ආණ්ඩුව විපතට පත්වූවන්ට ආධාර කරන ලෙස ජාත්‍යන්තරයෙන් ඉල්ලා සිටියත් තවමත් සිදුව ඇති හානිය සම්බන්ධයෙන් නිවැරැදි තක්සේරු වාර්තාවක් නොමැති වීම බරපතළ අඩුපාඩුවක් වී තිබේ. රට පුරා සිදුව ඇති එවැනි ව්‍යසනයන් ගණනය කිරීමේදී විද්වතුන්ගේ සහ විශේෂඥයන්ගේ සහාය ලබාගෙන එය අතිශය නිවැරැදිව සිදුකිරීම අත්‍යවශ්‍යම කාරණයකි. ඒ හේතුවෙන් ආණ්ඩුව පසුගිය සඳුදා දිනයේදී ලෝක බැංකුවේ විශේෂඥයන් කණ්ඩායමක් සමග මේ පිළිබඳ තීරණාත්මක සාකච්ඡාවක් සිදුකිරීමට පියවර ගත්තේය. ඊට හේතුව වී තිබුණේ 2004 සුනාමිය ලංකාවට කඩාවැදුණු අවස්ථාවේදීද ඉන් සිදුවූ හානිය අතිශය නිවැරැදිව තක්සේරු කිරීමට ලෝක බැංකු විශේෂඥයන් සහාය ලබාදී තිබීමය. Sri Lanka Latest News
ඒ අනුව පැවැති මෙම සාකච්ඡාවේදී ලෝක බැංකු නියෝජිතයන් පෙන්වා දී තිබුණේ සුනාමියට වඩා දැවැන්ත ව්‍යසනයක් මෙවර රට පුරා සිදුව ඇති බැවින් අවම වශයෙන් මෙම ව්‍යසනයෙන් සිදුව ඇති හානිය තක්සේරු කිරීම සඳහා මාස 3ක පමණ කාලයක් ගතවනු ඇතැයි කියාය. කෙසේ වෙතත් 2004 වසරේ තිබූ තාක්ෂණයට වඩා මේ වනවිට තාක්ෂණය විශාල වශයෙන් දියුණු වී ඇති බැවින් චන්ද්‍රිකා තාක්ෂණය යොදාගෙන අවම වශයෙන් මාස 3ක පමණ කාලයකදී එම කටයුත්ත අවසන් කළ හැකි බව ඔවුන්ගේ අදහස වී තිබේ. ඒ අනුව එම කතාවේ ඇති යටිපෙළ වන්නේ එම තක්සේරු වාර්තාව එළිදැක්වෙන තෙක් අදාළ ප්‍රදේශවල සංවර්ධන කටයුතු ආරම්භ කළ නොහැකි බවය. නොඑසේ නම් ඒ සඳහා තවත් මාස 3ක කාලයක් බලාසිටිය යුතු බවය.










