• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ජෝක් නොවී ජෝක් දාන අංකල් බෙනා

March 28, 2021
in Heart
Reading Time: 2 mins read
A A
ජෝක් නොවී ජෝක් දාන අංකල් බෙනා
Share on WhatsAppShare on Facebook

⬤ ප්‍රහසනය එන්නෙ මගෙ ඇඟෙන්මයි…

⬤ කවදාවත් ප්‍රහසනයක් හෑල්ලු වෙලා නෑ…

⬤ අවුරුදු 30ක් මම ඉගැන්නුවා…

මහේෂ් රත්සර මද්දුමආරච්චි සහ තොන්ත සොයිසා යන සුසංයෝගය ටෙලි කලාව තුළ යම් ආකාරයක නමක් තැබුවේ ආරම්භයේ සිටමය. ඒ සිත්කලු සුසංයෝගය තුළ ජනප්‍රිය වූ තවත් එක් ටෙලියක් වන්නේ ‘පබළු’ය.
‘පබළු’ ටෙලිය කොයිතරම් ජනප්‍රිය වුණාද.., ඒ තරමටම ‘බෙනට්’ හෙවත් ‘බෙනා මාමා’ද ප්‍රේක්‍ෂකයන් අතර අසීමිතව ජනප්‍රිය විය.
‘බෙනා මාමා’ ලෙස රඟපෑවේ ප්‍රියන්ත සෙනෙවිරත්නය.
ප්‍රියන්ත වේදිකා රංගනය තුළ අති දක්‍ෂ චරිතාංග නළුවෙකි. වරෙක ‘බෙනා මාමා’ වැනි කවටයෙකි. තවත් විටෙක ‘කතන්දර පිටුව’ අලංකාර කරන ‘කතන්දර මාමා’ වැනි නිරූපණයන් රඟදක්වන ඔහු ළමා ළපටීන් අතර ජනප්‍රියම මිතුරෙකි.
සරලවම කියනවා නම් ‘ප්‍රියන්ත සෙනෙවිරත්න’ විවිධාකාර හැකියාවන් තුළ විස්කම් මවන්නෙකි.
මේ… ‘හාට්’ සමඟ ඔහු මොහොතකට දොඩමලු වූ විරාමයයි.


