• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනතාව නැගිට්ටම රටවල් දාලා දුවපු ලෝක නායකයෝ…

May 16, 2022
in Exclusive
Reading Time: 6 mins read
A A
ජනතාව නැගිට්ටම රටවල් දාලා දුවපු ලෝක නායකයෝ…
Share on WhatsAppShare on Facebook

දිනය හරියටම 1986 වසරේ පෙබරවාරි 25 වැනිදාය. වේලාව රාත්‍රි 09ට ආසන්නව තිබිණි. පිලිපීනයේ මැනිලා අගනුවර පිහිටි ජනාධිපති මන්දිරය ආසන්නයේ ඇති කුඩා ගුවන්තොටකින් අහසට නැංවීමට ලකලැහැස්තිව ඇති ‘එච්.එච්. 3 ඊ.’ වර්ගයේ හෙලිකොප්ටර් යානා හතරකි. ගතවූයේ මොහොතකි. අඳුර කපාගෙනම එහි පැමිණි සුපිරි රථවාහන පෙළකින් බැසගත් මිනිසුන් පිරිසකි. පිරිමින් සහ ගැහැනුන්ගෙන්ද සමන්විත එම පිරිස කඩිමුඩියේම හෙලිකොප්ටර් යානා හතරට නැඟගත්තේය. මිනිසුන්ට අමතරව රථවාහනවල එතැනට ගෙන්වාගත් යම් බඩුමුට්ටු තොගයක්ද හෙලිකොප්ටර් යානාවලට පටවන්නට ගත්තේය. ඇමෙරිකානු ඩොලර් මිලියන 717ක මුදල් නෝට්ටු ඇති පෙට්ටි 22ක්, ඩොලර් මිලියන 04ක් වටිනා විවිධ මැණික් සහ මුතු වර්ග ඇතුළත් කුඩා පෙට්ටි කිහිපයක්, කැරැට් 24 රත්තරන් කුට්ටි 20ක්, අඩි 03ක් උස දඹරනින් නිමවා දියමන්ති ඔබ්බවා සාදන ලද ජේසුස් වහන්සේගේ පිළිරුවක්, ඩොලර් මිලියන දෙකක පිලිපීන පෙසෝ නෝට්ටු තොගයක්, ලොව ඉතාමත් මිල අධික ‘කාටියර්’ සහ ‘සීකෝ’ අත් ඔරලෝසු 65ක්, ඇමෙරිකාවේ සහ ස්විස්ටර්ලන්තයේ බැංකුවල තැන්පත් කරන ලද ඩොලර් මිලියන 124ක තැන්පතු ප්‍රත්‍රිකා තොගයක්ද මෙම බඩුමුට්ටුවලට අයත් විය.

මෙම මිල කළ නොහැකි වස්තුවද සමගම හෙලිකොප්ටර් යානාවන්ට නැඟගත් මිනිසුන් කවුද..?

මෙම පිරිසේ ප්‍රධානියා නම්, ලොවක් හඳුනාගත් මහා ඒකාධිපතියකු වූ පිලිපීනයේ හිටපු ජනාධිපති ෆර්ඩිනන්ඩ් මාර්කෝස් (Ferdinand Marcos) ය. වසර 21ක් පුරා නොකඩවා පිලිපීනයේ ජනාධිපති ධුරය දැරූ ඔහු තමාගේ පවුලේ සාමාජිකයන්ද සමග මෙසේ ගුවන්ගත වන්නේ කුමන හේතුවක් නිසාවෙන්ද? එය නම් ජනාධිපති ෆර්ඩිනන්ඩ් මාර්කොස් වසර ගණනාවක් පුරා ඒකාධිපති බලතුලවල නිරතව සිට 1986 වසරේදී ජනාධිපතිවරණය පරාජය වීමෙන් පසුව, එරට තුළ ඇති වූ ප්‍රබල මහජන අරගල හේතුවෙන් පිලිපීනයෙන් පැන යෑමට දරන උත්සාහයකි. ඒ සඳහා එකල ඇමෙරිකාව මාර්කෝස් පවුලට උදව් කරන ලද අතර, සැලැසුමට අනුව හෙලිකොප්ටර් යානා හතර එතැනින් පිටත්වී මැනිලා අගනුවරට කිලෝමීටර් 83ක් දුරින්වූ ක්ලාර්ක් ගුවන් හමුදා කඳවුරට පැමිණියේය. අනතුරුව එතැන සිට ඇමෙරිකානු ගුවන් හමුදාවේ ‘සී-130’ ගුවන් යානයක නැඟී ඔවුන් ඇමෙරිකාවේ ඇන්ඩර්සන් ගුවන් හමුදා කඳවුරට පැමිණීයේය.

