බ්‍රහස්පතින්දා දිනයේදී සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම අතර විශේෂ සූම් සාකච්ඡාවක්ද පැවැත්විණි. Sri Lanka Latest News
එහිදී සාකච්ඡා වූයේ මේ දිනවල ආණ්ඩුව පැත්තෙන් යම් යම් චෝදනා එල්ල කරමින් පවතින ඔන්ලයින් පනත පිළිබඳවය. එහිදී මන්ත්‍රීවරුන් බොහොමයක්ම සජිත්ට පෙන්වා දුන්නේ ආණ්ඩුවට මේ වනවිට සමාජ මාධ්‍ය හිසරදයක්ව පවතින නිසා ඔවුන් ඊට එරෙහිව යම් යම් ක්‍රියාමාර්ග ගැනීමට සාකච්ඡා කරමින් සිටින බවකි. සජිත් මෙන්ම සජබයද සමාජ මාධ්‍යවලින් දැඩිව බැට කා ඇති නිසා මින් ඉදිරියට කිසිසේත්ම ඔන්ලයින් පනතට පක්ෂව අදහස් නොදැක්විය යුතු බවත්, එය අහෝසි කිරීමට කටයුතු කළ යුතු බවත් මන්ත්‍රීවරුන්ගේ අදහස විය.
සජිත් එදා ගත් තීන්දුවේම
නමුත් මෙහිදී සජිත් ඊට එරෙහිව දැඩි ස්ථාවරයක් ගත්තේ මන්ත්‍රීවරුන් සියල්ලන්ම පුදුමයට පත්කරමින්ය.
‘සමාජ මාධ්‍යවලින් වැඩියෙන්ම ගුටි කෑවේ මම. වැඩියෙන්ම මඩ ගැහුවේ මට. වෙන කවුරුත් නෙවෙයි. මට විතරක් නෙවෙයි මගෙ අම්මා තාත්තට, මගෙ පවුලට, මගේ නංගිට, මගේ දුවට පවා සමාජ මාධ්‍යවලින් පහර ගැහුවා. හැබැයි එහෙම වුණා කියලා මම මගේ ප්‍රතිපත්තිය වෙනස් කරන්නේ නෑ. අපි එදත්, අදත්, හෙටත් සමාජ මාධ්‍ය වාරණයට විරුද්ධයි. පෞද්ගලික වාසි තකා අපි අපේ ප්‍රතිපත්තිය කීයටවත් වෙනස් කරන්න හොඳ නෑ…’ යන්න සජිත්ගේ ස්ථාවරය විය.
ඉන් අනතුරුව සාකච්ඡා වූයේ ආණ්ඩුව පාර්ලිමේන්තුවේ ඇති කමිටු ප්‍රමාණය අඩු කිරීමට දරන උත්සාහය සම්බන්ධයෙනි. මෙහිදී මන්ත්‍රීවරුන් පෙන්වා දුන්නේ ඊට දැඩිව විරෝධය පළකළ යුතු බවත්, ආණ්ඩුව එසේ විපක්ෂයට අදහස් දැක්වීමේ අයිතිය අහුරාලීමට කටයුතු කරන්නේ නම් එම කමිටු සියල්ලම වර්ජනය කිරීමට විපක්ෂය තීරණය කළ යුතු බවත්ය.
නමුත් මෙහිදී සජිත් පෙන්වා දුන්නේ දැනටමත් මුදල් කමිටුවේ සභාපති ධුරය සඳහා හර්ෂ ද සිල්වා මහතාගේ නම යෝජනා කිරීමට සජබය කටයුතු කර ඇති බවකි. එමෙන්ම පක්ෂ නායක රැස්වීමද පාර්ලිමේන්තුවේ වැදගත් කමිටුවක් බව සජිත් පිරිසට පෙන්වා දුන්නේය. ඒ අනුව අවසානයේ සජබය තීන්දු කළේ මුදල් කමිටුව සහ පක්ෂ නායක රැස්වීම හැරුණු විට අනෙකුත් සියලු කමිටු වර්ජනය කිරීමටය. ඒ සම්බන්ධයෙන් විපක්ෂයේ අනෙකුත් පක්ෂ සමග සාකච්ඡා කිරීමටද එහිදී තීන්දු විය.
රාජ්‍ය රහස්!










