• About us
  • Contact us
Monday, July 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

රනිල් සජිත්ට ‌දෙයිද? (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

September 14, 2019
in Gurudawa
Reading Time: 1 min read
A A
රනිල් සජිත්ට ‌දෙයිද? (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

රනිල් සජිත්ට ‌දෙයිද? මේ දවස්වල බොක්ස් ඔෆිස් වාර්තා කඩමින් දුවන ෂෝ එකේ නම ඕකය. දැන් මිනිසුන්ට ගෝඨාභය රාජපක්ෂ අපේක්ෂකයෙක් කියලත් මතක නැත. අනේ අනුර කුමාර ඉල්ලනව නේද කියලත් වගක් නැත. බලාගෙන ඉන්නේ රනිල් සජිත්ට අපේක්ෂකකම දෙයිද කියලාය.
රනිල් සජිත්ට අපේක්ෂකකම දිය යුතු යැයි කියන කණ්ඩායම කියන්නේ ජනමත සමීක්ෂණයකට අනුව සජිත්ට දිනන්න පුළුවන් නිසා සජිත්ට අපේක්ෂකකම දිය යුතු යැයි කියාය. මේ ජනමත සමීක්ෂණය කරල තියෙන්නේ ආචාර්ය හර්ෂ ද සිල්වාය. හර්ෂ පළාත් පාලන ඡන්දයකට තරග කරල, පළාත් සභා තරග කරල, මහ ඡන්දයකින් ජයගෙන දේශපාලනයට ආ අයෙක් නොවේ. ඔහු මහින්දගේ ආණ්ඩු කාලයේ 2008දී පමණ මූඩිගේ දර්ශකයට අනුව ලංකාවේ ආර්ථිකය ගණන් හදලා පෙන්වන්න රනිල්ගේ කාර්යාලයට ආගිය අයෙකි. අන්තර්ජාලයෙන් ලෝක ආර්ථික ලිපි සහ ලේඛන තොගයක් අරගෙන එන ඔහු මහින්දගේ ආණ්ඩු කාලයේ ලංකාවේ ආර්ථික අර්බුදය ගැන රනිල් හදන නිවේදනවලට උදව් කළ අයෙකි. ඔහුට දේශපාලනයට එන්න ඇල්මක් තිබෙන බව දැනගත් රනිල් පළාත් සභා තරග කරන්න කීවත් ඔහු කැමැති වූයේ නැත. ඔහුට ඕනෙ වුණේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු යන්නටය. ඒකට මූඩිගේ දර්ශක දීලා හරියන්නේ නැති බව තේරුම් ගත් ඔහු ජනමත සමීක්ෂණ කරන්න පටන් ගත්තේය. ඔහු එකල ජනමත සමීක්ෂණ කරන ආයතනයක ප්‍රධානියෙකි. 2010 ජනාධිපතිවරණයෙන් ෆොන්සේකා දිනනවා කියල ඔහු සමීක්ෂණවලින් පෙන්නුවේය. හැබැයි පරාජය විය. 2010 මහ මැතිවරණය අලියාගෙන් ඉල්ලුවොත් දිනන්න පුළුවන් යැයි ඔහු සමීක්ෂණයක් පෙන්වා කෙසේ හෝ ජාතික ලැයිස්තුවට නම දමාගත්තේය. 2010 මහ මැතිවරණයෙන් එජාපය අන්ත පරාජයකට ලක්විය. රනිල් ඔහුව පාර්ලිමේන්තුවට පත්කරන්න අදිමදි කළේය. හේතුව පක්ෂය වෙනුවෙන් දරදිය ඇද්ද, දුක් ගැහැට වින්ද කැපුවත් කොළ යූ.ඇන්.පී.කාරයන් ලැයිස්තුවේ සිටි නිසාය. ඔහුව පාර්ලිමේන්තුවට යවන්න ලොකුම බලපෑම රනිල්ට කළේ කිලී මහරාජාය. හර්ෂ කිලී මහරාජාගේ සිරස ටෝක් ෂෝ නිෂ්පාදනයකි. මහරාජාට පින් සිදුවෙන්න ඔහු කෙසේ හෝ රනිල් පාර්ලිමේන්තුවට පත් කළේය. පාර්ලිමේන්තු කඩුල්ල කෙසේ හෝ පැනගත් හර්ෂ ජනමත සමීක්ෂණ වාර්තා හදමින් රනිල්ගේ ඡන්ද ප්‍රචාරක ව්‍යාපාරයට රිංගාගෙන එජාපයේ භාණ්ඩාගාරික ධුරය දක්වා අධි වේගයෙන් ගමනක් ආවේය. හර්ෂගේ ජනමත සමීක්ෂණ පමණක් නොව ලෝකයේම ජනමත සමීක්ෂණ බොරු බව රනිල් නොදන්නවා නොවේ. 