• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රජ්ජුරුවොවත් ‌කෙරුවෙ නෑ! අටමස්ථානය නමස්ථානය කරපු සඳහිරුසෑය ලංකාවට අපලද?

May 16, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
රජ්ජුරුවොවත් ‌කෙරුවෙ නෑ! අටමස්ථානය නමස්ථානය කරපු සඳහිරුසෑය ලංකාවට අපලද?
Share on WhatsAppShare on Facebook

වියපත් බෞද්ධයකුගෙන් ජීවිතයේ ඉතිරිව ඇති බලාපොරොත්තු මොනවාදැයි ඇසුවහොත් තව එක වරක් හෝ අටමස්ථානය වැඳගැනීම බවට පිළිතුරු ලැබීමට බොහෝ සේ ඉඩ ඇත. ජයශ්‍රී මහා බෝ සමිඳුන් ඇතුළුව අතීත රජවරුන් තැනවූ මහා වෙහෙර විහාර ඇතුළත් අටමස්ථානය වන්දනා කිරීම ලංකාවේ පමණක් නොව ලෝකයේ වෙනත් රටවල දිවිගෙවන බෞද්ධයන්ගේ මුඛ්‍ය ප්‍රාර්ථනාවක් බවට පවත්ව තිබීම ඊට හේතුවයි. සැදැහැවත් බෞද්ධ පින්වතුනට කොතරම් වන්දනා කරත් සිතට මදි යැයි හැඟෙන අටමස්ථානය ලෙස සැලකෙන්නේ කළුදේවතා බණ්ඩාර දෙවියන් අධිගෘහිත ජයශ්‍රී මහා බෝධිය, දෙවනපෑතිස් රජු මිහිඳු හිමිගේ උපදෙසින් කරවූ පසුව දුටුගැමුණු රජ නව මහල් ප්‍රාසාදයක් බවට පත්කළ ලෝවාමහාපාය, දෙවනපෑතිස් රජු කරවන ලද ථූපාරාමය, දුටුගැමුණු රජු කරවූ මිරිසවැටිය සහ රුවන්වැලිසෑය, වළගම්බා රජු කරවන ලද අභයගිරිය සහ ලංකාරාමය, මහසෙන් රජු කරවනු ලැබූ ජේතවනය යන සිද්ධස්ථානයන්ය.

පුරාවිද්‍යාත්මක අතින් ගත්තද මිල කළ නොහැකි වටිනාකමක් සහිත අටමස්ථානය කේන්ද්‍ර කොටගෙන අනුරධපුර පූජා නගරය පිහිටුවා ඇත. තවමත් පුරාවිද්‍යා කැණීම් නිමකර නැති අනුරාධපුර පූජා නගරය සහ ඇතුළු නුවර පරිශ්‍රයන් තුළ මානව ඉතිහාසය පමණක් නොව වාස්තු විද්‍යාත්මකවද ඉතා වටිනා සාක්ෂි රැසක් ශේෂව තිබිය හැකි බව පුරාවිද්‍යාව පිළිබඳ ප්‍රාමාණිකයන්ගේ මතයයි. එවන් අධි සංවේදී ප්‍රදේශයක අලුතින් යමක් ඉදිකිරීම වූ කලී ඇසක ඇනුණු කටුවක් ඉවත්කරන තරමේ සියුම් ක්‍රියාවකි. මන්ද යත් මෙවැනි පුරාවිද්‍යා වටිනාකම් සහිත ප්‍රදේශවල එක පස් මිටකින් ලෝක ඉතිහාසයේ ලොකු වෙනසක් සිදුවිය හැකි බැවිනි. එහෙත් එකී වටිනාකම් තුට්ටුවකට නොතකා 2010 වසරේ මේ ඓතිහාසික බිමේ අලුතින් චෛත්‍යයක් ගොඩනැගීමට එවක පැවති එක්සත් ජනතා නිදහස් සන්ධාන රජය කටයුතු කරන ලදී.

