මෙරටට ගෙන්වූ BYD ඇටෝ 3 වර්ගයේ මෝටර් රථ 1000ක් පමණ හම්බන්තොට වරායෙන් නිෂ්කාෂණය නොකර ශ්‍රී ලංකා රේගුව රඳවා තබාගෙන තිබෙනවා. ඒ, මෙරටට ආනයනය කරන ලද ඇටෝ 3 මාදිලියේ රථවල මෝටර් රථ ධාරිතාව කිලෝවොට් 100 ලෙස ප්‍රකාශ කළද, එහි මෝටර් රථ ධාරිතාව කිලෝවොට් 150ක් බවට මතු වූ සැකයක් මතයි. BYD මෝටර් රථ 1000ක් පමණ හම්බන්තොට වරායෙන් නිදහස් නොකර තබාගැනීම පිළිබඳ පසුගියදා රජයේ මුදල් පිළිබඳ කාරකසභාවේදී ද අවධානය යොමුවුණා.
මේ අතර ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා පැවැසුවේ අදාළ මෝටර් රථ මෙරටට ආනයනය කරනු ලබන සමාගම සමග එක්ව BYD වාහන සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදුකරන බවයි. Sri Lanka Latest News
සීවලී අරුක්ගොඩ
‘ශ්‍රී ලංකා රේගුව බිලියන 1,227ක ආදායමක් ඊයේ වනවිට මේ අවුරුද්දේ පළමු මාස හය අවසාන වනවිට වාර්තා කරලා තිබුණා. ප්‍රධාන වශයෙන්ම ආදායම තියෙන්නේ මෝටර් රථ වාහනවලින්. දැනට රුපියල් බිලියන 300කට වැඩි සංඛ්‍යාවක් අපි ආදායම් වශයෙන් එකතු කරලා තියෙනවා මෝටර් රථ වාහනවලින්. මෝටර් වාහන 28,000කට වැඩි සංඛ්‍යාවක් දැනට මේ කාලය තුළ ආනයනය කරලා තියෙනවා.’
ප්‍රශ්නය
BYD වාහන 1000ක් විතර හිර කරලා තියෙනවා. මේ හරහා රජයට අයවිය යුතු විශාල මුදලක් තියෙනවා නේද?
සීවලී අරුක්ගොඩ
‘ඔව් දැන් BYD වාහන සම්බන්ධයෙන් රේගු විමර්ශනයක් කරගෙන යනවා මේ අවස්ථාව වන විට. යම්කිසි සැකයක් තියෙනවා සමහර විට මේ තීරුබදු ගෙවීමේ අඩුපාඩුවක් සිද්ධ වෙලා තියෙන්න පුළුවන් කියන එක.’
ප්‍රශ්නය
යම් වැරැද්දක් මේක තුළ සිදුවෙලා තියෙනවා නම්, ඒවා ප්‍රතිඅපනයනය කිරීමේ අයිතිය රේගුව සතුයිද?
සීවලී අරුක්ගොඩ
නෑ, ඒක බලන්න ඕනේ මොකක්ද සිදුවෙලා තියෙන වැරැද්ද කියලා. යම් යම් වරදවල් තියෙනවා. ඒ වරදවල්වලට සිදුවිය යුත්තේ ඒ වාහන නැවත ප්‍රතිඅපනයනය කිරීම. නමුත් වෙනත් වැරදි තියෙනවා රේගු ආඥා පනත යටතේ, වෙන වෙන දඬුවම් ලැබිය යුතු. වරදක් වෙලා තියෙනවා නම් රේගු ආඥා පනතේ ඇති පනත් යටතේ අපි තීරණ ගන්නවා. බදු අයකිරීම අපි සියලු දෙනාටම එක හා සමානව අයකරන්නේ. අසමාන විදිහට අයකිරීමට කිසිම හැකියාවක් අපිට නීතිය තුළ නැහැ. වංචනික ලෙස වැරදි තොරතුරු දීලා, බදු අඩුවෙන් ගෙවීමට, එහෙම නැත්නම් පවතින නීතිරීති උල්ලංඝනය කරන්නට යම් කිසිවෙක් උත්සාහ කළොත් රේගු නීතිය යටතේ අදාළ භාණ්ඩ රාජසන්තක කරන්න පුළුවන්. ඒ වගේම ඒ භාණ්ඩවල වටිනාකම වගේ තුන් ගුණයක දඩයකට ඒ පුද්ගලයා හෝ සමාගම පත්කරන්න පුළුවන්. ඉතින් ඒක තීරණය වෙන්නේ විමර්ශනයකින් පස්සේ.’
ප්‍රශ්නය
රේගු ආඥා පනත උල්ලංඝනය කරමින් ගෙනාපු වාහන ප්‍රතිඅපනයනය කරනවා කියලා රජයෙනුත් කියලා තියෙනවා. මේවායේ ප්‍රතිඅපනයනය වුණාද?
සීවලී අරුක්ගොඩ
පාවිච්චි කරපු වාහන ශ්‍රී ලංකාවට ආනයනය කිරීමේදී යම් යම් ලියවිලි, ඒ වාහන අපනයනය කරන රටේ බැංකුව හරහා ආ යුතුයි. ඒ වගේම ඒ බැංකුවේ මුද්‍රා තබා ආ යුතුය කියන නීතිය නිසා යම් යම් වාහනවලට ප්‍රශ්න ඇති වුණා රේගුවෙන් නිදහස් කිරීමට නොහැකි තත්ත්වයක් ඇති වුණා. ඒ ආනයන පාලන පනතේම තියෙනවා එවැනි වරදක් සිදුවුණොත් කළ යුත්තේ ඒවා ප්‍රතිඅපනයනය කිරීම කියලා. ඉතින් දැනට වාහන එකයි ඒ විදිහට ප්‍රතිඅපනයනය කරලා තියෙන්නේ. අදාළ තවත් වාහන තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඒවා ප්‍රතිඅපනයනය කළ යුතුයි.’
ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති සම්පත් මෙරිංචිගේ මහතාද මෙම කරුණ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවකදී මෙලෙස අදහස් දක්වා සිටියා.
‘මේ BYD ප්‍රශ්නේ ගැන කතා කරද්දි අද මට විශේෂ අනාවරණයක් වෙලා තියෙනවා Dolphin එකේ. දැන් Dolphin එකේ තියෙනවා Dynamic කියලයි Premium කියලයි. Dynamic එක ගැන අපිට සාධක ලැබිලා තියෙනවා. ඒගොල්ලෝ ඉදිරිපත් කරනවා කිලෝවොට් 49යි, ආයේ කිලෝවොට් 70යි කියලා. මේ 49 කියන එක මෝටරයක් හදනවා නම් අපිට ප්‍රශ්නයක් නෑ ඒ විදිහට. මේ 49 කියන්නේ මොකක්ද? අපේ එච්.එස්. කාණ්ඩවල තියෙනවා කිලෝවොට් බිංදුවේ ඉඳන් 50ට එක අගයක් තියෙන්නේ. 50 ඉඳන් 100ට එක අගයක්. එතකොට මේගොල්ලෝ කරලා තියෙන්නේ Rated Output එක හදලා තියෙනවා 49ට. රජය බදු ගන්නේ මෝටර් කැපෑසිටි එකට. එතකොට මෝටරයේ කියන එක එකයි.
දැන් මේකේ තව සුවිශේෂ අනාවරණයක් වෙලා තියෙනවා. මේ Dynamic කියන එකේ 49 කියන එකත්, 70 කියන එකත්, අපිට ඉන්වොයිස් පත්‍රයක් ලැබිලා තියෙනවා. මේකේ එකම වටිනාකමක් තියෙන්නේ. මෝටරේ පොඩි කරලා හදලා තියෙනවා නම් අනිවාර්යයෙන් වටිනාකම ඩොලර් 10ක් හරි අඩු වෙන්න එපැයි. කිසිම දෙයක් කරලා නෑ. එතැනින් එහාට මේ වාහනේ විකුණන මිල Dynamic එකේ 10.7යි 49 එකේ. 70 එකේ 11.7යි. එතකොට මේ බදු වෙනස විතරයි තියෙන්නේ. මේගොල්ලෝ මේ අවුට්පුට් එක ඇජස්ට් කරලා, රජයේ බදුත් එක්ක සෙල්ලම් කරලා තමයි මේ වාහන ඔක්කොම විකුණලා තියෙන්නේ මේ වෙනකන්. ඒක නිසා මේක දැන් සුවිශේෂ පරීක්ෂණයක් කළ යුතුයි. දැන් මේ වාහන 1000ක් හිරවෙලා තියෙනවා නම්, හරි නීතිය හැටියට මේ වාහන සියල්ලම ප්‍රතිඅපනයනය වෙන්න ඕනේ. දඩ ගහලා හරි එළියට දෙන්න ක්‍රමයක් නෑ.Border Cross වලට රජය දුන්නේ නැත්නම්, මේ වාහනවලටත් එහෙම දිය යුතු නෑ. ඒක නිසා මේකත් ප්‍රතිඅපනයනය කළ යුතු සහ, මේ රටේ විකුණලා තියෙන ඒවාට අඩු බද්දක් ගෙවලා තියෙනවා නම්, ඒ අදාළ වැරදි කරපු පුද්ගලයාගෙන් අයකර ගැනීම රජයේ යුතුකමක්.
බොහොම කනගාටුයි කියන්න, ගොඩක් බුද්ධිමත් රාජ්‍ය අමාත්‍යවරයෙක් ලෙස කටයුතු කළ ඩොක්ටර් හර්ෂ, එදා කෝප් කමිටුවේදී ප්‍රකාශයක් කෙරුවා චීන ආණ්ඩුව ගැනයි, මේ පෝර ප්‍රශ්නයි. ඇත්තටම මේක අදාළ නැති දෙයක්. මොකද චීන ආණ්ඩුව වුණත්, තමුන්ගේ රටේ ආයතනයක් වුණත්, වැරැද්දක් කරපු තැනදී ඉදිරිපත් වෙන්නේ නෑ. ඉතින් මේ වගේ දැන් රජය ජාත්‍යන්තරව දිනාගත්තට ජාත්‍යන්තරයෙත් මෝඩ මිනිස්සු නෙමෙයිනේ ඉන්නේ. මේ වගේ අනවශ්‍ය ලෙස මේ චීන ආණ්ඩුවත් එක්ක සම්බන්ධ කරලා මේ වගේ උගත් බුද්ධිමත් මන්ත්‍රීවරයෙක් මේ වගේ ප්‍රකාශයක් කරපු එක හොඳ නෑ. මේ වගේ අනවශ්‍ය දේවල් කරලා රජය අපහසුතාවට පත්කරන්න එපා. රජයත් දැන් දැනගන්න ඕනේ මේ සිද්ධියේදී මධ්‍යස්ථ පරීක්ෂණයක් කරලා නිසි දඬුවම් නිසි විදිහට දෙන්න….’
Hiru News