🔴 මේ දවස්වල ඔබ රූපවාහිනී සේවා කිහිපයක්ම හරහා ආලින්දයේ සැරිසරනවා?
ඔව්… ‘බස්එකේ ස්කෝලේ,’ ‘සොමිබර ජරමර,’ ‘ආර්ය වංශිකයෝ’ සහ ‘හිරු සුපර් ඩාන්සර්’ ඔස්සේ මම හවස් යාමයට ප්‍රේක්‍ෂකයන්ගේ නිවෙස්වලට ගොඩබහිනවා. ඒ අතර අලුත් ටෙලිනාට්‍ය දෙක තුනක රූප ගතකිරීම්වලටද සහභාගි වීමට නියමිතයි.
🔴 ඒ කියන්නේ ඔබ හැමදාමත් ටෙලි කලාව තුළ සුපිරි චරිතයක්?
අනේ මන්දා… ඔබ එහෙම අදහස් කරනවා නම්, ප්‍රේක්‍ෂකයා ඒ මතම හිතනවා නම් ඒක මට ලොකු සතුටක්.
🔴 කා අතරත් ඔබ කතාබහට ලක්වුණේ ‘පබළු’හී ‘බෙනා මාමා’ නිසා නේද?
බොහෝ දුරට එයට දිය යුතු උත්තරය වන්නේ ‘ඔව්’ කියන වචනයයි. ‘බෙනා මාමා’ කොයිතරමට ජනප්‍රිය වුණාද කියනවා නම් ‘මහේෂ් රත්සර මද්දුමආරච්චි’ ‘බෙනාව එයාගේ තිරනාටකය තුළ පස්සෙ පස්සේ නැතුවම බැරි චරිතයක් බවට පත්කරවන රූප රාමු පවා ඇතුළත් කළා.
‘පබළු’ අවසන් වී වසර ගණනක් ගෙවිලත් ‘බෙනා මාමා’ තවමත් මඟතොටදී ජනප්‍රියයි?
ඔව්… තවමත් ‘බෙනා මාමා’ යන නාමයෙන් ප්‍රේක්‍ෂකයන් මාව අමතනවා.., එයට ප්‍රතිචාර දක්වනවා. ‘පබළු’ දෙවැනි, තුන්වැනි වතාවට ගිය මොහොතේ පවා පළමු වතාවට වැඩි ප්‍රතිචාර ලැබුණු බවයි මට හැඟුණේ.
🔴 ඇතැමුන් ඔබේ ප්‍රහර්සනය උපහාසයට ලක්කරන අවස්ථා තියෙනවාද?
මෙහෙමයි.., ප්‍රේක්‍ෂකයන් යන විෂයටද විවිධාකාර මට්ටමේ අය එකතු වෙනවා. ඒ අතර ළඟට ඇවිදින් ඉතාම ගෞරවනීය ලෙස මගේ රංගන හැකියාව වර්ණනා කරන අයද විනෝදකාමී ආකාරයට ප්‍රතිචාර දක්වන අය වාගෙම උපහාසයට වාගේ හැංගිලා ඉඳලා කෑගහලා වාගේ ටිකක් අමුතු විදියට තම තමන්ගේ ප්‍රතිචාරය දක්වන්නන්ද සිටිනවා. එය උපහාසයක්, අපහාසයක්ද දන්නේ නැහැ. හැබැයි මම එය පිළිගෙන නිහඬ වෙනවා එච්චරයි.
🔴 ඔබ ගුරුවරයෙක්.., ‘බෙනා මාමා’ වැනි චරිත එම තනතුරට බාධාවක් වුණේ නැද්ද’
කවදාකවත් නැහැ.., විiා සහ තාක්‍ෂණය යන විෂය තුළ මම වසර තිහක් පමණ ගුරු සේවයෙහි නිරත වුණා. කිසිම දවසක ප්‍රින්සිපල් මහත්තයා හෝ මා සමඟ සිටි සිසුන් අතර මම අපහසුවට පත්වෙලා නැහැ. ‘වයිස් ප්‍රින්සිපල්’ තනතුර තුළද මම පසුකාලීනව පාසල් කිහිපයක සේවය කළා… එතැනදී පවා මම කවදාකවත් මගේ ප්‍රහර්සනාත්මක චරිත රංගනය නිසා හෑල්ලුවට ලක්වී නැහැ. ඒ වාගේම මගේ හොඳම විචාරකයන් සහ විවේචකයන් වූයේද මා සේවය කළ පාසල්වල ගුරු මඬුල්ල සහ සිසු සිසුවියොයි.
🔴 ප්‍රහර්සනයට ඔබ යොමු වූයේ කොහොමද?
ප්‍රහර්සනයට යොමු වුණේ නැහැ… එය මා වෙත පැමිණියේ මා තුළින්මයි. මගේ ඇඟේ සිටි ප්‍රහර්සන රංගනවේදියා මට කතා කළා. මම එයට ප්‍රතිචාර දැක්වූවා. හැඩ වැඩ වී ප්‍රේක්‍ෂකයා ඉදිරියට එය ගෙන එන්නේ ප්‍රියන්ත සෙනෙවිරත්න වන මමමයි. මොකද, කිසිවිටෙක එය හැදෑරීමකට ලක්වූයේ නැහැ. එය සහජ හැකියාවක්.
🔴 වේදිකාව තුළ ඔබ වඩා යොමු වූයේ චරිතාංග රංගනයට?
