• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මාලිමා ආණ්ඩුව ගැන පෙරටුගාමී පක්ෂය ලයින් එක මාරු කළේ ඇයි? Sri Lanka Latest News

February 1, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
මාලිමා ආණ්ඩුව ගැන පෙරටුගාමී පක්ෂය ලයින් එක මාරු කළේ ඇයි? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ වත්මන් දේශපාලන හැසිරීම සම්බන්ධයෙන්, ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා සිය මතය ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබෙනවා.History with Nirmal යූටියුබ් නාලිකාවට වීඩියෝවක් ඉදිරිපත් කරමින් දේවසිරි මහතා සිදුකළ එම අදහස් දැක්වීම පහත පළවේ. Sri Lanka Latest News

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව කරපු ප්‍රකාශයක් මට දකින්න ලැබුණා. ඔහු කියලා තියෙනවා බලය ගන්න දඟලන හොර විපක්ෂය පරදවන්නත්, ජනතාවට ඕනේ දේ ආණ්ඩුවෙන් කරගන්නත් ජන බලයක් ගොඩනගමු කියලා. මේ ප්‍රකාශය දිහා බලපුවාම අපිට පේනවා මැතිවරණයට පෙර ජාතික ජන බලවේගය සම්බන්ධයෙන්, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ තිබුණු ස්ථාවරයේ යම්කිසි වෙනසක්. ඒ අයගේ ලයින් එකේ යම්කිසි වෙනසක් ඇතිවෙලා තිබෙනවා කියලා. විශේෂයෙන්ම ආණ්ඩුව බලයට පත්වුණාට පස්සේ කරපු ප්‍රකාශයක් තුළත් මේ තත්ත්වය දකින්න ලැබුණා. ඒ අය කිව්වා ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය, ජනතාවගේ ජයග්‍රහණයක් කියලා. ඒක ඇත්ත වශයෙන්ම ඒ අය අනුගමනය කරපු ප්‍රවේශයට ප්‍රතිවිරුද්ධයි. නමුත් ඊට පස්සේ ඒ අය කියපු දෙයක් තමයි මේ ආණ්ඩුවත් රනිල්ගේ මාවතේම යන්නේ, වෙනසක් නෑ කියන එක. ඒ ආකාරයට තමයි ඔවුන්ගේ ප්‍රවේශය තිබුණේ.

මම දැක්කා කීපදෙනෙක්ගේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයට හිතවත් කීප දෙනෙක් ඒ ප්‍රකාශය හයිලයිට් කරලා වෙනම ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ හරහා තමයි මමත් මේ ප්‍රකාශය දැක්කේ. ඒකෙන් පේන්නේ මේ ස්ථාවරයට ඒගොල්ලෝ යම්කිසි විදියක උපායමාර්ගික බරක් දීලා තිබෙනවා කියලා. ඒකෙන් පේන්නේ යම්කිසි ආකාරයක වෙනසක් තිබෙනවා කියලා. මොකක්ද මේ වෙනස කියන එක තේරුම් ගැනීම තරමක් වැදගත්. මොකද සාමාන්‍ය වශයෙන් මේකෙන් කියැවෙනවා මීට පෙර තිබුණු ආණ්ඩු සහ මේ ආණ්ඩුව අතර වෙනසක් තිබෙනවා කියලා. ඒක පෙනෙන්නේ, ඒගොල්ලෝ කියනවා ‘හොර විපක්ෂය’ කියලා. විපක්ෂය විදියට දැනට ප්‍රධාන ධාරාවේ ඉන්නේ මීට පෙර ආණ්ඩු කරපු කණ්ඩායම්. ඒ නිසා හොර විපක්ෂය කියලා අදහස් කරන්නේ පැවැති ආණ්ඩු බලය යොදවපු පිරිස්. එතැනදී දුමින්ද නාගමුව නොකියා කියන්නේ තිබුණු ආණ්ඩුවලයි මේ ආණ්ඩුවෙයි යම්කිසි වෙනසක් තිබෙනවා කියලා. ඊළඟට ඒ අය කියනවා මේ ආණ්ඩුවෙන් ජනතාවට ඕනේ දේවල් කරගැනීමට අවශ්‍යයි කියලා. ඒකත් එක්තරා විදියක අලුත් ස්ථාවරයක් විදියට අපිට සලකන්න පුළුවන්. ඒකෙන් කියැවෙන්නේ එසේ කරගන්න හැකියාව තිබෙන්නේ ඒ සඳහා විභවයක් තිබෙන එක අවශ්‍යයි. සාමාන්‍යයෙන් තමන් හිතනවා නම් එවැනි විභවයක් නැති ආණ්ඩුවක් කියලා, මූලික වශයෙන් ඕනෑම ආණ්ඩුවකින් ජනතාවට අවශ්‍ය දේ කරගන්න උත්සාහ කරනවා තමයි. නමුත් සාමාන්‍යයෙන් උත්සාහ කරන්නේ ආණ්ඩුවක් පෙරළන්න. ඒකෙන් කියන්නේ කවුරු ආවත් එකයි කියන ස්ථාවරයක් නෙවෙයි එතැන තියෙන්නේ.

