• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මුතු ඇටය කුණු වෙයිද? Sri Lanka Latest News

August 9, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
මුතු ඇටය කුණු වෙයිද? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාව ‘පෙරදිග ලෝකයේ බබලන මුතු ඇටය’ යන නමින් විරුදාවලි ලැබූ භූමියකි. එලෙසින් හැඳින්වීමට සාධක වූයේ පරිසරයේ සහ ජෛව විවිධත්වයේ පවත්නා අනූන සුන්දරත්වයයි. එනමුත් එම සුන්දරත්වය වර්තමානය තුළ වියැකී ඇති තත්ත්වයක් බවට පත්වී ඇත. මන්දයත් නූතනයේදී අපේ රට ‘කුණු කන්දක්’ බවට පත්වීම හේතුවෙනි. ඒ අනුව අප අවට දිස්වන කුණු කඳු හේතුවෙන් නාගරික ප්‍රදේශ අපවිත්‍ර වීම හා කුණු කළමනාකරණය තුළ ඇති දුර්වලතාවන් ආදිය මෙහිදී හඳුන්වාදීම වටී. මූලිකවම අපේ රට තුළ මෙවැනි කුණු කඳු ඇතිවීමට මානව, සමාජයීය, ආර්ථික හා පාරිසරික වශයෙන් විවිධ ආකාරයේ බලපෑම් ඇතිවී තිබීම විමර්ශනයට ලක්කිරීම ඉතා වැදගත් වේ. මන්දයත් පරිසරයත් සමග යැපෙන මානවයා හට ඉදිරි ජීවන පැවැත්ම වෙනුවෙන් පරිසරයේ ඇති සුරක්ෂිතතාව මනා සේ යහපත් වන බැවිනි.Sri Lanka Latest News

එනයින් මෙකී කුණු අරගලයේ වත්මන් තත්ත්වය පිළිබඳ හඳුන්වාදීමේ දී දිනෙන් දින වැඩිවන මානව වර්ගයා හේතුවෙන්ද, නාගරීකරණයත්, පාරිභෝගික මනෝභාවයන් හා පාරිභෝගික නව නිෂ්පාදනයන් දිනකට වැඩි වශයෙන් උත්පාදනය වීමත් ඉහළ ගොස් ඇත. ඒ හේතුවෙන් කුණු ප්‍රමාණයද ශීඝ්‍රයෙන් වර්ධනය වී ඇති තත්ත්වයන් හඳුනාගත හැකිය. ඒ අනුව කොළඹ නගරයේ පමණක් දිනකට මෙටි්‍රක් ටොන් 700කට අධික කුණු ප්‍රමාණයක් බැහැර කරනු ලබයි. එම තත්ත්වයන් බොහෝ සෙයින් කැලණිය, මහරගම, මොරටුව, ගම්පහ, කඳාන හා මීගමුව වැනි නගරවල දැකිය හැකිය.

