• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රාජකීය දෛවඥයා සුමනදාස අබේගුණවර්ධන දිනන අපේක්ෂකයා නම්කරයි! ඔන්න එහෙනම් දැනගන්න! Sri Lanka Latest News

September 17, 2024
in Exclusive
Reading Time: 8 mins read
A A
රාජකීය දෛවඥයා සුමනදාස අබේගුණවර්ධන දිනන අපේක්ෂකයා නම්කරයි! ඔන්න එහෙනම් දැනගන්න! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සුමනදාස අබේගුණවර්ධන කියූ සැණින් අපේ මතකයට එන්නේ ‘රාජකීය දෛවඥයා’ කියන විශේෂණ පදය. ඊට හේතුව වුණේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු රාජපක්ෂ පවුලේ සියලු ජ්‍යොතිෂ කටයුතු ඔහුගේ අතින් සිදුවීමයි. මැතිවරණයකට නාමයෝජනා භාරදීමේ පටන්, රාජපක්ෂ පවුලේ මුණුබුරන්ට රන්කිරි කටගාන නැකැත දක්වා සියලු සුබ මුහුර්තයන් සාදාදුන් මේ සුවිශේෂ ජ්‍යොතිෂවේදියා මේ දිනවල ගතකරන්නේ තරමක් නිහඬ ජීවිතයක්. සමාජ මාධ්‍ය අද තරම් ප්‍රචලිතව නොතිබූ මීට වසර 15කට පමණ ඉහතදී ජාතික රූපවාහිනිය ඇතුළු ප්‍රධාන රූපවාහිනී නාලිකා රාශියක නිරන්තර දක්නට ලැබුණු සුමනදාස අබේගුණවර්ධන අද වන විට එම විද්‍යුත් නාලිකාවල දකින්නට නොලැබෙන තරම්. එසේ වුවද ජනාධිපතිවරණ උණුසුමෙන් රටම ගිනියම් වෙමින් පවතින මොහොතක අබේගුණවර්ධන මහතා ඉදිරි ජනාධිපතිවරණයෙන් නියත වශයෙන් ජයගන්නා අපේක්ෂකයා පිළිබඳ පැහැදිලි අනාවැකි ඉදිරිපත් කර ඇති ආකාරය යූටියුබ් නාලිකා කිහිපයකදී දැකගන්නට ලැබුණා. පහත පළවන්නේ යූටියුබ් නාලිකා තුනක් මෙම රාජකීය දෛවඥයා සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡා තුනකදී රටේ මීළඟ ජන නායකයා පිළිබඳ ඔහු පළකළ අනාවැකිය.

Hela Rahas යූටියුබ් නාලිකාව සමග පැවැති සම්මුඛ සාකච්ඡාවේදී පළවූ අදහස්…

අපේ රටේ ඊළඟ නායකයා ගැන අනාවැකියක් කියන්න ඔබතුමාට පුළුවන්ද?

මම හරි සතුටුයි ඒ අනාවැකියට. ආර්ථික අතින් අපේ රට අද ගොඩක් පහළට වැටිලා තියෙන්නේ. අඬන්න බැරිකමට හිනාවෙන කට්ටිය අද ගොඩක් ඉන්නේ. මේ රට ආර්ථික අතින් ගොඩගන්න පුළුවන් නායකයා මම හඳුනාගෙන තියෙන්නේ. මේ දවස්වල ඉස්කෝලවලට බස් බෙදන මහත්තයෙක් ඉන්නේ, ඉස්පිරිතාවලට බෙහෙත් දෙන මහත්තයෙක් ඉන්නේ. එතුමා තමයි ඒ නායකයා.

ඔබතුමාගෙ වචනයෙන්ම කියන්න ඒ කවුද?

1967 ජනවාරි මාසේ බොහොම වාසනාවන්ත දවසක උපත ලබාපු සජිත් ප්‍රේමදාස මහත්තයා.

ඔබ විශ්වාසයෙන්ම කියනවද ඔහු රටේ ජනාධිපති වෙනවා කියලා?

අනිවාර්යයෙන්ම 09 වැනි ජනාධිපති එතුමා තමයි. මැතිවරණයක් තිබ්බා නම් 08 වැනි ජනාධිපති වෙන්නෙත් එතුමා.