‘මේ ආණ්ඩුවත් යන්නේ රනිල්ගේ මාවතේම’ කියලා ඔවුන් කියනවා නම් ඒකෙන් කියන්නේ මේ ආණ්ඩුවත් එකයි, රනිල් හිටියත් එකයි කියලා. ඒක තමයි සාමාන්‍යයේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය මැතිවරණයට කලින් දරපු ස්ථාවරය. ඒගොල්ලෝ අභ්‍යන්තරයෙන් කොහොම හිතුවත් ඒක තමයි ඒ අයගේ දේශපාලන ස්ථාවරය විදියට බාහිර ලෝකයට ප්‍රක්ෂේපනය කරනු ලැබුවේ.

අපිට මතුකරන්න පුළුවන් ප්‍රශ්නය තමයි කොහොමද මේ වෙනස අපි තේරුම් ගන්නේ කියලා. මේකේ තියෙන වැදගත්ම දේ තමයි අර පරණ ස්ථාවරය දරාගැනීමට තිබෙන හැකියාව යම්කිසි විදියකට අහෝසි වීමක් සිද්ධ වෙලා තියෙනවා කියන එක. ඒක දේශපාලන ප්‍රවණතා සම්බන්ධව තේරුම් ගැනීමේදී වැදගත් කියලා මම හිතනවා. මේ ආණ්ඩුවයි කලින් ආණ්ඩුවයි අතර වෙනසක් නෑ, මේ ආණ්ඩුවත් අන්ත දක්ෂිණාංශිකයි කියලත් සමහරු කියලා තියෙනවා මම දැක්කා. එහෙම එකක් සම්බන්ධයෙන් යම්කිසි නම්‍යශීලී පිළිවෙතක් අවශ්‍ය නෑනේ. කොහොමත් ඒ අයගේ එවැනි නම්‍යශීලී පිළිවෙතක් දක්නට ලැබුණෙත් නෑ. නමුත් ඒකට ටිකක් වෙනස් වෙලා බව පේන එකෙන් කියැවෙන්නේ එක්තරා විදියකට ඒ අයව ටිකක් තල්ලු වෙලා තියෙනවා කියලා මේ දේශපාලන යථාර්ථය සම්බන්ධයෙන් වෙනස් ආකාරයේ ප්‍රවේශයක් අනුගමනය කරන්න. ඒක ඇත්ත වශයෙන්ම ඒ මාවතේ යයිද නැද්ද කියන එක වෙනම ප්‍රශ්නයක්. නමුත් හොර විපක්ෂය පරද්දන්න, ආණ්ඩුවෙන් ජනතාවට ඕනේ දේ කරගන්නයි කියන ස්ථාවරයත් එක්ක බැඳිලා තියෙනවා යම් විශේෂිත වූ දේශපාලන මාවතක්. ‘හොර විපක්ෂය පරද්දන්න’ කියන එකෙන් අදහස් කරන්නේ ඒ අයට නැවත දේශපාලන බලය ගන්න ඉඩ නොදිය යුතුයි කියන එක. ඒ අයට ඉඩ දෙන්න හොඳ නැත්නම් මේ ආණ්ඩුව ආරක්ෂා කරගන්න ඕනේ. එහෙම නැත්නම් කියන්නේ හොර විපක්ෂයට ඉඩ දෙන්නේ නැතුව, පෙරටුගාමී සමාජවාදී පක්ෂයට රාජ්‍ය බලය අත්පත් කරගැනීම සඳහා අවස්ථාව පාදාගත යුතුයි වගේ එකක්.