රජයේ කටයුත්තක් ලෙස හැඳින්වුවද එය තනිකරම ජනාධිපති මහින්ද රාජපක්ෂගේ අවශ්‍යතාව මත සිදුකරන කාර්යයක් විය. පුරාවිද්‍යාඥයන් සහ ශාස්ත්‍රාලීය උගතුන්ගේ දැඩි විරෝධය නොතකා අනුරාධපුරයේ නව චෛත්‍යයක් ඉදිකිරීමට ජනාධිපතිවරයාට අවශ්‍ය වූ අතර එහි අරමුණ ලෙසින් දැක්වූයේ දශක තුනක යුද්ධයෙන් මියගිය 30,000කට අධික ත්‍රිවිධ හමුදා සෙබළුන් සිහිකිරීමය. මුලින්ම ‘රණවිරු සෑය’ නමින් හැඳින්වූ මෙහි නම පසුව ‘සඳ හිරු සෑය’ ලෙසින් වෙනස් කරන ලදී. ජනාධිපතිවරයාගේ අදහසට මෙරට මධ්‍යස්ත මතධාරී ජනතාව, භික්ෂුන්වහන්සේලා, පුරාවිද්‍යාඥයන් දැඩි විරෝධය පාන්නට විය. චෛත්‍යයක් ඉදිකිරීම අත්‍යාවශ්‍යම නම් එය දිවයිනේ වෙනත් තැනක ඉදිකරන ලෙසත් අනුරාධපුර පූජා නගරයේ පෞරාණික වටිනාකම් සලකා මේ ඉදිකිරීම නොකරන ලෙසත් ඔවුහු පැවසූහ. එහෙත් යුද සෙබළුන් සිහිකර චෛත්‍යයක් කරවීමෙන් සිය සිංහල බෞද්ධ ඡන්ද පදනමට වෙන වාසිය දත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මේ උපදෙස් තැකුවේ නැත.

මුල් යුගයේ රජයේ සැලසුම වූයේ රුවන්වැලි සෑයේ උස වන අඩි 299ට වඩා උසකින් යුතුව නව චෛත්‍ය ඉදිකිරීමය. ඊට පූජා නගරයෙන්ම බිම්කඩක් ඉල්ලා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට බලකිරීම නිසා නිලධාරීහු බරපතළ අර්බුදයකට මුහුණ දුන්හ. කෙසේ වෙතත් එවක පුරාවිද්‍යා කොමසාරිස් ධුරය හෙබවූ මහාචාර්ය සෙනරත් දිසානායක ආණ්ඩුවේ ඉල්ලීමට එකඟ වූයේ නැත. සාමාන්‍ය ජනයා අතර පැතිර යන්නට වූ මතය වූයේ අටමස්ථානයට නොදුරුව තවත් චෛත්‍යයක් ඉදිකර අටමස්ථානය නවමස්ථානයක් බවට පත්කිරීම වස් වදිනා ක්‍රියාවක් බවයි. තවත් පාර්ශ්වයක් පැවසූයේ ඉපැරණි ස්ථූප සහ විශ්ව ශක්තිය අතර සම්බන්ධතාවන් පවතින බැවින් මේ ඉදිකිරීමෙන් ආණ්ඩුවට බරපතළ ප්‍රශ්නවලට මුහුණ දීමට සිදුවිය හැකි බවයි. අතීත රජ දරුවන්ට රුවන්වැලි සෑයට වඩා උස චෛත්‍යයක් ඉදිකළ හැකිව තිබූ මුත් අප්‍රකාශිත සුවිශේෂ කරුණක් නිසා අනුරාධපුරයේ වෙනත් චෛත්‍යයක් ඉදිනොකරන්නට ඇති බව ඔවුහු පැවසූහ. පුරාවිද්‍යාඥයන්ගේ විද්‍යාත්මක විශ්ලේෂණ නොතැකුවද දේශපාලනඥයෝ වස් වැදීම, අපල උපද්‍රවවලට බොහෝ බිය වන්නෝය. එකී බිය මුසු සිතිවිලි සහ මහාචාර්ය සෙනරත් දිසානායකගේ දැඩි විරෝධය නිසා පූජා නගරයෙන් බැහැරව රුවන්වැලි සෑයට වඩා උස අඩුව සඳ හිරු සෑය ඉදිකරන තැනට ආණ්ඩුවට පසුබසින්නට සිදුවිය.

