• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රේණු නැති මලකි කලියුගයට පිපුණේ! Sri Lanka Latest News

February 1, 2025
in Exclusive
Reading Time: 9 mins read
A A
සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රඹුක්කන, නගරාසන්නයේ මා උපන් මොට්ටප්පුලිය ගමේ සිංහල හින්දු අලුත් අවුරුදු දා (අප්‍රේල් 14 වැනිදා) හරියට වසරක් ගෙවී නව වසරක් උදාවන ජනවාරි පළමු වැනිදා කොළඹ නගරයේ සිරි ගනී. Sri Lanka Latest News

කොළඹ වැස්සෝ (ඉස්සර) ජනවාරි පළමු වැනිදා පහන් වී තවත් පැය තුනහතරක් ගතවනතුරුත් රතිඤ්ඤා, අහස් කූරු, නිලා, බඹරචක්‍ර ආදිය පත්තුකරමින් මහත්සේ තුටුපහටුව ගිනිකෙළි උත්සව පවත්වති.

එහෙත් අපේ ගමේ (මොට්ටප්පුලියේ) අලුත් අවුරුදු දා (අප්‍රේල් 14දා රාත්‍රියේ එවැනි ගිනිකෙළි සංදර්ශන නැතත් ඒ වෙනුවට ගමේ කාගෙ හෝ නිවෙසක අපේ පළාතට (සබරගමුවට) ආවේණික කුමක් හෝ නාඩගමක් නැටූහ.

රෑ එළිවෙනතුරු පවත්නා ඒ සංදර්ශනය බැලීමට අවට ගම් වූ කුඩගම, සූරියමළුව, කූරෙම්පොළ සහ රඹුක්කන නගරය ආදියේ පිරිස් රැස්වෙති. (ඔය කියන ගම්මාන සිංහල රජකාලේ සිට පැවැතෙන නිසා සෑම නිවෙසකම පාහේ තුන්හාරසියයක් දෙනාට එකවර එකට රැස්ව සිටිය හැකි තරමේ අංගන (මිදුල්) ද තිබුණේය. ඔය කියන්නේ නවසිය පනස් ගණන්වල මුල් කාලයේ අපේ ගැටවර සමයේ ගම්වල තත්ත්වයයි.

ඒ දවස්වල අරක්කු, කසියා (කසිප්පු) ගම්වල තිබුණේම නැත. බයිස්කෝප් මඩුත් (චිත්‍රපට ශාලා) තිබුණේද නැත. කෝකටත් තෛලය මෙන් තිබුණේ ගහේ බඩුය. ගහේ බඩු යනු කිතුල් රාය.

රා බොන්නෝ රා ගුඩ්ඩෝය. ඔය කාලයේ අපේ ගමේ පමණක් නොව අවට ගම් හතක කිසිම කෙනකු සුරා පොදක් කටේ තිබ්බේ ද නැත.

ගමක සුරා (අරක්කු) සූදුවේ යෙදෙන්නකු සලකනු ලැබුවේ ආනන්තරිය පාපකර්මයක් කරන්නකු සේය. රා බොන අය වැඩිහිටියන් විසින් ඒ තරම් ගණන් ගනු ලැබුවේ ද නැත. ඇතැමකු වඳුරන් පුච්චන බවට කසුකුසුද තිබුණි.

පොඩ්ඩක් හෝව්… වඳුරන් පිච්චීම යනු ගංජ ගැසීමය.
ගංජා උරන එවුන් මහ එපාකරපු එවුන් ලෙස ගම්මුන් විසින් තකනු ලැබුවේය. එවන් එකෙකුට ගමෙන් හිරයක් පවා දුන්නේද නැත.

ඉතින් අපේ ගමේ අවුරුදු දා රෑට කාගේ හෝ නිවෙසක මිදුලේ රැය පහන් වනතුරුම කුමක් හෝ විනෝද ජනක නාඩගමක් හෝ රජ කතාවක් හෝ නොවරද්දාම රඟදැක්වෙන බැවින් කොල්ලො කුරුට්ටෝ වැඩිහිටියෝ අඳුරත් සමගම ඒ ස්ථානයට වහ වැටුණෝය.