පිලිපීනයේ විපක්‍ෂ නායකවරයා පවා ඝාතනයට ලක්කරමින් ඉතා කුරිරු පාලනයක් ගෙනගිය එරට පිලිපීන මහ බැංකුවෙන් ඩොලර් බිලියන 10ක පමණ සුවිශාල මුදලක් වරින්වර, සොරකම් කරගත් බැව් පැවසෙයි. එම සොරාගත් මුදල් තමන්ගේ විදේශ බැංකු ගිණුම්වල තැන්පත් කර ගැනීමට ඔහු කටයුතු කර ඇත. මෙය කෙතරම් ආකාරයක සුවිශේෂී වූ සොරකමක්ද යත්, එය ලෝක ඉතිහාසයට එක්වී ඇත්තේ ගිනස් වාර්තාවක් ලෙසය. එනම් මෙතෙක් ලොව රාජ්‍ය නායකයකු විසින් සොරකම් කර ඇති ඉහළම රාජ්‍ය මුදල් සම්භාරය එය ලෙස සැලකෙයි. සැබැවින්ම මෙම මහජන ධනය සොරකම් කරන ලද්දේ වසර 35කට පෙර සමයකදීය. එනම් මෙවැනි කාලයකට අනුව එම මුදල තවත් විසිපස් ගුණයකින්වත් ඉහළ යා යුතුය. එරට එය අදහාගත නොහැකි තරමේ සොරකමකි. එම වගතුග දැඩි නිරීක්‍ෂණයකින් පසුව ගිනස් වාර්තාවකට ඇතුළත් කර ඇත්තේද ඒ හෙයිනි. කෙසේ හෝ අද ඔබට මේ සුවිශේෂී වූ කතාන්දරය කියා සිටියේ, අද වත්මනේ ශ්‍රී ලංකාව තුළද මේ ආකාරයේ විවිධ කතා ඇසෙන්නට වී ඇති හෙයිනි. එනම් වත්මන් අපගේ රාජ්‍ය පාලකයන්ද අද ශ්‍රී ලංකාවෙන් පැනගොස් හෝ පැනයන්නට සැලැසුම් කරමින් ඇතැයි යන පුවත් අපට නිරන්තරයෙන් අසන්නට සිදුවී ඇත. කෙසේ හෝ මේ වනවිටත් ශ්‍රී ලාංකික දේශපාලකයන්ගේ පවුල් කිහිපයක්ම මෙරටින් හොර රහසේ පලාගොස් ඇත. එසේම ප්‍රධාන රාජ්‍ය නායකයන් කිහිප දෙනෙකුගේම නිසි තොරතුරක්ද මේ වන විට දැනගන්නටද නැත. මේ තත්ත්වය ඉතාමත් තදබල ලෙස උද්ගත වන්නට ගත්තේ පසුගිය මැයි 09 වැනිදා සිදුවූ ජන අරගලයට සහ ප්‍රචණ්ඩකාරී වාතාවරණයට පසුවය.

