• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කතානායක ප්‍රශ්නය! ජා.ජ.බ. ආණ්ඩුවේ සුජාතභාවය පරීක්ෂා කරන්න ලිට්මස් පරීක්ෂාව මෙයයි! Sri Lanka Latest News

December 15, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
කතානායක ප්‍රශ්නය! ජා.ජ.බ. ආණ්ඩුවේ සුජාතභාවය පරීක්ෂා කරන්න ලිට්මස් පරීක්ෂාව මෙයයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කතානායක අශෝක රංවල මහතාගේ ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් මේ වනවිට සමාජයේ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ. එවන් පසුබිමක ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා ඒ සම්බන්ධයෙන් සිය යූටියුබ් නාලිකාවට එක්කොට තිබූ අදහස් දැක්වීමක් පහත පළකරමු. (Sri Lanka Latest News)

කතානායක අශෝක රංවලගේ ආචාර්ය උපාධිය සහ ඔහුගේ සෙසු උසස් අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ ප්‍රශ්නය මේ වනවිට සෑහෙන ආන්දෝලනාත්මක සිද්ධියක් බවට පත්වෙලා තිබෙන්නේ. එපමණක් නෙවෙයි මේක මම හිතන්නේ තවත් බොහෝ දෙනෙක් කියලා තිබුණු විදියට මේක එක්තරා විදියක ජාතික ජන බලවේග ආණ්ඩුවේ සුජාතභාවය පරීක්ෂා කරන ලිට්මස් පරීක්ෂාවක් බවටත් පත්වෙලා තිබෙනවා කියලා කියන්න පුළුවන්. මොකද, දැන් මේ ආණ්ඩුව සම්බන්ධ විශේෂ තත්ත්වයක් තමයි ජාතික ජනබලවේය විශාල වශයෙන් පොරොන්දු ප්‍රමාණයක් දුන්නා සමාජයට. ඒ පොරොන්දුවලට අයිතියි ඒ අය කරන්න බලාපොරොත්තු වෙන දේවල් පමණක් නෙවෙයි, නොකරන්න බලාපොරොත්තු වෙන දේවල්. කරන්න බලාපොරොත්තු වෙන දේට වඩා ජනයා වැඩිපුර අවධානය යොමුකරයි කියලා මම හිතන්නේ මේ නොකිරීම සඳහා පොරොන්දු වුණු දේවල්. මමත් මේ සම්බන්ධයෙන් කලිනුත් සාකච්ඡා කරලා තිබෙනවා. ජනයා වැඩිපුර ජාතික ජනබලවේගයට ඡන්දය දුන්නේ ඒ අය සම්බන්ධයෙන් විශේෂ ප්‍රසාදයක් තිබුණාට වඩා පැවැතුණු ක්‍රමය පිළිබඳ තිබුණු අප්‍රසාදය නිසා. විශේෂයෙන්ම ඒ මහජන අරමුදල් සහ විශේෂයෙන් ඒ රාජ්‍ය බලය අවභාවිත කිරීම සම්බන්ධයෙන් තමයි විශාල කලකිරීමක් මුළු පද්ධතිය පිළිබඳ කලකිරීමක් වර්ධනය වෙලා තිබුණා. ඒ කලකිරීමේ ප්‍රකාශනයක් තමයි ජාතික ජන බලවේගයට මේ ලැබුණු විශාල ඡන්දය. විශාල ජන වරම. හරි වැදගත් ඒ ජන වරම වෙනුවෙන් පෙනීසිටීම.

