• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

යාපනේ ජවිපෙ දිනද්දි චීනය සතුටු ඇයි? Sri Lanka Latest News

December 15, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
යාපනේ ජවිපෙ දිනද්දි චීනය සතුටු ඇයි? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

චීන තානාපතිවරයා පසුගියදා ජවිපෙ උතුරේ ලද ජයග්‍රහණය ගැන දැඩි සතුටකින් කතා කර තිබිණී. චීන තානාපතිවරයා පවසා තිබුණේ චීනය උතුරේ ජනතාවට සහන ව්‍යාපෘති පටන්ගැනීමට සූදානම් වුණත් උතුරේ දේශපාලනඥයන් එයට ඉඩ නොදුන්න බවය. ඔහු උතුරේ දේශපාලනඥයන් ලෙස සඳහන් කළේ ටී.එන්.ඒ. දේශපාලනඥයන් ගැන විය යුතුය. ඔහු වක්‍රව චෝදනා කළේ පිටස්තර බලවේග මෙම උතුරේ දේශපාලනඥයන්ට බලපෑම් කොට චීන ව්‍යාපෘති නතර කරන බවය. චීන තානාපතිවරයා පිටස්තර බලවේග යැයි කීවේ ඉන්දියාවට විය හැකිය. ඔහු වෙනත් වචනවලින් කියන්නේ ඉන්දියාවේ උපදෙස් අනුව උතුරේ දේශපාලනය කරන දමිළ දේශපාලනඥයන් පරාජය වීම චීනයේ ජයග්‍රහණයක් කියාය. (Sri Lanka Latest News)

චීනය යුද්ධයේදී සහාය දුන්නේ හමුදාවටය. ලොව අනෙක් රටවල් මානව හිමිකම් චෝදනා නිසා යුද්ධය සඳහා ලංකාවේ හමුදාවට ආයුධ විකිණීම තහනම් කරද්දී චීනය ආයුධ වික්කේය. ඒ වගේම යුද්ධය අවසන් වූවාට පසු යුද්ධයේදී සිදුවූ මානව හිමිකම් උල්ලංඝනය වීම්වලට එරෙහිව බටහිර රටවල් ලංකා ආණ්ඩුවට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනා සම්මත කරද්දී චීනය එම යෝජනාවලට එරෙහිව ලංකාවේ ආණ්ඩුවට පක්ෂව ඡන්දය දුන්නේය. මේ නිසාම උතුරේ දමිළ ජනතාවත් දමිළ දේශපාලන පක්ෂත් චීනය දෙස බලන්නේ වපර ඇසිනි. යුද්ධය අවසන් වීමෙන් පසු මහින්දගේ ආණ්ඩු කාලයේ චීන තානාපති පළමු වරට ටී.එන්.ඒ. මන්ත්‍රීවරු හමුවී උතුරට ගොස් උතුරේ පටන්ගත හැකි ව්‍යාපෘති ගැන සොයා බලන්න විය. ගෝඨාභය ජනාධිපති වූ පසු චීන තානාපතිවරයා උතුරේ දමිළ ජාතික ඇඳුම ඇඳගෙන උතුරේ සංචාරය කළේය. උතුරේ කෝවිල්වලට ගොස් වන්දනා කළේය. චීන තානාපතිගේ මේ පී.ආර්. කැම්පේන් එකට පසු චීනය යාපන දූපත්වල බලශක්ති ව්‍යාපෘති පටන්ගන්න යෝජනා ඉදිරිපත් කළේය. චීනයේ මෙම ව්‍යාපෘති ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් යැයි කියා ඉන්දියාව ලංකා ආණ්ඩුවට සිය නොසතුට පළකරනු ලැබීමෙන් පසු ගෝඨාගේ ආණ්ඩුව උතුරේ චීන ව්‍යාපෘතිවලට අවසර දුන්නේ නැත.

ඒත් චීනය උතුර අතහැරියේ නැත. චීන තානාපති උතුරේ ධීවරයන්ට සහ උතුරේ ජනතාවට සහන බෙදන්න පටන්ගත්තේය. චීනයේ උපාය වන්නට ඇත්තේ ජනතා හිත දිනාගෙන ජනතාව ලවා උතුරේ දේශපාලනඥයන්ට චීනය සමග ගනුදෙනු කරන්න බලපෑම් කිරීමය. චීනය පසුගිය කාලයේ මේ සහන වැඩපිළිවෙළ දිගටම ක්‍රියාත්මක කළේය. 2024 මහ මැතිවරණයේදී උතුරේ ජනතාව උතුරේ දේශපාලන පක්ෂ ප්‍රතික්ෂේප කොට ජවිපෙ අපේක්ෂකයන්ට ඡන්දය පාවිච්චි කළහ. දැන් චීනය හිතන්නේ උතුරේ පක්ෂවලට තවදුරටත් උතුරේ ජනතාව මෙහෙයවන්න හැකියාවක් නැති බවත්, දැන් චීනයට උතුරේ ජනතාව සමග ඍජුව ගනුදෙනු කොට චීන ව්‍යාපෘති යළි පටන්ගන්න පුළුවන් වනු ඇතැයි කියාය.

දකුණේ සිංහල පක්ෂ සිය පක්ෂයේ අපේක්ෂකයන් උතුරේ ජයග්‍රහණය කළ ප්‍රථම අවස්ථාව මෙය නොවේ. යූ.ඇන්.පී.යෙන් මීට පෙර උතුරේ මන්ත්‍රීවරු තේරීපත් විය. ජවිපෙ යාපනය වැනි උතුරේ දිස්ත්‍රික්ක ජයගැනීම විශාල ජයග්‍රහණයකි. ජවිපෙ උතුරේ මෙවැනි ජයග්‍රහණක් ලබාගැනීමට හේතු වී ඇත්තේ උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂවල තිබෙන බෙදීම්ය. උදාහරණයක් ලෙස ජවිපෙ යාපනය දිස්ත්‍රික්කයෙන් ගත්තේ ඡන්ද 80,830කි. අනෙකුත් දමිළ පක්ෂ යාපනයේ ඡන්ද 1,27,121ක් ලබාගත්හ. මෙයින් පේන්නේ දමිළ පක්ෂවල බෙදීම ජවිපෙ වාසියට හේතු වී ඇති බවය. මෙයින් උතුරේ සාම්ප්‍රදායික දමිළ පක්ෂ සහ දේශපාලනඥයන්ගේ දේශපාලනය අවසන් යැයි චීන තානාපතිවරයා සිතනවා නම් එය වැරැදිය. ඉන්දියාවත් සමග සමීප සබඳකම් පවත්වන උතුරේ දමිළ පක්ෂ පරාජය වීමෙන් උතුරේ ජනතාව ඉන්දියාවට විරෝධය පළකොට ඇතැයි චීන තානාපති හිතනවා නම් එයත් වැරැදිය.

SendShareShare
Previous Post

විපක්ෂය පාර්ලිමේන්තුවේ ලොකු වර්ජනයකට සැරසෙයි! I Sri Lanka Latest News

Next Post

කතානායක ප්‍රශ්නය! ජා.ජ.බ. ආණ්ඩුවේ සුජාතභාවය පරීක්ෂා කරන්න ලිට්මස් පරීක්ෂාව මෙයයි! Sri Lanka Latest News

MORE NEWS

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

Load More
‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්සකුට්ටි ආරච්චිට පොහොට්ටුව ඇතුළෙන්ම දැඩි විරෝධයක් මතුව ඇත.Sri Lanka Latest News විශේෂයෙන්ම...

Read more
සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.