කෙසේ හෝ අද මෙම ලිපියෙන් සොයා බලන්නට යන්නේ, ලෝකයේ වෙනත් විවිධ රටවල් තුළදී සිදුවූ විවිධ දේශපාලනික සහ ජන අරගලවලදී එම රටවල රාජ්‍ය නායකයන්ට අයත් වූ ඉරණම ගැන වගතුගකි. මෙම කතා අද ලෝක ඉතිහාසයට එක්වී ඇති සුවිශේෂී, අමරණීය පුරාවෘත්තයකි. මෙවැනි වගතුග මෙයට වසර 1,500කට පමණ පෙර, එනම් ක්‍රිස්තු පූර්ව 05 රෝම අධිරාජ්‍යයාගේ සමයක සිටම සිදුවූ බවට වාර්තා ඇත. එහෙත් එම ඉතිහාසය සොයා බලන්නට ගියහොත් එය ඉතා දීර්ඝ ඉතිහාසයකි. කෙසේ හෝ එම සමයෙන් ආරම්භ කර, පසුගිය 2021 වසර දක්වාම ගතහොත් එම යුගය කොටස් කිහිපයකට බෙදා දැක්විය හැකිය. එසේ වුවද අප එහි මෑත යුගයේ එනම් වසර 50ක (දශක 05ක) කාලය තුළ අධ්‍යයනයක් සිදුකර බලමු. එසේම එහි වසර 50කට පෙර අතීතය ගත්කල, එනම් රෝම අධිරාජ්‍යයන්ගේ සමය දක්වා වන කාලය දක්වා එලෙස රාජ්‍ය පාලකයන් 104 දෙනෙකුගේ ප්‍රමාණයක් තම තනතුරුවලින් පලවා හැර ඇති බැව් ලෝක නිල වාර්තාවන් පෙන්වා දෙයි. එසේ නම් ඊට පසු සමය මේතාක් දක්වා වාර්තා වී ඇත්තේ කුමක්ද?

එය සැබැවින්ම අවධානය යොමුකළ යුතු වගතුගකි. එනම් 1971 වසර පමණ කාලයේ සිට 2021 වසර දක්වා වන කාලය තුළ පමණක් රාජ්‍ය පාලකයන් 134 දෙනෙකු තම තනතුරුවලින් පලවා හැර ඇති බැව් නිල වාර්තා පෙන්වා දෙයි. එනම් මෙයින් පෙනී යන්නේ, දේශපාලනික හා ජනතා අරගල හමුවේ සිදුවනු ලබන එම දේශපාලකයින්ගේ පලවාහැරීම් හෝ පලායෑම් අතිශයින්ම උච්ච තත්ත්වයකට පත්ව ඇති බවකි. මෙලෙස පලා යන හෝ පලවාරින හෝ රාජ්‍ය නායකයන් කාණ්ඩ ගණනාවකට අයත් වෙයි. එනම් ඔවුනට රජවරුන්, අධිරාජ්‍යවරුන්, සුල්තාන්වරුන්, සාමීවරුන්, මහාරාජාවරුන්, ආදිපාදවරුන්, එමීර්වරුන්, අගමැතිවරුන් සහ ජනාධිපතිවරුන්ද අයත් වෙති. මෙහිදී මෙම පිරිස් තම රටවල්වලින් බැහැරව යන්නේ ක්‍රමවේදයන් කිහිපයක් හරහාය. එනම් යම් රටක ජන අරගලයකින් හෝ දේශපාලනික අරගලයකින් හෝ බලයට පත්වනු ලබන නව රජයේ අනුදැනුම මත, හිටපු නායකයා රටින් පිටුවහල් කරනු ලබයි. එසේම අනෙක් ක්‍රමය වන්නේ කිසිවෙකුටත් නොදැනෙන සේ හොර රහසේම වෙනත් රටකට පලා යෑමයි. තවත් ක්‍රමවේදයක් වන්නේ විදේශ වෙනත් රටක අනුග්‍රහය මත පරාජිත නායකයා එම රට වෙත ගෙන්වා ගැනීමයි.