2017 ඇමෙරිකානු ජනාධිපතිවරණයේදී එරට සියලුම ජනමත සමීක්ෂණ වාර්තා කීවේ හිලරි ක්ලින්ටන් දිනනවා කියාය. ඒ ජනමත සමීක්ෂණ වාර්තා බොරු කරමින් ට්‍රම්ප් දින්නේය. ඊළඟට 2019 ඉන්දීය මහ මැතිවරණයේදී මෝඩිගේ ජයග්‍රහණය ගැන ඉන්දීය ජනමත සමීක්ෂණ වාර්තා දුන්නේ වැරැදි මතයකි. මෝඩි අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලැබූ පසු රටම ජනමත සමීක්ෂණ වාර්තාවලට හිනා වූහ.
“ජනමත සමීක්ෂණ වාර්තාවලින් එළියට එන්නේ ජනමතය නොවේ. එම සමීක්ෂණ කරන කෙනාගේ මතය…”
ඉන්දියාවේ ප්‍රකට දේශපාලන විද්‍යාඥයෙක් මෝඩිගේ ජයග්‍රහණය ගැන ජනමත සමීක්ෂණ වාර්තා බොරු බව ඔප්පු වූ විට කීවේ එලෙසය. 2009 සිට හර්ෂ ද සිල්වා තමන්ට දුන්නේ තමන්ව සනසන, හර්ෂට පාර්ලිමේන්තු යන්න පාර කපන ජනමත සමීක්ෂණ බව රනිල් නොදන්නවා නොවේ. දැන් දෙන්නේ සජිත්ව සනසන, හර්ෂට රනිල්ගෙන් ගන්න බැරි මුදල් වැනි ප්‍රබල ඇමැති ධුරයක් සජිත්ගෙන් ගන්න පාර කපන සමීක්ෂණ වාර්තා බව රනිල් දනී. අනෙක මේ සමීක්ෂණ වාර්තාවල ගෝඨාභයත් සිටී. රනිලුත් සිටී. සජිතුත් සිටී. කරුත් සිටී. හැබැයි මෛත්‍රිපාල නැත. මෛත්‍රිපාල අද වනතෙක් තමන් තරග නොකරනවා කියා නැත. ඔහුව ඒ සමීක්ෂණ වාර්තාවලට අහුවුණේ නැත්තේ ඔහුට වාර්තාවේ දෙන්න තැනක් නැති නිසා විය යුතුය. ඔහුව වාර්තාවේ පහළට දැම්මොත් ඔහු සජිත්ට අපේක්ෂකයා වෙන්න තල්ලුව දෙන එකක් නැහැ කියා ඔහුව ඒ ජනමත සමීක්ෂණයෙන් අතුරුදන් කළාද දන්නේ නැත. ඔහුව වාර්තාවේ පහළට ඇදදැමුවා නම් ඔහු තමන්ගේ ඇමැති පට්ටම ගලවනු ඇතැයි හර්ෂ බය වූවාද දන්නේ නැත. හේතුව ඔවුන්ට අද පක්ෂයට වඩා ලොකුවී ඇත්තේ මෛත්‍රිගේ ඇමැතිකම්ය. අනෙක 2015 ජනාධිපතිවරණයට ජනමත සමීක්ෂණ කරන විටත් මෛත්‍රිපාල කෙනෙක්ගේ නමක් නොවීය. මෛත්‍රි අපේක්ෂකයා වූයේ ජනමත සමීක්ෂණ කළාට පසුවය. හැබැයි ඔහු දින්නේය.
අනෙක හර්ෂලා පොළොවේ පය ගහල දේශපාලනය කරන දේශපාලනඥයන් නොවේ. ජනමත සමීක්ෂණ වාර්තා හද හදා තානාපති කාර්යාල වටේ කැරකෙන දේශපාලන ඩීල්කාරයන්ය. සජිත් මේ අයට කියන්නේ ජනතාවගේ ගඳ සුවඳ හඳුනන්නේ නැති සීතල කාමරවල සිට තීන්දු තීරණ ගන්නා කුරුඳුවත්තේ ටයි කෝට්කාරයන් කියාය.
“එතකොට සජිත් මේ අයට දැපනේ වැටුණේ කොහොමද….?”
