රුසියාවේ පැවැත්වෙන 24 වැනි ශාන්ත පීටර්ස්බර්ග් අන්තර්ජාතික ආර්ථික සමුළුවට (SPIEF 2021) ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා සහභාගි වී ඇත.
අද (02) සිට සෙනසුරාදා (05) දක්වා පැවැත්වෙන මෙම සමුලුවට රුසියානු ෆෙඩරේෂණයේ ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ලොව පුරා රටවල් 120ක පමණ ඉහළ මට්ටමේ රාජ්‍යතාන්ත්‍රිකයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම අන්තර්ජාතික ආර්ථික සමුළුවට අන්තර්ජාතික ආර්ථික සංවිධානවල ප්‍රධානීහු, රුසියානු සහ වෙනත් රටවල රාජ්‍ය හා පෞද්ගලික සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීහු ද ඇතුළු පිරිසක් එක් වෙති.
මෙම අන්තර්ජාතික ආර්ථික සමුළුවට ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා සමග එම අමාත්‍යංශයේ අතිරේක ලේකම්, රංජිත් විමලසූරිය හා අමාත්‍ය සම්බන්ධීකරණ ලේකම් අනුෂ්ක ගුණසිංහ යන මහත්වරු ද සහභාගි වෙති.