අපි බලමු කොහොමද මේ සිද්ධිය ඒ ජන වරම වෙනුවෙන් පෙනීසිටීමට පරස්පර වෙන්නේ කියන එක.
මේකෙදී තියෙන ප්‍රධාන ප්‍රශ්නය තමයි විශේෂයෙන් ජාතික ජන බලවේගය ආරක්ෂා කරන්න සමාජ මාධ්‍ය තුළ ලියන කියන අය මේ ප්‍රශ්නය මතුකිරීම සම්බන්ධයෙන් මාවත් විවේචනය කරලා තිබුණා. විශේෂයෙන් ජාතික ජන බලවේගය වෙනුවෙන් මේ ප්‍රශ්නයේදී පෙනීසිටින අය. ඒ අය කියලා තිබුණේ කතානායක වෙන්න උපාධි සුදුසුකම් මොකටද වගේ දේවල්. ඒක නෙවෙයි මෙතැන ප්‍රශ්නය. ප්‍රශ්නය කතානායක වෙන්න උපාධියක් අවශ්‍යද නැද්ද කියන එක නෙවෙයි. කතානායක වෙන්න උපාධියක් අවශ්‍ය නැහැ. එතැන අවශ්‍ය ඔහු තමන්ට ආචාර්ය උපාධියක් තිබෙන බව ප්‍රකාශ කරලා තමයි ඔහු ඡන්දයට ඉදිරිපත් වුණේ. ඒක හරි වැදගත්. කෙනෙක් මැතිවරණයකට ඉදිරිපත් වෙන්නේ මහජනයාගේ නියෝජිතභාවය අපේක්ෂාවෙන්. එතකොට එයා කියනවා මට මෙන්න මේ සුදුසුකම් තිබෙනවා, ඒ නිසා මම සුදුසුයි මහජනයාගේ නියෝජිතයෙක් වෙන්න කියලා. එහෙම කිව්වේ නැත්නම් ප්‍රශ්නයක් නෑ. උදාහරණයක් විදියට බදුල්ල දිස්ත්‍රික්කයෙන් පත්වුණා චාමර සම්පත් කියන මහත්මයා. සාමාන්‍යයෙන් දන්න විදියට ඔහු එහෙම අධ්‍යාපන සුදුසුකම් නැති, ඔහුම කියන විදියට ඔහු දුම්රියේ කඩල විකුණලා හරි ඒ වගේ දෙයක් කරලා සාමාන්‍ය විදියට ආපු කෙනෙක්. ඔහුට ඡන්දය දීපු අය දන්නවා ඔහුගේ අධ්‍යාපන පසුබිම මොකක්ද, අධ්‍යාපන සුදුසුකම මොකක්ද යන්න. සාමාන්‍ය වශයෙන් ඔහු පිළිබඳ, ඔහුගේ හැකියාවන් පිළිබඳ තක්සේරුවක් ජනයාට තියෙනවා. එතකොට ඒක උඩ තමයි ඔහුව ඔවුන්ගේ නියෝජිතයා විදියට පත්කර ගන්නේ. ඒක ප්‍රශ්නයක් නෑ. ජනතාවට අයිතියක් තිබෙනවා තමන්ට කැමැති කෙනෙක් තමන්ගේ නියෝජිතයා විදියට පත්කර ගන්න. ඒක ජනතා අයිතියක්. ඒක අනුල්ලංඝනීය අයිතියක්. ඒක ජනතාව තමයි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් තුළ උත්තරීතර තත්ත්වය හොබවන්නේ.

