ශාරුක් පොරක්ද…
ශාරුක් දැන් තිගැස්සිලා ඉන්නෙ…
‘බොලිවුඩයේ ‘බාඩ්ෂා’ (Badsha) ෂාරුක් නැවැතත් මහා පෙරළියකට සූදානම්ය.
පසුගිය දිනවල අන්තර්ජාලය සිසාරා පැතිර ගිය ඒ වදන් පෙළ හමුවේ ‘ෂාරුක් උන්මාදක රසිකයන් දැඩි සතුටට පත්වී තිබිණ.
මොකක්ද ඒ ආරංචියේ අදහස.
2018න් පසුව ෂාරුක්ගේ චිත්‍රපටයක් ඉන්දියාවේ සහ ‘එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ’ තිරගත කිරීමට සියලු කටයුතු සූදානම් බව තමයි එහි අදහස වූයේ.
චිත්‍රපටය මහා දැවැන්ත නිෂ්පාදනයක් වූ ‘පතන්’ය. (pathan) මිලියන ගණනක මුදල් යටකර තැනූ ‘පතන්’ නොම්මර එකේ අපරාධ සහ ක්‍රියාදාම ඇතුළත් චිත්‍රපටයකි. ෂාරුක් සමඟ එහි දීපිකා පදුකෝන් සහ ජෝන් ඒබ්‍රහම් ප්‍රධාන චරිත රඟපාති.
එය අපූරු එකතුවක් නේද?
ඔව්… මුළු ඉන්දියාව පුරාම ‘පතන්’ හී දැවැන්ත කටවුට් ඉදිවී හමාරය. ඒ කට්වුට් නැරැඹීමට අඩි 6ක උස මිනිසෙකුට පවා බෙල්ල සෑහෙන් දිගු කළ යුතු බවට ආරංචිය. කටවුට්වල ෂාරුක්ගේ පෙනුමටද ජැන්ඩි පහට දිස්වේ. පැහැදිලිවම කියනවා නම් පණහත් පැන්න ෂාරුක් ‘කූලින් ග්ලාස්’ දෙකක් දමා හරි අපූරු පෙනුමකට සිටින්නේ අවුරුදු 30ක් වත් නැති කොල්ලෙක් ගානටය.
එතකොට ජෝන් සහ දීපිකා ඒ කට්වුට්වල නැද්ද?
ඔවුන් දෙදෙනා සමූහයක්ව සිටින කට්වුට් පමණක් බොහෝ තැන්වල ඉදිව ඇත.
ඒ කියන්නේ ‘පතන්’ හී පොර ෂාරුක්ද?
ඒක ඉතින් කොහොමත් එහෙමය..,
ෂාරුක් හෙවත් ‘බාඩ්ෂා’ එහෙමත් නැතිනම් කිං ඛාන් රඟන චිත්‍රපටවල පොර වන්නේ ඔහුමය. එහි රඟන අන් අය දෙවන හෝ තුන් වන පේලියේය.
ජෝන් ඒබ්‍රහම් එයට මනාපද?
ජෝන් ඒබ්‍රහම්ට ඒ ගැන වගක් නැත.., ඔහුට ඕනෑ වී තිබෙන්නේ කඩාවැටීමකට ලක්වූ සිය ප්‍රතිරූපය ‘පතන්’ තුළින් ෂාරුක්ට මුවාවී හෝ ගොඩනඟා ගන්නටය.
ඉතින් ෂාරුක්ගේ ප්‍රතිරූපයක් කඩාවැටිලනේ. මතක නැද්ද.., 2018 අවුරුද්දේ ‘හීරෝ’ චිත්‍රපටයෙන් ෂාරුක් ඛාන්ගේ අභිමානය හීරෝ වුණා. ඒ විතරක්ද ඔටුන්න බිම තියන තරමටම ඒ පරාජය ඔහුට වේදනාවක් වුණා.
ඔව්… ඒ හින්දා තමයි ‘පතන්’ චිත්‍රපටය ෂාරුක්ගේ ලොකුම හීනය වෙලා තියෙන්නේ. බිමට වැටුණු ඔටුන්න ආයෙම හිසට දාගන්න ‘පතන්’ අවියක් කරගන්න තමයි ෂාරුක් බලාගෙන ඉන්නේ.
ඒක එහෙම වෙයිද?