මේ ඉදිකිරීමට එරෙහිව අදහස් දැක්වූවෝ විවිධාකාර වූ හේතු නිසා එසේ කළහ. ඇතැම් පාර්ශ්ව පුරාවිද්‍යාත්මක වටිනාකම් සලකාද තවත් අය වාස්තු දෝෂ සලකාද එසේ කළහ. එමෙන්ම විද්‍යාත්මකව තහවුරු කළ නොහැකි හේතු මත සඳ හිරු සෑයට විරුද්ධ වූවන්ද විය. විශේෂයෙන්ම මේ චෛත්‍යය ඉදිකිරීම පිළිබඳ අදහස් දැක්වූ මහාචාර්ය පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමියෝ අතිශය ප්‍රායෝගික මෙන්ම තාර්කික කරුණු මත සඳ හිරු සෑයට එකඟ වූයේ නැත. යුද්ධයක් සමරන්නට ලෝකේ කොහේවත් චෛත්‍ය ඉදිව නැති බවත් එවැන්නක් ඉදිකිරීම නිෂ්ඵල දෙ‍යක් බවත් උන්වහන්සේ පැවැසූහ. එමෙන්ම මේ චෛත්‍ය මියගිය යුද සෙබළුන් සිහි කිරීමට පමණක් නොව දශක තුනක යුද්ධයෙන් මියගිය සිංහල දෙමළ මුස්ලිම් ඇතුළු සියලු ජන කොටස් සිහිකිරීම වෙනුවෙන් යැයි නම් කරන්නැයි තවත් පාර්ශ්ව රජයට යෝජනා කළහ. එසේ කිරීමෙන් මෙම චෛත්‍යය සර්ව ආගමික වටිනාකම් සහිත ස්ථානයක් වනු ඇතැයිද, එය වාර්ගික සමගියට හේතුවනු ඇතැයිද ඔවුහු පැවසූහ. එහෙත් ඒ කිසිත් ජනාධිපතිවරයා හෝ පැවති ආණ්ඩුව කනකට ගත්තේ නැත. රජ කාලෙන් පසු මහා දාගැබක් ඉදිකර ඉතිහාසගත වන්නට තිබූ වුවමනාව ඊට හේතු වූවා විය හැක.

