• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ජනිත්ගේ කටඋත්තරය

November 13, 2019
in Heart
Reading Time: 1 min read
A A
ජනිත්ගේ කටඋත්තරය
Share on WhatsAppShare on Facebook

ඔහු අපේ කලා ක්ෂේත්‍රයේ ආදරණීය යුවළක් වන ආනන්ද වික්‍රමගේ සහ මානෙල් වානගුරුගේ වැඩිමල් පුත් ජනිත් වික්‍රමගේ. ජනිත්ගේ මල්ලි තමයි සංකේත් වික්‍රමගේ. හරි සුන්දරම පවුලක් තමයි මේ. කලාව වෙනුවෙන්ම කැපවුණ දක්ෂ නිර්මාණශීලී පවුලක්. ජනිත් පසුගියදා ලංකාවේ හීරෝ කෙනෙක් එක්ක ගේමක් ඉල්ලලා තියෙනවා. ඇත්තටම මොකක්ද මේ කතාව කියලා අපි හොයලා බැලුවා.
ඩිලීට පාරේ බැහැලා යන්න බැරි තරමට ප්‍රතිචාර ලැබෙන බව ආරංචියි?
ඩිලී චරිතය කළ මට විතරක් නෙමෙයි සිංහල සිනමාවට හැරවුම් ලක්ෂ්‍යයක් කියලා මම හිතනවා ‘රෂ්’ චිත්‍රපටය. මොකද සිනමා ශාලාවලින් ඈත්වෙලා ගිය ලොකු පිරිසක් නැවැත සිනමා ශාලාවලට ගෙන්වීමට ‘රෂ්’ චිත්‍රපටයට හැකි වුණා. ඉතින් ඒ හරහා ඩිලී ගැනත් හැමෝම කතාබහ කිරීම සතුටක්. ජැක්සන් ඇන්තනී මහතා පවා ඩිලී චරිතය ගැන අදහස් පළකර තිබුණා.
ජනිත්ගේ මේ හොඳම කාලය වෙන්න ඇති රිදී තිරයේ තාරකාවන් අතර වැජඹෙන්න?
මමත් එහෙම හිතනවා. මම සිනමාවට සම්බන්ධ වුණේ ‘හිරිපොද වැස්ස’ චිත්‍රපටය හරහා. ඉන්පසු චිත්‍රපට කිහිපයකටම සම්බන්ධ වුණා. නමුත් ‘රෂ්’ චිත්‍රපටය වගේම සුරංග ද අල්විස් අධ්‍යක්ෂණය කරන ‘ද ගේම්’ චිත්‍රපට මගේ ඉදිරි කලා දිවියට ලොකු ආලෝකයක් ලබාදෙයි කියලා මම විශ්වාස කරනවා.
‘ද ගේම්’ චිත්‍රපටයේ සිනමාවේ හීරෝ එක්ක රඟපාන්න ජනිත්ට බයක් හිතුණේ නැද්ද?
මම රංජන් අයියා එක්ක මෙයට කලින් ‘හිරිපොද වැස්ස’ චිත්‍රපටයේ වැඩ කළා. නමුත් එහි පොඩි දර්ශන තලයක තමයි රන්ජන් අයියා අපි සමඟ රඟපෑවේ. ‘ද ගේම්’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය මමත්, රංජන් අයියත් රඟපාන්නේ. හිතට බයක් නොතිබුණා නෙමේ. මම දර්ශන තලයට ගියෙත් ඒ චතිතය තියාගෙන. දර්ශන තලයේදී රංජන් අයියාගෙන් මට ලොකු සපෝට් එකක් ලැබුණා මගේ චරිතය ගොඩනඟා ගැනීමට.
SI අජේගේ වැඩකිඩ කවදාද අපිට දැකගන්න පුළුවන්?
