• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

කට මාව කොටු කළා! Sri Lanka Latest News

October 5, 2025
in Heart
Reading Time: 2 mins read
A A
කට මාව කොටු කළා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

තත්සරණි පියුමිකා කියන්නේ පියුමක් බඳු සොඳුරු රුවැත්තියක්. මේ තරුණ රුවැත්තියව පුංචි කතාබහකට එකතු කරගන්න ටිකක් විතර වෙහෙසෙන්න වුණේ ඈ මේ දවස්වල අලුත් තාලේ වැඩ කිහිපයකට හිරවෙලා ඉන්න නිසයි. කොහොමින් හරි ඔන්න අපි තත්සරණිව කොටු කරගත්තා.Sri Lanka Latest News

මුලින්ම කියන්න තත්සරණි රූපෙට හරියන ඔය ලස්සන නම දැම්මේ කවුද කියලා?
දන්න තරමින් නම් අපේ අම්මා තමයි මට නම දැම්මේ.
ඊළඟ ප්‍රශ්නය ඔයා මේ දවස්වල හුඟක් බිසීලු?
ඔව්. විකාශය වන ‘ආලවන්ති’ සහ ‘දෙවෙනි ඉනිමේ’ ෂූටින්වලට යනවා. තව අලුත් නාට්‍යයක ෂූටින් ආරම්භ වුණා. ඒ අතරට චිත්‍රපටයක ෂූටිනුත් ඊයේ පෙරේදා පටන් ගත්තා.
චිත්‍රපටය ගැන තොරතුරු ටිකක් කියන්න පුළුවන්ද?
තවම ෂූටින් පටන් ගත්තා විතරයි. ඒ හින්දා දැන්ම ඒ ගැන ලොකුවට කතාකරන එක හොඳ මදි වගේ දැනෙනවා. මම මෙහෙම කියන්නම්, චිත්‍රපටයේ නම ‘රාස්’. ඒක හරිම ලස්සන වැඩක්. අන්න එච්චරයි කියන්න පුළුවන්.
තත්සරණි ඉන්නේ චරිත කොටුවීමක. ඒ කියන්නේ හැමදාම සැර සහ කටකාර චරිත?
ඇත්තටම මට වැඩිපුර ලැබෙන්නේ එහෙම චරිත. මං දන්නේ නැහැ එහෙම වුණේ ඇයි කියන්න. අනෙක ඒ චරිතවල නපුරුකම්වලට වැඩිය තියෙන්නේ ෆෝවර්ඩ් ගතියයි කටකාරකමක් තමයි හුඟක් තැන්වල හයිලයිට් වෙන්නේ. සමහර විට ඒක මගේ කටහඬ නිසා වෙන කොටුවීමක්ද දන්නේ නැහැ. කොහොමත් වැඩි හරියක් දෙනා මගෙන් බලාපොරොත්තු වෙන්නේ ඒ වගේ චරිත තමයි.
සැබෑ ජීවිතයෙත් තත්සරණි එහෙමද?
අපොයි නැහැ. ඊට හාත්පසින්ම වෙනස් කෙනෙක් මම. ඒ වගේම මොන රටාවේ චරිතයක් වුණත් සාර්ථකව කරන එක තමයි වැදගත් වෙන්නේ.
තත්සරණි ඉස්සර හරි ලැජ්ජාශීලී කුලෑටි කෙල්ලක්ලු?
ඔව්. රඟපාන්න ආශාව තිබිලත් ඒ කුලෑටිකම නිසා පාසල් වේදිකාවට ගොඩවෙන්න හිතුවෙවත් නැහැ.
නිළියක් වුණේ හීනයක් හැබෑ කරගන්නද?
එහෙම හීනයක් තිබුණා. ඒ ඉලක්කය ජයගන්න හිතුවා. එහෙම හිතපු නිසා තමයි අයි.ටී.එන්. එකේ අවුරුදු කුමාරි තරගයට ඉදිරිපත් වුණේ.
ඒත් අවුරුදු කුමාරි කිරුළට ළං වෙන්න බැරිවුණා. අවසාන 12 දෙනාට තමයි තේරුණේ. ඒත් කොහොමින් හරි නිළියක වෙන චාන්ස් එක ලැබුණා.
ප්‍රවීණ නිළියකගේ රංගන ශෛලිය ඔබ අනුකරණය කරනවද?