මෙතැනදී සිද්ධ වූ දේ තමයි අශෝක රංවල මහත්මයා ඡන්දයට ඉදිරිපත් වෙන්නේ තමන්ට ආචාර්ය උපාධියක් සහ වෙනත් උපාධිමය මට්ටමේ උසස් අධ්‍යාපන සුදුසුකම් තියෙනවා කියලා හිතාගෙන. එතකොට අපිට භාරගන්න සිද්ධ වෙන දේ තමයි අන්න ඒ ඔහු ඉදිරිපත් කරන ක්ලේම්ස්, කියාපෑම්වලට තමයි ජනයා ඡන්දය දෙන්නේ. උදාහරණයක් විදියට අපි කඩේකට ගිහින් යම් කිසි බඩුවක් ගන්නකොට, ඒකේ තියෙනවා නම් මේකේ මේ මේ දේවල් අඩංගුයි කියලා අපිට පුළුවන් නම් ඒකේ මේ දේවල් නෑ කියලා ඔප්පු කරන්න, අපිට ඒ බඩු විකුණපු අයට විරුද්ධව යම් ක්‍රියාමාර්ගයක් ගන්න පුළුවන්. සමහර විට මම ඒකෙන් ඒ වෙලාවේ බලාපොරොත්තු වෙන්නේ ඒකෙ තියෙනවා කියන දේවල්ම වෙන්න ඕනේ නෑ. නමුත් ඒගොල්ලෝ පොරොන්දු වෙලා තියෙනවා. ඒ පොරොන්දුවට පරිමාණව තමයි මම ඒක මිලදී ගන්නේ. ඒ වගේ රංවල මහත්මයා කිව්වා නම් මට ආචාර්ය උපාධියක් තියෙනවා සහ මට රසායන විද්‍යාව, ජෛව රසායන විද්‍යාව හරි මොකක් හරි ගැන ප්‍රථම උපාධියක් මොරටුව විශ්වවිද්‍යාලයේ තියෙනවා කියලා, ඒවා සැලකිල්ලට අරගෙන. ඒක හරියට මේ වගේ, අපි සරල වශයෙන් ගත්තොත් අපි රැකියාවකට අයැදුම් කරනවා, රැකියාවෙන් ඉල්ලා තියෙන සුදුසුකම් අනුව මම කියනවා මට මෙන්න මේ සුදුසුකම් තියෙනවා කියලා. එතකොට ඒ සුදුසුකම් මත එයාව බඳවාගන්නවා. එතකොට එයා කියන ඒ සුදුසුකම් මත තමයි බඳවා ගන්නේ. එතකොට හදිසියේ ඒ සුදුසුකම් නෑ, එයා කියලා තියෙන්නේ බොරු කියලා ඔප්පු වුණොත් ඒ ආයතනයට හැකියාවක් තියෙනවා අරයව ඒ තනතුරෙන් අයින් කරන්න. මොකද ඒගොල්ලෝ ව්‍යාජ කියාපෑම් සිදුකරලා තියෙන නිසා. මෙතැනත් ඒ වගේ තත්ත්වයක් තිබෙනවා. ඒ කියන්නේ මෙතැන කතානායක ප්‍රශ්නයට අමතරව ඔහු මහජන මන්ත්‍රීවරයෙක් විදියට ගත්තොත් ඔහු පාර්ලිමේන්තුවට පත්වීම සදඟා ඉදිරිපත් කරලා තියෙන්නේ වැරැදි තොරතුරු නම්, ඒකේ බරපතළ වරදක් තිබෙනවා.
සාමාන්‍ය කෙනකුට ප්‍රශ්නයක් නෑ. ඒක නීතිමය වශයෙන් උපාධියක් තියෙනවා කියලා බොරුවට කිව්වා කියලා ඒකට නඩු දාන්න පුළුවන් කියලා නීතිමය වශයෙන් හැකියාවක් නෑ කියලා මම හිතන්නේ. සමහර විට එහෙම හැකියාවක් තියෙන්නත් පුළුවන්. ඒක වෙනම දෙයක්. ඒක නෙවෙයි මෙතැන ප්‍රශ්නය. මෙතැනදී ඔහු ඒ සුදුසුකම් මත ඉතා වැදගත් මහජනයා විසින් පත්කරගනු ලබන නියෝජිත තනතුරකට, ඒක සරල දෙයක් නෙවෙයි. ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමයක් තුළ ඉතා වැදගත් දෙයක්. මහජනයා තමන්ව නියෝජනය කිරීම සඳහා, තමන්ව නියෝජනය කරනවා කියන්නේ තමන්ගේ මතය, මහජන ප්‍රතිපත්ති සම්පාදන ආයතනය තුළට ගෙන යෑම සඳහා තෝරාගන්නා නියෝජිතයෙක්. ඒක තමයි විධිමත් ලෙස ඒකේ නිර්වචනය. එතකොට එයාට බැඳීමක් තිබෙනවා. එයා කියන්නේ මෙන්න මේවා නිසා එයා සුදුසුයි කියන එක. ඒ සුදුසුකම් අනුව තමයි තෝරාගැනීම කරන්නේ. එතකොට එයා එතැනදී ව්‍යාජයිනම්, බොරු නම් කියලා තියෙන්නේ එයාට තවදුරටත් ඒකේ ඉන්න අයිතියක් නෑ. එයාව ආපහු ගෙන්නගන්න ඕනේ. ගෙන්නගෙන කියන්න ඕනේ අපිට ඔයාව වැඩක් නෑ. අපි ඔයාට ඡන්දේ දුන්නේ මේ සුදුසුකම් තියෙනවා කියලා ඔයා කියපු නිසා. ඒ නිසා තවදුරටත් ඔයාට ඒකේ අයිතියක් නෑ කියලා. ඒක තමයි මේකේ තියෙන මූලධර්මය. මේක නිකන් කතානායක වෙන්න උපාධිය අවශ්‍ය නෑ කියලා එහෙම කියලා මේක සුළුවට පැත්තකට දාන්න හැකියාවක් නෑ.
කතානායක තත්ත්වයට පත්වෙන කොටත් ඒක හරි වැදගත්නේ. ඔහු කියලා තියෙනවා තමන් ඒ පත්කිරීම කරන්නේ පාර්ලිමේන්තුවේ අනිත් අයනේ. ඒක යෝජනා කරන කෙනා. මේක යෝජනා කළෙත් මට මතක විදියට අග්‍රාමාත්‍යතුමිය. එතුමියටත් වගකීමක් පැවරෙනවා. එතුමිය තමයි මේකට සුදුසු යැයි කියලා යෝජනා කරන්නේ. තව කෙනෙක් ඒක සම්මත කරනවා සහ පාර්ලිමේන්තුවේ ඉතිරි අය මේක පිළිගන්නවා. එතකොට මුළු සමස්තයටම අදාළ වෙනවා කෙනෙක් තමන්ගේ සුදුසුකම් කියලා ඉදිරිපත් කරන දේ. ඒක තමයි සාමාන්‍ය පොදු තත්ත්වය.

