ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට යම් සුදුසු පුද්ගලයකු පැමිණෙන්නේ නම් සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය පරිත්‍යාග කිරීමට තමන් සූදානම් බව හිටපු අමාත්‍ය අලි සබ්‍රි මහතා පවසයි.
මුදල් අමාත්‍ය ධූරයෙන් ඉවත් වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කරමින් සබ්‍රි මහතා මේ බව දැනුම් දී ඇත.
සිය ලිපිය මගින් වැඩිදුරටත් සබ්‍රි මහතා පෙන්වා දෙන්නේ තමන් මෙම අමාත්‍ය ධූරය බාර ගත්තේද යම් සුදුස්සකුට බාර දෙන තෙක් බවකි.
ඒ අනුව සබ්‍රි මහතා පවසන පරිදි ආණ්ඩුව ගෙන යාම සදහා පිටතින් පැමිණෙන පුද්ගලයා කව්රුන්ද යන්න සම්බන්ධයෙන් මේ වනවිට දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි කතාබහක් මතුව තිබේ.