‘ද ගේම්’ චිත්‍රපටයේ රූපගත කිරීම්වල අවසාන අදියරේ කටයුතු කරගෙන යනවා මේ දවස්වල. SI අජේ විතරක් නෙමේ SI විජේගේ වැඩ කිඩත් නොදැකපු පැත්තකින් ලබන වසරේ දැකබලා ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. මමත් රංජන් අයියත් පොලිස් නිලධාරීන් දෙන්නෙක්. මම පළමු වතාවට පොලිස් නිල ඇඳුම ඇන්දේ.
ජනිත් විවිධ ප්‍රසංගවල සහාය වෙමින් වැඩ කරනවා. ඒත් තවම අදහසක් නැද්ද ඔබේ අම්මයි, තාත්තයි වෙනුවෙන් උපහාර උළෙලක් පවත්වන්න?
ඒක මගේ ලොකු ආශාවක්. මගේ මවුපියන් වෙනුවෙන් උපහාර උළෙලක් පවත්වන්න. එයාලට දෙයක් කළ යුතු තැන මමත් ඉන්නවා. ජීවත් වෙලා ඉන්න කාලේ අපේ ප්‍රවීණ ශිල්පීන් කිසිම කෙනෙක් ඇගැයීමට ලක්කරන්නේ නැති බව මමත් දකිනවා. එය ලොකු වැරැද්දක්. මේ ලෝකෙන් සමුගත්තට පස්සේ මොන උපහාර කළත් ඔවුන් සතුටු කරන්න බැහැ. ඉන්නකොට කිසිම වටිනාකමක් නැහැ. නැති වුණ කාලේට ඔවුන් වෙනුවෙන් විවිධ උපහාර කරනවා. ඉතින් මගේ මවුපියන් අපිට වටිනවා. ඒ නිසා මමත්, මල්ලිත් එකතුවෙලා අම්මයි, තාත්තයි වෙනුවෙන් දෙයක් කරන්න තමයි හිතාගෙන ඉන්නේ.
අපි දන්නා විදියට මවුපියන්ගේ සතුට ලේලිලා, බෑණලා, මුනුපුරාලා දකින්නයි. ඉතින් ජනිත්ගේ අම්මත් ලොකු බලාපොරොත්තුවකින් ඉන්නේ ඒ සිහිනය සැබෑකරගන්නද?
මොකද නැත්තේ. කාලයක් එක්ක හැමදේම සිදුවෙයි. මොකද නිසි සැලැසුමක් නැතුව වැඩ කරලා අමාරුවේ වැටෙන්න මම කැමැති නැහැ. මේ වෙලාවේ හැටියට මම මවුපියන් එක්කවත් ඉන්න කාලයක් නැහැ. ඉතින් මගේ වෘත්තිය තේරුම් අරගෙන මට වගේම මගේ මවුපියන්ටත් ආදරය කරන දුවෙක් හමුවුණදාට හැමදේම ඉටුවෙයි.
ජනිත් අද සමාජයේ බහුතරයක් කරන්නේ තව කෙනෙක් ගොඩයන්න හදනකොට කකුළෙන් අදින එකයි. මේ ගැන ඔබේ අදහස මොකක්ද?
මෙහෙමයි. අපි මේ ඇවිත් ඉන්නේ ඉතාම කෙටි කාලයකටයි. අප කළ යුත්තේ තව කෙනෙක්ට වළ කපන එක නෙමෙයි. ඔහුව ගොඩගන්න එකයි. හැබැයි දන්නෙම නැහැ අනුන්ට වළ කපන්න ගියාම තමන්ම නොදැන ඒ වළේ වැටෙන බව. අපි හැමෝටම හීන තියෙනවා. ඒ හීන බලාපොරොත්තු එක්ක තමයි මිනිසුන් ජීවත් වෙන්නේ. ඉතින් ඔවුන්ට ශක්තියක් නොවී ඒ හීන බොඳ කරන්න උත්සාහ කළාම දන්නෙම නැතුව ඔහුගේ ජීවිතයේ තිබෙන බලාපොරොත්තු හීන බොඳවෙලා යනවා.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

නුග කොළ රන්පත් කළ හෙළයේ රූමතිය

Next Post

බලගතු බෝධි පූජාවක් තියන්නේ කොහොමද

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.