ජාතික ජන බලවේගය අපිට කියන්න පුළුවන් මහජනයා සමග ඇතිකරගත්ත සම්මුතියේ තියෙන වැදගත් දෙයක් තමයි විශේෂයෙන් ඒගොල්ලෝ පැවැතුණු නිශේධ කිරීම හරහා මේ පැවැතුණු දේශපාලන සංස්කෘතිය තුළ තිබුණු ඉතාම මූලික ගති ලක්ෂණ කීපයක් තමයි රාජ්‍ය බලය අවභාවිත කිරීම, මහජනයාට තියෙන තත්ත්වයන් අවභාවිත කිරීම වගේ දේවල්. එතකොට ඊට විරුද්ධව තමයි ඒ ජනතාව කලකිරීම මත තමයි මා කලිනුත් කිව්ව විදියට ජාතික ජන බලවේගය ආණ්ඩු බලයට පත්වෙන්නේ. ඒ අනුව ගත්තාම මෙතැන විශාල පරස්පරයක් තිබෙනවා. ඒ විතරක් නෙවෙයි, ඒ ආණ්ඩු බලයට පත්වුණාම ජනයා බලාපොරොත්තු වෙනවා මේ අයගෙන් ඉතා ඉහළ මට්ටමේ දියුණු දේශපාලන සංස්කෘතියක්. ඒකට අයිති එකක් තමයි, යම් කෙනෙක් ව්‍යාජ සුදුසුකම් ඉදිරිපත් කරනවා නම් ඒක ගැටලුවක්. මම දැක්කා මේ සිද්ධිය ආවට පස්සේ තව කීප දෙනෙක්ගෙම එහෙම ව්‍යාජ සුදුසුකම් ඉදිරිපත් වෙලා තිබෙනවා කියලා. ඒ හැම එකක්ම වැදගත්. විශේෂයෙන්ම මේ අයම ඉහළ මට්ටමේ පොරොන්දු දීලා තියෙනවා. පොරොන්දු ඍජුව සහ වක්‍රව දීලා තියෙනවා. ඒ කියන්නේ අපි යමක් විවේචනය කරනකොට, අපි යම් අවභාවිතයක් විවේචනය කරනවා නම් අමුතුවෙන් කියන්න ඕනේ නෑ අපි ආවට පස්සේ ඒක කරන්නේ නෑ කියන එක. ඒ අවභාවිතයක් විවේචනය කරනවා කියන එකෙන්ම වක්‍ර වශයෙන් අදහස් කරනවා අපි එවැනි ක්‍රියාවල නිරත වෙන්නේ නෑ කියන එක. එතකොට ඒක වගකීමක්. ඒ වගකීම ඉෂ්ට කරන්න ආවා නම් ඒක ක්‍රියාත්මක කිරීම අවශ්‍යයි. එහෙම බැරි නම් නිකන් ඉන්න ඕනේ.