එක් ආකාරයකට අපේ රටේ බිහිවී ඇති කුණු කඳු සඳහා විශේෂ නාමයන් යොදා තිබීමත් උපහාසයට කරුණකි. බ්ලූමැන්ඩල්, මීතොටමුල්ල යන නාමයන්ගෙන් එකී කුණු කඳු හඳුන්වනු ලබයි. ඉදින් මෙම ක්‍රියාදාමයන් හේතුවෙන් ශ්‍රී ලංකාව තවමත් වසර ගණනාවක් තිස්සේ තුන්වැනි ලෝකයේ රටක් වීම පුදුමයට කරුණක් නොවේ. මෙම තත්ත්වයන්ට මූලිකවම හේතුව වී ඇත්තේ බැහැර වන කුණු කසළ කිසිදු ආකාරයකින් කළමනාකරණය නොවීමයි. එසේත් නොමැති නම් ප්‍රතිචක්‍රීකරණය නොවීමයි. ඒ හේතුවෙන් සුළු වශයෙන් බැහැර වන කුණු කසළ කන්දක් බවට පත්වී ඇත. මෙයට උචිතම නිදසුන වනුයේ (2017) වසරේදී මීතොටමුල්ලේ කුණු කන්ද නායයාම හේතු කරගෙන මිනිසුන්ගේ ජීවිත තිහක් අහිමි වීමය. නියත වශයෙන්ම රටක් වශයෙන් මෙය ඉතාමත් ලැජ්ජාසහගත සිදුවීමකි. මන්දයත් ලෝක ඉතිහාසය තුළ පවා නූතනයේ වුවද කිසිදු රටක වාර්තා නොවූ පුවතක් ලෙස මෙම පුවත ප්‍රචාරණය වීම අප රටට මහත් කැළලකි. මන්දයත් කිසිදු රටක කුණු කන්දක් නායයාම හේතුකරගෙන මනුෂ්‍ය ජීවිතයක් අහිමි නොවූ හෙයිනි.
කැළිකසළ කළමනාකරණයේ පවතින්නා වූ දුර්වලතා වශයෙන් නීති රාමුව නිසි ලෙස ක්‍රියාත්මක නොවීම මීට එක් හේතුවකි. අපේ රටේ සියලු ක්ෂේත්‍ර සඳහා පවතින විශාලතම ගැටලුවක් වී ඇත්තේ නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොවීමය. නීතිය නිසි ලෙස ක්‍රියාත්මක වන්නේ නම් මානවයා තුළ නිසැකවම මෙකී කුණු කසළ නිසි ලෙස බැහැර කිරීමේ මානසික මට්ටම සැකසෙනු ඇත. අපේ රටේ මිනිසුන් බොහෝ දෙනා ජීවිතයේ වටිනාකමක් ගැන එතරම් නොසිතුවද නීතිගත ක්‍රමවේදය මත පවත්නා දඩයට ඉතා බියවේ. එතුළින් වුවද පාරිසරික වශයෙන් ඇතිවන මෙම ගැටලුකාරී තත්ත්වයන් මගහරවා ගැනීමට ඉඩක් සැලසෙන්නේ නම් එය ක්‍රියාත්මක කිරීම සුදුසුම වන බව මගේ මතයයි. එම මතයට ගරු කරමින් ජපානය, චීනය වැනි ඉතා දියුණු රටවල්වල ටොෆි කොළයක් පවා බිම දැමීම ඉතා දැඩි වරදක් ලෙස සලකනු ලබයි. එමෙන්ම චීනය වැනි රටවල්වල අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කරනු ලබයි. කිසිදු කසළ කැබැල්ලක් අපතේ නොයවීමට එම රටවල් දියුණු වී ඇත. ඔවුන්ගේ කුණු කසළ ප්‍රතිචක්‍රීකරණය වූ පසු එම නිෂ්පාදනයන් ප්ලාස්ටික් ලෙස අපේ රටේ භාවිතයට යොදාගනී. මෙම තත්ත්වයන් වුවද නිදසුන් ලෙස ගැනීමට නොහැකි වීම ශ්‍රී ලාංකිකයන් ලෙස අපගේ ප්‍රබල දුර්වලතාවකි.

මේ වෙනුවෙන් ජනතාව දැනුවත් කිරීම ඉතා වැදගත්ය. ඩෙංගු රෝගය ශීඝ්‍රයෙන් පැතිරෙන කාලසීමාවක් තුළ පමණක්ම පරිසරය සුරක්ෂිතව තබා ගැනීම ප්‍රමාණවත් නොවේ. නිසි ලෙස ක්‍රමවත් ලෙස කැළිකසළ වෙන් කිරීම හා බැහැර කිරීමට ජනතාවගේ පවත්නා දැනුවත්භාවය පිළිබඳ මෙහිදී හඳුනාගත යුතුය. එමෙන්ම කැළිකසළ ප්‍රතිචක්‍රීකරණය වෙනුවෙන් තාක්ෂණික ක්‍රමවේදයන් භාවිත කිරීම හා එමගින් කැළිකසළ ප්‍රයෝජනයට ගැනීම ඉතා වැදගත් බව ඔවුනොවුන් දැනුවත් කිරීම සාර්ථක විසඳුමක් වනු ඇත. පරිසරය පිළිබඳ සැලකිලිමත් නොවීම හා රටේ අයවැයෙන් කුණු කසළ පාලනයට නිසි ක්‍රමවේදයක් තවදුරටත් භාවිත නොවීම ඉදිරියේදී පාරිසරික සමතුලිතතාවය බිඳවැටීමට එක් හේතුවක් වනු ඇත.

