• About us
  • Contact us
Monday, July 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඇයි අපි ‘තොල්’ට බයවෙන්න ඕනේ? Sri Lanka Latest News

May 16, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
ඇයි අපි ‘තොල්’ට බයවෙන්න ඕනේ? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘ශ්‍රී ලංකාවේ බෙදුම්වාදී යුද්ධය 2009 වසරේදී අවසන් වනවිට ලංකාවේ හමුදාවන් විසින් දෙමළ පුරවැසියන් දසදහස් ගණනින් ඝාතනය කළා. මෙම සමූල ඝාතනයන් සඳහා වගකිව යුත්තේ එකල රට පාලනය කළ රාජපක්ෂ සහෝදරයන්. මෙම පාලකයන්ට එරෙහිව එම සමූල ඝාතනය වෙනුවෙන් රාජපක්ෂ සහෝදරයන් යුද අපරාධකරුවන් ලෙස ප්‍රකාශයට පත්කළ යුතුයි. ඉන් පසුව ඔවුන්ට එරෙහිව ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණයේ නඩු පැවරිය යුතුයි. යුද්ධය නිමවීමෙන් පසුව අපගේ තමිල්නාඩුවේ මන්ත්‍රී කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ සංචාරයකට ආරාධනා ලැබ එහි ගියා තත්ත්වය නිරීක්ෂණය කරන්නට. දෙමළ සරණාගතයන්ගේ කඳවුරු නිරීක්ෂණය කරන්නට අපි ගියා. අපි දැක්කේ පරණ කූඩාරම්වල කිසිම පහසුකමක් නැතුව සිටින දහස් ගණනක සරණාගතයන් පිරිසක්. කඳවුරු සුළඟට සහ වර්ෂාවට ඔරොත්තු දිය හැකි ඒවා නොවෙයි. අපි කඳවුරු හතරකට ගියා. ඒ සියල්ලම එම තත්ත්වයේ තිබුණා…’Sri Lanka Latest News

වසර 30ක් පුරා පැවැති ශ්‍රී ලංකාවේ වාර්ගික යුද්ධයට අදාළව ඇසෙන එම කතාව කුමක්ද? මෙය කියා සිටින්නේ කවරකු විසින්ද? මෙය සැබැවින්ම අලුත් කතාන්දරයක් නොවේ. 2009 වසරේදී යුද්ධය නිමවීමෙන් පසුව 2011-2012 වසරවලදී මෙම කතාව බොහෝ ප්‍රචලිතව ඇසෙන්නට විය. මෙම තර්ජනාත්මක ප්‍රකාශය අපට අසන්නට ලැබුණේ අපගේ යාබද ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයෙනි. අතිවිශාල බහුතර දෙමළ ජනතාවක් වාසය කරන ප්‍රදේශයක් වන්නේ තමිල්නාඩුවයි. එහි රජයේ වසර ගණනාවක් පුරා කටයුතු කරනු ලබන දෙමළ මන්ත්‍රීවරයකු වන තොල් තිරුමාවලන් නමැති දේශපාලකයා විසින් ඉහත තර්ජනාත්මක ප්‍රකාශය සිදුකර තිබිණි. දකුණු ඉන්දියාවේ ප්‍රකට දේශපාලනික නායකයකු වන තොල් තිරුමාවලන් (Thol Thirumavalavan) යනු එරට තිබෙන විදුතලෙයි චිරුතයිගල් කච්චි (Viduthalai Chiruthaigal Katchi) නමැති දේශපාලන පක්ෂයේ නායකයා වෙයි. තවද මොහු වසර ගණනාවක් පුරා ඉන්දීය ලොක් සභාවේ (පාර්ලිමේන්තුවේ) මන්ත්‍රී ධුරයක් උසුලයි. 63 වැනි වියේ පසුවන තොල් තිරුමාවලන් යනු දෙමළ දේශපාලකයකු වන අතර, මොහුගේ අනෙක් විශේෂත්වය වන්නේ ඔහු අතිශය උග්‍ර දෙමළ එල්.ටී.ටී.ඊ. කොටි ඊළාම්වාදියකු වීමය. එනම් ශ්‍රී ලංකාව තුළ ස්ථාපිතව තිබුණු කොටි ත්‍රස්ත සංවිධානයට සහ ඊළාම් රාජ්‍ය සංකල්පයට අතිශය සහයෝගයක් දැක්වූ පුද්ගලයකු ලෙස ඔහු ප්‍රකටය. එම කතාව ඉතා පුළුල් වූ එකකි.