ඔබතුමා කොහොමද එහෙම කියන්නේ, දැන් මේ වෙද්දී රැල්ලක් හැදිලා තියෙනවනේ ජනතා විමුක්ති පෙරමුණට?

ඒ ගැන මම වැඩිය කතා කරන්නේ නෑ. මම මේ කියන කතාව අද මිනිස්සු විශ්වාස නොකළට, කුමන හෝ මැතිවරණයක් තියලා, ඊට පහුවදා පාන්දර වෙද්දී මිනිස්සු කියයි ‘යකෝ සුමනදාස මහත්තයා වයසට ගියත් තාම අනාවැකි වැඩකරනවා නේ’ කියලා. එදාට තමයි ඕක තේරෙන්නේ. ඒ වෙද්දී මිනිස්සුන්ගේ ගෞරවය බොහොම ඉහළින් මට එනවා. මම මෙහෙම කියන්නේ නිකන්ම නෙවෙයි. බොහොම බලගතු රාජ යෝගයක් එතුමාට තියෙනවා. ගජකේෂරී කියලා. එතුමාට ඒ වාසනාව ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි, පහුගිය මැතිවරණයෙන් එතුමා පරාජය වුණා. අපි විශේෂ සමීක්ෂණ පවත්වනවා. එතුමා පරාජය වුණා කියලා දුකට මේ රටේ හතර දෙනෙක් දිවි නසාගත්තා. ඒ දිවි නසාගත්තේ සජිත් මහත්තයගේ කට්ටිය නෙවෙයි. සජිත් මහත්තයගේ තාත්තා ඉඩම් දීපු, ගෙවල් දීපු අයගෙන් හතර දෙනෙක් තමයි දිවි නසාගත්තේ. මේ රටේ කවදාවත්ම පර්චස් 10ක්වත් හිමි කරගන්න බැරිව හිටපු අයට රණසිංහ ප්‍රේමදාස මහත්තයා ඉඩම් දුන්නා. මේ ආත්මෙදී කවදාවත් තමන්ගෙයි කියලා ගෙයක් හිමි කරගන්න බැරි අයට රණසිංහ ප්‍රේමදාස මහත්තයා ගෙවල් දුන්නා. අද වෙද්දී ඒ ප්‍රේමදාස මහත්තයා හේතුවෙන් ලක්ෂ 30ක විතර ජනතා රැල්ලක් සජිත් මහත්තයාට වටේ කැරකෙනවා.
අපේ රට යූ.එස්.ඒ. නෙවෙයි, යූ.කේ. නෙවෙයි. කැනඩාව නෙවෙයි ඔස්ටේ්‍රලියාවත් නෙවෙයි. ඒ වගේ රටවල දුප්පත් මිනිස්සු ඉන්නේ 20%ක් විතර. අපේ රටේ දුප්පත් අසරණ අය 75%ක් විතර දැන් ඉන්නවා. තුන්වේල හොඳට කන අය ඉන්නේ 25%ක් විතර. මගේ සමීක්ෂණය අනුව. ඒ අනුව අපේ රටට පත්වෙන්න ඕනේ දුප්පතුන්ගේ දහඩිය සුවඳ හඳුනන, දුප්පතුන්ගේ ජීවිතය ගැන හොඳ අවබෝධයක් තියෙන නායකයෙක්. ඒක ජානවලින්ම ආපු නායකයෙක් තමයි සජිත් ප්‍රේමදාස කියන්නේ.

අපේ රටේ අනාගතය කොයි වගේ වේවිද? ඔබතුමාගේ අනාවැකිය මොකක්ද ඒ සම්බන්ධයෙන්?