සාමාන්‍යයෙන් ප්‍රයෝගික දේශපාලන ගැන අවබෝධයක් තියෙන ඕනෙම කෙනකුට තේරෙනවා එවැනි හැකියාවක් නැහැ කියලා. දැන් ඒ අය පාර්ලිමේන්තුවේ යම් සැලකිය යුතු බලයක් බලාපොරොත්තු වුණා මහ මැතිවරණයේදී. ඒකත් ඔවුන්ට ලැබුණේ නැහැ. ඒ තත්ත්වය වෙනස් වෙලා නුදුරු අනාගතයේදී ප්‍රායෝගික වශයෙන් ඒ අය රාජ්‍ය බලය ලබාගත හැකි පක්ෂයක් බවට පත්වෙයි කියන එක පේන්න නෑ. එවැනි තත්ත්වයක් තුළ මොකක්ද ඒගොල්ලෝ කියන්නේ? ඒගොල්ලෝ කියන්නේ මේ ආණ්ඩුව රැකගත යුතුයි කියන එක. විපක්ෂයට ඉඩ නොදිය යුතු නම්, ඒකෙන් අදහස් කරන්නේ මේ ආණ්ඩුව රැකගත යුතුයි කියන එක. එහෙම නම් උපායමාර්ගික වශයෙන් ඒ අය ස්ථානගත කරන්නේ කොහොමද කියන එක තරමක් ගැටලුසහගතයි. කොහොමද ඒගොල්ලේ ඒක කියන්නේ, ඒ අයගේ දේශපාලන අදහස උඩ ඉඳලා?

මම මේ කාරණාව මතු කළේ මූලික වශයෙන් ජාතික ජන බලවේග ආණ්ඩුව බලයට පත්කිරීමට කටයුතු කරපු සාමාන්‍යයෙන් ජනතා විමුක්ති පෙරමුණේ හරි ජාතික ජන බලවේගයේ හරි සංවිධානාත්මක කොටසක් නොවන, යම්කිසි වාම නැඹුරුවක් සහිත පිරිස් අනුගමනය කරන ස්ථාවරය තමයි මේක. දුමින්ද නාගමුව ප්‍රකාශ කරලා තිබෙන ස්ථාවරය සමීප වෙන්නේ එවැනි පරිස්. මම වගේ අය පවා අයිති වෙන්නේ එවැනි ස්ථාවරයකට. ආණ්ඩුවත් සමග යම්කිසි විවේචනාත්මක දුරස්ථභාවයකියන්. එහෙම තමයි ඒක ඇතිවෙලා තිබෙන්නේ. ආණ්ඩුවේ කොටසක් නොවුණත්, යම්කිසි විදියකට ආණ්ඩුව ප්‍රගතිශීලී ජනතාවාදී නැඹුරුවක් වෙත ගමන් කරවීමට උත්සාහ කරන අතරේ මේ ආණ්ඩුව රැකගත යුතුයි සහ පරාජයට පත්වූ විපක්ෂයේ සිටින බලවේගවලට දේශපාලන අවකාශය නොදිය යුතුයි කියන ස්ථාවරය තමයි මෙතැනදී කැපීපෙනෙන්නේ.