දැන් අප මෙම කතාවේ නිසි හැරවුම් ලක්‍ෂ්‍යය වෙත පැමිණ සිටින්නෙමු. ඔබට ඉහත පැවැසූ 1971 සිට 2021 වන කාලය තුළදී මෙලෙස තම රටවල්වලින් නෙරපන ලද හෝ හොර රහසේ පැනයන ලද රාජ්‍ය නායකයන් අතරින් ඉතාමත්ම සුවිශේෂී, ලෝක ප්‍රකට නායකයන් 10 දෙනෙකුගේ නාමයන් ඉතිහාසයේ විශේෂයෙන්ම සඳහන්ව ඇත. මෙම රාජ්‍ය පාලකයන් 10 දෙනා කවුදැයි සොයා බලමු.

■ මිල්ටන් ඔබොටේ – (Milton Obote)
1971 – උගන්ඩාවේ ජනාධිපති
■ ඉඩි අමීන් ඩඩා – (Idi Amin Dada)
1979 – උගන්ඩාවේ ජනාධිපති
■ ෆර්ඩිනන්ඩ් මාර්කොස් – (Ferdinand Marcos)
1986 – පිලිපීනයේ ජනාධිපති
■ නවාස් ෂෙරීෆ් – (Nawaz Sharif)
1999 – පාකිස්තානයේ අගමැති
■ මුල්ලා ඕමාර් – (Mullah Omar)
2001 – ඇෆ්ගනිස්තානයේ රාජ්‍ය නායක
■ ගොන්සාලෝ සන්චෙස් – (Gonzalo Sanchez)
2003 – බොලීවියාවේ ජනාධිපති
■ පර්වේස් මුෂාරෆ් – (Pervez Musharaf)
2008 – පාකිස්තානයේ ජනාධිපති
■ ආබිඩීන් බෙන් අලි – (Abidine Ben Ali)
2011 – ටියුනීසියාවේ ජනාධිපති
■ එවෝ මොරාලෙස් – (Evo Morales)
2019 – බොලිවියාවේ ජනාධිපති
■ අශ්රෆ් ගානි – (Ashraf Ghani)
2021 – ඇෆ්ගනිස්තානයේ ජනාධිපති

කෙසේ හෝ ඉහත ඔබට ප්‍රකාශ කළ අයුරින්, 1971 – 2021 එම ලෝක ලැයිස්තුවේ මෙලෙස අවාසනාවන්ත ඉරණමට ලක්වුණු රාජ්‍ය පාලකයන්ගේ ප්‍රමාණය 134ක් වෙයි. එහෙත් මෙම බොහෝ රාජ්‍ය නායකයන් ලොව එතරම් ප්‍රකටත්වයට පත්වූ පිරිස නොවේ. එසේම එම රාජ්‍ය නායකයන්ගෙන් බහුතරයක් පිරිස අයත් වන්නේ අප්‍රිකානු රටවලටද වීම විශේෂත්වයකි. කෙසේ වුවද ඉහත ඔබට සඳහන් කළ නායකයන් දසදෙනා මෑත කාලය තුළ ලොව ප්‍රකටත්වයට පත්වූ පුද්ගලයන් වෙයි. මේ අතරින් පිලිපීනයේ ජනාධිපති ෆර්ඩිනන්ඩ් මාර්කොස් ගැන යමක් මුලින්ම ලියා තැබුවද, අනෙක් නායකයන්ගේ ඉරණම ගැන සොයා බලමු.