ඔව්… හාස්‍ය තුළ මම වේදිකාවේ රැඟූ වාර ගණන අවමයි. ‘මහාඝාත,’ ‘ත්‍රිත්ව,’ ‘බිසෝ,’ ‘වළලු,’ ‘සැණකෙලි,’ ‘ගුරු තරුව’ සහ ‘යක්ෂාගමනය’ යන සියලු නිර්මාණයන් තුළ මම ප්‍රවීණයන් හමුවේ කළු-සුදු චරිත මෙහෙවරක යෙදුණා. ඒ වාගෙම මෙතැනදී කිවයුතු තව යමක් තිබෙනවා. මගේ සමහර ප්‍රහර්සනයන් තුළද මම සංකීර්ණත්වය පිළිබිඹු කළ අවස්ථාද තිබුණා. ‘පිනි’ සහ ‘පොඩි මාමා’ ටෙලිනාට්‍යයන් එයට හොඳ නිදසුනක්. සම්භාව්‍ය චරිත රංගනයන්ට මම ප්‍රියයි. ඒ වාගේම ඇතැමුන්ට කරන්නට අපහසු අනුන් හිනස්සන චරිතයන් තුළින්ද මා ලබන ආශ්වාදය අපමණයි.
🔴 ඔබ දරුවන් අතරද අපූරු ප්‍රියතමයෙක්?
ඔව්… මම ළමා වැඩසටහන් ආරම්භ කළේ ජාතික රූපවාහිනියේ කතන්දර පිටුවෙන්. එයට පසු ‘ඩේන්ටි රස පැන’ හරහා විවිධ වැඩසටහන් කළා. වත්මනෙහි ‘හිරු සුපර් ඩාන්සර්’ යන නමින් මා නියුතුව සිටින්නේද පොඩිත්තන් පිරිවරාගත් රියැලිටි වැඩසටහන් මාලාවකටයි. ඇත්තෙන්ම දරුවන් සමඟ ගැවසීම හරිම සුන්දර දෙයක්.
🔴 නාට්‍ය සහ රංග කලාව පිළිබඳ පන්ති පාඨමාලාවක් පැවැත්වීමට ඔබ සූදානම් වෙනවා කියා ආරංචියි?
පාඨමාලාවක් කියන්නේ, මම කැමැතියි… මට සහජයෙන් ලැබුණු දේ ආධුනිකයනට බෙදා දෙන්න. අපේ ගෙදරම තියෙනවා ‘ස්වාර භූමි’ කියලා රංගන පාසලක්. අනුලා විද්‍යාලයේ හින්දි භාෂාව පිළිබඳ සංගීත විශාරදවරියක් වන මගේ නෝනා කාංචනා කාරියප්පෙරුම තමා එය මෙහෙයවන්නේ. පාසල් වේලාවෙන් පසුව ඈ එහි හින්දි භාෂාව සහ පෙරදිග සංගීතය ගැන පන්ති පවත්වනවා. ඉතින් මටත් හිතුණා, මා තුළ වන දැනුම බෙදාදෙන ආයතනයක් මෙහි පවත්වනවා නම් හොඳයි කියලා. කොරෝනාව හරිහැටි සමථයකට පත්වූ වහාම මම එය ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙනවා.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ලංකාවෙන් සොරාගත් 18 වන සියවසේ මිල කළ නොහැකි බුදුපිළිම 2ක් අමෙරිකාවෙන් මතුවෙයි (PHOTOS)

Next Post

මම වැඩේට බැහැලමයි ඉන්නෙ

MORE NEWS

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News
Heart

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News
Heart

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News
Heart

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News
Heart

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News
Heart

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News
Heart

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News

Load More
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

ගාල්ල පොලිස් වසමෙන් වාර්තා වූ දේපළ සොරකමක සැකකරුවෙකු ලෙස නම් කර සිටි පුද්ගලයෙකුට අමානුෂික අන්දමින් පහරදීමේ සිදුවීමක් ෆේස්බුක් (Facebook) ඇතුළු...

Read more
‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.