ආණ්ඩුව ඇතුළේ කැරළිකාර කණ්ඩායම ලෙස ප්‍රකටව සිටින විමල් වීරවංශ, උදය ගම්මන්පිල ඇතුළු පක්ෂ 8ක නායකයන් ආණ්ඩුව විසින් ආනයනය කිරීමට යෝජනා කර ඇති සුපිරි වාහන බාර නොගැනීමට තීරණය තර ඇත.
පසුගියදා විමල් වීරවංශ මහතාගේ නිල නිවසේ පැවැති සාකච්ජාවකදී මෙම තීන්දුව ගෙන ඇති බව පැවසේ.
එම වාහන ගෙන්වීම අවලංගු කරන ලෙසත්, එසේ කළ නොහැකි නම් අදාළ වාහන මෙරට වෙළෙදපොළේ විකුණා දමන ලෙසත් ආණ්ඩුවට දැනුම් දීමට ඔවුන් තීරණය කර ඇත.
රටේ පවතින තත්ත්වය යටතේ මෙම වාහන ආනයනය කිරීම කිසිසේත්ම සුදුසු නොවන බවද විමල් පිල එහිදී අවධාරණය කොට ඇති බව දැනගන්නට ඇත.