මම හිතන්නේ ඒ ස්ථාවරය තමයි දුමින්ද නාගමුවගෙන් කියැවෙන්නේ. එතකොට අපිට පේනවා පෙරටුගාමී සමාජවාදී පක්ෂය මැතිවරණයට පෙර සිටම අනුගමනය කරපු දේශපාලන ස්ථාවරයත්, මේ ස්ථාවරයත් අතර යම්කිසි නොගැළපීමක්, ප්‍රතිවිරෝධයක් දක්නට ලැබෙනවා. එතකොට අපිට පේනවා මේ ප්‍රතිවිරෝධය කොහොමද ඒ අය සමනය කරගන්නේ. ඒකෙන් ඇත්තටම ඒ අයට පැහැදිලි වෙනවද දන්නේ නැහැ ඒ අය අනුගමනය කරපු දේශපාලන ස්ථාවරය මේ මගින් මූලික වශයෙන් ප්‍රශ්න කිරීමට භාජනය වෙන බව. මේක ටිකක් සැලකිල්ලට ගැනීම වැදගත්. විශේෂයෙන්ම ජාතික ජන බලවේගයේ ආණ්ඩුව සම්බන්ධයෙන් යම් යම් විවේචන මතුවෙමින් තිබෙන තත්ත්වයක් තුළ ඒ ආණ්ඩුව සම්බන්ධයෙන් කටයුතු කළ යුත්තේ කුමන ආකාරයෙන්ද කියන එක. ඒ ආණ්ඩුව බලයට පත්කිරීමට යම්කිසි මැදිහත් වීමක් කරපු පිරිස් විදියට සහ ජාතික ජන බලවේගය බලයට පත්වීමෙන් ආරම්භ වෙච්ච දේශපාලන ක්‍රියාමාර්ගය ඉදිරියට ගෙනයෑම සම්බන්ධයෙන් බලනකොට ඒ සාකච්ඡාව වැදගත්. එතැනදී එක්තරා විදියක එවැනි ස්ථාවරයක යුක්තිසහගතභාවය යම්කිසි විදියකට පෙන්නුම් කරන අවස්ථාවක් විදියට අපට සලකන්න පුළුවන් මේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මේ අලුත් ‘ලයින්’ එක. ඒකේ තියෙන වැදගත්කම ඒකයි. මට විශේෂයෙන්ම වැදගත් වෙන්නේ ඒ අය දරාගෙන හිටපු ‘උනුත් එකයි – මුනුත් එකයි’ වගේ, එහෙම නැත්නම් ජාතික ජන බලවේගයයි රනිල්ගෙයි, මහින්දලාගෙයි වෙනසක් නෑ, මේ ඔක්කොම දක්ෂිණාංශික බලවේග, මේ ඔක්කොම එකට තියලා පරද්දන්න ඕනේ කියන මතයට වඩා වෙනස් මතයකට යොමුවීම කියන එක නිසා මම හිතන්නේ, ඒ අයටත් සිද්ධ වෙලා තියෙනවා දේශපාලන යථාර්ථය, විශේෂයෙන්ම ජාතික ජන බලවේගය බලයට පත්වීම හරහා නිර්මාණය වෙලා තියෙන අලුත් දේශපාලන යථාර්ථයට අභිමුඛ වෙන්න. ඒ සාකච්ඡාව ඉතා වැදගත් කියලා මම හිතන්නේ.

History with Nirmal යූටියුබ් නාලිකාවෙනි

SendShareShare
Previous Post

රේණු නැති මලකි කලියුගයට පිපුණේ! Sri Lanka Latest News

Next Post

කරට කර සටනකින් පසු සජබය හමුවේ මාලිමාව පසුබසී! 52ක් ගත් සජබයට තියුණු ජයක්! මාලිමාවට 47යි! මොරටු සමූපාකාර ඡන්දයෙනුත් මාලිමාව පරාදයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.