2025 දක්වාම සුබ තත්ත්වයක් පේන්නේ නෑ. අයි.එම්.එෆ්. එකෙන් බිලියන 2.9ක් ගත්තා කියලා ඕක ඉතින් ලොකු දෙයක් නෙවෙයි. එදා යුද්ධය ආරම්භ වෙද්දී හිටපු ජේ.ආර්. මහත්තයට ඒ යුද්ධය අවසන් කරන්න බැරි වුණා. ප්‍රේමදාස මහත්තයටත් බැරි වුණා. චන්ද්‍රිකා මැතිනියටත් බැරි වුණා. නමුත් ඒ වෙලාවේ මම හොඳට බැලුවා මහින්ද රාජපක්ෂ මහත්තයා ඒ වැඩේට දක්ෂයි. ඒ නිසා මම එතුමා එක්ක හිටියා. ආර්ථික අතින් අපේ රට ගොඩගන්න පුළුවන් හොරකම් නොකරපු, හොරකම් කරන්නේ නැති නායකයෙක්ට. සජිත් ප්‍රේමදාස කියන්නේ ඒ වගේ නායකයෙක්. ඉන්දියාවේ ඉන්න මගේ ඉහළම පෙළේ ජ්‍යොතිෂවේදීනුත් ඒක අනුමත කරනවා.

TNL TV යූටියුබ් නාලිකාව සමග පැවැති සම්මුඛ සාකච්ඡාවේදී පළවූ අදහස්…

ඉදිරියේදී මැතිවරණ පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ මැතිවරණවලින් බලයට එන්නේ මේ ජරාජීර්ණ දේශපාලනයේ ඉන්න පැරැණි නායකයොමද, එහෙම නැත්නම් අලුත් තරුණ නායකයෙක්ද?

අලුත්ම කෙනෙක් නෙවෙයි, දේශපාලන ක්ෂේත්‍රයේ දැනට ඉන්න කෙනෙක්. අවුරුදු 55ක් වගේ වයස කෙනෙක්. මම දේශපාලනය ගැන වැඩිය කතාකරන්න යන්නේ නෑ. මොකද දේශපාලනඥයෝ ගැන කතාකරන්න ගිහින් මම තරම් දුක් පීඩා වින්ද කෙනෙක් ලෝකෙම නෑ. නමුත් අපි ඒවා ඉවසගෙන හිටියා. හිටපු නායකයන්ගෙ වැරැද්දෙන් තමයි එහෙම වුණේ. මගේ අතින් වැරැද්දක් නොවී තමයි මම ඒ නින්දා අපහාස වින්දේ. ලෝකෙ කිසිම රටක ජ්‍යොතිෂවේදියකුට කාටූන් ඇඳලා නෑ. මට කාටූන් 300ක් විතර වැදුණා. නමුත් මම ඒකට හරි සතුටුයි. අන්තිමට කාටූන් එකක් නැති දවසට මට කන්නත් බෑ, නින්ද යන්නෙත් නෑ. සමහර කාටූන්වල තියෙනවා මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහත්තයා මගේ කකුල් දෙක පිරිමදිනවා. කෝටි ගානක් දුන්නත් ඕක කරගන්න බෑනේ. මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහත්තයට වැඩ භාරගන්න නැකැත හැදුවෙත් මම.

ඔබතුමා කියනවා 2025 වෙනකොට ජනාධිපතිවරණයක් පවත්වයි, ඒ ජනාධිපතිවරණයෙන් අවුරුදු 55ක් විතර වයස අපේක්ෂකයෙක් ජනාධිපති විදියට තේරී පත්වෙයි කියලා. එතකොට රාජපක්ෂවරුන්ට මොකද වෙන්නේ?

රාජපක්ෂවරුන්ගේ දේශපාලනය හරි ළෙන්ගතුයි. හරි පුදුමාකාර එකක්. හරි ආදරණීයයි. ඒක හින්දා ඒ රාජපක්ෂ බළකාය සම්පූර්ණයෙන්ම නැතිකරන්න බෑ. ඒක අදත්, මේ මොහොතෙත් මේ රටේ ජනතාවගෙන් මිලියන 3කටත් වැඩි ගානක් ඒගොල්ලන්ට ඡන්ද තියෙයි කියන එක තමයි මගේ දේශපාලන දැනුම අනුව මට අවබෝධ වෙන්නේ. මොකද ඒගොල්ලො ජනතාවත් එක්ක බොහොම ආදරෙන් හිටියේ.

බොහෝ දෙනාගේ අවධානය යොමුවෙලා තියෙන්නේ ඊළඟ ජනාධිපතිවරයා කවුරු වේවිද කියන කාරණාව කෙරෙහි. ඔහු අවුරුදු 55ක පමණ කෙනෙක් කියලා ඔබතුමා කියනවා. අපේ රටේ දේශපාලනයේ ඉන්නේ ඒ වගේ චරිත කිහිපයයි. මේ අය අතරින් වැඩියෙන්ම ඉදිරියෙන් ඉන්නේ කවුද?

