• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සෑම වසරකම ලෝක ළමා දිනය-කාන්තා දිනය දවසේ මයික් අතට අරන් පාලකයෝ මව්වරු-දරුවන්-කාන්තාවන් ගැන කතා කළත් ඒ කියපු දේවල් කවදාවත් ඉටුවුණේ නෑ! ඉටුවුණා නම් අද මේ රටේ කාන්තාව සිටිය යුත්තේ මීට වඩා හොඳ තැනක! සජබ රජයක් යටතේ කාන්තා-ළමා අයිතිවාසිකම් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට! සජිත්ගෙන් පොරොන්දුවක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

March 15, 2024
in Exclusive
Reading Time: 7 mins read
A A
Share on WhatsAppShare on Facebook

සෑම වසරකම ලෝක ළමා දිනය, කාන්තා දිනය සමරමින් මයික්‍රෆෝන අතට ගෙන පාලකයෝ මව්වරු, දරුවන් හා කාන්තාවන් ගැන කතා කරත් ඔවුන් කියන දේවල් කවදාවත් සිදු නොවූ බවත් එසේ සිදු වූවා නම් අද මේ රටේ කාන්තාව සිටිය යුත්තේ මීට වඩා හොඳ තැනක බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

කාන්තාවන් ගැන වේදිකා උඩ නැගගෙන මහලොකුවට කතා කළත් රටේ දැඩි අවධානාත්මක පාර්ශ්වයන් ද්විත්වයක් වන කාන්තාව සහ දරුවන් සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදය තුළ කිසිදු සදහනක් නොමැති බවත් මොවුන් ගැන සුවිශේෂී සැළකිල්ලක් දක්වමින් සමගි ජන බලවේග රජයක් තුළ ළමා, කාන්තා, මව්වරුන්ගේ අයිතිවාසිකම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකමක් බවට පත් කරන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

නිවසේදී මහමගදී වැඩබිමේදී කාන්තාව නිරන්තරයෙන් පීඩනයට ලක් වන බවත් මේ ගැන කතා කරන්න බොහෝ දෙනකු බිය වී ඇති බවත් 52%ක් කාන්තාවන් සිටියත් අදටත් ඇත්තේ පුරුෂ කේන්ද්‍රීය සමාජයක් බවත් මෙය වෙනස් විය යුතු බැවින් සමගි ජන බලවේග රජයක් තුළ දරුවන්ගේ, කාන්තාවන්ගේ හා මව්වරුන්ගේ අයිතීන් සුරකින බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ (14) සවස අතුරුගිරිය සර්වෝදය ශාලාවේ දී කඩුවෙළ ප්‍රදේශයේ පාසල් ළමුන් උදෙසා පාසල් බෑග්, කෑම පෙට්ටි සහ වතුර බෝතල් ආදී රුපියල් ලක්ෂ 14කට ආසන්න පාසල් උපකරණ ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.

පාසල් සිසුන්ට නිල ඇඳුම් හා දිවා ආහාර ලබා දීමේ වැඩසටහන් ද්විත්වය ක්‍රියාත්මක වුවත් මේ වන විට ක්‍රියාත්මක වන්නේ නිල ඇඳුම් නොමිලේ ලබා දීම වුවත් සමගි ජන බලවේග රජයක් තුළ රජයේ පාසල් 10126ම දූදරුවන් 41 ලක්ෂයට පෝෂ්‍යදායී ආහාර වේල ලබා දීමේ වැඩසටහන ආරම්භ කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ඡන්දෙ කාලෙට බෙදනවා කියලා මේ වැඩසටහන් අඩපණ කරන්න එපා

මෙරට පාසල් අධ්‍යාපනය තුළ සිදු කිරීමට නියමිත වෙනස මුල් ළමා වියේ සිටම සිදු කිරීමට අපේක්ෂා කරන බවත් ඡන්දෙ කාලෙට බෙදන යෝජනා කියා මේවා විකෘති කරන්න උත්සාහ කළත් මේ හැම වැඩසටහනකම විද්‍යාත්මක හේතු කාරණා ගැබ්ව ඇති බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

වැඩක් නොකර කාන්තා අයිතිය ගැන වේදිකාවල කෑ ගැහුවට වැඩක් නෑ.

ජාත්‍යන්තර සමීක්ෂණ වාර්තා අනුව 5ත් 18ත් අතර දරුවන්ගෙන් 25%ක් අඩුබර දරුවන් බවත් දරුවන් වෙනුවෙන් යුතුකම් ඉටු කරන්න මේ සංඛ්‍යා ලේඛන ප්‍රමාණවත් බවත් පාලකයා මානුෂීය හදවතක් ඇති අයකු විය යුතු බවත් දරු පරපුර ළදරු පරපුර මව්වරු, කාන්තාව පිළිබඳ සම්මන්ත්‍රණවල වේදිකාවල ජාත්‍යන්තර සමුළුවල පුරසාරම් දෙඩීමෙන් පළක් නොවන බවත් තමන් නායකත්වය දෙන තමන්ගේම රටේ මව් පරපුරේ දරු පරපුරේ හදවතට ගතට දැනෙන ආකාරයට වේදිකාවල කියන දේවල් යථාර්ථයක් බවට පත් කරන්න කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

හොඳම දේ දරුවන්ට කියලා රජය මන්දපෝෂණය ප්‍රවර්ධනය කරනවා

රජය හොඳම දරුවන්ට කිව්වට රජය කරන වැඩවලින් ළමා මන්දපෝෂණය හා මාතෘ මන්දපෝෂණය ප්‍රවර්ධනය වී ඇති බවත් මෙය පාලනය කිරීම අපගේ වගකීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

ආණ්ඩුවේ ඩිජිටල් විප්ලවය පුරසාරමක් විතරයි

ආණ්ඩුව සහ ජනාධිපතිවරයා සෑම විටම ඩිජිටල් ආර්ථිකය හා ඩිජිටල් විප්ලවයක් ක්‍රියාත්මක කරනවා කියා පුරසාරම් දෙඩන නමුත් ඔවුන් මෙරට විෂය නිර්දේශය තුළ තොරතුරු තාක්ෂණ අධ්‍යාපනය අනිවාර්ය කර නොමැති බවත් තොරතුරු තාක්ෂණය උගන්වන්නේ මව් භාෂාවෙන් 6 සිට 13 දක්වා පමණක් බවත් එය 1 වසරේ සිට අනිවාර්ය විෂයක් ලෙස ඉංග්‍රීසි භාෂාවෙන් ඉගැන්වීමේ අයිතිය ලබා දිය යුතු බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

මහේස්ත්‍රාත් අධිකරණයෙන් ‌නොදුන් ඇප ඉල්ලා කෙහෙළිය මහාධිකරණයට යයි! I Sri Lanka Latest News

Next Post

බොන්න වතුර නැත්නම් 117ට කෝල් එකක් දෙන්න! I Sri Lanka Latest News

MORE NEWS

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News
Exclusive

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

Load More
ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...

Read more
ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.