රඟ දැක්වුණු නාඩගම් කෝලම් අතරින් බොහෝ සේ ජනප්‍රිය වී තිබුණේ සොකරි නාඩගම, ලියනෝරා කතාව, තලතා දේවිගේ කතාව ආදියයි. මේවා පුරුදු පුහුණු කළේ අපේ ගමේම සිටි වයස අවුරුදු හැත්තෑව ද ඉක්ම වූ ගොවියෙකි.

වයස අවුරුදු හැත්තෑව ඉක්ම වූවත් තරුණයන් දහදෙනකු සමග එකවර පොරබැදීමට හයිහත්තිය ඔහුට තිබුණේය. වැඩිම ජනාකර්ෂණය තිබුණේ සොකරි නාඩගමටය. ඒ සඳහා නළුවන් තෝරාගැනීමේ දී පරයාගේ චරිතයට මහ විසේකාරයකු අවශ්‍ය වූයෙන් ඒ සඳහා ඒකච්ඡන්දයෙන් මේ ලියුම්කරු තෝරාගැනුණේය. ගම්මුන් කීවේ ඊට නියම සුදුස්සා (පරයා) තෝරාගත් බවයි.

නාටකයේ හෝ කෝලමේ හෝ ඉතා අසීරු කාර්යය රැස්ව සිටින සෑම කෙනකුගේම අවධානය අවසානය තෙක්ම ඇද බැඳතබා ගැනීම නිසා ඒ සඳහා ප්‍රහර්ෂය උත්පාදක බහුබූත කෝලමාගේ (හාස්‍යජනක) ගීතයත් විකාර රංගනයත් සෑම කතාවකම පළමු අංකය හෙයින් ඒ චරිතයද මේ ලියුම්කරු පිටම පැටවිණි.

සොකරි නාඩගමේ බහුබූත කෝලමා රඟමින් ගැයූ ගීතයේ කැඩියක් (කොටසක්) මෙසේය)
‘සුද්ද වගේ සුදු මාගෙ පියා – කළු වැද්දි සරණ කර ගත්තෙ දයා
කන්නෙ රසට කහ ගැරඬි තමයි – නිදියන්නෙ සනීපෙට ලිප් බොක්කෙමයි
නැන්ද මෙමට සොඳ වැඩක් කළා – දත බින්දා හිරමනා කොටෙන් තලා’

මේ ලිපිය කියවන අපේ පාඨක භවතුන් මේ ලියුම්කරු ලියන්නේ මොන බහුබූත කෝලම්දැයි අසමින් මේ අවස්ථාවේ අපේ අම්මා සිහිපත් කරනු ඇත.
සමාවුව මැනැවි.

මට බහුබූත කෝලමාගේ චරිතය මේ අවස්ථාවේ මෙනෙහි වූයේ රටේ ලෝකෙ සිද්ධවෙන දේවල් ඇසෙන දකින විටය.
ඇයි,

අන්දරෙත් කීවා නොවැ දැක්ක දේ නොකියා හිතේ වාවාගෙන (ඉවසා දරාගෙන ඉන්න බැරි බව) මිනිහට නම් සිද්ධ වුණේ ගෑනු කෙනකු නැග සිටි කජු ගහක රේණු නැති මලක් පිපී ඇති බවයි. ඕනෑ කෙනකු ඕනෑ දෙයක් හිතාගනිත්වා.

වානු බැරිය දුටු දේ නොකියා ඉතිනේ
පේනු කර ගෑනු උඩු ගුවනේ වඩිනේ
සීනු නමැති ලිය සිටි කජු ගස මුදුනේ
රේණු නැතිමලකි කලියුගයට පිපුනේ

මේ රටේ සිද්ධ වූ සිද්ධ වෙන දේවල් ඇහැට දකින්නට කනට අසන්නට ලැබෙන විට අපට නම් හිතෙන්නේ රේණු හැලිච්චි ලොන්ත කොරොස් මල්වලත් යළි යළිදු රේණු හැදෙන බවය.