දැන් ඔබ මෙම කතාවේ යම් සන්ධිස්ථානයක් වෙත පැමිණ සිටින්නේය. තොල් තිරුමාවලන් නමැති ඉන්දීය දෙමළ දේශපාලකයා ගැන ලියා තබමින් මෙම කතාව ආරම්භ කිරීමට හේතු වූයේ ඇයි? එයට ප්‍රධාන හේතුව නම් මෙයට දින කීපයකට පෙර ඉන්දියාවේ තමිල්නාඩුවෙන් අසන්නට ලැබුණු එක්තරා සුවිශේෂ පුවතකි. එනම් මෙම දිනවල අපගේ රටට යාබද ඉන්දියාවෙන් ඇසෙන්නේ මහා දේශපාලන ක්‍රියාන්විතයකි. එනම් මුළු ලොවම හඳුනන තමිල්නාඩුවේ ප්‍රාන්ත මැතිවරණයයි. මෙම මහා තරගයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගත්තේ දැනට 51 වැනි වියේ පසුවන ප්‍රකට ඉන්දියානු සිනමා රංගන ශිල්පී ජෝසප් විජේ නොහොත් තලපති විජේය. ඔහු දැනට තමිල්නාඩු මහ ඇමැති ධුරයේද දිවුරුම් දී අවසානය. මෙම තොරතුරු බොහෝ දෙනකු දන්නා හෙයින් ඒවා නැවත ලිවීම අනවශ්‍යය. එසේ වුවද ජෝසප් විජේ නායකත්වය දරන ‘තමිලග වෙටි්‍ර කසාගම්’ (Tamilaga Vettri Kazhagam) පක්ෂයට මහඇමැති ධුරය ලබාගැනීම සඳහා ආසන සංඛ්‍යාව මදි විය. එනම් විජේගේ ටී.වී.කේ. පක්ෂයට හිමිව තිබුණේ ආසන 108ක් වන අතර, ජයග්‍රහණය සඳහා ආසන 118ක් අවශ්‍යව තිබිණි. මෙම වටපිටාවේදී තවත් ආසන 10ක් අවශ්‍ය වූ අතර, ඒවා අනෙක් පක්ෂ මගින් ලබාගැනීමට කටයුතු යෙදිණි. ඒ අනුව ජෝසප් විජේට පක්ෂ 5ක් සහයෝගය දැක්වීය. එම එක් පක්ෂයක් වූයේ ඉහත තොල් තිරුමාවලන්ගේ වී.සී.කේ. පක්ෂයයි. එම පක්ෂය තමන් ජයග්‍රහණය කළ ආසන 2ක් සමග විජේගේ පක්ෂයට එකතු විය.