මිල්ටන් ඔබොටේ (Milton Obote) යනු උගන්ඩාව දෙවතාවක් පාලනය කළ ජනාධිපතිවරයෙකි. මුල්වර 1966 – 1971 කාලයද, දෙවැනිවර 1980 – 1985 කාලයද ජනාධිපති ධුරය දැරීය. බි්‍රතාන්‍ය පාලනයෙන් උගන්ඩාවට නිදහස දිනා ගැනීමට කටයුතු කළ දක්‍ෂ නායකයකු ලෙස සැලකෙයි. කෙසේ හෝ ඔහුගේ මුල්වර පාලනය තරම් දෙවැනි වර පාලනය යහපත් ස්වරූපයක් නොගත්තේය. ලොව අතිශයම කෲර, දරුණු පාලකයකු ලෙස සැලකෙන ඉඩි අමීන් උගන්ඩාවේ ජනාධිපති ලෙස බලයට පැමිණියේ 1971 වසරේදී මිල්ටන් ඔබොටේට එරෙහිව සන්නද්ධ යුද අරගලයක් සිදුකරමිනි. එහිදී ඔබොටේ කෙන්යාවට පලාගියේය. ඉන්පසු 1979දී ඉඩි අමීන් පලවා හැරීමෙන් පසු ඔබොටේ නැවැත බලයට පැමිණියේය. ඔහුගේ දෙවැනි වර පාලනයේදී උගන්ඩාව තුළ දරුණු සන්නද්ධ අරගල ඇති වී මිනිස් ජීවිත ලක්‍ෂ 03ක් පමණ විනාශ විය. කෙසේ හෝ එම ජන අරගල හමුවේ මිල්ටන් ඔබොටේ දෙවැනි වතාවටත් රටින් පලා ගියේය. ඔහු එවරද කෙන්යාවට පැනගොස් එතැනින් සැම්බියාවට පැනගියේය. අවසානයේදී දකුණු අප්‍රිකාවට පැමිණ 2005 වසරේදී, 79 වැනි වියේදී දරුණු වකුගඩු රෝගයකින් මරණයට පත්විය. පසු කාලයේදී ඔහුට එරෙහිව නැඟුණු දූෂණ වංචා චෝදනාද බොහෝ විය. තමන් නිදහස දිනා ගැනීමට කැප කළ උගන්ඩාව තුළදී මියයන්නට ඔහු වාසනාවක් නොවීය.

ඉඩි අමීන් ඩඩා (Idi Amin Dada) යනු වසර 08ක් පුරා නොකඩවා උගන්ඩාව පාලනය කළ ජනාධිපතිවරයාය. ලොව මෙතෙක් සිටි භයානකම, ම්ලේච්ඡ පාලකයකු ලෙසට ඔහු හඳුන්වනු ලබයි. රාජ්‍ය ධනය කොල්ල කෑම, විවිධ දූෂණ, වංචා, විරුද්ධවාදීන් ඝාතනය කිරීම, සිවිල් වැසියන් ඝාතනය කිරීම, ස්ත්‍රී දූෂණය ආදී භයානක අපරාධ රැසකට ඔහු සම්බන්ධ වුණේය. කිසිදු මහජන මැතිවරණයක් නොපවත්වා 1971 දී හිටපු ජනාධිපති මිල්ටන් ඔබොටේ පලවා හැර බලය පැහැරගෙන, තමන් විසින්ම උගන්ඩාවේ නව ජනාධිපතිවරයා යැයි ප්‍රකාශ කළේය. ඔහුගේ පාලන කාලය තුළ මිනිස් ජීවිත ලක්‍ෂ 05ක් පමණ ඝාතනයට ලක්වී ඇත. ඉඩි අමීන්ගේ අතිශය කුරිරු පාලනය ඉවසාගත නොහැකි වූ යාබද රාජ්‍යයක් වන ටැන්සීනියාවේ එවකට සිටි ජනාධිපති ජුලියස් නියරේරේ තම හමුදාව ලවා ඉඩි අමීන්ගේ රජයට පහර දුන්නේය. මෙසේ ටැන්සානියානු හමුදා උගන්ඩාව ආක්‍රමණය කිරීමේදී ඉඩි අමීන් වහා රහසිගතව රටින් පැනගියේය. ඔහු මුලින් ලිබියාවටත්, එතැනින් පසුව ඉරාකයටත්, අවසානයේදී සවුදිඅරාබියටත් පැනගියේය. ඔහු අවසානයේදී 2003 වසරේදී වයස අවුරුදු 78ක්ව සිටියදී සවුදිඅරාබියේදීම මරණයට පත්විය. ඔහු වසර 24ක් සවුදිඅරාබියේ වාසය කළේය.