ඇයි මයෙ අප්පා…
උඩරටට දුම්රියක් එනවා යැයි කීම ඒ මාර්ගය අවට ගම්මානවල මිනිස්සුනට මහත් අශ්චර්යයක්ම වූයේය.

සුද්දගේ මේ අරුම පුදුම යන්තරේ දැකගන්නා රිසින් මාර්ගය දෙපස ගම්මානවල ගැහැනු මිනිස්සු සමග කොල්ලෝ කුරුට්ටෝ ද බත් මුල් බැඳගෙන අවුත් බලා සිටියාහුය. ඒ, ගල් අඟුරුවලින් ධාවනය කෙරුණු කෝච්චිය (දුම්රිය) ධාවනය කෙරුණේ ෆිස්ටනයක බලයෙන් රෝද කරකැවීමෙනි.

එය නිරන්තරයෙන් ඇතුළටත් පිටතටත් වහ වහා වේගයෙන් ක්‍රියා කිරීම බලාසිටි මැදියම් වයසේ ඇච්චෙක් (මිනිසෙක්-උඩරට භාවිත වචනයකි) තමන් සමග කෝච්චිය දැකගැනීමට අවුත් සිටි කාන්තාවකට කෝපාවිෂ්ට ස්වරයෙන් මේසේ කීවේලු.

‘සුද්දගෙ මේක දානවා ගන්නවා. දානවා ගන්නවා. උගෙ කුණු හරුපෙ අපට බලන්ඩ ඕනැ නෑ. වර කෙල්ලෙ ගෙදර යන්ඩ…’
ඉතින් අපට කියන්ඩ ඇත්තේත් ඔය ටිකමය.

අත්අඩංගුවට ගන්නවා. දවසක් දෙකක් ඇතුළට දානවා. යළි එළියට දානවා. ඇතුළට දානවා. එළියට දානවා.

රටේ සිද්ධවෙන දේවල් මෙසේ කීවාට ආණ්ඩුවලට හෝ ආණ්ඩු කරවන්නන්ට හෝ කරවූ අයට හෝ අවලාද තබනවා යැයි කිසිම අන්දමක මා කෙරෙහි විචිකිච්චාවක් හිත් තුළ ඇතිකර නොගත මැනව.

ඇත්ත වශයෙන්ම මේ කියන්නේ සද්භාවයෙන්මය. සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුත්ත අසංකාරික චිත්තයෙන් මිස සසංකාරික චිත්තයකින් නොවේ.
පහුගිය කාලයේ වූ මේ එළියට දැමිල්ල ගැන හිතන විට අපේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ සිටින්නේ නඩුවක් හෝ නිවැරදිව අධිකරණයට ඉදිරිපත් කිරීමට නොහැකි බබ්බු දැයි සිතෙන තරම්ය.

අධිකරණයට ගොනුකර (ඉදිරිපත්කර) තිබූ නඩු බොහොමයක්ම නඩු කටයුත්තක් වශයෙන් ඉදිරි කටයුතු කළ නොහැකි නිසා ප්‍රතික්‍ෂේප කර තිබූ බව මාධ්‍යවල පළවී තිබිණි. ප්‍රතික්‍ෂේප කිරීමට හේතූන් වශයෙන් දක්නට ලැබුණේ නීතිඥ මහතුන් තිදෙනකු අස්සන් කර නැති බව වැනි සුළු කරුණුය.

රජයේ කාර්යාලයකින් වෙනත් දෙපාර්තමේන්තුවකට හෝ අමාත්‍යාංශයකට හෝ රාජ්‍ය ආයතනයකට හෝ අඩුම තරමින් වෙනත් පෞද්ගලික ආයතනයකට හෝ යැවෙන ලිපියක් හෝ ලිපි ගොනුවක් හෝ වගකිවයුතු නිලධාරීන් කීපදෙනකුගේ අධීක්‍ෂණයෙන් පසුව යැවේ.

