකාර කතා පුවතෙහි කදිම කතා නායකයා වූ ජෙහාන්ගේ චරිතයට පණ පෙවූයේ තුමිඳු දොඩන්තැන්නය.

රඟපෑම රඟපෑමක් නොවන ආකාරයට ඉතා සරලව ඉදිරිපත් කළ තුමිඳු ප්‍රේක්‍ෂක සිත්වල ගැඹුරුම තැන් ඉතා සියුම්ව ස්පර්ශ කළේය. පොදුවේ ගත් කළ තුමිඳු දොඩන්තැන්න කාගෙත් හිත දිනා ගත්තේය. සුවිශේෂීව තරුණ පෙළ අතර හොඳ වීරයකු විය.
තුමිඳු කියනවාට වැඩිය ‘කූඹියා’ යන නමින් ඔහු හඳුන්වන්නට ප්‍රේක්‍ෂකයන් හුරු වූයේද ඒ නිසාය.
ඉතින්..,

තවත් අටුවා ටීකා අවැසි නැත. ඉහත පාරට්ටුව කීයේද මේ මනහර රංගවේදියා හදවත සමඟ හදවතින්ම කතාබහ කළ සොඳුරු නිමේෂය අකුරු කිරීම සඳහා පසුබිම සකසා ගැනීමටය.
සත්තකින්ම, තුමිඳු කාර්ය බහුල පසුබිමක සිටියද අප වෙනුවෙන් පුංචි වේලාවක් වැය කිරීමට ඉදිරිපත් වූයේ හරිම සුහදවය.
ඉතින් තුමිඳු අලුත් තොරතුරු මොනවද?
අවංකව කියනව නම් හුඟාක් කලබල කාල සීමාවක දින කිහිපයක් මේ ගෙවී යන්නේ, අධ්‍යාපන කටයුතු, වෘත්තිමය කටයුතු වගේම අලුත් නිර්මාණයක රූගත කිරීම්වලද මම මේ දිනවල නියැළී සිටිනවා.
එය කූඹියෝ වැනි තවත් විප්ලවීය ටෙලි කතාවක්ද තුමිඳු?
නැහැ රංගනයෙන් දායක වන්නේ චිත්‍රපටයක් සඳහායි.
චිත්‍රපටය ගැන තොරතුරු ටිකක් කියමුද?
මම හිතන්නේ මේ ඊට සුදුසු මොහොත නෙවෙයි.
ඒ කියන්නේ ඔබ සූදානම් වන්නේ ‘සර්ප්‍රයිස්’ එකකටද තුමිඳු?
අයියෝ නැහැ. මම අදහස් කළේ චිත්‍රපටය ගැන කියන්න තවම කල් වැඩියි කියලයි. නිර්මාණයක් වඩා සොඳුරුව ප්‍රේක්‍ෂකයා හමුවට පැමිණෙන්නේ එහි අගයට හානි නොවුණු විටයි මම හිතන්නේ.
චිත්‍රපටයේ අධ්‍යක්‍ෂවරයා ගැනවත් සඳහනක් කරනව නම් ඔහු ලක්මාල් ධර්මරත්නයි. බොහොම වැඩ අධික පසුබිමක ඉඳගෙන වුවද මම මේ චිත්‍රපටය භාර ගත්තේ එය හොඳ නිර්මාණයක් වූ නිසයි.
වැඩ අධික පසුබිමක කිව්වේ ඔබ ටෙලිනාට්‍යවල රූගත කිරීම්වලට මැදිව සිටින නිසාද?
නැහැ… කාලයකින් අලුත් ටෙලි නිර්මාණයක් භාර ගත්තේ නැහැ. මොකද, මම මේ දිනවල වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහා වෙහෙසවන නිසා.
එහි අදහස, ඔබ හොඳ ටෙලි නිර්මාණ කිහිපයක ආරාධනා ඉවත දැමූ බවද?
එහෙම කිව්වොත් බොහෝ විට නිවැරැදියි. කාලය කළමනාකරණය කරගැනීමේ අපහසුතාව මැද මට එහෙම කරන්නට සිදුවුණා.
හොඳ නිර්මාණයක් මඟහැර යෑමට ඔබ වැනි ප්‍රවීණ රංගවේදියකුට කනගාටුවට හේතුවක් නොවේද?
මෙහෙමයි… ජීවිතයේ යම් හොඳ අවස්ථාවන් හමුවේ අපට තවත් යමක් අතහැර දැමිය යුතු අවස්ථාවන් එළැඹෙනවා. සරලව කියනවා නම් රංගවේදියකුට සත්‍ය ජීවිතය තුළ නැවැත ලබාගත නොහැකි සුවිශේෂී අවස්ථාවන් සඳහා උසස් නිර්මාණයකට එක්වීමේ වරම් හිමිකර ගැනීමට සිදුවනවා.
කොහොමත් ඔබ රංගනයට යොමු වන්නේ තෝරාබේරා ගැනීම මතයි?
ඔව්… චරිත තෝරා ගැනීමේදී මම ටිකක් පරෙස්සම් වෙනවා.
ඒ, ඔබ විශ්වවිiාල කථිකාචාර්යවරයෙක් නිසාද?
බොහෝ විට රංගනය වෘත්තිමය වශයෙන් නොගත් කලාකරුවකුට තමා නියැළෙන වෙනත් වෘත්තියක් වේ නම් එම පසුබිම මත කටයුතු කළයුතු අවස්ථාවන් මතුවෙනවා.
