ශ්‍රී ලංකා ජන රජයේ ජනාධිපතිවරයා කළ ඉල්ලීමකට අනුව එයට ගරු කිරීමක් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වන මෛත්‍රිපාල සිරිසෙන මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 14 දෙනා ජනාධිපති කාර්යාලයේ දී (05)ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මුණ ගැසුණි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වීමට සහ පාර්ලිමේන්තුවේ ස්වාධීන වීමට හේතු කාරණා ජනාධිපතිතුමන් විමසන ලදී.
එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම වර්තමාන තත්ත්වය සහ ආණ්ඩුවේ ක්‍රියාකලාපය ජනතාව පිළිනොගන්නා නිසා පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කළ බව සඳහන් කරන ලදී.
තීරණයෙ කිසිදු වෙනසක් සිදු නොකරන බවත් පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව දිරියේ දී කටයුතු කරන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මෙහිදී අවධාරණය කරන ලදී.











