• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

කෙකර නොගෑවට මම කුකුළා

March 20, 2021
in Heart
Reading Time: 3 mins read
A A
කෙකර නොගෑවට මම කුකුළා
Share on WhatsAppShare on Facebook

⬤ මඟතොටේදිත් කොල්ලො කුරුට්ටො ‘අන්න අන්න කුකුළා යනවා’ කියලා කියනවා…

⬤ වැඩේ දන්න නිසා ගෙදර පවුල ෂේප්; නැත්නම් කුකුලා කියද්දි මොන නෝනද හිනා වෙන්නෙ…

⬤ වැඩේ හබක්ද කියලා මගේ හිත ගැස්සුණා…

ආලින්දයේ සිනමාව හමුවේ අසුන් ගන්නා කා අතර වුවද මේ දවස්වල ජනප්‍රියම ටෙලි අතළොස්ස අතර එකක් වන්නේ ‘නාඩගම්කාරයෝ’ ය. ඒ ‘නාඩගම්කාරයෝ’ සමඟ රඟපාන චරිතයන්ද හැම එකක්ම පාහේ ප්‍රේක්‍ෂකයන්ගේ එදිනෙදා කතාබහට මාතෘකාවක් වන තරමට හිතට කාවැදී ඇත. සරලව කියනවා නම්, කෝච්චියේ, බස් නැවැතුමේ වාගේම කාර්යාලයේ කැන්ටිම තුළ සහ වෙළෙඳපොළේද නාඩගම්කාරයන්ගේ කෙරුවාව රජ ගමනක යමින් සිටිති. ඒ සියලු සිදුවීම් අතර සරා තරමටම ජනප්‍රිය තවත් චරිතයක් වන්නේ ‘කුකුළාය..,’ ‘කුකුළා’ හෙවත් ‘කුකුළා මුදලාලි’ගේ චරිතයට පණ පොවන ගිරිරාජ් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නොම්මර එකේ කවටයෙකි. එහෙමත් නැත්නම් විකටයෙකි. විහිළුවක් කරන්නට පළමුවම විහිළුවට ඔහු අරඅඳින විටම ප්‍රේක්‍ෂකයන්ගේ ඉල ඇදී හමාරය. බලහත්කාරයෙන් වාගේ ප්‍රේක්‍ෂකයන් හිනස්සන කලාවට විරුද්ධ ඉසව්වක සිටින ගිරිරාජ්ව, මඟතොටකදී දකින කල ද හිනා වෙන්නට දන්නේ නැති මිනිසුන්ටද හිනා එන්නේය. ඒ අද්විතීය වූ ප්‍රහර්සනයට අමතරව ගත් කලද ගිරිරාජ් කෞශල්‍ය’ අග්‍ර ගණයේ චරිතාංගමය රංගනවේදියෙකි. මෙවර ‘හාට්’ හී කලා රසය බෙදා දීමට අප ඔහුටද ආරාධනා කළෙමු.

