බෙලිඅත්තේ ඊයේ (12) දිනයේ පැවැති නාමල් රාජපක්ෂ මහතාගේ විවාහයට සහභාගි වීම සදහා මෙතෙක් මහජනතාවට විවෘත කොට නොමැති දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර-බෙලිඅත්ත කොටස විවෘත කර දීමට කටයුතු කොට ඇත.
රාජපක්ෂලා හා මහාමාර්ග අමාත්‍ය කබීර් හෂීම් මහතා අතර ඇතිවී තිබෙන ගනුදෙනුවක් හරහා මෙසේ අධිවේගී මාර්ගයේ මාතර බෙලිඅත්ත කොටස විවෘත කොට ඇති බව දැනගන්නට තිබේ.
ඒ අනුව ඊයේ තුන්දහසකට අධික පිරිසක් නොමිලේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ මෙම කොටසේ ගමන් කර නැවත කොළඹ බලා පැමිණී අති අතර මේ හේතුවෙන් විශාල මුදලක් රජයට පාඩු වී ඇති බව අධිවේගී මාර්ගයේ සේවයේ නියුතු සේවකයෝ පවසති.
කෙසේවෙතත් මේ ආකාරයට රාජපක්ෂවරුන් හා කබීර් හෂීම් මහතා අතර රහස් ගනුදෙනු ආරම්භ වූයේ අද ඊයේ නොව රාජපක්ෂලා බලයට පැමිණි 2005 වසරේ සිටමය. එකල රාජපක්ෂලාට එරෙහිව හෂීම් මහතා හෙල්පින් හම්බන්තොට ගිණුම මුල් කරගෙන අධිකරණයට ගිය අතර පසුව මහින්ද බලයට පැමිණි පසු ඔවුන් සමග ඩීල් එකක් දමා අදාළ නඩුව ඉල්ලා අස්කර ගැනීමට කටයුතු කළේය.
මීට අමතරව ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපති අපේක්ෂකයා ලෙස නම් කිරීමෙන් පසු හොරරහසේම ගෝඨාභයගේ නිවෙසට ගිය කබීර් හෂීම් මහතා පැය එකහමාරක පමණ සාකච්ජාවක් ඔහු සමග සිදු කර තිබිණ.
රාජපක්ෂලා සමග පමණක් නොව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමගද කබීර් හෂීම් මහතා පසුගිය කාල වකවානුවේදී විශේෂ හිතවත්කමක් ඇති කරගෙන තිබිණ.
ඒ නිසාම අගමැතිවරයාටත් නොදන්වා කබීර් හෂීම් මහතා පසුගිය දිනෙක ජනපති මන්දිරයට ගොස් නැවත වතාවක් සිය අමාත්‍ය ධුරයේ දිුම් දීමට කටයුතු කළේ එම හිතවත්කම නිසාමය.
ඒ අනුව හෂීම් මහතා මෙසේ රාපක්ෂවරුන්ට මාතර බෙලිඅත්ත අධිවේගී මාර්ගය විවෘත කොට දී ඇත්තේ රාජපක්ෂවරුන්ගේ කීමටද එසේත් නැතිනම් සිරිසේනලාගේ කීමටද යන්න බලවත් සැකයක් මතුව ඇති බවද දැනගන්නට ඇත.