චීනයේ සහාය ඇතිව පාකිස්තානය ද ‘පාක්වැක්’ යන නමින් ‘කොවිඩ් 19’ වයිරසයට එරෙහිව ප්‍රතිශක්තිකරණ එන්නතක් නිපදවා ඇත.
එම එන්නත එළිදැක්වීම අද (2) සිදුවූ අතර ‘පාක්වැක්’ එන්නත නිපදවූයේ පාකිස්තාන වැසියන් ‘කොවිඩ් 19’ වයිරසයෙන් ආරක්ෂා කර ගැනීමේ ප්‍රධාන අරමුණින් යැයි පාකිස්තාන සෞඛ්‍ය අමත්‍යාංශය පවසා ඇත.
‘කොවිඩ් 19 වසංගතයට එරෙහි සටනේදී, අපේ සමීපත මිතුරා චීනය අපට සහාය දක්වනවා. එන්නත නිපදවීමේ දී චීනය අපට සියලුම අමුද්‍රව්‍ය ලබා දුන්නා. එසේ වුවත් එය පහසු කාර්යයක් වුණේ නැහැ. ඒත් අපේ විද්‍යාඥයන් සියලු අභියෝග ජය ගනිමින් එන්නත නිපදවීම කළා’ යැයි පාකිස්තාන සෞඛ්‍ය අමත්‍යාංශය පවසයි.
පාකිස්තානය ද ‘කොවිඩ් 19’ වයිරසයෙන් දරුණු ලෙස බැටකන රටකි. ගතවුණු පැය 24 ඇතුළත වාර්තා වූ ආසාදිතයන් ගණන 1,771 කි. ඒ අනුව සමස්ත ආසාදිතයන් ගණන 9,22,824 ක් තෙක් ඉහළ ගියේ යැයි පාකිස්තාන පුවත් සේවා ඊයේ (1) වාර්තා කළේය.