දැන් ඔබ මෙම කතාවේ යම් සුවිශේෂ හැරවුම් ලක්ෂ්‍යයක් වෙත පැමිණ සිටින්නේය. එය කුමක්ද? මෙම කතාවේ අපගේ කතා නායකයා වන තොල් තිරුමාවලන් යනු දකුණු ඉන්දියානු දේශපාලකයා යනු අතිශයින්ම උග්‍ර දෙමළ ඊළාම්වාදියකු ලෙස සැලකෙයි. මොහු ඊළාම් කොටි සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ සමීප හිතවතකු ලෙසද ප්‍රකටය. ප්‍රභාකරන් සිවිල් යුද්ධයේදී ඝාතනයට ලක්වීමට ප්‍රථම කිහිප වතාවක් හමුවීමටද තිරුමාවලන් කටයුතු කර ඇත. ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේද පාර්ශ්ව ගණනාවක් විසින් තිරුමාවලන් හඳුන්වා දී ඇත්තේ එල්.ටී.ටී.ඊ. ඊළාම් කොටියකු ලෙසිනි. මෙහිදී හෙළිවන තවත් අපූරු රසවත් කරුණක් නම් තොල් තිරුමාවලන් නායකත්වය දරන විදුතලෙයි චිරුතයිගල් කච්චි (වී.සී.කේ.) පක්ෂයේ ලාංඡනයද කොටියකුගේ රූපයකින් සැරසීමය. එහි ඇත්තේ දත් නියවාගෙන, ගොරවමින් සිටින ‘පැන්තර්’ වර්ගයේ කොටියකුගේ සේයාරුවකි. ඉන්දියාවේ වනාන්තරවල මෙම පැන්තර් කොටි විශේෂය බහුලව ඇත. තවද මෙම පක්ෂයේ දෙමළ නාමයෙහි සිංහල අරුත ලෙස ගතහැක්කේ ‘විමුක්ති පැන්තර් පක්ෂය’ ලෙසිනි. තවත් පැහැදිලි කළහොත් ‘විමුක්ති’ යනු ‘විදුතලෙයි’ද, ‘තචිරුතයිගල්’ යනු ‘පැන්තර්’ සහ ‘කච්චි’ යනු ‘පක්ෂය’ වෙයි. දැන් හොඳින් බලන්න. මෙය ශ්‍රී ලංකාවේ ඊළාම් විමුක්ති කොටි සංවිධානය යන අරුතම ගෙන එයි. කිසිදු වෙනසක් දක්නට නැත.

දැන් එසේනම් සිදුව ඇත්තේ කුමක්ද? තමිල්නාඩුවේ නව මහඇමැති ධුරය තලපති විජේට ලබාදීමට විමුක්ති කොටි පක්ෂයෙන්ද පිහිට ලැබී ඇත. විජේ යනු යම් ආකාරයකින් ශ්‍රී ලංකාවේ දෙමළ ඊළාම්වාදයට සහාය දක්වන දේශපාලකයකු ලෙස ප්‍රකටය. ඔහුගේ ප්‍රතිපත්තිය එසේ යම් සීමාවක තිබුණද තොල් තිරුමාවලන් යනු ශ්‍රී ලංකා ඊළාම්වාදයට ඉතා දරුණු හා අන්තවාදී ලෙස සහාය දක්වන තමිල්නාඩු දේශපාලකයෙකි. මොහුගේ පක්ෂ කාර්යාලයේද ඊළාම් කොටි සංවිධානයේ ධජ සහ ලාංඡනද ප්‍රදර්ශනය කර ඇත. එල්.ටී.ටී.ඊ. නායක ප්‍රභාකරන්ට ඔහු විවෘතව සහාය දැක්වීය. තමන්ගේ දේශපාලන මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලදීද ප්‍රභාකරන්ගේ සේයාරුව ඔහු එළිපිටම භාවිත කළේය. තිරුමාවලන් 2011දී ප්‍රභාකරන්ගේ මව වන පාර්වතීගේ අවමංගල්‍ය උත්සවයට සහභාගි වීමට ඔහුගේ සහචරයන් දෙදෙනකු සමග ශ්‍රී ලංකාවට පැමිණියද ශ්‍රී ලංකා රජය විසින් ඔවුන් කටුනායක ගුවන් තොටුපළේදී හරවා නැවත ඉන්දියාවට යැවීය. එසේ වුවද ඔහු 2012 දී තමිල්නාඩු මන්ත්‍රී කණ්ඩායමක් සමග ශ්‍රී ලංකාවට පැමිණියේය. එසේම ඔහු මෙම වත්මන් රජය යටතේ 2025 නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණ මුල්ලිවයික්කාල්හි පිහිටි එල්.ටී.ටී.ඊ. මහවිරු කොටි ස්මාරකයට ගොස් ගෞරව දැක්වීය.