ඩී.සේ.ගේ පුතා ඩඩ්ලි මේ රටේ සිවු වරක් රාජ්‍ය නායකයා වුණා. බණ්ඩාරනායක මැතිනියගේ පුතාට ඒ තැනට එන්න බැරි වුණා. මහින්ද රාජපක්ෂ 21 වැනි සියවසේ මුල් දශකයේ ජනාධිපති වෙනවා කියලා මම අනාවැකිය කිව්වේ 1982දීයි.

එහෙනම් ඔබතුමාට තව අවුරුදු දෙකකින් ජනාධිපති වෙන්නේ කවුද කියන එක කියන්න බැරිකමක් නෑනේ?

මේ දවස්වල ඉස්කෝලවලට බස් එහෙම බෙදන මහත්තයෙක් ඉන්නේ. ඒ මහත්තයා කියලා කිව්වොත් නිවැරැදියි. ඒ මහත්තයගේ කේන්දරේ තරම් බලගතු කේන්දරයක් මම දැකලා නෑ. ඩී.එස්. සේනානායක මහත්තයා උපන්නේ 1884 ඔක්තෝබර් 20 වැනිදා. එතුමාත් මිථුන ලග්නයේ. රනිල් වික්‍රමසිංහ මහත්තයා 1949 මාර්තු 29 වැනිදා වගේ මට මතක. එතුමා දක්වාම කිසිම රාජ්‍ය නායකයෙක්ගේ ගජකේෂරී කියන යෝගය නෑ. මොකක්ද ගජකේෂරී කියන්නේ? චන්ද්‍රයා ඉන්න තැනින් හත්වැන්නේ බ්‍රහස්පති උච්චව සිටීමෙන් තමයි මේ ගජකේෂරී කියන යෝගය ආරම්භ වෙන්නේ. ඒක තමයි කතාව.

Life Traveler යූටියුබ් නාලිකාව සමග පැවැති සම්මුඛ සාකච්ඡාවේදී පළවූ අදහස්…

මේ රටේ ජ්‍යොතිර්වේදියෝ ප්‍රතික්ෂේප කරපු කෙනෙක් තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා. නමුත් අද වන විට ඔහු ජනාධිපතිවරයා බවට පත්වෙලා. මේක ඔබතුමා දැක්කේ නැද්ද?

අපි ඉතින් දේශපාලනයෙන් ඈත් වෙලා හිටියේ. ජාතික ලැයිස්තුවෙන් ආපු මන්ත්‍රීවරයෙක් ලෝකයේ ප්‍රථම වතාවට තමයි මෙහෙම ජනාධිපති වෙලා තියෙන්නේ. ඇත්තම කිව්වොත් රාජපක්ෂවරුන්ට හිතවත් කෙනෙක් මේ රටේ පාර්ලිමේන්තුවේ හිටියේ එච්චරයි. ඉතින් එතුමාට මේක දීලා ගියා. ඒකනේ ඇත්ත කතාව. යම් ගෙදරකට හොරු පැන්නොත් ඉස්සෙල්ලාම ටෙලිෆෝන් එකෙන් කතා කරන්නේ ඒ ගෙදරට ආරක්ෂාව දෙන්න පුළුවන් කෙනාට. එහෙම දෙයක් එතැන සිද්ධ වුණේ.

හැබැයි අපට ඇහෙන කතාව තමයි සජිත් ප්‍රේමදාස මහත්තයට කතා කළා, ෆොන්සේකා මහත්තයට කතා කළා. නමුත් ඒ අය භාරගත්තේ නැති නිසා තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා ඇවිල්ලා මේකට කරගැහුවේ කියන කාරණාව?

