කිසියම් නඩුවක පැමිණිලි පාර්ශ්වය චෝදනා ඉල්ලා අස්කරගත් විට අධිකරණයට නිදහස් කිරීමට මිස නිදොස් කොට නිදහස් කිරීමට ප්‍රතිපාදන නොමැති බවත් අල්ලස් කොමිසම නඩුව ඉල්ලා අස්කර ගත් නිසා හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු සිව්දෙනාට අධිකරණය මගින් නිදහස් කර ඇති බවත් හිටපු අමාත්‍ය, ජනාධිපති නීතීඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ පවසයි.Sri Lanka Latest News
මෙම නඩුව ඉල්ලා අස්කර ගෙන ඇත්තේ අල්ලස් විමර්ශන පනතේ 67 වන වගන්තිය අනුව බවත් එය පනතට එකතු කළේ චෝදනා තහවුරු කිරීමට සාක්ෂි සොයාගත නොහැකිව දීර්ඝ කාලයක් කැඳවන නඩු දෙපාර්ශ්වයට එකඟත්වයෙන් සමථයකට පත්කර ගැනීම සඳහා බවත් විජේදාස රාජපක්ෂ ප්‍රකාශ කරයි.
අල්ලස් කොමිසම නිවේදනයක් නිකුත් කරමින් මිලියන 1800ක මුදල මාස තුනක් ඇතුළත නොගෙවුවහොත් නැවත නඩු පවරන බව සඳහන් කළ ද පනත අනුව එලෙස නඩු පැවරීමට අවශ්‍ය කොන්දේසි මෙම නඩුව තුළ සපුරා නොමැති බව ද හෙතෙම සඳහන් කරයි.
එලෙස නඩු පැවරීමට නම් අදාළ නඩුව කොන්දේසි හතරක් යටතේ ඉල්ලා අස්කරගත යුතු බව සඳහන් කළ ද ප්‍රකාශිත නඩු තීන්දුව අනුව වින්දිත පාර්ශ්වය අදාළ මුදල ආපසු ගෙවීම ඇතුළු කිසිදු කොන්දේසියකට එකඟ වී නොමැති බව ද විජේදාස රාජපක්ෂ තව දුරටත් පෙන්වා දෙයි.
අන්තර්ජාලයට වීඩියෝවක් නිකුත් කරමින් විජේදාස රාජපක්ෂ මේ බව ප්‍රකාශ කරයි.