ලංකාවේ දේශපාලන ඉතිහාසය ගත්තම මේ ආණ්ඩුව, බොහෝ වෙලාවට තියෙන ක්‍රමයක් ප්‍රතික්ෂේප කිරීම නිසා වෙනත් කිසිම පක්ෂපාතීත්වයකින් තොරව ජනයා පත්කරගත්ත අණ්ඩුවක් කියලා කියන්න පුළුවන්. මේක පැහැදිලි කරන්නම් මම මෙහෙම. සාමාන්‍යයෙන් මීට පෙර පැවැති ආණ්ඩු සම්බන්ධයෙන් තිබුණු විශේෂත්වයක් තමයි මේක එක්සෙප්ෂන් එකක් විදියට සලකන්න පුළුවන්. එහෙම නැත්නම් 2024 තත්ත්වයට වඩා තරමක් සමීපව කියලා කියන්න පුළුවන් 1956 තත්ත්වය. 1956ත් ඒ වෙනකොට ඒ තරම්ම ශක්තිමත්ව නොතිබුණු පක්ෂයක් වුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලොකු ජනතා පදනමක් තිබුණේ නෑ. ඒ අයට තමයි විශාල පාර්ලිමේන්තුවේ බලයක් ලබාදුන්නේ. ඒ අය තමයි ඇතිවුණු සන්ධානයේ ප්‍රධානම බලවේගය. එතකොට මෙවරත් ඇතිවුණු සන්ධානයේ ප්‍රධානම පක්ෂය තමයි ජනතා විමුක්ති පෙරමුණ. අශෝක රංවල මහත්මයත් ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෙක්. ජනයා ඇත්ත වශයෙන්ම ඡන්දය දුන්නේ ජනතා විමුක්ති පෙරමුණට නෙවෙයි. ඒක මතක තබාගැනීම වැදගත්.

අපිට පේනවා සාමාන්‍යයෙන් ජනතා විමුක්ති පෙරමුණට ටිකක් සහාය දෙන අය නිතරම කියන දෙයක් තමයි, මේක මේ අවුරුදු 60ක් තිස්සේ කැපවීමෙන් කටයුතු කිරීමෙන් ලබාගත්ත ජයග්‍රහණයක්. ඒක ඒ පක්ෂය පැත්තෙන් කියන්න අයිතියක් තියෙනවා. හැබැයි ජනතාව ඉස්සරහා ඒක කියන්න අයිතියක් නෑ. ඒ ජනතාව බැඳිලා නෑ ඒක කියන්න. එහෙම නම් ඒ කැපවීම වෙනුවෙන් ඒගොල්ලෝ වැඩකරන එක වෙනම දෙයක්. නමුත් ජනතාව ඡන්දය පළකරලා තියෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ කෙරෙහි තිබෙන විශේෂ පක්ෂපාතීත්වයක් බව අපට කියන්න බෑ මේක දිහා විචාරාත්මකව බැලුවාම. මොකද අපි දන්නවා සාමාන්‍යයෙන් වෙනත් පක්ෂ දිහා බැලුවොත් ප්‍රධාන පක්ෂ කීපයක් තිබුණානේ. තට්ටු මාරු ක්‍රමය කියලා කියන්නේ, එක පක්ෂයක් පරද්දලා අනෙක් පක්ෂය එන කාලයක් තිබුණානේ. එහිදී අපට පෙනුණු දෙයක් තමයි පැරැදුණා වුණත් සෑහෙන ඡන්ද බලයක් තිබෙනවා. ඒ ඡන්ද බලය ඊළඟ පාර තව ටිකක් වැඩිවෙලා ඒගොල්ලෝ ආණ්ඩු බලය ලබාගන්නවා. මේ අයට එහෙම දෙයක් නෑ.