කවමදාවත් නැහැ. මට ඕනෙ වුණේ හැමදාවත් ‘මම’ වෙන්න විතරයි. හැබැයි ප්‍රවීණයන්ගෙන් ඉගෙන ගන්නවා. ඔවුන්ගේ විවිධ රංගනයන් දිහා බලලා එයින් යමක් උකහා ගන්නවා. අනුකරණය නම් මම කවදාවත් අනුමත කරන්නේ නැහැ.
පෙම්වතියට වඩා ඔබ ප්‍රේක්ෂකයන් අතරට යන්නේ ප්‍රධාන නළුවාගේ නැගණිය ලෙසයි?
ජානු සහ ආලවන්ති වැනි ටෙලිනාට්‍යවල එහෙම චරිත තිබුණා. නමුත් ‘දෙවෙනි ඉනිම’ නාට්‍යයෙත් ‘රාස්’ චිත්‍රපටයෙත් ප්‍රේක්ෂකයා අතරට මම යන්නේ පෙම්වතිය ලෙසයි.
‘රාස්’ කියන්නේ ඔබේ සුවිශේෂ සිහිනයක් සැබෑවීමක්?
සත්තකින්ම. චිත්‍රපටයක රඟපාන්න හරිම ආසාවෙන් හිටියා. ඒක මගේ හීනයක්, බලාපොරොත්තුවක්. ඒත් ‘රාස්’ කියන්නේ මගෙ පළමු චිත්‍රපටය නෙවෙයි. ඊට කලින් මම චිත්‍රපටයක රඟපෑවා. එය තවම තිරගත වුණේ නැහැ. චිත්‍රපට දෙකෙන් කොයි එකද මුලින්ම එන්නේ කියලා තවම දන්නේ නැහැ.
ජනප්‍රියත්වය හඹා යන්න කැමැත්තක් නැහැ කියලයි ආරංචිය?
ඒ ආරංචිය හරියටම හරි. මම කලාවට හරිම ආදරෙයි. නටන්න, සින්දු කියන්න, රඟන්න අසීමිත ආසාවක් මා තුළ තියෙනවා. නිළියක් වෙන හීනය ආවෙත් ඒ හරහාම තමයි. හැබැයි මම ජනප්‍රියම නිළිය වෙනවා කියන ඉලක්කය නම් ඒ හීනේ තිබුණේ නැහැ. විවිධාකාර චරිත ඔස්සේ යමක් කරන එක තමයි ඒ හීනේ සුවිශේෂව තිබුණේ.
ප්‍රේක්ෂක ආදරය ඔබට හිතේ හැටියට ලැබෙනවලු?
ඔව්. පුදුම විදියට මට ඇලුම් කරන ප්‍රේක්ෂකයෝ පිරිසක් ඉන්නවා. එයාලගේ ඒ ආදරය එයාලගේ කමෙන්ට්ස් මගේ සාර්ථකත්වයට ඉහළම අත්වැලක්. ප්‍රේක්ෂකයෝ කියන්නේ මගේ කලා ජීවිතයේ පළමු තැන.
මගතොටදී සමහරු ඔබව දැක්කම කතාබහට එන්න අදිමදි කරනවලු?
ඔව්නේ. එයාලා මම ටිකක් සැර චරිත රඟපාන නිසා ළඟට ඇවිදින් සුහදව කතාකරන අවස්ථා අඩුයි. ඒක ඔවුන් තුළ තියෙන වැරැදි වැටහීමක්. මම බොහොම මිත්‍රශීලී චරිතයක් බව තේරුම් ගත් අය මම කවුද කියලා හොඳින්ම දන්නවා.
තත්සරණිට පෙම්වතෙක් ඉන්නවද? ඔබ නිළියක වීම ගැන ඔහු සතුටු වෙනවද?
ඒ ප්‍රශ්නය අපි අයින් කරමු. වරදවා හිතන්න එපා. මම පෞද්ගලිකත්වය ගැන හුඟක් හිතන කෙනෙක්.
අමතක වුණු යමක් තියෙනවද අවසානෙට කියන්න?
මට ආදරය කරන මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට මමත් හැමදාම ආදරෙයි. අන්න ඒ ටික අමතක නොකර ලියන්න.

මල්මි කෞෂල්‍යා

SendShareShare
Previous Post

හරිනි ගැහැනු ළමයි බලපු හැටි වසන්ති මතක් කරයි! Sri Lanka Latest News

Next Post

ජවිපෙ ඇතුළේ ගැටුම යළි ඇරඹේ! බිමල් හඳුන්නෙත්තිට රිටර්න් එක දුන්නා? රාජ්‍ය රහස්!  I Sri Lanka Latest News

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.