අද සජිත් වටේ ඉන්නේ 2018 පුංචි ඡන්දයෙන් එජාපයට අන්ත පරාජය වන තෙක් රනිල් වටේ හිටි කට්ටියය. රනිල් මේ රට ආණ්ඩු කළේ 2017 මුල් මාස කිහිපය වන තෙක් පමණි. මෛත්‍රි බැඳුම්කර කොමිසම දමා රනිල්ව කොටු කරන්න යන විට මෛත්‍රි එක්ක ආණ්ඩු කරන්න බැරි බව රනිල් තේරුම් ගත්තේය. රනිල් ආණ්ඩුව අතහැරියේය. එතැන් සිට ආණ්ඩුව කරන්න භාරගත්තේ අද සජිත් වටේ ඉන්න කට්ටියය. ආණ්ඩුවක් දුවන ලොකුම ළිප් ගල් තුන ආරක්ෂක, මුදල් සහ ජනමාධ්‍යයය. මේ ඇමැති ධුර සියල්ල දැරුවේ ජනාධිපති මෛත්‍රිද ඇතුළු අද සජිත් ඕනෑ කියන සජිත් වටේ ඉන්නා කට්ටියය. පක්ෂ මහලේකම් වූයේත් අද සජිත් ඕනෑ කියා මරහඬ දෙන කබීර්ය. 2018 පුංචි ඡන්දය කළේ ඔහුය. කැම්පේන් කළේ අද සජිත් වටේ ඉන්නා කට්ටියය. ජනමත සමීක්ෂණ හැදුවේ හර්ෂ ද සිල්වාය. 2002 රනිල් රට ආණ්ඩු කළේය. ඒ ආණ්ඩුවට චන්ද්‍රිකා ඇඟිලි ගහන්න ආවේ නැති නිසා ආරක්ෂාව, මුදල් සහ මාධ්‍ය යන අමාත්‍යාංශ තුනම දිව්වේ රනිල්ය. සිරිකොත දිවෙව්වේ මහලේකම් කපුකොටුව දමලාය. 2002 පුංචි ඡන්දයෙන් එජාපය අති විශිෂ්ට ජයක් ලැබීය.
“එතකොට 2018 මෙහෙම වුණේ කොහොමද…?”
2018 සැප්තැම්බර් 20 ‘ගුරුදා විග්‍රහයට’ මේ ලියුම්කරු ‘ඒ රනිල් කෝ?’ යන තේමාව යටතේ ලිපියක් ලියුවේය. එහි අවසානයේ මෙසේ සටහන් විය.
“2002 ආණ්ඩුව කරපු රනිල් අද කෝ….”
“වරද තියෙන්නේ රනිල්ගේද නැතිනම් රනිල් වටා අද ඉන්නා අයගේද කියා රනිල්ම විමසා බැලිය යුතුය. ඇත්ත කතාව නම් එදා රනිල් වටේ සිටි මහ පොළොවේ පය ගහල ඉන්න කුස්සියේ බත ඉදෙන සුවඳ දන්නා දේශපාලන යෝධ හස්ති රාජයන් අද රනිල් වටේ නැත. අද රනිල් වටකරගෙන ඉන්නේ මනෝ ලෝකවල පියාඹන සුළං කුරුල්ලන්ය…”
30-09-2018 – ගුරුදා විග්‍රහය
මේ ටික රනිල්ම තේරුම් ගෙනදෝ රනිල් ඔක්තෝබර් 26 කුමන්ත්‍රණයට පසු ආණ්ඩුව භාරගත් විට මේ සුළං කුරුල්ලන්ගෙන් අමාත්‍යාංශ ගලවන්න තීරණය කළේය. එයින් කුපිත වී ඔවුන් රනිල් අතහැර පියාඹාගෙන ගියේ මෛත්‍රිගේ ගෙදරටය. මෛත්‍රි ඔවුන්ව සජිත්ට සෙට් කළේය. මේ සුළං කුරුල්ලන්ව කුරුඳුවත්තේ ටයිකෝට්කාරයන් කියා හංවඩු ගසමින් සිටි සජිත් පදය වෙනස් කළේ මෛත්‍රිගේ බලකිරීමටය. මෛත්‍රිගේ ගෙදර වහලේ ලැගගෙන දිනන්න පුළුවන් සජිත්ටයි කියා මේ කුරුල්ලන් කියන්න පටන්ගත්තේ ඉන් පසුවය. සජිත්ට පක්ෂ ජනමත සමීක්ෂණ වාර්තා ආවේත් ඉන් පසුවය. ඔක්තෝබර් 26 කුමන්ත්‍රණයෙන් පසු තමන්ට රනිල්ම භාරදුන් ආණ්ඩුව රනිල්ම යළි ගන්න හදන විට ඔවුන් රනිල් සමඟ වෛර බැඳගත්තේය. දැන් ඔවුන් හදන්නේ සජිත් ජනාධිපති කොට මෛත්‍රි අගමැති කොට 2017 පටන්ගත් ආණ්ඩු කෙරුවාව දිගටම කරගෙන යන්නටය.