පහුගිය අවස්ථාවේ ජාතික ජනබලවේගය විදියට ඉදිරිපත් වෙලත් ලැබුණේ 3%ක පමණ ඡන්ද ප්‍රමාණයක්. ඒ කියන්නේ ඒ අයගේ ඡන්ද පදනම අපට කියන්න පුළුවන් 3%ටත් වඩා අඩුයි කියලා. ඒ 3%ටත් අයිතියි ඒ පක්ෂයට අයිති නැති පිරිස්. එතකොට ඒ පක්ෂයට කියලා ලොකු ඡන්ද පදනමක් නෑ. 2%ක විතර ප්‍රමාණයක් තමයි ඒ අයගේ පක්ෂ ඡන්ද පදනම තියෙන්නේ. ඉතිරි ප්‍රමාණය ඒ පක්ෂය කෙරෙහි නෙවෙයි, තිබුණු ක්‍රමය ප්‍රතික්ෂේප කිරීම සඳහා ජනතාවට තිබුණු හේතු නිසා ලැබුණු ඡන්ද ප්‍රමාණයක් කියලා අපට කියන්න පුළුවන්. ඒ නිසා තමයි මේ වගේ දේවල් වැදගත් වෙන්නේ. එතකොට මේගොල්ලන්ගේ පෙනීසිටීම තුළ තමයි ඒගොල්ලන්ට පාලන බලයට පැමිණීම, ආණ්ඩු බලය ලබාගැනීම සඳහා වූ සුජාතභාවය ලැබෙන්නේ. එතකොට මෙතැන සාකච්ඡාවට වැදගත්ම දේ තමයි මේ ක්‍රියාව මගින් ඒ සුජාතභාවය බරපතළ ලෙස ප්‍රශ්න කිරීමකට ලක්වෙනවා. ඒක විතරක් නෙවෙයි, අපි සාමාන්‍යයෙන් බැලුවොත් මේ ආණ්ඩුව තියෙන්නේ ඉතාම අභියෝගාත්මක තත්ත්වයක. වෙන විදියකින් කියනවා නම් මේ අයට නැවත ඡන්දය දෙන්න එහෙමටම හේතුවක් නෑ. සමහරු ඉන්නවා මොනවා කළත් අපේ පක්ෂයට ඡන්දේ දෙනවා කියන. යූ.ඇන්.පී., ශ්‍රී ලංකා අය එහෙම දෙනවා. ඒ නිසා මේ ජනප්‍රියත්වය ඉතාම කැඩෙන බිඳෙනසුලු මට්ටමක ජනප්‍රියත්වයක් තමයි ජාතික ජනබලවේග ආණ්ඩුවට තියෙන්නේ. ඒ වගේම ඒගොල්ලෝ ප්‍රකාශිතව සහ අප්‍රකාශිතව දීලා තියෙන පොරොන්දු ඉතාම දුෂ්කර දේවල්. ඒ නිසා ඒවා වෙනුවෙන් විශාල කැපවීමක් අවශ්‍ය වෙනවා ඒවා කෙරෙහි. ආර්ථිකය ගොඩනැගීම වගේ දේවල්. නමුත් ඒවාට අතගහන්නත් පෙර මේ වගේ දේවල් නිසා ආණ්ඩුවේ විශ්වසනීයත්වය බිඳවැටීම වෙනවා.

කතානායක කියලා කියන්නේ පාර්ලිමේන්තුවේ ප්‍රධානියා. රටේ තුන්වැනි පුරවැසියා. ඒ වගේ කෙනෙක් මෙවැනි ව්‍යාජ කියාපෑම් මත ඡන්දයට ඉදිරිපත් වෙලා තියෙනවා නම් ඒක බරපතළ විදියට ආණ්ඩුවේ විශ්වසනීයත්වයට බලපාන දෙයක්. විශේෂයෙන්ම ඒ වගේ අභියෝගාත්මක ආණ්ඩුවක පැවැත්ම පැත්තෙන් ගත්තත් ඒක ආණ්ඩුවට විශාල බලපෑමක්.