මෙරට විශාලත්වයෙන් හතරවැනි චෛත්‍යය ලෙස අනුරාධපුරයේ මහමෙවුනා උයනට අයත් භූමි භාගයක සෑයේ ඉදිකිරීම් ආරම්භ කෙරුණි. වර්ෂ 2010 වසරේ නොවැම්බර් 22 වැනිදා සඳ හිරු සෑයට මුල්ගල් තබන ලදී. සෑය ඉදිකිරීමේදී රජයට බරක් නොවන සේ පරිත්‍යාගශීලීන්ගෙන් මෙන්ම යුද සෙබළුන්ගේ වැටුපෙන් ඉතා සුළු මුදලක් ලබාගෙන එහි ඉදිකිරීම් කරන්නට යෝජනාවී තිබිණි. ජනාධිපති මහින්ද රාජපක්ෂගේ උපදෙස් පරිදි ආරක්ෂක ලේකම්ව සිටි වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන්ගේ ඍජු මෙහෙයවීම මත ඉදිකිරීම සිදුවිය. එවක යුද හමුදාපතිව සිටි ලුතිනන් ජෙනරාල් දයා රත්නායකගේ අධීක්ෂණය යටතේ යුද හමුදාවේ 4 වැනි ඉන්ජිනේරු සේවා රෙජිමේන්තුවේ නිලධාරීහු සඳහිරු සෑය ඉදිකිරීම ආරම්භ කළහ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හා ශ්‍රී ලංකා ඉංජිනේරු සංස්ථාවේ සහායද ඊට හිමිවිය. සඳහිරු සෑයේ උස අඩි 282යි අඟල් 6ක් වූ අතර, එය රුවන්වැලි මහා සෑය, අභයගිරිය හා ජේතවනාරාමයට පසු ශ්‍රී ලංකාවේ උසම දාගැබ විය. සෑයේ විෂ්කම්භය අඩි 255ක් වන අතර වට ප්‍රමාණය අඩි 801ක් විය. අක්කර 13ක භූමියක් චෛත්‍යය වෙනුවෙන් වෙන්විය. එහි වැලි මළුව අක්කර 6යි රූඩ් එකක් හා පර්චස් 30ක් වූ බව කියැවේ. වෛත්‍යයෙන් ආවරණය වන භූමි ප්‍රමාණය අක්කරයක් හා පර්චස් 20ක් විය. බුබ්බුලාකාර හැඩයෙන් යුතුව ඉදිවූ සෑය සඳහා විශේෂ වූ ස්තූප ගඩොල් භාවිත කරන ලදී. ඒ සඳහා ගඩොල් ලක්ෂ 310ක් යොදාගත් බව කියවේ. ස්තූප ගඩොලක දිග අඟල් 16කි. එහි පළල අඟල් 8කි. උස අඟල් 2කි. මේ ගඩොල් දාගැබ් ඉදිකිරීම සඳහාම යොදාගන්නා වර්ගයකි. සඳ හිරු සෑය සාදා නිම කිරීමට සිමෙන්ති කොට්ට 150,000ක්, වැලි කියුබ් 12,300ක්, කළුගල් කියුබ් 50,000ක්, ඒබීසී මිශ්‍රණය කියුබ් 20,000ක් වැයවන බව ඇස්තමේන්තු කර තිබිණි.

2014 වසරේ නොවැම්බර් 23 වැනිදා සෑයේ ගර්භයේ ධාතු නිධන් කිරීමද සිදුකෙරුණු අතර ඒ වෙනුවෙන් කිලෝ 8ක දඹ රන් පිළිමයක් නිධන් කරන ලදී. දඹ රන් කියා වෙනමම රන් විශේෂයක් නොමැති බව පුරාවිද්‍යාඥයන් පැවසුවද එකල මාධ්‍ය මගින් මේ රන් පිළිම කතාවට විශේෂ ප්‍රසිද්ධියක් ලබා දුණි. කෙසේ වෙතත් අද වන විට මේ පිළිමය පිළිබඳ බොහෝ විවාද සම්පන්න කරුණු දේශපාලන පිටියේ සාකච්ඡාවට බඳුන් වෙයි. රත්‍රන්වලින් නිම කළ බුදු පිළිමයට අමතරව රත්රන්වලින් සැකසූ බෝධීන් වහන්සේ නමක්, රන් පත් ඉරුවල ලියන ලද ත්‍රිපිටකය ද මෙහි තැන්පත් කෙරිණි. ඊට අමතරව බාහිර අය ලබාදුන් රිදී, මුතු, මැණික් ද මෙහි තැන්පත් කෙරිණි.
ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉතා වුවමනාවෙන් ඉදිකිරීම් ආරම්භ කළද සඳහිරු සෑයේ ඉදිකිරීම් බලාපොරොත්තුවූ පරිදි නිමකරන්නට ඔහුට නොහැකි විය. 2015 පැවැති ජනාධිපතිවරණයේදී සිහිනෙකින්වත් නොසිතූ පරිදි ඔහුගේම පක්ෂයේ මහලේකම් ඔහුගේ ප්‍රතිවාදියා විය. 2009 යුද ජයග්‍රහණයත් සමග මහරජාණන් ලෙස ජනතාව හැඳින්වූ කිසි කලෙකත් පරාජය කළ නොහැකි යැයි බොහෝ දෙනෙක් විශ්වාස කළ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මෛත්‍රීපාල සිරිසේන හමුවේ දරුණු පරාජයක් ලැබුවේය. ජනාධිපතිවරණ රැලිවලදී තමාට ප්‍රතිවාදියෙක් නැතැයි පැවසූ මනින්ද රාජපක්ෂ සිහිනෙන්වත් නොසිතූ පරාජයක් ලැබීමට හේතුව අනුරාධපුර පූජා භූමියේ හිතුවක්කාර ලෙස චෛත්‍යයක් ඉදිකිරීම බව බොහෝ දෙනෙකු පවසන්නට යෙදුණි.