නවාස් ෂෙරීෆ් (Nawaz Sharif) යනු පාකිස්තානයේ තෙවරක් අගමැති ධුරය දැරූ දේශපාලකයෙකි. එනම් වසර 09ක් පුරා අගමැති ධුරයේ සිටි ඔහු පාකිස්තාන ජනතාව අතර ජනප්‍රියත්වයට පත්ව සිටි පුද්ගලයෙකි. මොහු පාකිස්තානයේ සිටින ධනකුවේර ව්‍යාපාරිකයකුද වෙයි. පාකිස්තානයේ යුද හමුදා ප්‍රධානී ධුරය දැරූ පසු කාලයකදී එරට ජනාධිපති ධුරයට පත්වූ ජෙනරාල් පර්වේස් මුෂාරෆ් සමග ඇති වූ බල අරගලවලදී නවාස් ෂෙරීෆ් දැඩි අර්බුද රැසකට මුහුණ දුන්නේය. කෙසේ හෝ හමුදා කුමන්ත්‍රණයක් හරහා මුෂාරෆ් විසින් ෂෙරීෆ් බලයෙන් පහකර නඩු විමසා සිරභාරයට ගන්නා ලදී. නවාස් ෂෙරීෆ්ට එරෙහිව දූෂණ, වංචා චෝදනා, මිනීමැරුම් චෝදනා මෙන්ම ත්‍රස්තවාදී චෝදනාද ගෙන එන ලදී. එසේම ඔහුට එරෙහිව මුදල් විශුද්ධිකරණය සහ බදු මුදල් පැහැර හැරීම් චෝදනාද ගෙන එන ලදී. කෙසේ හෝ අවසානයේදී ඔහුට 14 වසරක සිරදඬුවමක්ද නියම කරන ලදී. මුදල් විශුද්ධිකරණයට අදාළව ජාත්‍යන්තර ‘පැනමා’ පත්‍රිකාවල ඔහුගේ නම සඳහන්ව තිබිණි. කෙසේ හෝ අවසානයේදී සවුදි අරාබියේ ෆාඩ් රජුගේ මැදිහත්වීම මත වසර 10ක කාලයකට නවාෂ් ෂෙරීෆ් රටින් පිටවුහල් කර සවුදිඅරාබියට ගෙන්වා ගත්තේය. ඉන්පසු ඔහු එතැනින් එංගලන්තයටද පැමිණ ජීවත් වූ අතර, නැවැත 2013 වසරේ පාකිස්තානයට පැමිණ මැතිවරණය ජයග්‍රහණය කර අගමැති ධුරයට පත්විය.

ආබිඩීන් බෙන් අලි (Abidine Ben Ali) යනු වසර 24ක් පුරා ටියුනීසියාවේ ජනාධිපති ධුරය දැරූ කුරිරු ඒකාධිපති පාලකයෙකි. මුලින් අගමැති ධුරයට පත්වූ ඔහු ටියුනීසියාවේ ප්‍රථම ජනාධිපතිවරයා කැරැල්ලකින් පලවා හරිමින් කිසිදු මැතිවරණයක් නොමැතිව ජනාධිපති ධුරය ලබාගත්තේය. එතැන් සිට 2011 වසරේදී ටියුනීසියාවේ ඇති වූ මහා තරුණ අරගලය දක්වාම ඔහු ජනාධිපති ධුරය ඉසිලීය. කෙසේ හෝ මාස ගණනාවක් පුරා පැවැති මෙම තරුණ අරගලය ලෝක ඉතිහාසයට එක්වූයේ, ලොව ප්‍රකට වූ අරගලයක් වන ‘අරාබි වසන්තයේ’ (Arab Spring) පෙරගමන්කරුවා ලෙසය. අවසානයේදී එම විප්ලවය රටවල් 12ක් පමණ පුරා පැතිර ගියේය. කෙසේ හෝ 2010 දෙසැම්බර් 17 ඇරැඹි, 2011 ජනවාරි 14දා දක්වා පැවැති ටියුනීසියානු විප්ලවයේදී ජනාධිපති බෙන් අලි බලයෙන් පහකරනු ලැබුවේය.