Sri Lanka Latest News

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

කෝ අර ඉන්නවා කියපු කදිරගාමර්ලා..! ජනාධිපතිතුමා මූණ කළු කරගෙන තටමනවා! VIDEO I Sri Lanka Latest News

Next Post

පොඩි මිනිස්සුන්ගේ වාහන හීනය ඉවරයි! ගෙන්වන වාහනවලට අද ඉඳන් 50%ක අධිභාරයක් පනවයි! අනුර ගැසට් එකට අත්සන් කරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අලුත්ගම ව්‍යාපාරිකයෙකුගේ ලක්ෂ 7ක මුදල් සහ රන් බඩු මහ දවල් හොරු අරන්! Sri Lanka Latest News
Exclusive

ගිය අවුරුද්දේ කෝටි 35ක රත්තරන් බඩු උකස් කරලා! 54%ක අසාමාන්‍ය වැඩිවීමක්! රටේ ගෙවල්වලින් 60%ක කිසිම රන් බඩුවක් නෑ! මිනිස්සු එදිනෙදා අවශ්‍ය මුදල් හොයාගන්නත් රත්තරන් උකස් කරන තත්ත්වයට වැටිලා! I Sri Lanka Latest News

බිත්තරේටත් ගැසට් එකක් ගහයි!
Exclusive

ආණ්ඩුවට චෝදනා කරමින් නිෂ්පාදකයෝ හෙට ඉඳන් බිත්තර මිල ඉහළ දමයි! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News
Exclusive

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දෙහිවල කනත්ත ඇතුළේදී පාතාල නායක සැන්ඩෝගේ තාත්තාට වෙඩි තියලා! Sri Lanka Latest News

සෙව්වන්දි ඉපදුණු සුරේෂ්ගෙ ගෙවල් තියෙන කටුවැල්ලෙගමට ‘මව්රට’ ගිය ගමන…! Sri Lanka Latest News
Exclusive

සෙව්වන්දි ඉපදුණු සුරේෂ්ගෙ ගෙවල් තියෙන කටුවැල්ලෙගමට ‘මව්රට’ ගිය ගමන…! Sri Lanka Latest News

Load More
අලුත්ගම ව්‍යාපාරිකයෙකුගේ ලක්ෂ 7ක මුදල් සහ රන් බඩු මහ දවල් හොරු අරන්! Sri Lanka Latest News
Exclusive

ගිය අවුරුද්දේ කෝටි 35ක රත්තරන් බඩු උකස් කරලා! 54%ක අසාමාන්‍ය වැඩිවීමක්! රටේ ගෙවල්වලින් 60%ක කිසිම රන් බඩුවක් නෑ! මිනිස්සු එදිනෙදා අවශ්‍ය මුදල් හොයාගන්නත් රත්තරන් උකස් කරන තත්ත්වයට වැටිලා! I Sri Lanka Latest News

වාණිජ බැංකුවලින් රන් භාණ්ඩ උකස් කර ලබාගන්නා ණය ප්‍රමාණය රුපියල් කෝටි 35,145කින් පමණ වැඩිවී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු...

Read more
බිත්තරේටත් ගැසට් එකක් ගහයි!

ආණ්ඩුවට චෝදනා කරමින් නිෂ්පාදකයෝ හෙට ඉඳන් බිත්තර මිල ඉහළ දමයි! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දෙහිවල කනත්ත ඇතුළේදී පාතාල නායක සැන්ඩෝගේ තාත්තාට වෙඩි තියලා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.