දැන් තමාව වට කරගෙන සිටි මේ සුළං කුරුල්ලෝ සජිත්ව වටකරගෙන කරන්නේ සජිත්වත් පක්ෂයත් ආණ්ඩුවත් විනාශ කිරීම බව රනිල්ට නොතේරෙනවා නම් පුදුමය. පක්ෂයක නායකයා තරග නොකරනවා නම් අපේක්ෂකයන් තෝරන්නේ කොහොමද කියල රනිල් ජනාධිපතිවරණ ඉතිහාසයෙන්ම දත යුතුය. ලංකාවේ පළමු ජනාධිපතිවරණය වූ 1982 සිට ජනාධිපතිවරණ ඡන්ද කරල පුරුදු රනිල්ටය. 1988 ජේ.ආර්.ට පක්ෂ නායකයා ලෙස ඉල්ලන්න බැරි වූ විට ප්‍රේමදාසව තේරුවේ ජනමත සමීක්ෂණ කරල නොවේ. 1994 පක්ෂ නායිකා බණ්ඩාරනායක මැතිනිය ජනාධිපති අපේක්ෂිකාව වීමට පෙරුම්පුරා බලමින් සිටියදී චන්ද්‍රිකාව තෝරාගත්තේ ජනමත සමීක්ෂණ තියලා නොවේ. චන්ද්‍රිකා වසර 17කට පසු බස්නාහිර සහ දකුණු පළාත් සභා ඡන්දයෙන් ශ්‍රීලනිපය ජයග්‍රහණය කරා මෙහෙයවූවාය. 2005 චන්ද්‍රිකාට පක්ෂ නායිකාව ලෙස තරග කළ නොහැකිව තිබියදී මහින්දව තෝරාගත්තේ ජනමත සමීක්ෂණ කරලා නොවේ. 2004 මහ මැතිවරණයේදී ශ්‍රීලනිපයේ සියලුම ජ්‍යෙෂ්ඨ නායකයෝ අනුරද ඇතුළුව සිය දිස්ත්‍රික්කවල මනාප ලැයිස්තුවේ පහළට ගියහ. උඩට ආවේ ජවිපෙ අපේක්ෂකයන්ය. මනාප ලැයිස්තුවේ එකට ආපු ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයා මහින්ද පමණි. ශ්‍රීලනිපය රැකගන්න පුළුවන් මහින්දට පමණයි කියන මතය හැදුණේ එතැනින්ය. ඔහු අපේක්ෂකයා වූයේ එලෙසය. පක්ෂ නායිකා චන්ද්‍රිකා ඔහුට අපේක්ෂකත්වය දෙන්න අදිමදි කරද්දී ඔහුට සහාය පළ කළේ ශ්‍රීලනිපයට ජනාධිපතිවරණයකදී දිනන්න අවශ්‍ය ඡන්ද අරන් දෙන ජවිපෙ සහ හෙළ උරුමයය. 1994 චන්ද්‍රිකාව පළමුව අගමැති සහ දෙවැනුව ජනාධිපති අපේක්ෂකයා කළේ අනුර ත්‍රීවීල් පක්ෂ යැයි කියපු කොමියුනිස්ට් පක්ෂය සහ ල.ස.ස.ප.ය. දිනන්න ඔවුන්ගේ ඡන්ද අවශ්‍ය නිසා ශ්‍රීලනිපය චන්ද්‍රිකාට කැමැති විය. 2009 ෆොන්සේකාව අපේක්ෂකයා කළේ ජවිපෙය. දිනන්න ජවිපෙ ඡන්ද අවශ්‍ය නිසා එජාපය එයට කැමැති විය. 2015 මෛත්‍රිපාලව අපේක්ෂකයා කළේ චන්ද්‍රිකා ඇතුළු රාජිත, දුමින්ද වැනි ශ්‍රීලනිප කණ්ඩායමය.
මහින්දව පරද්දන්න ශ්‍රීලනිප ඡන්ද ඕනා නිසා එජාපය එයට කැමැති විය. එහෙම බලන කොට රනිල් සජිත්ට අපේක්ෂකත්වය දුන්නත් වැඩක් නැත. සජිත් පළමුව කළ යුතුව තිබුණේ 1994 චන්ද්‍රිකා මෙන් 2005 මහින්ද මෙන් තම පක්ෂය නොව ජනාධිපතිවරණයකදී 50% ගන්න ඡන්ද අරන් දෙන අනෙක් පක්ෂවල සහාය පැතීමය. සජිත් රට වටේ මීටින් තිය තියා යන්නේ නැතුව ඒ ටික කළා නම් රනිල් සජිත්ට දීලා ගොඩක් කල්ය.