අරගලය ඉතා උත්සන්න වත්ම ජනාධිපති බෙන් අලි සිය බිරිය සහ දරුවන් තිදෙනා සමග සවුදිඅරාබියට පලාගියේය. සවුදිඅරාබියේ අබ්දුල්ලා රජු විසින් බෙන් අලිට දේශපාලන රැකවරණය ලබා දුන්නේය. මහා පරිමාණ මුදල් විශුද්ධිකරණ වංචා, මත්ද්‍රව්‍ය ජාවාරම්, මිනිස් ඝාතන ආදී චෝදනා රැසකට ඔහු වරදකරු කෙරිණි. කෙසේ හෝ 20019 වසරේදී 83 වැනි වියේදී බෙන් අලි සවුදිඅරාබියේදී හෘද රෝගයකින් මරණයට පත්විය.

අශ්රෆ් ගානි – (Ashraf Ghani) යනු වසර 07ක් පුරා ඇෆ්ගනිස්තානය පාලනය කළ ජනාධිපතිවරයකි. බොහෝ උගත් පරිචයක් ඇති ඔහු දේශපාලනඥයකුට අමතරව, විශ්වවිiාල මහාචාර්යවරයකු ලෙසද කටයුතු කර තිබුණේය. ඇමෙරිකාවේ කොලොම්බියා විශ්වවිiාලයේ උපාධිධරයකු වන ඔහු වසර 04ක් පුරා ඇෆ්ගනිස්තානයේ කාබුල් විශ්වවිiාලයේ කුලපතිවරයා ලෙසද කටයුතු කළේය. ඔහු ඇෆ්ගනිස්තානු සහ ඇමෙරිකානු පුරවැසියකුද වෙයි. වසර ගණනාවක් පුරා ඇෆ්ගනිස්තානය තුළ තිබුණු ඇමෙරිකානු පාලනය 2021 අගෝස්තු 30දා නිමාවීමත් සමග තාලිබාන් අන්තවාදීන් නැවැත වරක් ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කළේය.

ඉන්පසුව ඇෆ්ගනිස්තානයේ මායිම් දෙකක් හරහා ආයුධ සන්නද්ධ තාලිබාන් කැරැලිකරුවන් රට මධ්‍යස්ථානයට කඩාවැදී ප්‍රදේශ රැසක්ම අත්පත්කර ගත්තේය. ඉන් අනතුරුව කැරැලිකරුවන් දහස් ගණනින් ජනාධිපති මන්දිරය වෙතද පැමිණෙන බවට වාර්තා විය. ආරක්‍ෂක අමාත්‍යවරයා වහා ජනාධිපති අෂ්රෆ් ගානිට කියා සිටියේ හැකි ඉක්මනින් මන්දිරයෙන් පිටත්ව කාබුල් ගුවන්තොටුපොළට යන ලෙසය.

ඒ අනුව විනාඩි ගණනාවක් ඇතුළත අෂ්රෆ් ගානි තම බිරිය සමග ගුවන්තොටුපොළ වෙත ගිය අතර, එතැනින් ගුවනින් මුලින් උස්බෙකිස්තානයට පැමිණ පසුව එක්සත් අරාබිඑමීර් රාජ්‍ය වෙත පලාගොස් ඇත. ඔහු දැනට 72 වැනි වියෙහි පසුවෙයි.

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

අම්මයි තාත්තයි හදපු අවුරුදු 50ක් පරණ, ආණ්ඩුව ආපු දවසෙ ඉඳන් ස්වාධීනව හිටපු, චන්දිමගෙ ගේ ගිනි තිබ්බේ මොනව ලබාගන්නද? (VIDEO)

Next Post

රජ්ජුරුවොවත් ‌කෙරුවෙ නෑ! අටමස්ථානය නමස්ථානය කරපු සඳහිරුසෑය ලංකාවට අපලද?

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.