කැළිකසළ හේතු කරගෙන මානවයාට, පරිසරයට, සමාජයට හා ආර්ථිකයට විවිධාකාරයේ ගැටලු තත්ත්වයන් ඇතිවී ඇත. භූමිය හා ජල දූෂණය මෙන්ම සත්ව වාසස්ථාන විනාශයත්, එමෙන්ම වායු දූෂණය හේතු කරගෙන විවිධාකාර රෝගී තත්ත්වයන් ඇතිවීමත් මෙහිදී සඳහන් කළ හැකි එක් ගැටලුවකි. එමෙන්ම පරිසරයේ පවත්නා අසමතුලිතතාව හේතුකරගෙන මානව ජීවිතයේ පවත්නා මානසික සුවතාවය බිඳවැටීමටත් මෙන්ම ආහාර හා ජලයේ පවත්නා ආරක්ෂාකාරී තත්ත්වය අඩපණ වීමත් එක් හේතුවකි. එමෙන්ම ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය පිළිබඳ අදහස් දැක්වීමේ දී අප රටේ ආර්ථිකය ඉතා ප්‍රබලවම ප්‍රවර්ධනය වන පැතිකඩක් වනුයේ මෙම සංචාරක කර්මාන්තයයි. එහිදී හුදෙක් සංචාරකයන් ආකර්ෂණය කරගැනීමට බොහෝ සෙයින් ශ්‍රී ලංකාවේ සුන්දරත්වය පිරි පාරිසරික ප්‍රදේශයන් ඉතා වැදගත් වෙයි. එනමුත් කැළිකසළ නිසි ලෙස බැහැර නොවීම හේතු කරගෙන සංචාරකයන්ගේ ආකර්ෂණයද යම් අවම වීමේ තත්ත්වයක් මතුවී ඇත. එලෙසම කුණු කසළ ආහාරයට ගැනීම හේතු කරගෙන අපේ රටේ සත්වයන්ගේ ගහනයද කෙමෙන් කෙමෙන් පරිහානියට පත්වී ඇත. නිදසුනක් වශයෙන් වර්තමානය තුළින් කතාබහට ලක්වී ඇති අලි ඇතුන්ගේ ගැටලුවද මේ හා සම්බන්ධ වෙයි. මන්දයත් වනෝද්‍යාන නැරඹීමට ගොස් එහි අපද්‍රව්‍ය බැහැර කර යාමට මානවයා උත්සුක වීම හේතුවෙනි. එහෙයින් එම කැළිකසළ තම ආහාරයට ගනු ලබන සත්වයන් මෙම පීඩාවට ලක්වී ඇත.මෙම කරුණුවලින් මූලිකවම සඳහන් කරන්නේ කැළිකසළ නිසි ලෙස බැහැර නොවීම සමාජයට, ආර්ථිකයට හා මානවයාට විවිධාකාරයෙන් බලපෑම් එල්ල කරන බවයි.
පාසල් තුළින් කුඩා දරුවා හට කුණු නොදැමීමටත්, බැහැර කරන්නේ නම් කැළිකසළ නිසි ලෙස බැහැර කිරීමට උගන්වනු ලබයි. එනමුත් එම දරුවා වැඩිවියට පත්වීමේදී එම උපදෙස් පිළිනොපැදීම අධ්‍යාපනය තුළ පවත්නා වරදක්ද යන්න ඇත්ත වශයෙන්ම ගැටලුවකි. මන්දයත් කුණු කඳු නිර්මාණය වීමට තරම් මානවයාගේ බුද්ධිය වර්ධනය නොවීම රටේ අනාගතයට ප්‍රබල ගැටලුවකි. ඒ අනුව නිසි ආකාරයෙන් පාසල් තුළ අධ්‍යාපනික වැඩසටහන් තුළින් හා ප්‍රචාරක වැඩසටහන් තුළින් දරුවන් දැනුවත් කිරීම මෙන්ම ජනතාව දැනුවත් කිරීමේ ක්‍රමවේදයන් ඇතිකිරීමත් හා නීතිමය දඬුවම් ලබාදීම වැනි උපක්‍රම භාවිත කිරීම හේතුවෙන් මෙම ගැටලුවලට විසඳුම් ලැබෙනු ඇත.

ශ්‍රී ලංකාව මේ මොහොතේදී කුණු කන්දක් බවට පත්වීමේ තීරණාත්මක මංසන්ධියක සිටී. එය වැළැක්විය හැකි තත්ත්වයකි. හුදෙක් ක්‍රියාමාර්ග හේතු කරගෙන එය සිදුකළ යුත්තකි. ඒ අනුව අපගේ තමන්ගේ නිවසින් බැහැර කරනු ලබන කැළිකසළ නිසි ලෙස බැහැර කිරීමටත් එසේත් නැතිනම් ඒවා ප්‍රයෝජනයට ගැනීමට හැකි නම් දැවැන්ත වෙනසක් රට තුළ ඇතිවනු ඇත. එලෙසින්ම සුන්දර දිවයිනක් හා හෙට දිනට පාරිසරික සමතුලිතතාවයෙන් පිරිපුන් දේශයක් බිහිවනවා ඇත. එය රටේ අනාගතය සුබ දසාවක් වනවා සත්‍යයි.

පී.එම්. සඳලි සත්සරණී රත්නායක.
ජන සන්නිවේදන අධ්‍යයන අංශය,
කැලණිය විශ්වවිද්‍යාලය.

SendShareShare
Previous Post

වැරැද්දක් කරලා නම් ආපහු යවනවා! රේගුව දැඩි ස්ථාවරයක! තවත් BYD බදු වංගුවක් ගැන අලුත් හෙළිදරව්වක්! Sri Lanka Latest News

Next Post

මාස 18කට වරක් මාසයක් රසායනික භාජනයක ගිල්වනවා! වසර 3කට වරක් අලුත් ඇඳුමක් අන්දවනවා! අවුරුදු 96ක් තිස්සේ ජීවමානව සිටින ලෙනින්! Sri Lanka Latest News

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.