SendShareShare
Previous Post

නාමල්ගෙ මංගල්ලය දා කබීර්-මහින්ද හයිවේ ඩීල් එකක්

Next Post

ගෝඨා ගිය රහස් ගමනක් එළියට එයි

MORE NEWS

වමටද බර? නියෝජ්‍ය කතානායක ඉරාන අවමඟුලට! අගමැති කටාර් අවමඟුලට! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

වමටද බර? නියෝජ්‍ය කතානායක ඉරාන අවමඟුලට! අගමැති කටාර් අවමඟුලට! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

සජිත් පණ මදිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය!  I Sri Lanka Latest News
Exclusive

සජිත් පණ මදිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය!  I Sri Lanka Latest News

අගවිනිසුරු පත්කිරීම..! ආතර්ගේ සිට පද්මන් සූරසේන දක්වා..! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය!  I Sri Lanka Latest News
Exclusive

අගවිනිසුරු පත්කිරීම..! ආතර්ගේ සිට පද්මන් සූරසේන දක්වා..! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය!  I Sri Lanka Latest News

හොරු සහ බොරු! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

හොරු සහ බොරු! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

ප්‍රේමදාසගේ ඡන්ද ලක්ෂ 25 තියෙනවා..! ජේ.ආර්.ගේ ඡන්ද ලක්ෂ 25 කා ගාවද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

ප්‍රේමදාසගේ ඡන්ද ලක්ෂ 25 තියෙනවා..! ජේ.ආර්.ගේ ඡන්ද ලක්ෂ 25 කා ගාවද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News

UNPය සහ SJBය අනුරට පින් දිය යුත්තේ ඇයි? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

UNPය සහ SJBය අනුරට පින් දිය යුත්තේ ඇයි? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

Load More
කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News
Exclusive

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News

කාන්තාවක සමග පැවැත්වූ සබඳතාවක් සහ ඇති වූ මතභේදාත්මක සිදුවීමක් මුල් කරගනිමින්, සිංගප්පූරුවේ ඉස්ලාම් කටයුතු පිළිබඳ වැඩබලන අමාත්‍ය ෆයිසාල් ඉබ්‍රාහිම් (Faishal...

Read more
මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

ගෙදර හදපු බල්ලා ගෙදර හිටපු ආච්චිව මැරෙනකම්ම හපලා! Sri Lanka Latest News

මදුරුවො මදිවට බල්ලොත්..! I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.