ඒ වගේම සෑම ටෙලි නිර්මාණයක්ම භාරගෙන ටෙලි තරුවක වීමේ අදහසක් මා තුළ නොමැති වීමද ඉහත කී තෝරා බේරා ගැනීමට හේතු වෙනවා.
නමුත් තුමිඳු ඔබ ජනප්‍රිය ටෙලි තරුව ලෙස සම්මාන ගත්තා?
ඔව්… කූඹියා නැරැඹූ ප්‍රේක්‍ෂකයන් මට දුන් අපූරුම තෑග්ග එයයි.
කෙටි කාලයක් තුළ රංගවේදියකු ලෙස ඔබ ලද ඇගැයීම සතුටුදායකයි?
‘කෙටි කාලයක් තුළ, කියන අදහස මම හිතන්නෙ එතැනට හරි යන්නෙ නැහැ.
ඒ මොකද? මම වේදිකාවට ආවේ 1999 වර්ෂයේ… ටෙලිනාට්‍ය කලාවට අවතීර්ණ වූයේ 2006 – 2007 කාල වකවානුවෙයි. ඒ නිසා මම කෙටි කාලයක් තුළ ඇගැයීමට ලක්වුණා කීම එතරම් සාධාරණ නැහැ.
හැබැයි ‘කූඹියෝ’ තුළින් ක්‍ෂණිකව ප්‍රේක්‍ෂකයා මට සමීප වුණා. අන්න ඒ හදිසි අහම්බය තුළ නම් මම ජනප්‍රිය සහ හොඳම රංගවේදියා ලෙස ඇගැයීමට ලක්වුණා.
බොහෝ පිරිසක් ‘තුමිඳු දොඩන්තැන්න’ කියන මාව අඳුනාගත්තේද කූඹියෝ හරහායි. කූඹියා කළ ඒ පෙරළිය නිසා කෙටි කලක් තුළ තුමිඳු දොඩන්තැන්න විසින් මෙච්චර හරියක් කළාය යන ඔබ කී අර විශේෂය සමහර විට මා වෙත යොමු වුණා වෙන්න පුළුවන්.
කොහොමත් තුමිඳු, ‘ඔබ ගැන’ ඔබ තෘප්තිමත් බව පෙනෙනවා?
ඇත්තෙන්ම ඔව්. මම මා ගැන සතුටු වෙනවා.
රංගවේදියකු ලෙස සම්මානයෙන්ද, ප්‍රේක්‍ෂක ප්‍රතිචාරයන්ද මා ලද ඇගැයීම තුළ මම බොහොම තෘප්තිමත්. මා ගැන වෙහෙස වන මට ඇලුම් කරන රසිකයන්ට මම මගේ හෘදයංගම ස්තුතිය තිළිණ කරනවා.
ඔබේ අලුත් ඉලක්ක හෝ බලාපොරොත්තු ගැන කියනවා නම්?
කලා ලෝකය තුළ තව ඉදිරියට යන්න හොඳ නිර්මාණවලට දායක වෙන්න මම බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් වේදිකාව තුළ යමක් කරන්න ආසයි. ඒ වගේම මගේ වෘත්තිය තුළ සාර්ථක පුද්ගලයකු වන්නටත් පවුල යන සොඳුරු පසුබිම තුළ හොඳ සැමියකු මෙන්ම පියකු ලෙස සැබෑ ජීවිතය තුළ සාර්ථකව දවස ගෙවීමටත් මම නිතර වෙහෙස වන බව කිව්වොත් ඔබේ ප්‍රශ්නයට මම දිය යුතු උත්තරය සම්පූර්ණ වෙනවා.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

විවාහයට ගින්දර දෙන සැඟවුණු රහස්

Next Post

වියත් මග එන්න හදන මග

MORE NEWS

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News
Heart

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

Load More
රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

දැනට විමර්ශනය කෙරෙමින් පවතින ආන්දෝලනාත්මක සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් අතිශය වැදගත් තොරතුරු රැසක් අනාවරණ කරගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ අල්ලස්...

Read more
නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…!  Sri Lanka Latest News

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…! Sri Lanka Latest News

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.