කෙසේ වෙතත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා හෝ පසුව පිහිටුවනු ලැබූ යහපාලන රජයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සඳහිරු සෑ‍යේ වැඩ කටයුතු අතහැර දැමූ අතර අවම වශයෙන් ඒ දෙස හැරී බලන්නටවත් ඔවුනට උවමනාවක් නොවූ සේය. වසර පහකට ආසන්න කාලයක් අතහැර දමා තිබූ සඳහිරු සෑයට අත තබන්නට 2020 යළි අගමැති ධුරයට පත්වුණු මහින්ද රාජපක්ෂ කටයුතු කරන්නේය. එදා සඳහිරු සෑය ඉදිනොකරන ලෙස ආණ්ඩුවට අනතුරු ඇඟවූ පාර්ශ්ව මේ හිතුවක්කාර ඉදිකිරීම නවතා දැමීම සුදුසු බව පැවසූවද අඛණ්ඩව එහි ඉදිකිරීම් සිදුවිය. අවසන 2021 නොවැම්බර් 18 දින සඳහිරු සෑය මහජනයාට වන්දනා කිරීම උදෙසා විවෘත කරන්නට යෙදුණි.
වර්ෂ 2014 ධාතු නිදන් කර දෙමසක් යන්නට පෙර රාජපක්ෂවරුන්ගේ අවාසනාව ඔවුන් සොයා පැමිණිය ආකාරයෙන්ම සෑ‍යේ වැඩ නිමවී මාස හයක් යන්නට පෙර නැවත වතාවක් අවාසනාව ඔවුන් සොයා පැමිණෙන්නට විය. වසර තුනක් තිබියදී පොදුජන පෙරමුණේ ආණ්ඩුව බිඳවැටුණු අතර රජකුට සමාන කර මෙරට ජනතාව සැලකූ මහින්ද රාජපක්ෂට අගමැති ධුරය හැර ගොස් සැඟවී ජීවත් වන්නට සිදුවිය. කුඩා දරුවන්ගේ පවා පරිභවයට ලක්වීමටත්, නන් වැදෑරුම් අපහාස, ජීවිත තර්ජන මැද දශක හතකට ආසන්න කාලයක් කරගෙන ආ දේශපාලන කටයුතු අතහැර ගොස් හමුදා ආරක්ෂාව යටතේ දිවි ගෙවනා තැනට රාජපක්ෂවරු පත්විය. එමතුදු නොව රාජපක්ෂ පරපුරේ කැණිමඩල ලෙස සලකන මැදමුලන වලව්ව ගිනිබත් කර ආදි රාජපක්ෂවරුන්ගේ සොහොන් කොත් පවා බිමට සමතලා කරන තරමට ජනතා වෛරයක් ඔවුන් කෙරෙහි ඇතිවන්නට විය. මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ පවුලේ විනාශය දේශපාලන අඛ්‍යානයකින් යුතුව කියවා ගන්නා පිරිසට වඩා වැඩි පිරිසක් දරන අදහස වනුයේ මේ පරිද්දෙන් රාජපක්ෂවරු පසුපස එන්නේ අනුරාධපුර පූජා භූමියේ රුවන්වැලි මහසෑ රදුන් සමවන චෛත්‍යයක් ඉදිකිරීම බවයි.

අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ජනතාව නැගිට්ටම රටවල් දාලා දුවපු ලෝක නායකයෝ…

Next Post

17 උදෙන්ම පොහොට්ටු මන්ත්‍රී කණ්ඩායම පාර්ලිමේන්තුවේදී රැස්වෙනවා! මහින්ද එදාට එයිද?

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.