පානීය ජල ගැටලු ඇති ප්‍රදේශවල ජනතාවට වහාම 117 දුරකථන අංකය ඔස්සේ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට දැනුම් දෙන ලෙස ඉල්ලීමක් කරයි.Sri Lanka Latest News
එම මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි සඳහන් කර සිටියේ, අදාළ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා හා සම්බන්ධ වී මෙය සිදුකරන ලෙසය.
මේ වනවිටත් කෑගල්ල සහ කුරුණෑගල යන ප්‍රදේශවල පවුල් 3,000කට ආසන්න ප්‍රමාණයක් පානීය ජල ගැටලුවකට මුහුණදී ඇතැයි ද වාර්තා වේ.
එවැනි ස්ථානවල ජනතාව ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථාන සමඟත් ජල ප්‍රවාහන ඒකක සමඟත් එක්ව මෙම තත්ත්වය විසඳීමට වැඩසටහන් ක්‍රියාත්මක වන බව ද ප්‍රදීප් කොඩිප්පිලි පවසයි.