🔴 කොහොමද දැන් ඔබව අමතන්නේ ගිරා කියන්නද? කුකුළා කියන්නද?
ආපෝ… කුකුළා කියන නම නම් හැම තැනකම දැන් පට්ට ගැහිලා තියෙන්නෙ. මඟතොටේදිත් කොල්ලො කුරුට්ටෝ ‘අන්න අන්න කුකුළා යනවා’ කියනවා… හයිෆයි විදියට ඇඳලා පැලඳලා යන බවලත්තු පවා ‘ඒයි මේ අන්න කුකුළා යනවා…’ කියනවා. ඇත්තටම කෙකර නොගෑවට කුකුළාගේ නම මට රෙජිස්ටර් වෙලා ඉවරයි දැන්.
🔴 අමනාපයිද ඔබට ඒ විදියට ‘කුකුළා’ කියනවට?
මොන පිස්සුද.., පුදුම කික් එකක් හිතට දැනෙන්නේ. රූගත කිරීමකට ඇවිදින් ඉන්න මේ හොටෙල් එකේ කාර්ය මණ්ඩලයේ තරුණ වාගේම වැඩිහිටි අයත් මාත් එක්ක සෙල්ෆි ගහලා ඒ පෝස්ට් එක ෆේස්බුක් එකට දාන්නේ ‘කුකුළා සමඟ සෙල්පියක්’ කියලයි. ඇත්තටම මම මිනිසුන්ට එහෙමත් නැත්නම් ප්‍රේක්‍ෂකයන්ට එච්චර ෆන් එකක් දීලද කියන හැඟීම හිතට දැනෙන කොට රංගනවේදියකු හැටියට ඒක මට මහ විශාල ආත්මතෘප්තියක්. කලාකරුවකු හැටියට තව මොනවද මට ඕනෑ කියන හැඟීම මගේ යටිහිතට ඒ මොහොතෙම දැනෙනවා.
🔴හිතුවෙ නැද්ද ‘කුකුළා’ ඔය විදියට ‘හිට්’ එකක් වෙයි කියලා?
පළමු රූගත කිරීම් කරන කොට නම් හිතුණේ නැහැ… හැබැයි ‘නාඩගම්කාරයෝ’ හතර – පහ කොටස් යන කොටම ඒක මඟතොටදී දැනෙන්න ගත්තා. හරියටම කියනවා නම් ‘හිට්’ වුණේ පළමුව ‘නාඩගම්කාරයෝ’. ඉන්පස්සේ තමයි ‘කුකුළා’ හිට් වෙන්න ගත්තේ.
🔴‘අන්න අනේ කුකුළා යනවා’ කියලා බවලත්තු හැරිලා බලන කොට ‘නෝනා’ බකට් එකක් පෙරළුවේ නැද්ද?
මොන බකට්ද..? එයාටත් මැරෙන්න හිනා.., වැඩේ දන්න නිසා ෂේප්… නැත්නම් ඉතින් මොන නෝනද අහල පහළ නෝනලා මහත්තයට ‘අන්න අනේ කුකුළා යනවා’ කියන කොට හිනා වෙන්නේ.
🔴කොහොමත් ඔබ දනවන හාස්‍ය රසය නිසා නේද ‘කුකුළා’ ඒ තරමට ලේබල් එකක් වුණේ?
‘නාඩගම්කාරයෝ’ කියන්නේ ඉතින් සම්පූර්ණ හාස්‍යයම තමයි… හැබැයි ඒ හාස්‍යයට ඇතුළතින් තියෙන්නේ සමාජමය වශයෙන් සත්‍යය පිටු නොදකින කළු-සුදු චරිත පෙළක්. ඇත්තෙන්ම සද්ධා මංගල සූරිය බණ්ඩාරට වාගේම, ශිව ගුරුනාදන්ට, චාමර සමරවික්‍රම ඇතුළු ස්වර්ණවාහිනි ආයතනයට මම ස්තුති කරනවා. ‘නාඩගම්කාරයෝ’ අලංකාරව නිමකර ගන්නට අවස්ථාව දෙනවාට සහ එයට මගේ දායකත්වය ලබා ගත්තාට.
🔴මේ සාර්ථකත්වයට හේතුව කුමක්දැයි ඇසුවහොත් ඔබ දෙන පිළිතුර?
පළමුව මෙහි වෙනස්ම ආරක් ගත් තිර පිටපත, දෙවනුව අපට රිසිසේ රඟන්නට කියා… නිදහස දුන් අධ්‍යක්‍ෂ ශිව ගුරුනාදන්ගේ සියුම් පෙළහර… එයට පසුව දායකත්වය දුන් එකිනෙකාට පරාද නොවන රංගන ශිල්පීන්ගේ කදිම රංගනය.
🔴‘රිසිසේ රඟන්නට දුන්නාය’යි කියන්නෙහි තේරුම?
ශිව ගුරුනාදන් සෙට් එකට ඇවිදින් ‘ගිරා… මේ කොටස මෙහෙම වෙන්න ඕනෑ.., ගිරා… මෙතැනදී ටිකක් අඩුවෙන් හිනාවෙන්න.., අතන ඔයා ඉන්න ඕනෑ, මෙතැන මෙහෙමය කියා මට කිව්වේ නැහැ. සීන් එකේ අන්තර්ගතය මේකයි. දැන් ඔයාලා නිදහසේ වැඩේ කරන්න. මා ඇතුළු සියල්ලන්ට ඔහු එහෙම කීවා. මම හිතන විදියට ඒක ‘සෙට්’ එකක් නෙවේය කියන හැඟීම මා ඇතුළුව අනෙක් හැමෝටම දැනෙන්න ගත්තා. අපි ‘නාඩගම්කාරයන්’ට ජීවය දුන්නේ අන්න ඒ හැඟීම හරහායි.