එහෙත් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ එවන් යහසාධක ක්‍රියාමාර්ගයක් අභ්‍යන්තර පාලනයක් නැති බව පැහැදිලි වූයේ පැවරී තිබූ නඩු විශාල සංඛ්‍යාවක් ඒ අන්දමින් ප්‍රතික්‍ෂේපව තිබූ හෙයිනි.

කොළඹ කොටුවේ පිහිටි වසර හාර පන්සියයක් පැරණි ලක්සල ගොඩනැගිල්ල ඔබ නොදන්නවා විය නොහැකිය.
සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ පාලන සමයේදී ඕ එම ගොඩනැගිල්ල ලක්සල සේවක කාරකාදීන්ගේ යහපත උදෙසා එම පිරිසගේ නමට පවරා අතපැන් වත්කර දුන්නාය.

පසු කලෙක ඊට සභාපති වශයෙන් පත්වූ නමින් ගැට පොළොස් වත්තගේ කෙනකු වූ මයිනෙකුට සම්බන්ධ දේශපාලන ගැත්තෙකු, ඉත්තෙකු, පොත්තෙකු නොහොත් ලක්සල හිතකාමීන් චිසින් හඳුන්වන ලබන අයෙකු චිසින් එම ගොඩනැගිල්ල රුපියල් කෝටි පනහකට උකස් කරනු ලැබ ඊට එරෙහිව සේවකයෝ අධිකරණයේ පිහිට පැතූහ.
එහෙත් ඒ නඩුව ද ඉදිරියට ගෙනයා නොහැකි බව ප්‍රකාශ වූයේය. දැන් එකී ගොඩනැගිල්ල එකී මූල්‍ය ආයතනයට සින්න වීම ගැන සේවකයෝ ඊට වගකිව යුතු සභාපති ඇතුළු නඩේට දිවාරාත්‍රි දෙස් දෙවොල් තියති.

ලංකා ප්‍රිමියම් ලීගයේ නුවර පළාත භාරව සිටියේ ඉන්දියාවේ යෝගී පතෙල්ය. තරග පාවාදීමේ චෝදනාව යටතේ ඔහු රක්‍ෂිත බන්ධනාගාරගත කරනු ලැබ පසුව චිදේශ ගමන් තහනම් කර අධිකරණයෙන් ඇප නියම කරනු ලැබුවේය.

දැන් මෑන් ලංකාවේ නැති බව ආරංචිය.
යහපාලන කාලයේදී නාමල් බේබිතුමා, යෝෂිතතුමා ඔය අන්දමින් විවිධ හේතු මත රක්‍ෂිත බන්ධනාගාරගත කරනු ලැබූහ. පසුව එළියට දැමූහ. ඇතුළට දැමීමත් එළියට දැමීමත් තොර තෝංචියක් නැත. ඇච්චා කී සුද්දගේ ෆිස්ටන් එක වගේය.

පොලිසිය අධිකරණයට වාර්තා කරන්නේ පරීක්‍ෂණ නිමකර නැති නිසා සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයේ තැබිය යුතු බව කියන සින්දුවය.
පසුගියදා අධිකරණය පොලිසියට නියම කෙළේ සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට පෙර ඊට අදාළ වාර්තා ආදිය සපුරා සැකකරු ඉදිරිපත් කරන ලෙසටය.
ඔය කරුණු කාරණා ටික කියන්නට යෙදුණේ කාගෙ කාගෙත් බහුබූත කියුම් කෙරුම් නිසා අපට ශුද්ධ වස්තුවක් වශයෙන් දැනට ඉතුරුවී ඇති අධිකරණයත් හෑල්ලු කෙරෙන බවය.

Sri Lanka Latest News

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

මෙන්න පොඩි ජනමත විචාරණයක්! VIDEO I Sri Lanka Latest News

Next Post

මාලිමා ආණ්ඩුව ගැන පෙරටුගාමී පක්ෂය ලයින් එක මාරු කළේ ඇයි? Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.