නෑ නෑ. බුද්ධිමත් අය ඒ කතාව විශ්වාස කරන්නේ නෑ. මොකද සජිත් ප්‍රේමදාස මහත්තයා කැමැති වෙන්නේ නෑනෙ බැසිල් මහත්තයා මෙහෙයවන ආණ්ඩුවක් භාරගන්න. ෆොන්සේකා මහත්තයා කැමැති වෙන්නෙත් නෑ. සජිත් මහත්තයා බොහොම හොඳ බුද්ධිමත් නායකයෙක්. 1967 ජනවාරි 12 වැනිදා එතුමා උපත ලැබුවේ. බොහොම බලගතු ගජකේෂරී කියලා යෝගයක් එතුමාට තියෙනවා. එතුමත් මේ රටේ අනාගතේදී රාජ්‍ය නායකයෙක් වෙනවා. මේ රටේ දුප්පත් අසරණ අහිංසක ජනතාවට අසීමිත සේවයක් කරපු රාජ්‍ය නායකයා එතුමාගේ පියාණන්. එතුමාගේ පියාණන් මම දන්නවා. මගේ පියාණන්ගේ හොඳ මිත්‍රයෙක්. නොබෝ කාලයකින් මේ රටේ රාජ්‍ය නායකත්වයට පත්වීමට සජිත් ප්‍රේමදාස මහත්මයාට වාසනාව තියෙනවා.

මීළඟ ජනාධිපතිවරණයේදී කවුරු ජනාධිපති වෙයි කියලද ඔබ හිතන්නේ?

දැන් මට වුවමනාව තියෙන්නේ දේශපාලනඥයො එක්ක සම්බන්ධ වෙලා වැඩකරන්න නෙවෙයි. ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මගේ සේවාදායකයො ඉන්නවා. දැන් අපි ජීවත් වෙච්ච කාලෙ වැඩියි. අපට ජීවත් වෙන්න තියෙන්නේ තව බොහොම කෙටි කාලයක්. සමහර විට පැය ගානක් වෙන්න පුළුවන්, දවස් ගානක්, මාස ගානක් වෙන්නත් පුළුවන්. නමුත් ප්‍රභාකරන් 2009 මැයි මාසේ 18 සහ 23 වැනිදා අතර මියයන බව කියපු මම දන්නවා මම මියයන දවසත්. නමුත් මට වුවමනාව තියෙන්නේ දෙස් විදෙස්වල ඉන්න මගේ විශාල සේවාදායකයන් පිරිසට බොහොම ගෞරවනීය සේවයක් ලබාදීමටයි.

ඔබතුමා හිතන විදියට මේ වෙනකොට දේශපාලන කරළියේ ඉන්න රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක සහ නාමල් රාජපක්ෂ කියන කේන්දර හතරෙන් බලගතුම කේන්දරය තියෙන්නේ කාටද?

මට ඇත්ත කියන්න සිද්ධවෙනවා. 1967 ජනවාරි 12 වැනිදා පස්වරුවේ උපත ලබපු කෙනා. ඊළඟ ජනාධිපති ගැන මම දැන් නොකියා කිව්වා. මේක ඉතින් හිතාගන්න පුළුවන්.

ඒ සජිත් ප්‍රේමදාස මහත්මයාද?

ඔව්. මොකද මේ රටේ දුප්පත් ජනතාව සතුටින් ඉන්නවා දකින්න අපි හරි ආසයි. ඒක වෙන්නම ඕනෙ දෙයක්. එතුමාගේ තාත්තා ඉන්න කාලේත් මේ රටේ ජනතාව හරිම සතුටින් හිටියා.

SendShareShare
Previous Post

අපි දිනනවා! කලබල කරන්න ලෑස්ති වෙන්න එපා! එහෙම කරන අයට පසුතැවෙන්න වෙයි! සජිත් ප්‍රේමදාසගෙන් මුළු රටටම ප්‍රබල පණිවුඩයක්! VIDEO I Sri Lanka Latest News

Next Post

සජිත් සටන දිනුම්! අනුර දෙකට! තුන්වන තැනට රනිල්-නාමල් උග්‍ර සටනක්! රාජ්‍ය රහස්! EXCLUSIVE I Sri Lanka Latest News

MORE NEWS

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

ගාල්ල පොලිස් වසමෙන් වාර්තා වූ දේපළ සොරකමක සැකකරුවෙකු ලෙස නම් කර සිටි පුද්ගලයෙකුට අමානුෂික අන්දමින් පහරදීමේ සිදුවීමක් ෆේස්බුක් (Facebook) ඇතුළු...

Read more
‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.