🔴මෙතරම් අපූරුවට ඔබ ප්‍රහර්සනයට නැඹුරු වූයේ කොහොමද?
නැඹුරු වීමක් එතැන තිබුණේ නැහැ… සිදුවූයේ කවටයකු මා තුළ බිහිවීමයි. එහි ආරම්භය වූයේ මම වයස අවුරුදු 6-7ක කොලුගැටයකු අවධියේදීමයි. ඒ දවස්වල අපේ ආච්චි අම්ම හරිම පික්චර් පිස්සියක්. සිසේන විමලවීරගේ චිත්‍රපටවල පවා ඈ සුළු චරිතයක් දෙකක් කළා. අපි පදිංචිව හිටියෙ කොළොන්නාවේ. ඒ පැත්තේ චිත්‍රපට හෝල් හුඟාක් තිබුණා… දෙමටගොඩ මානෙල්, සමන්තා, රුක්මණී කියන හෝල් අතර බොරැල්ල ලිඩෝ එකත් තිබුණා. ෂෝට්කට්වලින් පයින් යන දුර. ආච්චි අපිව අරං ගියේ එයාගෙම සල්ලිවලින්. වැඩිපුරම බැලුවේ දෙමළ චිත්‍රපට. මගේ හිත වැඩිපුරම ගියේ ඒවායේ තිබුණු කොමඩි සීන්වලටයි. ඔන්න ඉතින් මම ඒවා බලලා ඇවිදින්… මූණපුරා පියරු ගාගෙන දිය සායම්වලින් රැවුල් ඇඳගෙන අර දෙමළ නළුවෝ කරපු කොමඩි සීන් ගෙදර කරනවා. අපරාදේ කියන්න බැහැ හරි ටොප් එකට වැඩේ කෙරෙනවා කියලා දැනුණේ ආච්චි අම්මයි, අපේ අම්මයි ඇතුළු ගෙදර කට්ටිය උඩ පැන පැන හිනා වෙන කොටයි. ඇත්තටම මගේ රංගන හැකියාවට ඇංකෝර් එක දැම්ම පළමු පිරිස මගේම ගෙදර අය.., ඒ වාගෙම ගම, පාසල වාගේම තරුණවියට ආවාට පස්සේ වැඩබිම තුළ පවා මම හොඳ විකට නළුවකු වුණා.
🔴 රඟපෑමේ උමතුව තවමත් ඔබ වෙත ඇවිත් නැහැ එතකොට?
කොහො-මටවත් නැහැ.., චිත්‍රපට බැලුවට නළු පිස්සුවක් තිබුණේ නැහැනේ. පළමුව රංගනයකට හිත ගියේ වේදිකාවට. ප්‍රසන්ජිත් සූරිය ආරච්චිගේ ‘දුක්ගන්නා රාළ’ එතකොට මම විවාහ වෙලා ලොකු දුවත් ඉපදිලා.
🔴 ටෙලි තිරයට පය තැබුවේ ‘නාමල්ගොල්ල’ තුළින්?
ඔව්… සතිස්චන්ද්‍ර එදිරිසිංහගේ ආරාධනයකට නාමල් ගොල්ලෙන් ආලින්දයේ සිනමාවට පය තිබ්බා.
🔴 නොසිතූ ලෙස ඔබට ඉල්ලුම ආවා?
ඔව්… හිතුවේ නැහැ ප්‍රේක්‍ෂකයනට ‘ගිරා’ව මේ තරමට වදීවී කියලා.
🔴 ‘සිකුරු හත’ට ගියේ ලකී සෙවන් නම්බර් එකක් අරගෙනයි?
ගියේ නැහැ. ‘සිකුරු හතේ’ වාසනාව මාව හොයාගෙන ආවා. පළමුව ඔවුන් මට කියලා තිරපිටපත ලියාගෙන ඒ වැඩේ නිමකරගෙන යන්න ගියා. ආයෙම ඔවුන් මාව හොයාගෙන ආවා. ඇවිදින් එහි අධ්‍යක්‍ෂණය මට බාර දුන්නා.
🔴 සුපිරි පිම්මක් ඔබ ඒ පැන්නේ. කොහොමද හිටිගමන් දින සියය පසුකළ චිත්‍රපටයක් හැදුවේ?
හිටිගමන් කියන්නට බැහැ. මට සහාය අධ්‍යක්‍ෂණය ගැන හොඳ දැනීමක් තිබුණා. සෝමරත්න දිසානායකගේ ‘පුංචි සුරංගනාවි’ ඇතුළු චිත්‍රපට කිහිපයකම සහාය අධ්‍යක්‍ෂණය කළේ මමයි. අන්න ඒ දැනීම මතයි මම එය බාර ගත්තේ. තිරපිටපත ලියන මොහොතේම මම ‘සිකුරු හතේ’ චිත්‍රපටයට අවශ්‍ය රූප රාමු හිතින් මවලයි තිබුණේ. එහි අධ්‍යක්‍ෂණය මට ලැබේය කියලා හිතලා නෙවෙයි ඒ රූප රාමු මැවුවේ. රූප රාමුව මවන කොට පිටපත සාර්ථක වෙන නිසයි ඒ මනෝලෝකේ හිටියේ. අන්තිමේදී එය මටම ලැබුණා. ඉතින් තව මොනවද හිතේ මැවුණු රූපරාමු ටික සජීවීව නිර්මාණය කළා.