මට ගැටලු කීපයක් තියෙනවා. එකක් තමයි මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ තියෙන ඉතාම භයානක නිහැඬියාව. මට පේන විදියට ඒ අය මේක මොකක් හරි හේතුවක් නිසා මේක බැරෑරුම් විදියට සලකන්නේ නෑ. මං හිතන්නේ ඒක ඒගොල්ලන්ගේ තියෙන ඉතා භයානක වැරැදි තක්සේරුවක්. මොකද ඒගොල්ලෝ පේන විදියට සැලකිල්ලට ගන්නේ නැහැ. විශේෂයෙන් මම කියන්නේ මේ සමාජ මාධ්‍ය යුගයේ දේශපාලනය කියලා කියන්නේ, ආණ්ඩුකරණය කියලා කියන්නේ ඉතාම තදින් පරීක්ෂාවට ලක්වෙන දෙයක්.

විශේෂයෙන් 2014න් විතර පස්සේ විශාල ජනප්‍රිය රාජපක්ෂ ආණ්ඩුව බිඳවැටීමට ලක්වුණා 2015දී. පුරවැසි මාධ්‍ය කියලා කියන්නේ පුරවැසියන්ට නිදහසේ පාවිච්චි කරන්න පුළුවන් මාධ්‍ය. යූටියුබ් චැනලයක් හෝ ෆේස්බුක් ගිණුමක් මගින් වෙනත් අයට යම් බලපෑමක් කරන්න පුළුවන්. එහෙම කරන තවත් විශාල පිරිසක් ඉන්නවා. එතකොට ඒ අය හරහා විවිධ සාකච්ඡා සභා හැදෙනවා. මේවායේ බලපෑම ජාතික ජන බලවේගය හොඳින් දන්නවා කියලා මම හිතනවා. නමුත් ඒ අයගේ මේ ගැන විශාල අවතක්සේරුවක් තියෙනවා. මේ තියෙන විචාරාත්මක වේදිකාව එක්කෝ ඒගොල්ලෝ නොතකා හරිනවා, මොකක් නිසාද කියලා මට තේරෙන්නේ නෑ. එහෙම නැත්නම් ඒගොල්ලෝ හිතනවා ඒකෙන් බලපෑමක් වෙන්නේ නෑ කියලා. ඒක මම හිතන්නේ බරපතළ වැරැදි තක්සේරුවක්.
මම දැක්කා මේ ප්‍රශ්නෙදීත් මටත් ගොඩක් අය බැනලා තිබුණා. සමාජ මාධ්‍යවල ඒ අයගේ ප්‍රොපගැන්ඩා මෙහෙයවන පිරිසක් ඉන්නවා. ඒ අය අශෝක රංවල සිද්ධියේදී අශෝක රංවලව ආරක්ෂා කරමින් කතාකරලා තිබුණා. මම හිතන්නේ ඒකෙන් පේන දෙයක් තමයි දේශපාලනයේදී සමාජ මාධ්‍යවලට කළ හැකි දේ ගැන ඉතා අඩු තක්සේරුවක් ඒ අයට තියෙන්නේ කියලා. අපි දැක්කා කාලයක් තිබුණා අනුර කුමාරට කිව්වේ ෆේස්බුක් ජනාධිපති කියලා. ඒකේ ඇත්තක් තියෙනවා. සමාජ මාධ්‍යවලින් කරපු දේවල්, ඒ කියන්නේ පවතින ක්‍රමය විවේචනය කිරීම සඳහා විශාල කාර්යභාරයක් ඉෂ්ට කළා. ඒ වගේම මේකෙදී අපි බැලුවොත් විශාල වශයෙන් ඒ ආණ්ඩුවේ සුජාතභාවය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන විදියේ ව්‍යාපාරයක් තිබෙනවා. මේක පිළිබඳ අවධානය යොමුකරන්නේ නෑ කියලා කියන්නේ ඒක මම හිතන්නේ ඉතාම ඛේදජනක තත්ත්වයක්. මම හිතන්නේ ඒකෙන් ඒ ආණ්ඩුවේ දිගුකාලීන පැවැත්ම පිළිබඳ ඉතා සැකයක් මතුවෙනවා. ආණ්ඩුව හිතනවා නම් ඒ අයගේ දීර්ඝකාලීන වශයෙන් ඒගොල්ලෝ පොරොන්දු වෙච්ච ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ තියෙනවානේ, ආර්ථිකය, දේශපාලන ප්‍රතිසංස්කරණ වගේ දේවල්. ඒ වගේ දේවල් සම්බන්ධයෙන් ටිකක් දීර්ඝකාලීන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නම් යම්කිසි කෙටිකාලීන වශයෙන් ඒ ආණ්ඩුවේ සුජාතභාවය කියන එක ඉතා වැදගත් දෙයක්. ඒ සුජාතභාවය බිඳවැටෙනවා නම් විශාල ගැටලුවක් මතුවෙනවා.