බොහෝ විට එය එහෙම වන බව සක්සුදක්සේ පැහැදිලිව ඇත. දැනටම ෂාරුක් රසික රසිකාවියන් පතන් නැරැඹීමට පුල පුලා බලා සිටිති. මංමාවත් පුරා හදිසි වැඩවලට දුව යන හැම වයසකම මිනිසුන් ෂාරුක්ගේ කටවුට් එක දිහා මොහොතක් නැවැතී බලා සිටින බව ආරංචිය. කෝච්චිය, බස් එක වැරැදුණත් ගාණක් නැති තරමට ඔවුන් ෂාරුක්ගේ මනස්කාන්ත රූපකාය දෙස බලා සිටිති. ඔහුට සිනහවකින් සංග්‍රහ කරති.
ඉතින්..,
පණ නැති කටවුට් එකට එච්චරම වසී වූ මිනිසුන් එහෙමත් නැතිනම් ෂාරුක්ට වසී වූ රසිකයන් ‘පතන්’ චිත්‍රපටය අතහැර දමාවිද?
ෂාරුක් චිත්‍රපට රිලීස් කරන්නේ රාමසන්වලට නේද?
මෙවර එය වෙනස් වී නැත වාගේය. 2021 රාමසන් උත්සවය ඔහුගේ ඉලක්කය වී ඇත. අධ්‍යක්‍ෂ සිද්ධාර්ත් ආනන්ද් සහ අධ්‍යක්‍ෂ ආදිත්‍ය චොප්රා එය වෙනස් කරන්නට උත්සාහ ගත්තද ෂාරුක්ගේ ලොකුකම එයට විරුද්ධව ඇත.
එයට දොස් කියන්නටද බැරිය.., ‘පතන්’ සඳහා ගිවිසුම් අස්සන් කරන විටද ෂාරුක් ඒ සඳහා ඔවුන්ගේ අනුමැතිය ගෙන තිබිණ.
රාමසාන්වලට තව මාස ගණනක කාලයක් තියෙනවා නේද?
හීන දකින්නට, යම් ඉලක්ක ගැන බලාපොරොත්තු තියා ගන්නට මිනිසුන් කැමැතිය. එය ඔවුනට මානසික සතුටකි. කට්වුට් කලින් ඉදිවූයේ ඒ හීනවලට උල්පන්දම් දීමට වන්නට ඇත. ඉන්පසුව නැතිකම මත රසිකයන් ඇතිකර ගන්නා ‘ෂාරුක් ගැම්ම’ චිත්‍රපටයට අවැසි බොක්ස් ඔෆිස් වාර්තාව සකසනු ඇත.
ෂාරුක් පසුගිය දිනෙක කීවාලු… ‘2021 අප්‍රේල් වුවද ‘පතන්’ ඔබ සොයා එයි’ කියා ඔහු එහෙම කිවුවේ ඇයි?
එයට පැහැදිලි පිළිතුරු නැත. කිසිවකු ඒ ප්‍රශ්නය ඇසූ වේලාවේ ෂාරුක් කියා තිබුණේ ‘ඊළඟ මොහොත අවිනිශ්චිතයි… ඒ නිසාමට එහෙම කීවා’ කියාය.
නමුත් ඒ ගැන වෙනත් ආරංචියක් දැනගන්නට ලැබිණ.
ඒ… සල්මන් ඛාන්ගේ ‘රාදේ’ (Rade) චිත්‍රපටය 2021 මැයි මස අවුට් වන නිසා ෂාරුක් එයට තිගැස්සීමක් ඇතිකර සිටින බවය.
ඇත්තටම එය එහෙමද?
කියන්නට දන්නේ නැත. තවත් ගොසිප් එකක පල වී තිබුණේ 2022 මුල් භාගයද පතන් සඳහා දින නියම කරන්නට ෂාරුක්ගේ අදහසක් ඇති බවය.
දැවැන්ත ගණයේ නිෂ්පාදනයක් වූ සුපිරි ‘පතන්’ ඇතැම් විට මහා පටලැවිල්ලකි.
ඒ සියල්ල තුළ වන්නේ ‘පතන්’ කෙරෙහි රසිකයනට ‘සියුම් කුතුහලයක්’ දීමේ යටි අරමුණද වන්නට ඇත.
කොයික කෙසේ වුවද ජ්‍යොතිෂයට අනුව ‘පතන්’ එක රැයින්ම ඉන්දියාව හොල්ලන වගට තොරතුරු අනාවරණය වී ඇත.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු