කොරෝනා රැල්ල බරපතළ තැනකට තල්ලු වෙමින් පසුගිය දින 2ක තුළ රෝගීන් 132 දෙනකු මියගොස්, රෝහල් ගතවන රෝගීන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇතැයි ‘කොවිඩ්-19’ වැළැක්වීමේ රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවැසුවාය.
දිවයිනේ ප්‍රධාන රෝහල් සෑම එකක්ම පාහේ කොරෝනා රෝගීන්ගෙන් පිරී පවතින බවත් රෝගීන් සඳහා ඔක්සිජන් ඉල්ලුමද වැඩි වෙමින් තිබෙන බවද ඇය සඳහන් කළාය.
ආර්ථිකමය ප්‍රශ්න මත සංචරණ සීමා ලිහිල් කළද එයින් අනිසි ප්‍රයෝජන ගනිමින් සිටින ඇතැම් පිරිස් බරපතළ ලෙස සෞඛ්‍ය නීති කඩකිරීම නිසා මෙම අවදානම වැඩි වී ඇති බව අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.
තම ජීවිත අවදානම ගැන පමණක් නොව ආසාදිතයන්ගේ ජීවිත අවදානමද නොතකා දුරස්ථභාවයෙන් තොරව සහ සෞඛ්‍ය නීති කඩකරමින් කටයුතු කිරීම නිසා මෙම කොරෝනා වසංගතය උග්‍ර අතට හැරී ඇති බවයි ඇය පවසන්නේ.
ඇතැම් පිරිස් මේ අවස්ථාවේ තමන්ද රවටාගෙන රටද බරපතළ සෞඛ්‍ය ගැටලුවකට ඇද දමන බව පෙනී ගොස් ඇතැයිද ඇය පැවැසුවාය.