පසුගිය 09 වැනිදා අරලියගහ මන්දිරය ආශ්‍රිතව ඇතිවූ පහරදීමේ සිද්ධිය හේතුවෙන් කුපිත වූ පිරිස් ආණ්ඩුවට සම්බන්ධ දේශපාලනඥයන් රැසකගේ නිවාස සහ දේපළ ගිනිබත් කළා.
පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතාගේ නිවෙසද එලෙස ගිනිතැබීමට ලක්ව තිබුණා.
අද (15) එම නිවෙස නිරීක්ෂණය කිරීමට පැමිණි වීරක්කොඩි මහතා මාධ්‍යවේදීන් හමුවේ පවසා සිටියේ මහජන ඡන්දයෙන් පත්වූ මහජන නියෝජිතයන් පිරිසකගේ උසිගැන්වීම මත තම නිවෙස ගිනිතබා විනාශ කර ඇති බවයි.
එහිදී චන්දිම වීරක්කොඩි මහතා පළ කළ අදහස් ඇතුළත් වීිඩියෝව පහතින්.