🔴 ‘සිකුරු හතේ’ එච්චරටම රසිකයට දැනෙයි කියා හිතුවද?
කොහොමටත් නැහැ. වැඩේ තියෙන්නේ ඉන්දියාවේ ලැබ් එකක ‘සිකුරු හතේ’ පළමුවෙන් බැලුවේ රවීන්ද්‍ර ගුරුගේ, ශිව ගුරුනාදන්, විජය නන්දසිරි, රුවන් කොස්තා සහ මම ඇතුළු පිරිසයි. ඔය හැමෝම ‘සිකුරු හතේ’ නිර්මාණකරණයට අදාළ අය සැරින් සැරේට මම චිත්‍රපටය බලන අතරතුර මුංගේ මුහුණ බලනවා. දෙයියනේ මුං එකෙක්ටවත් හිනා යන්නේ නැහැ. ‘වැඩේ හබක්ද? කියලා මගේ හිතත් ගැස්සුණා. වැඩේ ඉවර වුණාම මම ඇහුවා, උඹලට හිනා ගියේ නැත්තේ ඇයි වදේ කියලා.., එතකොට හැමෝම මූණට මූණ බලාගත්තා. ‘අඩේ හිනා ගියේ නැහැ නේන්නම්’ කියලා කිවුවා. එන්න එතැනදී තමයි කට්ටියම ඇති වෙන්නම හිනාවුණේ. හේතුව මොකක්ද? හැම කෙනෙක්ම ඉඳලා තියෙන්නේ ‘තමන්ගේ ඩියුටිය හරියට කළා නේද? කියන තිගැස්ම මතයි… චිත්‍රපටය ඉවර වෙනතුරු ආපු නැති හිනාව ඉන්පස්සේ දෝරගලලා ගියේ වැඩේ සැටිස් නිසයි. ඒ වාගේම ‘ෆ්‍රෙෂ් ෂෝ’ එක දවසේ මාධ්‍ය මිත්‍රයෝ ඇතුළු අනෙකුත් ප්‍රේක්‍ෂකයෝ ඒක බලලා හිනාවුණු හිනාවිල්ලයි, දුන්න ඇංකෝර් එකයි දැක්කම මම හිනාවුණේ කඳුළුත් එක්කමයි. ඒ කඳුළු, ඒ සිනහව උරුම කරලා දෙන්න මට පන්නරය දුන්න සමීපතමයන් අතර විජය නන්දසිරි, රොඩ්නි වර්ණකුල, ශිව ගුරුනාදන්, අති විශේෂයි. ‘නෝනාවරුනි, මහත්වරුනි’ ටෙලිනාටකය හරහා මාව ‘ප්‍රහර්සනාත්මක, අධ්‍යක්‍ෂවරයකු කරලීමට ඔවුන් එක්ව තනාදුන්නේ හොඳ පසුබිමක්. ඒ පසුබිම මත තමයි ‘ගිරා’ සාර්ථක වුණේ.
🔴 ඔබේ ඊළඟ වෑයම කුමක් විය හැකිද?
ඊළඟ වෑයම නිමකොට හමාරයි. අවුරුදු තුනකට කලින් මම අධ්‍යක්‍ෂණය කළ ‘කතුරු මිතුරු’ චිත්‍රපටය, පාස්කු බෝම්බය නිසාත්, කොරෝනා රැල්ල නිසාත් තිරගත කිරීමට බැරි වුණා. ඉතින් මම බලා ඉන්නවා සියලු විධිවිධාන සූදානම් කරගෙන ‘කතුරු මිතුරු’ මගේ ප්‍රේක්‍ෂකයනට පෙන්වන්න.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

රත්මලානේ සිසුවකු අතුරුදන්! පොලිසිය බුද්ධි අංශ පළාතම පීරයි!!

Next Post

මහජන බැංකුව ඉතිහාසයේ ඉහළම ශේෂපත්‍ර වර්ධනය වාර්තා කරයි

MORE NEWS

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News
Heart

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News
Heart

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News
Heart

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News
Heart

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News
Heart

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News
Heart

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.