මම හිතන්නේ අශෝක රංවල පිළිබඳ සිද්ධියෙන් ඒ ආණ්ඩුවේ සුජාතභාවය, මට මුණගැහුණු මේ ආණ්ඩුවට සහාය දුන්නු නමුත් ඒ ජනතා විමුක්ති පෙරමුණේ දැඩි පක්ෂපාතීත්වයක් නොමැති පිරිස් අතර විශාල කලකිරීමක් තිබෙනවා මේ සිද්ධිය සම්බන්ධයෙන්. ඒ නිසා මම හිතන්නේ මේ සිද්ධිය දැනටමත් කල් ගිහින් වැඩියි. මේ වගේ දෙයක් සම්බන්ධයෙන් ඉතාම දැඩි විරෝධයක් ආවට පස්සේ ඔහුව ඉවත් කිරීම හෝ ඔහුට අස්වෙන්න කීමෙන් වෙන්නේ ඒ අපකීර්තිය වුණාට පස්සේ ඒක සිදුකිරීම. ඒක ප්‍රමාණවත් නෑ. මේ වගේ දෙයක් සම්බන්ධයෙන් ඒ සුජාතභාවය පෙන්වීමට නම් කළයුතු වෙන්නේ මේක දැනගත්ත ගමන්ම අඩුම තරමින් මේක මහජනයා අතර යම්කිසි කතිකාවක් බවට පත්වෙනවා කියලා දැනගත්ත ගමන්ම ඒ සම්බන්ධයෙන් ක්ෂණිකව ක්‍රියාමාර්ග ගැනීම. මම හිතන්නේ දැනටම සතියක් විතර ගතවෙලා තියෙනවා මේ සම්න්ධ කතිකාවට. මේ යුගයේ සතියක් කියලා කියන්නේ විශාල කාලයක්. එ නිසා මේ වගේ දෙයක් පිළිබඳ ප්‍රකාශයක් කරන්න ඒ තරම් කාලයක් යන්නේ නෑ. මම හිතන්නේ එවැනි නිෂ්ක්‍රීයත්වයක් කියලා කියන්නේ ආණ්ඩුව තමන්ගේ මිනී වළ තමා විසින්ම කපාගැනීමක් වගේ. ඒක කනගාටුදායක තත්ත්වයක්. මොකද මේ ආණ්ඩුව යම්කිසි විශාල සමාජ – දේශපාලන පරිවර්තනයක් පිළිබඳ බලාපොරොත්තු සහිතව විවිධ පිරිස් මැදිහත් වෙලා පත්කරගත්ත ආණ්ඩුවක්. ඒ හැකියාව කොයි තරම් දුරට තියෙනවද නැද්ද කියන එක තමයි මේ සිද්ධියෙන් පරීක්ෂාවට ලක්වෙන්නේ. ඒ නිසා අපට කියන්න පුළුවන් මේක දැඩි ලිට්මස් පරීක්ෂාවක් කියලා.

History with Nirmal යූටියුබ් නාලිකාවෙනි

SendShareShare
Previous Post

යාපනේ ජවිපෙ දිනද්දි චීනය සතුටු ඇයි? Sri Lanka Latest News

Next Post

ඇමැතිවරු දෙන්නෙක් අරන් අනුර ඉන්දියාව බලා පිටත්ව යයි! මෝදිලා හමුවෙලා බුද්ධගයාව වඳින්නත් යනවා! I Sri Lanka Latest News

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.